බැන් කි මූන් චාරිකා හා සංහිඳියාවේ අරුමය
Posted on September 3rd, 2016

තේජා ගොඩකන්දෙආරච්චි

2009 දී හා 2016 දී ශ්‍ර්‍ර්‍රීී ලංකාවට පැමිනි විට පැවති  තත්වයන් අතර වෙනසක් දුටුවාදැයි තමන් එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කි මූන් ගෙන් විමසූූ බවත්, තමන් විශාල වෙනසක් දුටු බව ඔහු පැවසූූ බවත් ශ්‍රී ලංකා ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන  පවසයි.

එය ප්‍රත්‍යක්ෂය. මන්ද 2009 දී එජා මහ ලේකම්වරයා ලංකාවට පැමිනියේ මැයි මස 23 වන දා ය. ඒ ද පැය 24 ක කාලයකටය. ඒ වන විට දශක 2 1/2 ක ට වඩා ඇදී ගිය දරුණු සන්නද්ධ අරගලය නිමවී යන්තම් දින 5 කි.මේ චාරිකාවේදී ඔහු වවුනියාව මැණික් ෆාම්හි අවතැන්වූවන් රඳවා  සිටි කඳවුරු කරා ගිිය අතර යුද මුක්ත කලාපය ගුවනින් නිරීක්ෂණය කලේය. ඊට අමතරව ජනාධිපතිවරයා සහ විදේශ ඇමතිවරයාද, තවත් ප්‍රධානීන් ද සමග සාකච්ඡා කලේය. තම පැය 24 ක කාලය අවසානයේ නික්ම යනු පිනිස ගුවන් තොටුපලේ රැඳී සිිටියදී ඔහු ශ්‍රී ලංකාවේ, එක්සත් ජාතීන්ගේ  කාර්යාලයේ සම සභාපතිවරුන් සමග තම නිරීක්ෂණ හා නිර්දේශ පිිලිබඳව පැහැදිලි කරන්නට අමතක කලේ නැත. දශක දෙකහමාරක් තිස්සේ රටක ජන ජීවිතය ප්‍රධානව භෞතික සම්පත්වලට අති මහත්  හානියක් සිදුකල මේ බිහිසුණු යුද්ධය නිමවූ විගස ඔහු ශ්‍රීී ලංකාව දකිින්නට ඇත්තේ යකුන් නැටූ පිටියක් මෙනි.  ඔහුට කතා කරන්නට ලැබුන, භයංකර සිහිිනයකිින් මේ දැන් අවදි වුනාක් බඳුව සිටි අවතැන් කඳවුරුවල ජනතාව ගැන කවර කතාද? 

දැන් උතුරට ගොස් එජා මහලේකම්වරයා සතුටු කරනු වස් විවිධ දේ කියවන මංගල සමරවීර, විදේශ ඇමතිවරයා මෙන්ම තවත් රජයේ මැති ඇමතිවරු කිහිප දෙනෙකු කීවේ බැන් කි මූන් මෙවර තම වුවමනාවෙන් පැමිනි බවත් 2009 දී පැමිනියේ එවකට ජනාධිපතිව  සිටි මහින්ද රාජපක්ෂගේ ඉල්ලීම මත බවත්ය. විදේශ ඇමතිවරයා හැටියට මේ කරුණ යතාර්ථවාදීව වටහා ගැනීමට තරම්වත් බුද්ධියක් මංගලට නැතිවීම කණගාටුදායකය. මාස කිහිපයකට පෙර ඒකාබද්ධ විපක්ෂය විසිින් ඡායා කැබිනෙට්ටුවක් ස්ථාපිත කල වෙලාවේ එහි විදේශ අමාත්‍යංශය භාර වූයේ නාමල් රාජපක්ෂටය. මේ ගැන කතාකල කවුදෝ එජාප ඇමතිවරයෙක් ” මේ පිටරට කීප වතාවක් ගිහින් ආව කියල විදේශ ඇමතිකම් කරන්න පුලුවන්දැ’යි ඇසීය. එය සැබෑවක් වන අතර ඔවුන්ගේ ඔරිජිනල් විදේශ ඇමති මංගල සමරවීරටද එම සත්‍ය එකසේ බලපායි. ඇමතිවරයකුගේ පුතෙකුව ඉපිද, ඒ අනුහසින් කොළඹ රාජකීය විදුහලේද, එක්සත් රාජධානියේද විලාසිතා නිර්මාණය ඉගෙන ගත් ඔහු ගැනද කිව හැක්කේ ඒ ටිකමය. මේ සුදුසුකම් රටක, විශේෂයෙන් වර්ගවාදී යුද්ධයක් නිසාම සංකීර්ණ වූ විදේශීය බලපෑම් වලට ගොදුරු වූ ශ්‍රී ලංකාව වැනි රටක විදේශ අමාත්‍ය තනතුරක් හෙබවීමට ප්‍රමාණවත් වූයේ කෙසේද යන්න අර කතාව කල ඇමතිවරයාට වැටහුනේ නැතිවා විය යුතුය. මේවා නම් අපේ ‘අති විශේෂ’ දේශපාලන සංස්කෘතියේ ලක්ෂණය .ඒ දේශපාලන සංස්කෘතියේම ඵලයක් වන මංගලට 2009 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා, යුද්ධය නිම වූ විගසම ශ්‍රී ලංකාවට පැමිනෙන ලෙස එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වරයාට කල ආරාධනය කුමන හේතුවක් නිසාදැයි වටහාගත නොහැකි වීම ස්වාභවිකය.

ඒ වන විට ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුව මුල් කරගත් සන්නද්ධ අරගලය ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත්ව තිබිනි. විදේශීය රටවල පිහිටුවා තිබූ එල්ටීටීඊ කාර්යාල හරහා අරමුදල් රැස් කෙරුනේය. ආයුධ ගණුදෙනු සිදු වූයේ ජාත්‍යන්තර මට්ටමිනි. ඇමරිකාව, බ්‍රිතාන්‍යය ඇතුලු රටවල එල්ටීටීඊ ය තහනම් සංවිධානයක් වුවද මේ වාර්ගික ප්‍රශ්නය ඔවුන්ගේ අවධානයට ලක්ව තිබුනේය. එල්ටීටීඊ නායක ප්‍රභාකරන් ජාත්‍යන්තර පොලිසිය මගින් අපරාධකරුවෙකු ලෙස වරෙන්තු ලැබ සිටියේය. එමෙන්ම රජය හා කොටි සංවිධානය අතර සාමය ගොඩ නගනු පිනිස නෝර්වේ, ජපානය ඇතුලු රටවල සාම නියෝජිතයෝ මැදිහත් වූහ. මෙවන් තත්වයක් තුල ප්‍රභාකරන්ගේ මරණයත් සමග අවසන් වූ සන්නද්ධ අරගලයේ සැබෑ තතු එක්සත් ජාතීන්ගෙ සංවිධානයට ඉදිරිපත් කිරීම රජය විසින් කල යුතු විනිවිද භාවයෙන් යුතු කර්තව්‍යයක් විය. 

එදා, 2009 මැයි මස එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් ශ්‍රී ලංකා රජය හා එක්ව නිකුත් කල ප්‍රකාශය කිසිසේත් එවක තිබූ රජයට විරුද්ධව නම් නොවීය. එය හුදෙක් තම සාකච්ඡාවන්හි ඇතුලත් වූ කරුණු සහ මහ ලේකම්වරයාගේ නිරීක්ෂණ ඇතුලත් ප්‍රකාශයකි. යුද්ධය නිල වශයෙන් අවසන් කල පසු 2009 මැයි මස 19 වන දින ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේදී කල ප්‍රකාශයේ අඩංගු වූ කරුණු  එනම් රජයක් ලෙස ජාතීන් අතර එකමුතුව ස්ථාපිත කිරීම සම්බන්ධවත්, සහන සේවා, පුනරුත්ථාපනය, නැවත පදිංචි කිරීම හා මෙම ගැටලුවට දේශපාලනමය විසඳුම් ලබාදීම සම්බන්ධවත් අඩංගු වූ කරුණු පිලිබඳ තමා සෑහීමකට පත් වූ බවත් ඒවා ඉටු කරන ලෙස ඉල්ලා සිටින බවත් එහි සඳහන් වේ. එල්ටීටීඊ යේ හිටපු ළමා සොල්දාදුවන් සහ කාඩරවරුන් පුනරුත්ථාපනය කිරීම සඳහා රජය ඒ වන විටත් යුනිසෙෆ් වැනි සංවිධාන සමග එක්ව මූලික අඩිතාලම යොදා තිබූ බව මහ ලේකම්වරයා පිලිගත් අතර ඒ ගැන තම ප්‍රසාදය පල කලේය. මෙවන් සංහිඳියා වැඩ පිලිවෙලක් ඉක්මනින් ස්ථාපිත නොවුන හොත් යලි එල්ටීටීඊ ‘ප්‍රචණ්ඩත්වය’ හිස ඔසවනු ඇතැයි ද මෙහි සඳහන් විය.

මේ ජනවාර්ගික අර්බුදයට හේතු පාදක වූ කරුණු වලට නිසි දේශපාලන විසඳුමක් ඇති කිරීමට හා මානව හිමිකම් ස්ථාපනය කිරීම සහතික කරනු වස් ඉහල වගවීමක් ඇති කරනු පිනිස නිපුණත්වය සහිත එක්සත් ජාතීන්ගේ කණ්ඩායමක සහාය ලබා දිය හැකි බවට මහ ලේකම්වරයා කල යෝජනාව සම්බන්ධව ශ්‍රී ලංකා රජය ප්‍රතිචාරයක් නොදැක් වූ  බව ඔහු පවසා තිබිනි. එහිද වරදක් කිව නොහැක. 1994 දී රුවන්ඩාවේ හුටූ සහ ටුට්සි ගෝත්‍රයන් අතර ඇති වූ සමූල ඝාතන ලේ වැගිරීමේදී එරට ස්ථාපිත කල එක්සත් ජාතීන්ගේ හමුදාවක් සිටියද 890,000 ක් ටුට්සීන් මරා දමත්දී ඔවුන් අනුගමනය කලේ එය රටේඅභ්‍යන්තර ප්‍රශ්නයක් ය යන පිලිවෙතය. අද පවා කොංගෝවේ හෝ බුරුන්ඩියේ සිදුවන සිද්ධීන් දෙස ඔවුහු අනුගමනය කරන්නේ ද එම පිලිවෙතමය. 80 දශකයේ අග ශ්‍රී ලංකාවේ සිදු වූ ඛේදනීය සිදුවීම් පවා ඔවුන්ගේ අවධානයට ලක් නොවීය.

ඒ වන විට අවතැන්ව සිටි ජනතාවට ආහාර, ඇඳුම් ඇතුලු මූලික අවශ්‍යතා සැපයීමට මිස, ජාතික හා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවලට වෙනත් අරමුණු සහිතව අවතැන් කඳවුරුවලට ඇතුලු වීම වලක්වා ලීමට රජය විසින් කටයුතු කර තිබිනි. ඒ දින කිහිපය තුල කවුරුන් විශ්වාස කරන්නද නොකරන්නද යන අවිනිශ්චිත බවක් වූ අතර යුද්ධය පැවති සමයේ බොහෝ සංවිධාන ක්‍රියා කල ආකාරය මත මේ පිරිස විශ්වාසයට ගැනීමට අපහසු වීම පුදුමයක් නොවේ. 

කඩිනම් නැවත පදිංචි කිරීම පිලිබඳ කාරනයේදී එල්ටීටීඊ ය යටතේ පැවති බොහෝ ප්‍රදේශ ඔවුන් විසින් වැලලූ බිම් බෝම්බ වලින් ගහනව ඇති බවත්, එම බෝම්බ නිශ්ක්‍රීය කටයුතු සඳහා යම් කාලයක් අවශ්‍ය වන බවත් ශ්‍රී ලංකා රජය මහ ලේකම්වරයාට පැහැදිලි කර දී තිබිනි. ඒ සම්බන්ධව ඔහු නිසියාකාරව අවබෝධ කරගත් අතර එම ක්‍රියාවලිය පිලිබඳව තම සතුට පල කිරීමට නොපැකිලිනි.

ඉතින් ඒ එදා තත්වයයි. වත්මන් ජනාධිපතිවරයා පවසන අන්දමට බැන් කි මූන් මහතා මෙම චාරිකාවන් දෙකේදී දුටු තත්වයේ වෙනසක් දකියි නම් එය ඉතාම සාධාරණය. නමුත් යතාර්ථය නම් මේ මුලු වෙනස ඇති වුනේ 2015 ජනවාරි 8 වන දායින් පසු නොවන බවය. එම පලාත්වල ප්‍රතිසංස්කරනය කෙරුනු යටිතල පහසුකම් සියල්ලම පාහේ පසුගිය රජය සමයේ සිදු වූ ඒවාය. 

එදා 2009 දී උතුරේ ජනතාව ආර්ථික හා දේශපාලනික වශයෙන් යථාවත් කරන්නට රජය කැපවන බවට සහතික වූ බව බැන් කි මූන් එදා තම චාරිකාව අවසන ප්‍රකාශ කලේය. සත්තකින්ම එය සිදු නොවුනා කියා කිසිවෙකුට කිව හැකිද? 2010 අප්‍රේල් මස පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට ආසන 14 ක් දිනා ගත හැකි වූයේ තම අභිලාශය අනුව චන්දය පාවිච්චි කල නිසාය. එවේලේ එහි රැඳී සිටි හමුදාව අයුතු ලෙස බලපෑම් කලා නම් එය සිදුවනු ඇතිද? ( 1981 සංවර්ධන සභා චන්දය මෙන්) 2005 ජනාධිපතිවරණයේදී තම චන්දය පාවිච්චි කලා කියා තීන්ත ගෑ සුළැඟිල්ල පූජා කරන්නට සිදු වූ කිලිනොච්චි වැසියා පිලිබඳ පුවත ඔබට මතක ඇති. 2009 න් පසු එවන් සිදුවීම් වාර්තා වුනේ නැත. 2013 දී පැවති පලාත් සභා මැතිවරණයේ දී ද්‍රවිඪ ජාතික සන්ධානයට ආසන 30 ක් සහිත විශාල බලයක් හිමිවිය. 2010 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ ප්‍රතිවාදියා වූ සරත් ෆොන්සේකාට යාපනයේ චන්ද වලින් 63% ක් ද, වන්නි දිස්ත්‍රික්කයෙන් චන්ද 66% ක් ද, මඩකලපුවේ චන්ද වලින් 68% ක් ද ලැබිනි. මේ ප්‍රභාකරන්ට එරෙහිව යුද වැදුනු ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධානියාට උතුරු නැගෙනහිර යුද්ධයට මැදිව බැට කෑ ද්‍රවිඪ ජනතාව චන්දය ප්‍රකාශ කල අරුමයයි ! සැබැවින්ම මේ චන්ද ප්‍රකාශ කිරීම තුල ගැබ්ව තිබුනේ ප්‍රධාන දේශපාලන පාර්ශ්වයන් තුල වෙනම රාජ්‍යයක් සඳහා වන ප්‍රතිපත්තීන් ඒ ජනතාවට කා වැදුනු ආකාරයයි. මේ ජනතාව මේ තුල තම දේශපාලන අභිලාශයන් කරා පියවර තැබීම අරඹා නොතිබිනිද? එමෙන්ම 2015 ජනවාරියේදී මහින්ද රාජක්ෂ බලයෙන් ඉවත් වීමට ප්‍රධානවම බලපෑවේ ද මේ උතුරු නැගෙනහිර චන්දයි. අප මොන තරම් සංහිඳියාවේ දෑත දිගු කලත් වෙනම රාජ්‍යයක් සඳහා ප්‍රභාකරන් විසින් ඔවුන්ගේ ඉස්මොල  තුලට කැවූ හැඟීම් නොවෙනස් වන බව මින් පැහැදිලිය. එදා 2009 දී යුද්ධය අවසන් වූ පසු අවතැන්ව සිටි ජනතාව වෙත ආහාර, ඇඳුම් හා පානීය ජලය වැනි අත්‍යවශ්‍ය දේ රැස් කරමින් ලොරි වල පටවා යවන්නට දකුණේ ජනතාව ඉදිරිපත් වූයේ සැබෑ සහෝදරත්වයකින්ම නොවේද?

යුද්ධයේ අවසන් භාගයේදී ජනතාවගේ කැමැත්තෙන් තොරව ඔවුන් මිනිස් පලිහක් සේ තබා ගන්නට එල්ටීටීඊ ය උත්සුක විනැයි 2009 මැයි මස ශ්‍රී ලංකා රජය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ව නිකුත් කල ප්‍රකාශනයේ එක තැනක සඳහන් වේ. ඒ එල්ටීටීඊ යසැම විටම භාවිතා කල උපක්‍රමයයි. ඔවුන් 1987 සාම ගිවිසුම යටතේ උතුරේ ස්ථාපිත කල ඉන්දීය සාම සාධක හමුදාවට පහර දුන්නේ සිවිල් ජනතාවට මුවා වෙමිනි. එසේ ප්‍රකෝප කරන ලද ඉන්දීය සාම හමුදාව තම කෝපය මුදා හැරියේ සිවිල් ජනතාව මතය. ශ්‍රී ලංකා හමුදාවට සිදු වුනේ ද එයමය. මෙවන් සිද්ධීන් අවසන ඔවුන් ලෝකයට ගතු කීවේ තමුන් නිදොස් වෙමිනි. මේ උපක්‍රමය තුල සිවිල් ජනතාව මිරිකුන අයුරු ඔවුන්ට ගැටලුවක් වූයේ නැත. 

ඉන්දීය හමුදාව සහ එල්ටීටීඊ ය අතර සාමකාමී බව බිඳ වැටුන පසු ප්‍රභාකරන් විසින් එවකට තමිල්නාඩුවේ මහ ඇමතිව සිටි එම්. ජී. රාමචන්ද්‍රන්ට පවතින තත්වය පිලිබඳ ලියා යැවූ දීර්ඝ ලිපියක මෙසේ සඳහන් වූ බව ඔහුගේ ජීවිත කතාවේ සටහන්ව ඇත. ‘අපගේ සටන් කරුවන් දහස් ගණනක් මරා දමන්නට වුවහොත්, ඊට වඩා කිහිප ගුණයක් සාමාන්‍ය වැසියන් මරා දමන්නට සිදුවනු ඇත. විමුක්ති කොටි ජනතාවගෙන් නොමිදුනේ වෙයි. ඒ ජනතාවගේ සංවිධානයකි. කොටි වනාහි ජනතාවය. ජනතාව වනාහි කොටිය. ඒ නිසා ඉන්දියාව අප හට එරෙහිව කරන යුද්ධය සාධාරණීකරනය කල නොහැක.’ මේ තම වියරු බලකාමයේ අණසකට තම ජනතාව යොදා ගන්නට ප්‍රභාකරන් කටයුතු කල අයුරුය. එබැවින් 2009 ත් 2016 ත් අතර වෙනස කතාකල යුත්තේ මේ සියලු කරුණු ඔස්සේය. ද්‍රවිඪ ජනතාවගේ අභිලාෂයන් ඉටු කරන බව පවසමින් තම ජනතාවම එසේ ‘පාවිච්චි කල’ නරුමයකු වෙතින් මේ යුද්ධයේදී වෙඩි තබා, බෝම්බ පුපුරුවා, කපා කොටා මරා දැමූ  සිංහල සිවිල් වැසියන් වෙත වෙන කුමනාකාරයේ ප්‍රතිචාරයක් අපේක්ෂා කරමුද?කණගාටුවට කරුණ වන්නේ මේ අයුරින් තම ජීවිත අත හැර දමන්නට සිදු වූ ජනවර්ගයන් දෙකෙහි ජීවිත වල වටිනා කම දෙආකාරයකට තක්සේරු වීමය. මිය ගිය ද්‍රවිඪයන් වෙනුවෙන් නගන හඬ තුල මිය ගිය සිංහලයන් වෙනුවෙන් නැගෙන හඬ යටපත්ව යන්නේ ජාතිවාදී ලේබලයක භාරය යොදමිනි.

සංහිඳියාව යන ප්‍රබුද්ධ වචනය විකෘති කරන්නට එපා යැයි මෙෙත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මාධ්‍ය වෙතින් ඉලලා සිටියේය. ඇත්ත වශයෙන්ම එය විකෘති කරගෙන ඇත්තේ රජය විසින්ම නොවේද? යුද්ධයකදී අගතියට පත්වන සියලු පාර්ශ්වයන් දෙස සාධාරණව නොබලන ඔවුන් අද උතුරේ විග්නේශ්වරන්ලා සිවාජිලිංගම්ලා කරන කියන සියලු දේ ඉවසා වදාරති. ඒ කුරිරු යුද්ධය නිම කරනට කැප කල හා මුල් වූ අය වරද කරුවන් සේ දකිති. තමන්ගේ වාසියට තමන් යුද්ධය ඉවර කලා කියන්නට පසුබට නොවන සරත් ෆොන්සේකාට ඒ සඳහා උරදුන් රාජපක්ෂලා ‘හැත්තකි’.

දිනෙන් දිනම තමන් උපන් රටේම කොන්වන සිංහල ජනතාව උතුරේ කඩා බිඳ දමන හැටි, රණවිරු ස්මාරක උගුලා දමන හැටි බලා සිටින්නේ සිත් වේදනාවෙනි.

මේ සියල්ල අවසන සංහිඳියාව සඳහා පෙරට එන්නැයි කියා ජනාධිපති ඇතුලු රජයේ ඇත්තෝ සිංහලයාටම කියති.

 

5 Responses to “බැන් කි මූන් චාරිකා හා සංහිඳියාවේ අරුමය”

  1. S.Gonsal Says:

    If the president thinks he is known to the world as a ‘good man” he is a bloody fool. People in Sri Lanka know very well how he promoted ex-president to kingship few years ago and condemn the same to a criminal later and his lies are on display for the whole world to see.
    These foreign monkeys will praise him for the time being but they know every well he too should be eliminated to get everything they want. going to Thirupathy will not help him.
    For any Sinhala politician, it is Sinhalaya finally will forgive them. Betraying Sinhalaya will be a paapakamma that will drag them to hell.

  2. Kumari Says:

    Dear Theja, thank you for listing and comparing the two visits by the same man Moon. The Village idiot who allowed all this to happen to his motherland is non other than the Darling of the West our Rookadaya. He made Ranil the PM with only 47 UNP seats in parliament.
    CIA and RAW must be maintaining separate files on Ranil, CBK and Mangala. They would have got caught to them involved in what cannot be let out to the public. That is why they comply to all their demands.

    Please listen to Ven. Bengamuwe Nalaka Thero to know how patriots protect their respective countries (including Indians too). Only we were unfortunate to have a set of politicians like the Yahapalanayas.

    https://www.youtube.com/watch?v=nIAYli5ZlX4

  3. plumblossom Says:

    Apart from highly commending you for taking legal action against the treacherous CBK (Chaura Rejina) regarding the defamatory and utter lies she keeps repeating to defame her rivals, legal action should be taken against her for stating that she will definitely devolve more powers to provincial Councils within the new constitution. Does this evil woman CBK think she owns Sri Lanka and that she is the one who is going to draw up the new constitution of Sri Lanka (according to the wishes of the imperialistic US, UK, EU, Canada, Norway, Sweden, India, the racist TNA and the separatist terrorists)? The constitution of Sri Lanka should satisfy first and foremost the majority of people of this island i.e. the Sinhala people and the Sinhala people firstly do not want to draw up a new constitution nor do they want any more powers whatsoever be provided to the provincial councils especially land, police and fiscal or to illegally merge the North and the East.

    Someone has to go to the supreme court and take action against treacherous CBK for suggesting that she will definitely devolve more powers to provincial councils within the yet to be drawn up constitution since this means the treacherous Ranil, Sirisena, CBK and Mangala have already drawn up a constitution to satisfy the imperialistic US, UK, EU, Canada, Norway, Sweden, India, the racist TNA and the separatist terrorists which is illegal.

  4. plumblossom Says:

    When looking at Sri Lanka’s history, it is extremely obvious that from 600BC to around 1400AD there were three kingdoms, all Sinhala Buddhist, Ruhuna, Pihiti or Rajarata and Maya or Malayarata. Rajarata encompassed today’s North Central, North Western, Northern and even the Central Province. Ruhunu rata encompassed today’s Uva, Eastern and Southern Provinces. The Kandyan Kingdom from 1400AD encompassed most of the island inclusive of today’s Northern and the Eastern Provinces except for the Jaffna Peninsula. Even the Jaffna Peninsula was invaded and occupied by force by Aryachakravarthi (Pandyan) and actually did belong to Rajarata earlier and later the Kandyan Kingdom.

    Today’s provincial boundaries were drawn up by the British colonialists as per their divide and rule policy and the Sinhala people were not consulted when drawing up these provincial boundaries. In the meantime, most Sri Lankan Tamils of today were actually brought over during Dutch and British times to the Jaffna Peninsula and elsewhere to work on tobacco and indigo plantations which were planted extensively in all the colonies since they were much sought after and made a lot of money for the colonialists. Therefore they are recent arrivals and cannot claim homelands or separate states whatsoever.

    The usual practice when a colonial power hands over their former colonies is to hand it over to its original owners. Therefore the British colonialists should hand over the Kandyan Kingdom to the Kandyan Sinhalese from whom they took it by force. Since the Kandyan Kingdom encompassed the North and the East, these provinces too should be handed over to the Kandyan Sinhalese who are its rightful owners. Even the Jaffna Peninsula should be handed over to the Kandyan Sinhalese since it was part of Rajarata and was forcefully occupied by Aryachakravarthi (Pandyan).

    Since this has now been done already, the TNA and other separatist terrorists or the US, UK EU, Canada, Norway, Sweden and India cannot demand that present day Northern or even the Eastern provinces be provided any more powers or be made into federal states since this is totally going against the history and archaeology of the island and totally going against the rights of the Sinhala people who also have fundamental rights to claim the entire island inclusive of the North and the East as their homeland first and foremost. Therefore, the TNA , the separatist terrorists, the US, UK, Norway, Sweden, Canada and India has to respect the history and archaeology of the island and accept that the present day provincial councils are more than sufficient to run the affairs of the provinces. Sri Lanka must be a unitary state and no more powers should be provided to the provincial councils. In fact, when talking about the 13th amendment, the concurrent list subjects must be included in the national list. The provision where two provinces can merge should be deleted. The bogus claim of the North and the East being the homeland of the Tamil speaking people should be deleted. The entire island should be declared the homeland of all its peoples.

    Sinhala people should be resettled in the North in quite a large number if there is to be peace and harmony within the island since Sinhala people have every historical right to live in the North as well as the East. It is only due to ethnic cleansing of the North of Sinhala people by the LTTE and the other separatists that Sinhala people are not at present living in the North. Many thousands of landless elsewhere in the island especially Sinhala people should be provided land in the North since most of the vacant land in the country is in the North and in the East since both these provinces encompass over 28% of the land area of the island. Then only will there be peace since when people mix, there is more harmony. This is the only way towards peace and development in the island.

  5. plumblossom Says:

    These fake socialists are actually paid underhand by the US, EU, UK, Canada, Sweden, Norway and India’s secret services millions of US dollars via NGOs to support Eelamists, LTTE terrorists, the TNA and the separatist terrorists. The socialist label is used here to hoodwink the gullible people into thinking that they are really socialists but they are not. They are heavily dependent on thousands of US dollars for their survival. The Frontline Socialist Party too are receiving millions of US dollars from the Green Party of Australia (who are staunch Eelamists who supported the LTTE terrorists and they support indirectly US,EU.UK, Canada, Norway and Sweden’s imperialism although they call themselves ‘green’ again to hoodwink gullible people). The JVP or the Rathu Ali Patiyas are paid by local NGOs millions of rupees with the funding ultimately coming from the US. The others are also dependent on thousands of US dollars.

    It is these people along with Dr.Nirmal Ranjith Devasiri, the JVP Rathu Ali Patiyas (who have become lackeys of the UNP and US imperialism again for lakhs of rupees), Prof Sarath Wijesuriya, Saman Rathnapriya, Wickramabahu Karunaratne and the like who brought about this ‘regime change’ in order to help US imperialism fulfil their devious aims within Sri Lanka.

    These people use fake labels such as socialist, trade unionist, social activist etc. to hoodwink gullible people but when you look at where their funding is coming from (always look at where an organizations funding is finally coming from) it is extremely clear that all these people are working to fulfil US imperialism’s devious aims in the island.

    What US imperialists have learnt and have practised in many other countries where there were patriotic governments not to the US’s liking is to precisely use such fake socialists, fake trade unionists, fake student’s organisations and fake green activists to hoodwink enough gullible people so that patriotic, socialist and real environmentalist governments are deposed, regime change brought about and separate states created to fulfil US imperialisms nefarious aims. In Sri Lanka a huge NGO network, funded using millions of US dollars, was used to bring about regime change and depose the previous Mahinda Rajapakshe Government.

    Now these NGO funded traitors are trying to divert gullible people’s attention from treacherous acts committed by this government by talking about issues which are important but secondary concerns rather than extremely important treacherous acts being committed by this treacherous government in order to fulfil US imperialism’s aims in the island.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress