ඇමෙරිකන් තානාපති කේෂප් හා උතුරු පලාතේ ආණ්ඩුකාර කුරේ (ambassador keshap & ncp governor cooray)
Posted on August 21st, 2016

චන්ද්‍රසිරි විජයවික්‍රම

එක කාලයක ඉන්දියන් තානාපති ඩික්‍ෂිට් ලංකාවේ අයිතිකාරයාවගේ ක්‍රියාකලේය. දැන් ලංකාවට අළුත් අයිතිකාරයෙක් ආගමනයවී සිටී. ඩික්‍ෂිට් 13 ඒ නම් මර උඟුල මාට්ටුකරදී ගියේය. ඇමෙරිකන් තානාපති අතුල් කේෂප් පිස්සු නටන්නේ 13 වන සංශොධනය නම් අට්ටාලය උඩ නැග ගෙනය. ත්‍රිකුණාමලේ වරාය දැනට ලෝකය වටේ තිබෙන ඇමෙරිකන් හමුදා කඳවුරු 700-800 අතර සංඛ්‍යාවට තව එකක් වශයෙන් එකතුකර ගැනීමේ ඇමෙරිකන් දිගුකාලීන ප්ලෑන නිසා ඇමෙරිකන් රාජ්‍ය තන්ත්‍රයෙන් ඔහුට ලැබෙන තල්ලුව උඩය (ලෝකයේ අනිත් හැම රටකටම ඇති සම්පූර්‍ණ කඳවුරු ගණන 70 ක් පමණලු!). ඔහුගේ මෝඩ හිතුවක්කාර හැසිරීම ගැන දයා ගමගේ නම් ඇමෙරිකන් තානාපති කාර්‍ය්‍යාලයේ ඉහල මට්ටමෙන් අවුරුදු 20 ක් පමන සේවය කල පුද්ගලයා තානාපති කෙනෙක් හැසිරිය යුතු නම්බුකාර අන්දම ගැන ප්‍රසිද්ධියේ ඔහුට දුන් ලිඛිත උපදේශයට ඔහු කිසිදු තැකීමක් නොකරන්නේ මේ නිසාය.

ලෝකයේ නොයෙක් රටවලට මහා විනාශ ඇමෙරිකන් පාලක-යුද්ධ මැෂිම විසින් ගෙනාවේ මෙවන් මෝඩයින්ගේ ක්‍රියා හරහාය. ඒවායින් අන්තිමට වැඩියෙන්ම දුක් වින්දේ මෙවන් නිලධාරීන් නොව දුප්පත් ඇමෙරිකන් යුද භටයින් හා ඔවුන්ගේ පවුල්වල අයය. උතුරේ පන්සල් හදන එක ගැන මැදිහත් වීමට මේ මෝඩ තානාපතිට ඇති දැණුම හා සුදුසුකම කුමක්ද? යටින් ඕනෑම යටි සූත්තරයක් කරන එක කාටවත් වලක්වන්නට බැරිය. එහෙත් ඔහු අර නැගෙනහිර බූරු මුස්ලිම් මහ ඇමතියා ඔස්ටින් ප්‍රනාන්දුට ද බනිමින් නාවික නිලධාරියාටද තර්‍ජනය කරමින් යකා නටන විට ගල් ගිල්ලා සේ ගොළුවෙක් වගේ හිටියා වගේ වෙනුවට දැන් උතුරේදී අළුගසා දමා නැගිට ඇමෙරිකන් වික්‍රමබාහු කෙනෙක් වන්නට හදන්නේ ඇයි?

මේ ලිපිය ලියන්නට සිතුවේ කේෂප්ගේ මේ මෝඩ හැසිරීම ගැන නොව රෙජිනෝල්ඩ් කුරේ උතුරු පළාතේ ආණ්ඩුකාරයා විසින් ඔහුගේ හෘදශාක්‍ෂියට එකඟව තම ආත්ම ගෞරවය රැක ගැනීම රටටම දැක ගන්නට ලැබීම නිසාය. නැගෙනහිර බූරු මහ ඇමති යකා නටන විට ඔස්ටින් ප්‍රනාන්දු කලේ ඔහුගේ පිටට තට්ටු කරකර පිට  කැසීමය. පරණ සී සී එස් පෙන්දෙක් බව රටට පෙන්වීමය (ජී එල් පීරිස් බාලසිංහම්ට ඉංග්‍රීසියෙන් උතුමාණෝ (හිස් එක්සලන්සි) කියන කාලයේ ප්‍රභාකරන්ට උපන්‌දිනයට පිස්තෝලයක් තෑගි කලේ මේ ඔස්ටින්ද, නැත්නම් වෙන කෙනෙක්ද?).  මේ අනුව බලන විට, කුරේ ගේ හැසිරීම, වාසුදේව විසින් 1960 ගණන්වල සිට බදාගෙන සිටි පෙඩරල් න්‍යායපත්‍රය දැන් 2016 දී අතහැරියා වැනිම යහපත් කල්ක්‍රියාවකි.

උපතින් ක්‍රිස්තියානි ජේවීපී කාරයෙක් වශයෙන් තරුණ ජීවිතය අරඹා පානදුරේ බෞද්ධාගමට හැරී පානදුරෙන් චන්ද ඉල්ලා දේශපාලනයට ආ කුරේ, ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා, රාජිත සේනාරත්න වැනි මහින්ද රාජපක්‍ෂ 13 සංශොධන කල්ලියේ සාමාජිකයෙක් විය. ආර් ප්‍රේමදාස, මිසිස් චන්ද්‍රිකා හා මහින්ද රාජපක්‍ෂ යන තුන්‌දෙනා ගමේ මිනිසුන් සලකන අර්‍ථයෙන් නූතන වෙස්සන්තරලාද නැත්නම්  සිරි සංඝබෝලාද යන්නත් රනිල්ගේ 2002 එරික් සොල්හයිම් හරහා රට පාවාදීමත් (ස්කොට් ජාතික පෝල් හැරිස් කිව් ලෝකයේ ලොකුම පාවාදීම) අතීත සිදුවීම් සේ සැළකුවත්, කුරේව උතුරේ ආණ්ඩුකාරයා වශයෙන් යැවීම ඊලම්කාරයින් සිතුවේ ස්වීප් ටිකට් එකක් ඇදුනා වගේ කියාය. 13 ඒ හරහා ගත හැකි හැම ඊලම් ඇමක්ම දමා ගන්නට කුරේට වඩා සුදුසු වෙන කෙනෙක් ඇත්නම් ඒ පාස්කරලිංගම්ව හෝ ආනන්දසංගාරීව යාපනයට ගෙන්වා ගැනීම යයි ඔවුන් සිතන්නට ඇත.

එසේ වුවත් ඔන් ද ජොබ් ට්‍රේනින් එකේ සිටියදී කුරේ විසින් අත්දුටු යථාර්‍ථය ඉදිරියේ මිනිසෙක් වශයෙන් කුරේගේ අධ්‍යාත්මය, හෘදයශාක්‍ෂිය හා විශේෂයෙන් ඔහුගේ ආත්ම ගෞරවය ඔහුට සරදම් කලේය. විග්නේෂ්වරන්, සම්පන්දන්, ඒබ්‍රහම් සුමන්තිරන් යන අය, ඔක්කොටම එකඟ වෙන්න පුළුවන්, ආපහු ගන්නට බැරි එක්සත් රටක බලය බෙදා දීමක් යන සිංදු ගයමින් කරගෙන යන්නේ 13 ඒ හරහා රට දෙකඩ කැඩීමේ  න්‍යාය පත්‍රය බවත්, තවදුරටත් මේ ලණුව කාගෙන සිටීමට, නැත්නම් තුෂ්ණිම්භූතව සිටීමට නොහැකිබවත්  කුරේට පෙනීගොස් ඇත. උතුරේ පන්සල් හැදීම ගැන සාමාන්‍ය දෙමළ ජනයා නොව, උතුරේ ඊලම්කාරයින් කරගෙන යන විරෝධ ව්‍යාපාරයට විරුද්ධව කෙළින්ම ප්‍රකාශයක් කිරීමට ශක්තියක් කුරේට ලැබී ඇත්තේ මේ නිසාය.  මුළු උතුරු පලාතේම ඇත්තේ පන්සල් 13 ක් පමණක් නේද කියා ඔහු අසයි.  ලංකාවේ පන්සලක ශුද්ධ ඉඩකඩ ප්‍රමාණය (සේක්‍රඩ් ස්පේස්) ගත්විට ඉන් සියේට 15-20 අතර ප්‍රමානයක් වෙන්වී ඇත්තේ හින්දු දෙවි දේවතාවියන්ටය. උතුරේ ක්‍රිස්තියානී මූලධර්‍මවාදී පල්ලි හතු පිපෙන්නාවගේ මතුවෙද්දී, උතුර පුරාම විසිරී තිබෙන බෞද්ධ නටබුන් විනාශකරමින්, පන්සලක් හදනවිට කෑගසන්නේ මොන සහජීවනය පිණිසද කියන ප්‍රශ්ණය කුරේ විසින් ව්‍යංගයෙන් අසයි. මුලදී කුරේ යන නම කණට වැටෙන මී පැනි මෙන් සැලකූ ඊලම්කාරයින් දැනටමත් කුරේට ලෙඩ දාන්නට අරඹා ඇතිවා නිසැකය. නැඟෙනහිර පලාතේ එක මුස්ලිම් නගරයක මුස්ලිම් පල්ලි 46 ක්ම (අනාගත අයිසිස් බෝම්බ බලකොටු?) තිබෙන්නේ මොන කෙන්ගෙඩියකට දැයි අසන එක මුස්ලිම්, දෙමළ, ක්‍රිස්තියානි හෝ අඩුතරමින් ආගම බුද්ධාගම කියා පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ සටහන් කරන්නට ලැජ්ජා නොවූ උපතින් බෞද්ධ මධ්‍යස්ථ මන්ත්‍රී බැටළු පැටියෙක් වත් රටේ ඉන්නවාද?  කුරේ ගේ නිර්‌ව්‍යාජ හෘදයශාක්‍ෂිය වැදගත් මේ නිසාය.

කුරේගේ මේ අවංක නිර්භීත හැසිරීම (බෞද්ධ පැත්ත ගැනීම නොව සත්‍ය කරුණු අනුව රීසනබල් තීරණයක් ගැනීම) නිසාදෝ ස්වාමිනාදන් ඇමතිද පන්සල් බුද්ධ රූප සැදීමට පක්‍ෂව කෙළින් කතා කරයි. 1920 ගණන් වල හෝ 1948 ට පසු හෝ කොළඹ කළු සුද්දන්ට අසාධාරණ (අන්‍රීසනබල්) දෙමළ පෙඩරල් කතාවලට විරුද්ධව තිරසාර පියවර ගැනීමට ආත්ම ශක්තියක් තිබුණේ නැත. මේ අනුව බලන විට කුරේ විසින් ඊලම්කාරයින්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කලා වගේය.

පිටරට සිට කල හැක්කේ ලියන එක පමණක් නිසා මෙසේ උපහාසයෙන් ලිව්වාසේ ඔබට සිතෙන මේ කාරණා පිටුපස ඇත්තේ බලවත් සංවේගී කතාන්‌තරයකි. ඒ කතාවේදී මේ කේෂප්ලා, ඔස්ටින්ලා වැදගත් නැත. එය ඔබලා විසින් සිතා බැලිය යුතුය. කාලාන්තරයක සිටම දැන් සිංහල බෞද්ධයා හිත හොඳ ගෑණියෙක් වගේ වෙලා නොවේද? අනුරාධපුර යුගයේ සිට පොළොන්නරු යුගයට එනවිට සඳකඩ පහනේ සිටි ගවයා ඉන් ඉවත් කර ඇත්තේ හින්දු ආගමට තැනක්දීමටය. ගාල්ල සිලෝන් වල අගනුවර කාලයේ ක්‍රිස්තියානි පූජකවරු කන්වර්ට්ස්ලා (අනාගත බැටලු පැටව්) හොයමින් බද්දේගම වගේ පැතිවල ඈත ගම් පීරනවිට රෑට නවාතැන් ගන්නට ගියේ ගමේ පන්සලටය. හාමුදුරුවෝ ඔවුන්ට රෑට කෑම හා නවාතැන් දී ආගන්තුක සත්කාරද කලේය. කැමැත්තෙන් ක්‍රිස්තියානිවීම හා බුද්ධ ශාසනය අතර ගැටීමක් නොවීය. පූජකයාව හතුරෙක් ලෙස ගමේ හාමුදුරුවන් සැළකුවේ නැත. බුද්ධාගමේ දාර්‍ශණික හරය/ශක්තිය එසේය.

උතුරේ පහත් කුලවල ජනයා (හරිජනයා) කියන්නේ ඓතිහාසිකව පහතට හෙලා දැමූ කලින් සිංහල ජනාවාසය කියන මතයක් තිබියදී වුවත්,  ලංකාවේ හාමුදුරුවරු යාපනයට ගොස් ඒ හරි ජනයාට බුද්ධාගම දේශනා කරන්නට ගියේ නැත. මෙය හාමුදුරුවරු දෙමළ නොදන්නා නිසා නොව උතුරේ ක්‍රිස්තියානි වෙල්ලාල මලබාර් විරුද්ධත්වය නිසාය. ඒ වෙනුවට හාමුදුරුවරු යුරෝපයට, ඇමෙරිකාවට බුද්ධාගම ගෙන ගියේය. අම්බෙඩ්කාර් ඉන්දියාවේ දලිත් ජනයා බුද්ධාගමට ගෙනaේමේ ව්‍යාපාරයට ලංකාවේ හාමුදුරුවරු සහභාගීවූ බවක් මා නම් අසා නැත. හාමුදුරුවරුන් ගැන උතුරේ පෙඩරල්කාරයින්ට ඇති වෛරය මා දැනගත්තේ 1978-80 මා කැනඩාවේ ඉගෙන ගන්නා කාලයේ අවුරුද්දක් පමණ කාලයක්ම මා සමඟ මිත්‍රව සිටි ප්‍රභාකරන්ගේ ලඟ ඥාතියෙක්වූ නමින් ප්‍රභාකරන්වු තවත් ශිෂ්‍යයෙකුගෙනි. කහ සිවුර යාපනයෙන් ඉවත් කරගැනීමේ උපායමය අගය, වෙසක් නිවාඩුව යාපනයට අනවශ්‍ය බව ඔහු දැරූ අදහස්විය.

මා සිමෙන්ති සංස්ථාවේ වැඩ කරන විට කන්කසන්තුරේ කම්හලට ගියවිට දුටු දෙයක් නම් එහි වාහනවල රියැදුරන් කොළඹින් එන සිංහල නිලධාරීන්ට පෙන්වූ කැමැත්තය. කුල භේදයෙන් දෛනිකව පීඩා විඳි ඔවුන්ට ඔවුන් සමඟ අපි ඉස්සරහ සීට් එකේ ඉඳගෙන යාමම සතුටට කරුණක්වූයේ කම්හලේ දෙමළ නිලධාරීන් කවදාවත් එසේ නොකරණ නිසාය! හරිජන ශිෂ්‍යයෙක් මා පේරාදෙණියේ මාස් ශාලාවේ සිටින කාලයේ (1964?) දුටු දෙයක් නම් එක් හරිජන ශිෂ්‍යයෙක් තනියෙන් එක කාමරයක සිටීමය. ඔහු සමඟ සිටීමට අනිත් දෙමළ ලමයි ප්‍රතික්‍ෂේප කලා වියයුතුය. ශාලාවේ වෝඩන්ද දෙමළ අයෙක් වුන නිසා ඒ සිද්ධිය රහසිගතවම වැලලී ගියේය.

වෙනත් නොයෙක් ආකාරයේ එකෙන් එකට ප්‍රභාකරන්ගේ කාලයේ තිබී නැතිවී ගිය ඊලම් අඟපසඟ දැන් හිස ඔසවාගෙන එමින් සිටියදී, දකුණේ වෙස්සන්තරලා සිරි සංඝබෝලා ඉතාමත් මුග්ධ ලෙස ඊලම් ඉණිමඟ හයිකර දෙමින් සිටියදී, විග්නේශ්වරන්ලා 1948 ටේ සිට ලංකාවේ දෙමළ ජන සංහාරයක් වෙනවායයි යෝජනා සම්මත කරද්දී, හැම පැත්තෙන්ම කචල් ඇතිකර මෛත්‍රීපාලලා, මහින්දලාව තව තවත් අන්දමන්ද කරවමින් සිටියදී, උතුරේ පන්සල් හැදීමට විරුද්ධව ඊලම් කල්ලිය අරඹා ඇති යුද්ධය, මාවිල් ආරු කලබගෑණිය යළි සිහියට නංවයි. තේසවලමෙයි නීතිය, මුස්ලිම් පිරිමින්ට ගෑණු හතරක් තබා ගැනීමට ඇති නීතිය සෙසු ජන කොටස්වල මානව අයිතීන් කඩකිරීමක් නොවේද? උතුරේ ඇති ඓතිහාසික බෞද්ධ නටබුන් ආශ්‍රිතව අඩු තරමින් එක පන්සලක් බැගින්වත් ඉදිකිරීමට එකමුතුවක් නැතිව ඔහේ කෑගසන බෞද්ධ සංවිධාන වල අවධානය යොමුවියයුතු කාලය පැමිණ ඇතැයි මට සිතේ.

මේ පන්සල් විරෝධය සෑහෙන කාලයක සිට කොළඹ සිට ක්‍රියාකල ක්‍රිස්තියානි පෙඩරල් ඊලම් කාරයින්ගේ යාපනය සිංහල කරණවා යන සටන් පාටයේ අළුත්ම මුහුණය. 1935 පටන්ගත් මාක්ස්වාදීන්ගේ බංගවේවා සටන් පාඨය මෙන් මේ සිංහලයිෂේසන් නම් අවතාරය සාමාන්‍ය දෙමළ ජනයාට ගෙනාවේ විනාශයමය. යම් දෙමළ නායකයෙක් සිංහල නායකයින් සමඟ සහයෝගයෙන් ක්‍රියා කරන්නට ඉදිරිපත්වූ හැම විටම ඔහුව දෙමළන්ගේ හතුරෙක් කියා හංවඩු ගසන ලදී. මේ විහිළුව අනුව ජී ජී පොන්නම්බලම්ට පවා එක් කාලයකදී ටැමිල් ට්‍රේටර් කෙනෙක් යන ලේබල් එක වැදුනේය! ඇල්ෆර්ඩ් දොරෙයියප්පා මැරුම්කෑවේ ප්‍රභාකරන්ගේම අතින් ය.

යාපනය සිංහල කිරීමේ භීතිකාවේ ඉතිහාසය

උතුර (හා නැගෙනහිර) තනිකර දෙමළ කර තබා ගැනීමේ ප්ලෑන හෝ සිහිනය නීලන් තිරුචෙල්වම් වැනි රීසනබල් මධ්‍යස්ථ දෙමළය කියා ගන්නා කොළඹ දෙමළ අයට පවා තිබුණි. චන්ද්‍රිකා-නීලන්-ජිිෙල් පැකේජය කාලයේ ඉන්දියාවේ පොන්ඩිචෙරි ක්‍රමයට අනුව යමින් නැඟෙනහිර පලාතේ සිංහල හා මුස්ලිම් ඒකක සැදීමට නීලන් විරුද්ධවූයේ ඒ මඟින් දෙමළ පලාත තුල කාවන් කෑවා (මොත් ඊටන්) වගේ හිල් ඇතිවෙනවා කියාය. මේ මොනෝ ටැමිල් සංකල්පය අද උතුරේ හා මඩකලපුවේ පන්සල් විරෝධයේ සැඟවුන අර්‍ථයයි.

1. 1958 යාපනේ කුල භේදයට විරුද්ධ බණ්ඩාරණායක ආණ්ඩුව පාස් කල නීතිය, 1956 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ නිතියට වඩා තරහක් යාපනයේ පෙඩරල් දෙමළ වෙල්ලාල-මලබාර් වැසියන් තුල ඇතිකලබව දෙමළ-සිංහල ප්‍රශ්ණය ගැන පොත් ලියන බ්‍රයන් ෆෆෙන්බර්‌ගර් වාර්තා කරයි. මැත් ප්‍රොෆෙසර් සුන්දරලිංගම් හා ඊට කලින් චෙල්වනායගම්-රාමනාදන් සහෝදරවරු පහත් කුලවල ජනයා ගෙන් සිදුවන අපිරිසිදුවීමට විරුද්ධව සටන් කලේය. ප්‍රභාකරන්ට විරුද්ධව පෙඩරල් පක්‍ෂයේ ලොක්කන් ගෙන ගිය කුලවාදී වෙනස්කම් අවසානයේ ඔහුව දෙමළ වෙල්ලාල නායකයින් මරන මිනීමරුවෙක් කලේය.

2. ඩොනමෝර් ආණ්ඩුකාලයේ අනුරාධපුර ශුද්ධ නගරය නඟා සිටුවීමට කල වියදම දෙමළ ජනයාට කල වෙනස්කමක් යයි පොන්නම්බලම් චෝදනාකලේය. සෝල්බරි කොමිෂම මේ චෝදනාව ප්‍රතික්‍ෂේප කලේය.

3. ගොවි ජනපද ව්‍යාපාරය දෙමළ ජනයාට විරුද්ධව කල ව්‍යාපාරයක් යයි පෙඩරල් කාරයින් චෝදනා කලේය. මේ ජනපද නිසා දෙමළ ටෙක්නිකල් නිලධාරීන්ට රක්‍ෂා ලැබුණා පමණක් නොව, දෙමළ ජනයාගේ ජන පදනමට ඉන් කිසි හානියක් කර නැති බව භූගෝල විද්‍යා මහාචාර්‍ය්‍ය ජී එච් පීරිස් විසින් සංඛ්‍යා පෙන්වා ඔප්පු කරණ ලදී.

4. ත්‍රිකුණාමලේ හා කටුණායක බ්‍රිතාන්‍යයින්ගෙන් ආපසු ගැනීම සිංහල ආක්‍රමණයක් කියා චෙල්වනායගම්ලා කෑ ගැසුවේය.  එහෙත් ත්‍රිකුණාමලය ඉන්දියාවට දෙන්නට ඔහු කටමැත දොඩවූවේය.

5.  1958 දෙමළ භාෂා රීසනබල් යූස් නීතිය අනුව දෙමළ ජනයාට අසාධාරණ හානියක් නොවුනත්, සිංහල ඉගෙනගන්නට කීම සිංහල ආක්‍රමණයක් යයි පෙඩරල් කාරයෝ නහයෙන් ඇඬුවේය.

6. පාසැල් රජයට ගැනීමට පෙඩරල් කාරයෝ විරුද්ධවිය.

7. වතු ජනසතුවට පෙඩරල් කාරයෝ විරුද්ධවිය.

8. යාපනයට, කොළඹට, නුවරට හා ගාල්ලට සීමාවී තිබූ විශ්ව විද්‍යාලවලට සිසුන් යැවීමේ බලය ප්‍රමිතීකරණය මගින් හා දුෂ්කර පලාත් සහනය මඟින් ලිහිල් කිරීම සිංහලීකරණය කියා පෙඩරල්කාරයින් කිව්වේය.

9. 2009 මැයි ප්‍රභාකරන් එලොව යාම සමඟ දකුණේ ජනයා නාගදීපයට යාම නැවත ඇරඹීම නිසා යාපනේ ජනයාට දේශ සංචාරකයින්ගෙන් ආදායම් ගෙන එන මඟක් වුවත් එය සිංහල ආක්‍රමණයක් යයි සම්බන්දන්ලා කිව්වේය.

10. බැසිල් විසින් යාපනයේ පාරවල් හදනවිට (පහත් කුල වල ජනයා සිටින පැතිවලට පාරවල් දැමීමට විරුද්ධවීම වෙල්ලාල ක්‍රමය බව ජේන් රසල් ඇගේ පොතේ පෙන්වා දී ඇත) ඒවා මිලිටරි එකට යාමට හැදූ පාරවල් යයි විග්නේශ්වරන් කියා සිටියේය.

පොන්නම්බලම් විසින් කර්‍මාන්ත ඇමතිව සිටියදී යාපනේට සිමෙන්ති කම්හලකුත්, වාලච්චේනට කඩදාසි කම්හලකුත්, පරන්තන් වලට කෙමිකල් පැක්ටේරියකුත් බෙදාගත් විට  ඒ ගැන ප්‍රශ්ණ නොකල පෙඩරල් කාරයෝ දැන් යාපනයේ හුනුගල් කඩා යාපනය මුහුදට යටවෙනවා කියා දොස් කියමින් සිටී.

මේ ලැයිස්තුව ගැන සිතා බලන්න. යාපනේට පන්සල් අත්‍යාවශ්‍යම නැද්ද?

චන්ද්‍රසිරි විජයවික්‍රම

අගෝස්තු 20, 2016

4 Responses to “ඇමෙරිකන් තානාපති කේෂප් හා උතුරු පලාතේ ආණ්ඩුකාර කුරේ (ambassador keshap & ncp governor cooray)”

  1. Christie Says:

    Athul Keshap is an Indian vermin from the US. He works for the Indian Empire while living off the Yanks.

    He is not different to other Indian vermin (non resident Indians NRI) and Indian colonial parasites (Persons of Indian Origin PIO) living outside the Indian Union.

    අතුල් කෙශාප් අමෙරිකානු ඉන්දීය පරපෝසිතයෙකි. අමෙරිකාවෙන් කා ඉන්දියානු අදිරදයට ගැතික්යෙකි.

  2. plumblossom Says:

    There is absolutely no doubt about imperialistic US plans to build a US army, navy and air force base at Trincomalee. Please note that once the US builds their US army, navy and air force base at Trincomalee, they are not going to stop there. They will build other bases within the island. For example, Hambantota harbour could also end up as a US navy base and the Mattala airport a US air force base. Iranawila will again recommence their CIA operations of disseminating biased propaganda to all Indian Ocean rim countries and beyond and Palaly in the North in Jaffna will also be converted into a US air force base.

    This is the main reason that the US has, from the very beginning, supported the LTTE terrorists, who are in fact the US imperialists proxy force, wage a war against Sri Lanka to set up a bogus Eelam. The US knows that the only people who are standing in their way are the Sinhala people who due to they being majority Buddhist and wanting to preserve Buddhism, being the indigenous people of the island with over 2,600 years of history behind them and with our tribal ancestors having over 30,000 years of history within the island and due to they being very socialist in nature and supportive of socialist and eco-friendly ideals will never, ever let the US set up any bases in the island.

    Therefore the imperialistic US, UK, EU, Canada, Sweden, Norway and India supported the LTTE terrorists and the TNA set up their bogus Eelam within the island for sure so that they can then set up US army, navy, air force bases within the island.

    Sri Lanka lies along the world’s busiest sea route or the maritime silk road. To the South of Sri Lanka lies the vast Indian Ocean. Sri Lanka is located at one of the most strategic locations of the world with the Middle East, Africa and Europe to the North West, with India to the North and with South East Asia and East Asia to the North East of Sri Lanka.

    At present, the US uses its Diego Garcia base extensively to subdue, bomb, decimate and dominate the rest of the world. Iraq and Afghanistan was bombed by the US using this most strategic of US bases, Diego Garcia. However, due to sea level rises as a result of climate change, low lying Diego Garcia will eventually be taken over by the sea. What better place therefore to build a US base than Sri Lanka? This is the reason that the US supports Eelam since sepoy, slavish LTTE, TNA will do whatever the US tells them to do. The only people standing in the way of the US building bases in Sri Lanka are the Sinhala people and they have been slapped with bogus US resolutions at the UNHRC with a view to partitioning this island and bringing on an Eelam with these constitutional changes to turn Sri Lanka into federal states or to even implement the 13th amendment to the full

    However the 13th amendment should never ever be implemented and no more powers should be given to the provincial councils, especially no land, police or fiscal powers should be given to the provincial councils under any circumstances. Also the concurrent list subjects should be given over to the national list. Also merger between any two provinces should not be allowed.

    About Trincomalee harbour, please visit this absolutely stunning and vast harbour and then anyone will be able to see its potential. Already, the road to and from Trincomalee has been built and all the roads and bridges around Trincomalee harbour has been built. There are over 99 oil tanks near the harbour. There is the existing Sri Lankan air force, army and navy bases. Trincomalee town has been refurbished. Trincomalee harbour is the world’s second largest natural harbour. It has a submarine canyon along its sea floor which is a very deep canyon along the sea floor which can accommodate submarines which then cannot be detected by radar. The harbour itself can accommodate a large fleet of ships. There is also a railway line all the way from Colombo to Trincomalee. All the infrastructure development was completed by the previous Mahinda Rajapakshe Government.

    In the North of the country, offshore from Mannar are the Kauvery and Mannar basins, which contain oil and gas deposits. In the East and North coast too, offshore, there are oil and gas deposits. In the very North, there are many mineral deposits. Sri Lanka’s EEZ or the Exclusive Economic zone is around four times the size of Sri Lanka itself. Half of this vast ocean is located within the North and the East (or bogus Eelam). Sri Lanka is also, in the future, a recipient of an expanded EEZ which will be twenty three times the size of Sri Lanka itself. If this happens, half of this (or half of a vast ocean twenty three times the size of Sri Lanka) will belong to bogus Eelam. Since Sri Lanka is an island, its ocean resources are just as or even more important than its land resources. Almost all of Sri Lanka’s offshore oil and gas deposits, its mineral deposits and half of Sri Lanka’s EEZ is located within a future bogus Eelam. This is the reason that the US imperialists want to create an Eelam so that they can then grab all these resources easily.

    Therefore, there is no doubt that the US would want to build a US army, navy, air force base at Trincomalee. For that, they only need an Eelam or a federal state and this treacherous Ranil, Sirisena, CBK and Mangala will make sure that happens since they have accepted the bogus US resolution at the UNHRC and placed our armed forces in deep trouble when our armed forces are totally not guilty but the LTTE war criminals are now suddenly totally innocent of all the war crimes that the LTTE terrorists committed for over three decades by massacring over 47,000 mainly Sri Lankan Forces, Police Force and Civil Defense Force members and also thousands upon thousands of civilians.

    All Sri Lankans should totally oppose implementing the 13th amendment to the full and any more powers being given to the provincial councils than they have at present. Especially no land, police or fiscal powers should be given to the provincial councils under any circumstances. Also the concurrent list subjects should be given over to the national list. Also merger between any two provinces should not be allowed.

  3. plumblossom Says:

    Apart from highly commending those who are taking legal action against the treacherous CBK (Chaura Rejina) regarding the defamatory and utter lies she keeps repeating to defame her rivals, legal action should be taken against her for stating that she will definitely devolve more powers to provincial Councils within the new constitution. Does this evil woman CBK think she owns Sri Lanka and that she is the one who is going to draw up the new constitution of Sri Lanka (according to the wishes of the imperialistic US, UK, EU, Canada, Norway, Sweden, India, the racist TNA and the separatist terrorists)? The constitution of Sri Lanka should satisfy first and foremost the majority of people of this island i.e. the Sinhala people and the Sinhala people firstly do not want to draw up a new constitution nor do they want any more powers whatsoever be provided to the provincial councils.

    Someone has to go to the supreme court and take action against treacherous CBK for suggesting that she will definitely devolve more powers to provincial councils within the yet to be drawn up constitution since this means the treacherous Ranil, Sirisena, CBK and Mangala have already drawn up a constitution to satisfy the imperialistic US, UK, EU, Canada, Norway, Sweden, India, the racist TNA and the separatist terrorists which is illegal.

  4. NAK Says:

    Sirisena initially said only amendments that does not require a referandum will be made ie.the 19th and 20th amendments.
    He even insisted that the prefix ‘new’ to be removed but now he talks about a new constitution as if he never said those things.
    UNP is in no hurry to bring the 20th amendment which Sirisena promised the JO when he asked them to vote for the 19th.
    He has forgotten that too.
    No one knows if the electoral reforms promised by the 20thA are in the so called new constitution!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress