ආසයි-බයයි: බුදු දහමට අනුව රට පාලනය කිරීම (1 කොටස)
Posted on August 11th, 2016

චන්ද්‍රසිරි විජයවික්‍රම

ජාතික පිරිවෙන් දිනයේදී ගැටඹේදී 2016 ජුලි 27 දා ජනාධිපති සිරිසේන මහතා කියා සිටියේ බුදු දහමට අනුව රට පාලනය කරනවා කියාය.  අගෝස්තු 6 දා පොළොන්නරුව කිරි වෙහෙරේ පැවති ආගමික උත්සවයකදී (දිවයින අගෝස්තු 8, 2016) සිරිසේන මහතා නැවතත් කියා සිටියේ, ථෙරවාදී බුදු දහම මේ රටේ චිරාත් කාලයක් පවතීවා! යහපත් සමාජයක් ගොඩනැගීමේ එකම මග බෞද්ධ දර්‍ශනයයි  යනුවෙනි. පිටරටවලද ආධාරය ලබාගෙන වෙනම දෙමළ රටක් සඳහා වන ඊලම්වාදය තුරන්කරනවා කියාද මීට පෙර සිරිසේන මහතා කියා සිටියේය. මේ දෙවන ප්‍රකාශය ඔහුට කල නොහැකි දෙයක් වුවත්, පලවෙනි ප්‍රකාශය අනුව ක්‍රියාකිරීම දුෂ්කර නමුත් ඒ සඳහා ඉඩකඩ නැත්තේම නොවේ. මෙම කෙටි රචනා වැල ලිවීමට මා සිතුවේ ඔහුට හෝ ඔහුගේ දරුවන්ට මේවා කියවීමට ඉඩක් ලැබේ යයි සිතාය.

ඔහුගේ පිහිටෙන්, ඇමෙරිකාවේ ප්ලෑනට අනුව අගමැතිවූ, ක්‍රිස්තියානි-මාක්ස්වාදියෙකුගේ පුතෙක් වූ රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ ඔහු හොඳින්ම ලිච්චවි රජදරුවන්වද හඳුනන බවය. කියුම් හා කෙරුම් අතර පරතරය කුමක්ද? එහෙත් ඔහු ක්‍රිස්තියානි ලෝක දේශපාලන සංගමයක උපසභාපති කෙනෙකි. ලෝකයේ උසම වෙහෙර ලංකාවේ හදනවා වගේ කතා කියන ඔහු ඉක්ටා ගිවිසුමට විරුද්ධවන අයට උත්තර දෙමින් ඊයේ පාර්ලිමේන්තුවේදී කිව්වේ මහින්ද හාමුදුරුවන් එනවිට ඒ අය සිටියා නම් මේ ඉන්දියන්කාරයා පන්නා දමනු කියා කෑගසණු ඇත කියාය. ඔහුගේ ක්‍රිස්තියානි පසුබිම නිසා නොවේ නම් හුදෙක් වාදයෙන් දිනීමට පුළුවන්වේය සිතාවත් මෙවැනි බාල කතා ඔහුගේ කටින් නොපණිනු ඇත (මනෝ පුබ්බංගමා දම්මා).  ඉක්ටා සමාන කලහැකි සුද්දන් ඒ කාලයේ තේවතුවල වැඩට ගෙනා ඉන්දියානූන්ට නොවේද? ඔහුගේ කට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කට වගේය කියා සිතේ.

මේ විකාර කතා අසන විට මට මතක් ‌වෙන්නේ බටලන්ද ගැනවත් නොව රනිල්ගේ මාමාගේ ධර්මිෂ්ට සමාජය ගැනය. ගැටඹේ පන්සල වටේ ගැසූ කටුකම්බිය. සරච්චන්ද්‍ර-මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ට බයිකල් චේන් වලින් ගැසීමය. මිසිස් බී ගෙන් පලිගත් අන්දමය. බහුබූත ව්‍යවස්ථාව 16 වරක්ම සංශොධනය කර ගැනීමය. ප්‍රේමදාස කාලයේ දිගට හරහට සීමාව පනිමින් සිංහල කොල්ලන් මැරූ අන්දමය. උස්සාගෙන යාම හෙවත් මරණ තර්‍ජනය නිසා වෙන් ප්‍රේමදාස පිංකමකට බලෙන් යාමට සිදුවූ හාමුදුරුනමක් මම දනිමි. වෙන කාරණා කෙසේ වෙතත් මෙවැනි පරිමානයේ ක්‍රියා රාජපක්‍ෂ සමයේ සිදු නොවූ බව අප පිළිගත යුතුය.

ලෝකයේ ප්‍රශ්ණ වලට විසඳුම් බුද්ධාගම අනුසාරයෙන් සොයාගත හැකියයි ඉන්දියාවේ ජනාධිපතීන් දෙන්නෙක්ම කිව්වේය. ඒ දෙන්නාම බෞද්ධයින් නොවීය. අබ්දුල් කලාම් හා ප්‍රතිභා පටිල් මේ දෙන්නාය. අබ්දුල් කලාම් මියයනවිට ඔහු සතුව ඉතිරිව තිබුණේ ගාන්ධි ලඟ තිබුණු දේ වගේ ඉතා ස්වල්ප දෙයක් පමණය. මේ වගේම බුද්ධාගම අනුව ඇමෙරිකාව ගොඩ ගත හැකි අන්දම ගැන, මුලින් හිපියෙකු වගේ සිට පසුව දළයි ළාමාගේ ආශ්‍රයට වැටීමෙන් පසු බෞද්ධ දර්‍ශනය පිළිඹද මහාචාර්යවරයෙක් වූ, රොබර්ට් තර්‍මන් විසින් පෙන්වාදී තිබේ (ඉනර් රෙවොලූෂන්: ලයිෆ්, ලිබර්ටි ඇන්ඩ් ද පර්සුයිට් ඔෆ් රියල් හැපිනස්, 1999).  ඇමෙරිකන් සෙනෙටර් විලියම් ෆුල්බ්‍රයිට් විසින් 1966 දී ලියන ලද ද ඇරගන්ස් ඔෆ් පවර් නම් පොතද බෞද්ධයෙකු විසින් ලියනලද කෘතියක් වැනිය.

බෞද්ධ දර්‍ශනය පිළිඹද මහාචාර්ය ඩබ්ලිව් එස් කරුණාරත්න කියා සිටියේ සන්තානගත හා බාහිර යනුවෙන් විප්ලව (ඉනර්-අවුටර් රෙවොලූෂන්ස්) දෙකක් සිදු නොවී ලෝකයට සාමය සතුට ලඟා නොවන බවය. 1977 දී ජේ ආර් ජයවර්‍ධන වෙනුවෙන් රට පුරාම චන්ද රැස්වීම් වලට ගිය ඔහු 1978 දී පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට ඉංග්‍රීසියෙන් පැයක කතාවක් දුන්නේය. ඔහු ජේ ආර් ගේ ධර්මිෂ්ට සමාජයේ නිර්‍මාතෘවරයා විය.  එහෙත් ඉන්පසු කලෙක ඇමෙරිකන් තානාපතිකමද අවසානවූ පසුව මහ බැංකුවට සාර ධර්‍ම යන මාතෘකාවෙන් කතාවක් දෙන විට ඔහු කලකිරීමෙන් හා කේන්තියෙන් සිටින කෙනෙක් බව පෙනීගියේය (යූ ටියුබ් එක බලන්න). බලාගෙන යනවිට ඩබ්ලිව් එස් හා ඒ ජයරත්නම් විල්සන් යන උගතුන් දෙන්නාම ජේ ආර් ගෙන් රැවටුන මහාචාර්යවරුය.

ෂකීර් නායික් නම් ඉස්ලාම් (පීස් ටීවී) ප්‍රීචර්, බයිබලය, කුරානය, භගවත් ගීතා, ධම්මපදය යනාදී ඕනෑම පොතක් කඩපාඩමෙන් දනී. ඔහු ඔහුගෙන් ප්‍රශ්න අසන අයව දමනය කරන්නේ ඉතාමත් ශූක්‍ෂම අන්දමටය. බුද්ධාගමේ චතුරාර්ය සත්‍යය ගැන ඔහු කියා සිටියේ: 1 දුක  (2) දුකට හේතුව (තෘෂ්ණාව) (3)  දුක නැතිකිරීම (4) දුක නැතිකිරීමේ මග ඔහු පිළිගන්නා බවය.  එහෙත් මෙහි 3 හා 4 අතර ගැටුමක් ඇතැයි ඔහු සිතයි.  තෘෂ්ණාව නැති කිරීමෙන් දුක නැතිකල හැකිනම්, ඒ සඳහා මගක් යොදා ගැනීමෙන් කරන්නේ තෘෂ්ණාව යලි පිළිගැනීමකැයි ඔහු කියයි. මෙය පිස්සු තර්‍කයක් වුවත් මා ඔහු ගැන සඳහන් කලේ ඉස්ලාම් ධර්‍මය හැර අන් හැම දේම ප්‍රතික්‍ෂේප කරන ඔහු බුද්ධාගමේ හරය පිළිගත් නිසාය.  ඔහු බැමියන් බුදු පිළිම විනාශ කිරීම අනුමත කරන්නේ බුදුහාමුදුරුවන් පිළිම වන්දනාව අනුමත නොකල නිසාලු!

අසෝක රජතුමා ගෙන් පසු ඉන්දියාවේ බුද්ධාගම පිරිහීයාම නිසා දශරාජ ධර්‍මය අනුව රටක් පාලනය කිරීමේදී ඇතිවන දුෂ්කරතා සිහියට නැගේ. වෙස්සන්තර රජෙක් හෝ සිරි සංඝබෝ රජෙක්, දියසේන කුමාරයෙක් සඳහා ඉඩක් නූතන ලෝකයේ තිබේද? උදාහරණයක් වශයෙන්, 1931 සිට ලංකාවේ දේශපාලනයේ යෙදුණ මන්ත්‍රීන්ලාගෙන් කී දෙනෙක් අවංක පුද්ගලයින් වශයෙන් හඳුනාගත හැකිද?

දැන් ලංකාවේ තිබෙන්නේ කොසොල් රජතුමාගේ සීන දාසැය සැබෑ වුන කාලයක්, සමාජයක් නිසා ඒ කාලයේ ධර්මිෂ්ට සමාජය විහිළුවක්, පුස්සක් වුනා වගේ දැන් කාලයේ යහපාලන කතාව මිරිඟුවක් විය නොහැකිද? යම් ප්‍රකාශ කිරීම ඉතාමත් හොඳ චේතනාවෙන්ම කලත්, ඒවා ක්‍රියාවට නගන්නට හැකියාවක් තිබේද? එසේ  නම් ප්‍රායෝගිකව ගතහැකි පියවර කවරේද?

චන්ද්‍රසිරි විජයවික්‍රම
අගෝස්තු 10, 2016

4 Responses to “ආසයි-බයයි: බුදු දහමට අනුව රට පාලනය කිරීම (1 කොටස)”

  1. Cerberus Says:

    Mr. Wijewickrema, I agree that we are living in the time the Lord Buddha foresaw when King Kosala had the 16 dreams. This is a hard time for just and honorable people to live in society as predicted by Lord Buddha since they wish to go to a jungle and live there.

  2. sarathk Says:

    “ඔහුගේ කට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කට වගේය කියා සිතේ.” Ranil definitly likes that statment. He might thinks he is more close to American type of man. That is what that mentally handicapped man wants.

  3. Ananda-USA Says:

    I don’t think Ranil is STUPID, he is simply willing to BETRAY his people and his country for personal advancement and to hang onto power for egotistic reasons.

    The same is true of Gonseka.

  4. aloy Says:

    RW knows that he cannot win elections now to remain in power. He is trying to get India’s help to do so. Having got into power from back door with the help of MR and MS now he wants to consolidate his position slowly. If LG elections come he will know the actual ranking of UNP.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress