“පෝර්ට් සිටි හොඳායි… ඡන්ද කාලේ කියපුවා ගණන් ගන්න එපා..” – එජාපයෙන් පවසයි!
Posted on September 4th, 2016

www.mahinda.info

[1]. පෝර්ට් සිටි එක හැදුවොත් කොළඹ ඉඳන් කල්පිටියටත්, කොළඹ ඉඳන් හික්කඩුව වෙනකනුත් වෙරළ සම්පූර්ණයෙන්ම නැති වෙනවා.” යනුවෙන් එදා පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩුවකින් පෝර්ට් සිටි එක නතර කරන බව 2015 ජනාධිපතිවරණ කාලයේදී පැවසුවේය. ඔහු එසේ පවසන වීඩියෝව පහතින්.

 

[2]. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවීමෙන් පසු මහ මැතිවරණය තෙක් පෝර්ට් සිටි තාවකාලිකව නැවැත්විය. පසුව මෛත්‍රීපාල මහතාගේ සම්පූර්ණ අනුග්‍රහයෙන් එක්සත් ජාතිකපක්ෂය මහ මැතිවරණයෙන් දිනවා ආණ්ඩුවක් පිහිටවූවේය. මහින්ද රාජපක්ෂ” නැමැති නමටත් බියක් දක්වන එජප ආණ්ඩුව ඉන් පසුව සිදුකළේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නම සහිත පුවරුව පෝර්ට් සිටියෙන් ඉවත් කිරීමයි.

 

[3]. ඉන් පසුව සිදු කළේ පෝර්ට් සිටි නැවතත් ආරම්භ කිරීමයි. නවතා තිබූ කාලයට චීනයට තවත් වන්දි ගෙවීමක්ද සිදුකළේය. එදා එලෙස පෝර්ට් සිටි නතර කරනවා කී රනිල් වික්‍රමසිංහ අද මෙලෙස පෝර්ට් සිටි වර්ණනා කරයි.

රාජිත සේනාරත්න අමාත්‍යවරයා පහත වීඩියෝවේ කාලය විනාඩි 2:44 සිට පවසන්නේත් වරාය නගරය යළි ආරම්භ කරන බවයි.

 

[4]. මීට දින කිහිපයකට ඉහතදී එක්සත් ජාතික පක්ෂයෙන් පත් වූ අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවසුවේ පෝර්ට් සිටිය ඉතා හොද ව්‍යාපෘතියක් බවත්, එහි හොද නරකද තීරණය කළ හැක්කේ විශේෂඥයන්ට මිස දේශපාලකයන්ට නොවන බවත්” ය. ඡන්ද කාලෙට කියන ඒවා එතරම් ගණන් ගත යුතු නැති බව” ද ඔහු පැවසීය. ඔහු එසේ පවසන වීඩියෝව පහතින්.

 

[5]. එක්සත් ජාතික පක්ෂයෙන් පත් වූ අමාත්‍ය එරාන් වික්‍රමරත්නට අනුව රනිල් වික්‍රමසිංහ මහතා පවසන දේවල් ගණන් ගත යුතු නොවේ. එය අපත් දනිමු. තොප්පිගල කැළෑවක් බව රණවිරුවන් පිළිගත්තානම් ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් නැගෙනහිර අත් පත් කරගන්නේ නැත. එදා රනිල් වික්‍රමසිංහ මහතාව විශ්වාස කරමින් පෝර්ට් සිටියට බනිමින් මහින්ද රාජපක්ෂ මැතිතුමාට මඩ ගැසූ උදවියට දැන්වත් සත්‍යය කුමක්දැයි වැටහේවි යැයි අප බලාපොරොත්තු වන්නෙමු.

අනිත් අයටත් බලන්නට SHARE කරන්න.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress