ඇත්තටම මේ පනත මොකක්‌ද ?
Posted on August 29th, 2016

නීතිඥ කණිෂ්ක විතාරණ උපුටා ගැන්ම දිවයින

අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල පනතට කථානායක විසින් 2016-08-23 දින අත්සන් තබන ලදී. ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ 80 (1) වගන්තියට අනුව සම්මත කරන ලද පනත් කෙටුම්පතක්‌ මත කථානායකවරයාගේ සහතිකය ඔහුගේ අත්සන ඇතිව සටහන් කරනු ලැබූ විට එය නීතියක්‌ බවට පත් වන්නේය. එම කෙටුම්පතට අත්සන් නොතබන ලෙසට පොදු විපක්‌ෂය විසින් ලිතව කථානායකවරයාගෙන් ඉල්ලා තිබුණි. මෙම සම්මත වීම වලංගු නොවන බව ඔවුන්ගේ තර්කය විය. එය සම්මත කරන බවට ප්‍රකාශිත 2016-08-11 දින හැන්සාඩ් වාර්තාව පිටවූයේද 23 වන දිනදීමය. ඊට සංශෝධන ඉදිරිපත් කර සහය දැක්‌වූ මන්ත්‍රීවරුන්ට හා පක්‌ෂවලට සත්‍ය වැටහී ගියේ එවිටය. ඒ ඔවුන් විසින් ඉදිරිපත් කළ සංශෝධන පනතට ඇතුළත් නොවීම නිසාය. යෝජිත සංශෝධන 31 කින් හැන්සාඩ් වාර්තාවේ සඳහන් වන්නේ 5 ක්‌ පමණි. (11,12,21 වගන්ති සඳහා) ඒවායින් 12 හා 21 වගන්ති සඳහා සංශෝධන 2 බැගින් ඉදිරිපත් වී තිබුණද ඒවාද එකිනෙක සමග ගැටෙන බැවින් ඒවා කෙසේ බලාත්මක වන්නේද යන්නද අපැහැදිලිය. එබැවින් එකී ඊනියා පනත ක්‍රියාත්මක කිරීමට පෙර නැවත සංශෝධනය කළ යුතු බවට පාර්ලිමේන්තු=ව තුළ ඊට සහය දැක්‌වූ හා නොදැක්‌වූ මන්ත්‍රීන් බොහොමයක්‌ම විසින් ඉල්ලා ඇත. අගමැතිවරයාද මෙය සංශෝධනය විය යුතු බවට පිළිගෙන ඇත. එබැවින් කථානායකගේ සහතිකය ලබා දී ඇත්තේ පාර්ලිමේන්තුවේ යෝජනාවට පටහැනි වූ නීතියකටය. මෙවැනි අවස්‌ථාවකදී අභිනව සංශෝධනයක්‌ ගෙන ඒම සාමාන්‍යයෙන් කළ හැකිය. එහෙත් මෙම ඊනියා නීතිය මුල පටන්ම ව්‍යවස්‌ථාවට පටහැනිවූත් අක්‍රමික හා ගුප්ත පටිපාටියක්‌ ඔස්‌සේ පැමිණ ඇත. එබැවින් මෙම නීතිය සම්මත කිරීමේදී පාර්ලිමෙන්තුවේ ස්‌වාධීනත්වය හා උත්තරීතරභාවයද, ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මද ආරක්‌ෂා වී තිබේද යන්නද විමසිය යුතුය. ඒ මත මෙම පනතේ වලංගුභාවය තක්‌සේරු කළ හැකිය.

අපේ පනතක්‌ නොවේ

මෙම නීතියේ සම්භවය කෙදිනක වූවද එය මෙරටදී නොවුනු බවනම් පැහැදිලිය. අප රටේ හා ජනතාවගේ ස්‌වෛරිත්වයට මරුපහරක්‌ වූ 2015 සැත්තැම්බර් මස 16 දිනැති ශ්‍රී ලංකාව පිළිබඳ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්‌ගේ කාර්යාලයේ පරීක්‌ෂණ වාර්තාවේ ශ්‍රී ලංකාවේ සමූලඝාතනයන් හා අතුරුදන් වීම් සිදුව ඇති බවත් ඒවාට හමුදා අංශ සම්බන්ධ බවටත් සාවද්‍ය විග්‍රහයක්‌ කර ඇත. මෙම වාර්තාව හරස්‌ ප්‍රශ්ණවලට භාජනය නොවූ ඒක පාර්ශ්වික ප්‍රකාශ මත පදනම් වී ඇත. එබැවින් එහි ඇති කරුණු මත විශ්වාසයක්‌ තැබිය නොහැකිය. එහෙත් මෙම වාර්තාවේ නිර්දේශයන් 39 ක්‌ සඳහන්ය. ඒවා අතරින් හයිබ්‍රිඩි අධිකරණයක්‌ ඇති කිරීම හා අතුරුදන් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ජනාධිපති කොමිෂන් සභාව අහෝසිකර එහි කර්තව්‍යයන් ස්‌වාධීන ආයතනයකට බාරකරවීම, අතුරුදන් වූවන් පිළිබඳ දත්ත ගබඩාවක්‌ ඇතිකිරීම හා අතුරුදන් වූවන් පිළිබද පළනොකරන ලද වාර්තා ප්‍රසිද්ධ කිරීම දේශය තුළ පිහිටුවන ඇතැම් ආයතන විදේශ ආයතන වලින් සෘජුව හා නිදහස්‌ව ලබාගන්නා මුදල්/ආධාර මත මෙහෙයවීම යනාදී නිර්දේශ මෙම පනතට ජීවය ලබා දී ඇත. එසේම එහි ඇති 11,12,13 නිර්දේශයන් අනුව එහි සඳහන් විස්‌තරයට ගැනෙන ආරක්‌ෂක අංශවල ප්‍රධානීන් එම තනතුරුවලින් ඉවත් කිරීම හා හමුදා නිලධාරීන් සාම සාධක හමුදාවල නිරත වීම වලක්‌වාලීම සිදුවිය යුතුය. අපගේ හමුදා අංශවල සිටින නිලධාරින්ට හා ප්‍රධානීන්ට සෘජුව හා වක්‍රව අහිතකර බලපෑම් ඇතිකරන තවත් නිර්දේශ ගණනාවක්‌ද ඒ අතර තිබේ.

2015 සැත්තැම්බර් 25 දින විදේශ අමාත්‍යවරයා පෙරටුකොටගෙන ඇමරිකාව බ්‍රිතාන්‍ය ඇතුළු තවත් රටවල් කිහිපයක්‌ සමග ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දැක්‌වු එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කරන ලද සම්මුතියේ 1 වන ඡේදය මගින් පෙර සඳහන් පරීක්‌ෂණ වාර්තාවත් එහි කර ඇති නිර්දේශත් පැසසුම් සහගතව පිළිගෙන තිබේ. එහි 4 වන ඡේදය මගින් අතරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක්‌ පිහිටුවීමට ශ්‍රී ලංකාව විසින්ම බාරගෙන තිබේ. මෙය ශ්‍රී ලංකාවේ ස්‌වෛරිත්වයට, ස්‌වාධීනත්වයට හා ආරක්‌ෂාවට අගතිදායකය. එම සම්මුතියේa සඳහන් නිර්දේශ සඳහා එකඟවීමට හෝ ඒ සඳහා සම අනුග්‍රාහකත්වය දැක්‌වීමට ශ්‍රී ලංකා ආණ්‌ඩුවේ නියෝජිතයන්ට කිසිදු අනුමැතියක්‌ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් ලබා දී නොතිබුණි – ආණ්‌ඩුවේ නියෝජිතයින් විසින් ශ්‍රී ලංකාව පිටතදී ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝනය කරමින් ගිවිසුම්වලට හෝ එකඟතාවලට ඇතුළු වුවද ඒවායින් රජය බැඳී නොමැති බව සිංහරාසා නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පැහැදිලිව තීරණය කර තිබේ. කෙසේ වෙතත් පාර්ලිමේන්තුව මගින් වෙනම නීති පැනවීමකින් තොරව එම යෝජනා සම්මතයේ සඳහන් එකඟවීම් හෝ කොන්දේසි රට තුළ ක්‍රියාත්මක කළ නොහැකිය.

මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්‌ගේ පරීක්‌ෂණ වාර්තාව එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 2 (7) වගන්තියටද පටහැනිය. එකී ප්‍රඥප්තියට අනුව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට (හෝ එහි කිසිදු අනු සංවිධානයකට) රටක අභ්‍යන්තර කාරණා සම්බන්ධයෙන් මැදිහත් වීමට බලයක්‌ නොමැත. එසේ තිබියදී ශ්‍රී ලංකාව පමණක්‌ ඉලක්‌කකොටගෙන ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර පරිපාලනයට මැදිහත් වන හා බලපෑම් ඇති කරවන නිර්දේශ පැනවීමට මානව හිමිකම් කවුන්සිලයට හෝ මහකොමසාරිස්‌ට කිසිදු බලයක්‌ නොමැත.

2016 ජූනි 28 දිනැති මානව හිමිකම් මහ කොමසාරිස්‌ගේ වාචික දේශණයේදී ශ්‍රී ලංකා රජය නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමත් අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක්‌ ඇති කිරීමත් සමගාමීව හා කඩිනමින් සිදුකරමින් සිටින බව සඳහන් කර තිබේ. ඒ අතර 2016-05-24 දින එවැනි කාර්යාලයක්‌ පිහිටුවීම පිළිබඳව කැබිනට්‌ මණ්‌ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක්‌ ගෙන තිබේ (මෙය කෙටුම්පත සඳහා අනුමැතිය ලබා දීමක්‌ නොවේ). 2016-05-27 දින ගැසට්‌පත්‍රයේ ප්‍රථම වතාවට මෙම කෙටුම්පත පළ කෙරුනි. ඒ අනුව දින තුනකදී කෙටුම්පත සකස්‌ කර ඊට නීතිපතිගේද අනුමැතිය ලබාගෙන ගැසට්‌පත්‍රයේ පළකර ඇත. මෙය කෙසේ වුයේද යන්න අපැහැදිලි නමුත් මානව හිමිකම් කොමසාරිස්‌ගේ අනුදැනුම මත ඉතාම හදිසියේ සිදුකරන ලද කටයුත්තක්‌ වන බවනම් පැහැදිලිය.

පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්ත්‍රවාදය

2016-06-22 දින මෙම කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පුස්‌තකයට ඇතුළත් කර ඇත- අග්‍රාමාත්‍යවරයා විසින් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එහෙත් එම කටයුත්ත ස්‌ථාවර නියෝග 133 ට අනුකූලව සිදුවී නොමැත. මෙවැනි සුවිශේෂි කෙටුම්පතක්‌ ඉදිරිපත් කිරීම සම්බන්ධව කිසිදු ජනමාධ්‍යක ප්‍රසිද්ධියක්‌ ලබා දී නොමැත. එසේ වූයේ නම් ඕනෑම පුරවැසියෙකුට දින 7 ක්‌ තුළ ශ්‍රෝෂ්ඨාධිකරණයට ගොස්‌ එහි ව්‍යවස්‌ථානුකූල භාවය හබ කිරීමට තිබුණි. මෙය හිතාමතාම කරන ලද සැඟවීමක්‌ද නැතහොත් ජනමාධ්‍යවල ඇති නොදැනුවත්කම හෝ නොසැළකිල්ලද හේතුවෙන් සිදුවූ අතපසුවීමක්‌ද යන්න ගැටලුවකි. කෙසේ වෙතත් ස්‌ථාවර නියෝග 133 අනුව අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශයක්‌ කළේ නම් මෙවැනි අතපසුවීමක්‌ සිදු නොවන්නට ඉඩ තිබුණි. ව්‍යවස්‌ථාදායක පටිපාටියට අදාළ නීති අකුරටම පිළිපැදීමේ අවශ්‍යතාවය හා වැදගත්කම මෙම සිද්ධිය නිසා මනාව පැහැදිලි වෙයි. වැට්‌ නඩු තීන්දුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළේ එවැනි ව්‍යවස්‌ථාමය වගන්ති අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු බවය.

2016 අගෝස්‌තු 4 වන දින වන විට පක්‌ෂ නායකයින් විසින් එකඟව තිබුණේ ඕ.එම්.පී. කෙටුම්පත පිළිබඳ විවාදය අගෝස්‌තු තුන්වන සතියේ දින දෙකකදී පැවැත්වීමටය. මෙවැනි පනතක්‌ විවාද කිරීමට පෙර සූදානමක්‌ තිබිය යුතුය. එහෙත් 2016-08-09 දින හදිසියේ පක්‌ෂ නායක රැස්‌වීම්ක්‌ කැඳවා ඕ.එම්.පී පනත පිළිබඳ විවාදය අගෝස්‌තු 11 හා 12 දිනවලට නියම කර ඇත. (පැය 48 කින්). මෙම හදිසියට ඒකාබද්ධ විපක්‌ෂය හා ජ.වි.පෙ. විරුද්ධ විය. අගෝස්‌තු 10 දින නැවතත් පක්‌ෂ නායක රැස්‌වීමක්‌ කැඳවු අවස්‌ථාවේදී ජ.වි.පෙ. ද 11 හා 12 දිනවලදී විවාදය පැවැත්වීමට කැමැති වී ඇත – නමුත් ඒකාබද්ධ විපක්‌ෂය තමන්ට ප්‍රමාණවත් කාලයක්‌ අවශ්‍ය බවට පවසා ඇත. එම ඉල්ලීම නොතකා 11 වන දින කෙටුම්පත විවාදයට ගැනින.

11 වන දින ආණ්‌ඩු පක්‌ෂය විසින් 12 වන දින පාර්ලිමේන්තු කටයුතු සීමා කරමින් යෝජනාවක්‌ ඉදිරිපත් කරන ලදී. එමගින් පනත සම්බන්ධ විවාද කාලය තවත් සීමා වන්නේය. ඒකාබද්ධ විපක්‌ෂය විසින් ඊට විරුද්ධ විය. එහෙත් එම යෝජනාව ඒ ආකාරයෙන්ම සම්මතකර ගැනීමට කථානායක හා ආණ්‌ඩු පක්‌ෂය එක්‌ව දැඩිව ක්‍රියා කර ඇත.

11 දින අදාළ කෙටුම්පත පිළිබඳ විවාදය ගෙන පැය කිහිපයකින් (ඒකාබද්ධ විපක්‌ෂ මන්ත්‍රිවරුන්ගේ විරෝධාතාවය මධ්‍යයේ) අදාළ පනත සම්මත කර ගත් බවට කථානායක විසින් ප්‍රකාශයට පතAකර ඇත – එහෙත් ඒ පිළිබඳව ඡන්ද විමසීමට නියමිතව තිබුණේ 12 වන දිනටය. (මෙම විමසීම ස්‌ථාවර නියෝග වලට පටහැනි බවට ඒකාබද්ධ විපක්‌ෂය චෝදනා කරයි). එදින අදහස්‌ ප්‍රකාශ කරන්නට උත්සාහ කළ දිනේෂ් ගුණවර්ධන හා විමල් වීරවංශ මන්ත්‍රීවරුන්ට කථානායක විසින් ඒ සඳහා අවස්‌ථාව ලබා දී නැත. කථානායකගේ අදහස වී ඇත්තේ එම අවස්‌ථාවේදී හිටගෙන සිටි අනෙක්‌ මන්ත්‍රීවරුන්ව අසුන් මත හිඳුවීමේ වගකීම කථා කිරීමට ඉල්ලා සිටින මන්ත්‍රීවරුන්ගේ වගකීමක්‌ වන බවයි. එහෙත් පාර්ලිමේන්තුව හසුරුවා ගැනීමේ වගකීම ඇත්තේ කථානායකට වන අතර පාර්ලිමේන්තුවට නිසි පරිදි කටයුතු කළ නොහැකිනම් එය තාවකාලිකව කල් තැබීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. කථානායක විසින් එසේ කටයුතු නොකළේ මන්දැයි ජනතාව හමුවේ ඇති ප්‍රශ්ණයකි. (8-11 හැ.වා. 1135 තීරුව) මේ අනුව අදාළ ඊනියා සම්මත කිරීම සිදුව ඇත්තේ එදින පාර්ලිමේන්තු ගර්භය තුළ සිටි බොහෝ මන්ත්‍රීවරුන්ගේ අදහස්‌ විමසීමකින් තොරවය. මෙවැන්නක්‌ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අනුව කටයුතු කරන පාර්ලිමේන්තුවක්‌ තුළ සිදුවිය නොහැක්‌කකි.

නීතියට අනුව පනතක්‌ තිබේද?

ඕ එම් පී කෙටුම්පතේ 19 හා 20 වගන්තිවලට අනුව අදාළ කාර්යාලය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මුදල් ඒකාබද්ධ අරමුදලට වැයබරක්‌ විය යුතුය. ඒකාබද්ධ අරමුදලට වැයබරක්‌ වන කරුණක්‌ අඩංගු කෙටුම්පතක්‌ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 152 වන වගන්තිය අනුව කැබිනට්‌ මණ්‌ඩලයේ අනුමැතිය ලබාගැනීමකින් තොරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැක. එසේ අනුමැතිය ලැබුණු බව ස්‌ථාවර නියෝග 133 අනුව අදාළ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට පැවසිය යුතුය. වැට්‌ බදු පනත සම්බන්ධයෙන් ලබාදුන් ශ්‍රෝෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කථානායකවරයා විසින් පැහැදිලිව ප්‍රකාශ කර සිටියේ ව්‍යවස්‌ථාවේ 152 හා ස්‌ථාවර නියෝග 133 අනුගමනය නොකර ඉදිරිපත් කරන ලද කෙටුම්පතක්‌ බලශුන්‍ය වන බවය. ඕ.එම්.පී. පනත් කෙටුම්පතටද කැබිනට්‌ මණ්‌ඩලයේ අනුමැතිය ලබාගෙන නොතිබුණි. එබැවින් එම කෙටුම්පත 2016-08-11 දින දෙවන වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්‌ථාවේදී බලශුන්‍ය තත්වයේ තිබුණි. එබැවින් එය සම්මත වූ බවට කථානායක විසින් සහතික කර ඇත්තේ බලාත්මකව නොපවතින පනත් කෙටුම්පතක්‌ වනහෙයින් එමගින් බලාත්මක කළහැකි නීතියක්‌ බිහිකළ නොහැකිය. කෙසේ වෙතත් ශුන්‍ය තත්වයේ පවතින කෙටුම්පතක්‌ මත වලංගු නීතියක්‌ ජනිත වී තිබේද යන්න යම් දිනයකදී ශ්‍රෝෂ්ඨාධිකරණය විසින් තීරණය කළ යුතුය. අනාගත ශුන්‍යභාවයකට ඉඩ නොතබා මෙම ඊනියා පනත පාර්ලිමේන්තුව විසින්ම ප්‍රතිශෝධනය කිරීම සියලු මන්ත්‍රීවරුන්ගේම වන්නේය.

පනතේ යටි අරමුණු

විපක්‌ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්ද යටපත් කරමින් මෙම පනත ගෙන ඒමේ තිබූ අදිසි හදිසියට සැබෑ හේතුන් දන්නේ ඒ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ මානව හිමිකම් මහකොමසාරිස්‌වරයාත්, අග්‍රාමාත්‍යවරයා හා එම පනත 2 වන වර ඉදිරිපත් කළ මංගල සමරවීර අමාත්‍යවරයාත්ය. මෙම පනතේ ප්‍රමුඛ කාර්ය අතුරුදන් වූවන් සෙවීම නොවන බව නම් පැහැදිලිය. එය එහි ද්වීතික කාර්යයක්‌ පමණි. පෙර කී නිර්දේශ අනුව මෙතෙක්‌ ක්‍රියාත්මකව පැවැති ජනාධිපති කොමිෂමද (පරණගම කොමිෂම) විසුරුවා හැර තිබේ.

ඕ එම් පී යේ සැබෑ යටිඅරමුණ පැහැදිලි වන්නේ මානව හිමිකම් මහකොමසාරිස්‌ කාර්යාලයෙත් ඕ.එම්.පී. යේත් යාන්ත්‍රණයන් සන්සන්දනය කිරීමෙනි. මහකොමසාරිස්‌ කාර්යාලය විසින් නිකුත් කළ පරීක්‌ෂණ වාර්තාව සකස්‌ කළ පටිපාටියම ඕ.එම්.පී. යේ යාන්ත්‍රනයට ඇතුලත්ය. ඕ.එම්.පී. ස්‌වාධින හා සංස්‌ථාගත ආයතනයකි. (3 වග). එයට ලේකම් කාර්යාලයක්‌ද සෙවීම් ඒකකය නැමැති විශේෂ ඒකකයක්‌ හා තවත් අනු ඒකක හා අංශ තිබේ. (16 හා 17 වග). ඒවාට බලය ලබා දී නිලධාරින් හා සේවකයින් තම අභිමතය පරිදි පත්කරගත හැක. ඕ.එම්.පී. ද විවිධ තැනැත්තන්ගෙන් හා ආයතනවලින් ලැබෙන තොරතුරු මත පරීක්‌ෂණ හා විමර්ශන සිදුකරයි. (12 වග) ඒකපාර්ශ්විකව හා රහසිගතව සාක්‌ෂි විමසීම් සිදුකරනු ලබයි (12 වග). ඊට සාක්‌ෂි ආඥා පනත අදාළ නොවන අතර ඉදිරිපත් කරන සාක්‌ෂි හරස්‌ ප්‍රශ්ණවලට භාජනය කර සත්‍ය තහවුරු කරගැනීමේ අවස්‌ථාවක්‌ නොමැත.

අතුරුදන් වූවන් ලෙස ප්‍රමුඛතාවය ලැබෙන්නේ උතුරු නැගෙනහිර ගැටුම්වලදී අතුරුදන් වූ අයටය. එයින්ද මෑතකදී (අවසන් අදියරේදී) වූ අතුරුදන්වීම්වලට වඩාත් ප්‍රමුඛතාවය ලැබේ. මානව හිමිකම් මහකොමසාරිස්‌ද ප්‍රමුඛතාවය දී ඇත්තේ මෙම කොට්‌ඨාශයටමය. එසේම විදේශ රටවල සැඟවී සිටින තැනැත්තන් වුවද අතුරුදන් වූවන් ලෙස ගණනය කිරීමටත් ඔවුන්ගේ පැවැත්ම හා අනන්‍යතාවය වසන් කර තැබීමටත් මෙම කාර්යාලයට හැකිය.

මානව හිමිකම් කවුන්සිලයට හා වෙනත් බටහිර රටවලට මෙතෙක්‌ විදේශගතව සිට කළ නොහැකිව තිබූ බොහෝ කටයුතු කරවා ගැනීමේ රහස්‌ පරීක්‌ෂක ආයතනයක්‌ ලෙස මෙම කාර්යාලය පාවිච්චි කළ හැකිය – රාජ්‍ය හා හමුදා අංශවල තිබෙන අභ්‍යන්තර තොරතුරු රැස්‌කිරීම ඒවා විශ්ලේෂණය කිරීම එම තොරතුරු දේශීය හා විදේශීය සංචිතවල ගබඩා කිරීම හා ඒවා මත පදනම්ව වාර්තා පළකර දේශීයව හා විදේශීයව ප්‍රසිද්ධ කිරීම, රජයේ ආයතනවලට සෘජුව නිර්දේශ නිකුත් කිරීම, සේවකයින් හා විශේෂඳයින් ගෙන්වා ගැනීමේ මුවාවෙන් විදේශ විමර්ශකයින් ගෙන්වා ගැනීම ඒ අතරින් ප්‍රමුඛ වේ.

මෙසේ බැලීමේදී ඕ.එම්.පී. ය මානව හිමිකම් කොමසාරිස්‌ කාර්යාලයේ දේශීය කාර්යාලයක්‌ විදේශයේ සිට මෙහෙය වීමට හැකිය. ඕ.එම්.පී. යෙන් ලබා දෙන නිර්දේශ හෝ හෙළිදරව් කරන සාක්‌ෂි හා කරුණු මත පිහිටා ඉලක්‌කගත තැනැත්තන් (උදා හමුදා නිලධාරීන්) සම්බන්ධයෙන් අභ්‍යන්තර විනය ක්‍රියාමාර්ග ගැනීමට හෝ එවැනි ක්‍රියාමාර්ග මුවාවෙන් දඬුවම් පමුණුවීමට බාධාවක්‌ නොමැත. මෙහි පහසුවෙන්ම දේශීය-විදේශීය බද්ධ (දෙමුහුන්) පරීක්‌ෂණ යාන්ත්‍රයක්‌ ක්‍රියාත්මක විය හැකිය- අදාළ නිර්දේශ අනුව ක්‍රියාකරන වෙනත් අධිකරණමය බලය ඇති ස්‌වාධීන යාන්ත්‍රණ අනාගතයේදී නීsතිවලින් බිහිකළ හැකිය- එවිට මෙම කාර්යාලයෙන් ලබා දෙන නිර්දේශ සත්‍ය වශයෙන්ම තීන්දුවක/තීරණයක ආකාරයෙන් ක්‍රියාත්මක වනු ඇත

එහි 11 වන වගන්තිය සංශෝධනය කර ඇත – එහෙත් එමගින් ගිවිසුම්වලට එළඹීමට පනවා තිබූ සීමා ඉවත් කර ඇත- එහි තවත් අනතුරක්‌ ඇත. ඕ.එම්.පී. ය විසින් ලබාගන්නා දත්ත විදේශීය දත්ත ගබඩාවල සංචිත කිරීම පමණක්‌ නොව විදේශ රසායනාගාර තුළ විශ්ලේෂණයද කිරීමටද හැකි වන පරිදි ගිවිසුම් ඇති කරගැනීමට ඕ එම් පීයට හැකිය. අතුරුදන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර කොමිෂමක්‌ ඇත- එමගින් ලෝකය පුරා සිටින විවිධ ජනකොටස්‌ වල වෛද්‍ය විද්‍යාත්මක දත්ත, විශේෂයෙන්ම ඩී.එන්.ඒ. දත්ත එකතු කර විශ්ලේෂණය කරනු ලබයි. එම ක්‍රමවේදයේදී අතුරුදන් වූවන්ගේ ඥාතීන්ගේ හා පැමිණිලි කරන්නන්ගේ ඩී.එන්.ඒ. සාම්පල ගෙන ඒවා විවිධ ස්‌ථානයන්හීදී සොයාගන්නා මියගිය තැනැත්තන්ගේ කොටස්‌වල ඩී.එන්.ඒ. සමග සැසඳීම කර ඥාතීත්වය සම්බන්ධ කරයිs. මේ ආකාරයෙන් ලබාගන්නා ලක්‌ෂ සංඛ්‍යාත ඩී.එන්.ඒ. දත්ත රටා බාවිතාකොට ඒ ඒ ප්‍රදේශවල ජනතාව ජීවවිද්‍යාත්මක වශයෙන් වර්ග කිරීම සිදුකළ හැකිය. ස්‌වයංපාලනයක්‌ ඉල්ලා සිටින ටී.එන්.ඒ. සංවිධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශවල අවධාරණය කර ඇත්තේ මෙරට උතුරු නැගෙනහිර වෙසෙන (ද්‍රවිඩ) ජනතාව අන් ප්‍රදේශවල වෙසෙන ජනතාවගෙන් වෙනස්‌ ජනවර්ගයක්‌ වන බවය. බටහිර පරීක්‌ෂණාගාරවලදී ඇඳෙන ඩී.එන්.ඒ. රටා පිඹුරුපත්වල මෙම වාර්ගීක වෙන්කිරීම සාවද්‍ය ලෙසට හෝ පෙන්විය හැක. තාක්‌ෂණික මෙවලම් අප සතුව නොමැතිකමින් මෙම පිඹුරුපත්වල නිරවද්‍යතාවය අභියෝග කිරීමද දුෂ්කරය. එහෙත් ස්‌වයං පාලනයක පදනම සාධාරණීකරණය කිරීම සඳහා බෙදුම්වාදීන්ට මෙම (පක්‌ෂග්‍රාහී විද්‍යාත්මක) සාක්‌ෂි ජාත්‍යන්තරය හමුවේ තැබිය හැකිය.

ඕ.එම්.පී. ය විසින් නිකුත් කරන වාර්තා මෙරට සමූලඝාතන සිදුවූ බවට හෝ යුධ අපරාධ සිදුකළ බවට හෝ ජාත්‍යන්තර නීතියට අනුව මෙරටට එරෙහිව එල්ල කර ඇති අභූත චෝදනා සනාථ කිරීමට අවභාවිතා කළ හැකිය. ඕ.එම්.පී. යේ යාන්ත්‍රණය තුළ ඉදිරිපත් වන සාක්‌ෂි විශ්වාසනීය භාවයෙන් දුර්වල වුවද පාර්ලිමේන්තුවේ නීතියක්‌ යටතේ එහි කටයුතු සිදුවන බැවින් එහි වාර්තාවන්ට හා නිර්දේශයන්ට ජාත්‍යන්තර වශයෙන් වලංගුභාවයක්‌ ආරෝපණය කළ හැකිය. මෙහි සොයාගැනීම් හා වාර්තා විදේශ අධිකරණවල සාක්‌ෂි වශයෙන් ආවේශ්‍ය කරගැනීමටද හැකිය – මෙම ක්‍රියාවලිය අවසානයේදී මෙරට ඒකීයභාවයද අභියෝගයට ලක්‌වනු ඇත.

මෙම සියලු කරුණු සලකා බලා මෙම නීතිය නැවත වරක්‌ සලකා බැලීමේ වගකීමක්‌ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීන් වෙත පැවරී ඇත.

 

One Response to “ඇත්තටම මේ පනත මොකක්‌ද ?”

  1. plumblossom Says:

    This Is How The Office Of The Missing Persons (Which Will Become A Bogus ‘Evidence’ Manufacturing Machine) Manufacture Bogus ‘Evidence’ Of 40,000 Missing Persons To Try Our Brave Armed Forces For So Called War Crimes They Never, Ever Committed

    In the Missing Persons Act, a relative or a friend can make an official inquiry (but a totally bogus inquiry) from the Office of the Missing Persons (OMP) by email inquiring as to the whereabouts of their relative or friend.

    There are over 8 lakhs to 10 lakhs Tamil diaspora asylum seekers (actually economic migrants), a vast majority of who support the separatist terrorist LTTE and its aim of a separate state. If even 40,000 of these Tamil diaspora who support the separatist terrorist LTTE write bogus emails to the OMP inquiring the whereabouts of their friend or relative (but this friend or relative is actually living alongside them in these countries i.e. the US, UK, EU, Canada, Sweden, Norway, Australia, New Zealand, India etc.) these inquiries will officially be accepted by the OMP as 40,000 missing persons.

    According to the provisions of the OMP Act, even if the OMP inquires after these let us say 40,000 and finds out that these are all bogus inquiries and that all these 40,000 persons are actually living alongside the inquirer i.e. their relative or friend and these complaints about these persons being missing are all bogus, the missing persons, now found by the OMP, can request that their whereabouts not be revealed to their relative or friend or be made public. So officially these 40,000 persons will still be missing!!!

    Then the OMP will use these bogus 40,000 missing persons (who are actually living comfortably in the US, UK, EU, Canada, Sweden, Norway, Australia, New Zealand, India etc.) as manufactured ‘evidence’ that war crimes happened in Sri Lanka (and all these bogus inquirers will state that these persons went missing during the 2006-2009 period) and our Sri Lankan Armed Forces will be persecuted for committing war crimes that they never, ever committed by a judicial process using these bogus email inquiries.

    The Missing Persons Act states specifically that if the missing person who is now found requests that the fact that they are now found not be revealed to the public that person will remain as missing as far as the OMP is concerned. That is how the OMP will manufacture bogus ‘evidence’ of 40,000 missing persons so that the Sri Lankan Armed Forces can be persecuted for committing bogus war crimes.

    The OMP emails cannot be checked by any outside body as stated in the Act since all evidence (almost all bogus) gathered by the OMP remains confidential. The OMP cannot be taken to the Supreme Court on this issue. However the OMP should absolutely and immediately be taken to the Supreme Court regarding what has been written above which is what would happen when this OMP is set up.

    The OMP will become a bogus ‘evidence’ manufacturing machine which will gather such bogus inquiries via email from those members of the Tamil diaspora who are supportive of the LTTE terrorists and who will send bogus email inquiries by their thousands. All these bogus inquiries (of people who are actually living in the US, UK, EU, Canada, Sweden, Norway, Australia, New Zealand, India etc.) will then be misused as missing person inquiries.

    I did not realize that the Sinhalese were this stupid as to allow such a process within the Missing Persons Act which can be blatantly misused in order to manufacture bogus ‘evidence’ like this. The OMP process is not transparent, it will happen in total secrecy, no one in Sri Lanka will be able to question it, not our police, not our courts, not our Sri Lankan citizens, nobody. All the OMP will do is gather bogus email ‘evidence’ such as described above which will then be misused as missing person inquiries to try the Sri Lankan Armed Forces for bogus war crimes that they never, ever committed.

    The OMP process as described above must be stopped immediately. If a relative or a friend really and genuinely wants to find out about their genuinely missing relative or friend (i.e. perished LTTE terrorist), they can make a complaint to the OMP in person in public. This is the only way that Sri Lanka and the world will know that their inquiry is genuine. This was the methodology followed by the earlier Paranagama Commission which then received 23,000 complaints from relatives or friends of the missing person (i.e. perished LTTE terrorist or our perished Sri Lankan Forces soldiers) but they made their complaint in public in person to the commission. This is the only way to ensure authenticity and make the process transparent since this happens in the public arena. However, even with such safeguards, even some of those complaints may have been bogus.

    The OMP should be stopped immediately since it is not a transparent process at all as described above but a totally secretive process where no one and nobody can request to be provided an opportunity to even peruse, investigate or look at the email inquiries received by the OMP. If the UNHRC, the US, UK, EU, Canada, Sweden, Norway, Australia, New Zealand, India, the TNA and the separatist terrorists genuinely want to find out about perished LTTE terrorists, this Yahapalanaya Government could expand and extend the scope of the already set up Paranagama Commission in order to make such inquiries. This process should be totally following Sri Lankan Law, within Sri Lankan jurisdiction, paid for totally by the Sri Lankan Government only and with only Sri Lankan citizens appointed as commission members and investigators. In fact the entire staff should be composed of Sri Lankan citizens only. The process should be a totally domestic process with no interference or input whatsoever from foreign countries. Most importantly, all complaints should be made in person by relatives and friends in public if their complaint is genuine.

    The Missing Persons Act is totally dangerous as pointed out above and should be dismissed totally as it is highly dangerous and a totally secretive process as described above designed and set up to manufacture bogus ‘evidence’ against the Sri Lankan Armed Forces.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress