කුරුණෑගල තිබුණේ ශ‍්‍රීලනිප ආදාහනයද..? ජනපති මෛත‍්‍රී ශ‍්‍රිලනිපය පැරදු හැටි අකුරෙන් අකුර හෙලි කෙරේ..
Posted on September 5th, 2016

අරවින්ද අතුකෝරල

පිවිතුරු හෙළ උරුමයේ මතුගම ආසන ජන සභාව පිහිටුවීමේ උත්සවය 04 වන දින පස්වරු පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල මහතා ඇතුළු පක්ෂ නායකයින් ගේ ප්‍රධානත්වයෙන් මතුගම, නාරවිල සණස  උත්සව ශාලාවේ දී පැවැත්විනි.

මේ සදහා  පිවිතුරු හෙළ උරුමය කළුතර දිසා සභාපති හෙට්ටිපොල සීවලී හිමියන්, මතුගම පිවිතුරු හෙළ උරුමය සංවිධායක නාරවිල සමිත හිමියන්, කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා , පිවිතුරු හෙළ උරුමයේ ප්‍රචාරක ලේකම් තුෂාර දිසානායක,  ජාත්‍යන්තර ලේකම් සුගීෂ්වර බංඩාර, පරිපාලන ලේකම් උපුල් කෝණාර , නීති ලේකම් රෝහණ තල්පාවිල යන මහත්වරුන් ද සහභාගී විය.

එම උත්සවයේදී  නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස්.

මූන් නිතර සොයා බලන සිරිසේන ජනපතිතුමන්ගේ ප්‍රගති වාර්තාව

අද මව්බිම අනතුරේ කියලා හැමතැනින්ම අහන්න ලැබෙනවා. මව්බිම වැටිලා තියෙන අනතුර මොකක් ද කියලා ඊයෙ පත්තර බැලුවනම් දැන ගන්න තිබුණා. බැන් කි මූන් මහත්තයා ලංකාවට ඇවිත් කියනවා 2015 ජනවාරි 08 ඇතිවුණු වෙනස හරි ෂොක් ඔහොම යන් ඔය පාරේ . ප්‍රගතිය ගැන මට සතුටුයි.

මම පුංචි කාලේ  විභාගේ ඉවර වුණාම මගේ ප්‍රගති වාර්තාව බලලා අපේ තාත්තා කියනවා මට හරි සතුටුයි. පන්තියේ පළවෙනියා නේද. ප්‍රගතිය ගැන මට හරි සතුටුයි. සිරිසේනගේ ප්‍රගතියට සතුටු වෙන්න මූන් කියන්නේ සිරිසේනගේ අප්පච්චිද කියලා අපිට සැකයක් මතු වෙනවා.

සිරිසේන මහත්තයා අද කරන්නේ මූන්ගේ න්‍යාය පත්‍රය. අද කරගෙන යන්නේ මූන් ගේ වැඩ පිළිවෙළ. මූන් ගිය ගමන් සිරිසේන මහත්තයා මාධ්‍ය ප්‍රධානින් කැදවලා කියනවා, මූන් මහත්තයාට මම කිව්වා ලංකාවේ හරියට අන්තවාදීන් ඉන්නවා. ඒ අපිට කියන්නේ. අන්තවාදීන්ගෙන් මට හරිම කරදරයි. ඒක නිසා තමුන්නාසේලා කියන වේගයෙන් මේ වෙනස කරගෙන යන්න බෑ. ඒක නිසා මම වෙනස හෙමිහිට කර ගෙන යන්නේ. මට ඒකට තව කාලය ඕනේ. මේකෙන් පෙන්නේ මූන් මහත්තයා භාර දුන්න වැඩේ හරියට කරගන්න බැරි වෙලා තියෙනවා කියලා. ඒ නිසා නහයෙන් අඩනවා මට තව ටිකක් කාලය දෙනු මැනවී කියලා.

මොකක්ද මේ මුන් මහත්තයා භාර දුන්න සිරිසේන මහත්තයා හෙමිට කර ගෙන යන වැඩේ? ඒක දැන ගන්න අපිට පොඩි ඉගියක් හම්බවුනා. මූන් මහත්තයා එනවා කිව්ව ගමන් පාර්ලිමේන්තුවේ  අපි කළු පටි බැදලා සභා ගැබට පැනලා විරෝධතාව පල කරද්දි අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත කියලා රණවිරුවන් දං ගෙඩියට ගෙන යන පනතක් පාර්ලීමේන්තුවේ දී සම්මත කර ගත්තා.

මූන් එනවා කිව්ව ගමන් මංගල සමරවීර මැතිතුමා යාපනයේ ගිහින් කියනවා, ෆෙඩරල් ව්‍යවස්ථාව නොවැම්බර් වෙනකොට පාර්ලීමේන්තුවට ගෙන එනවා කියලා. මූන් පැමිණි දවසේම කොටි ත්‍රස්තවාදීන් පාරාජය කිරීමේ මහ මොළකරු වන ගෝඨාභය රාජපක්ෂ මහතාට නඩු දානවා. එතුමත් එක්ක හිටිය හිටපු නාවික හමුදාපතිවරු තුන්දෙනෙක්, මේජර් ජේනරාල්වරු දෙන්නෙක්, අපේ විශිෂ්ඨතම බලකාය වන කොමාන්ඩෝ බලකායේ පළමුවන මේජර්වරයා,මූන් මහත්තයා ඇවිත් උදේ පාන්දර ඉංග්‍රීසි පත්තර බලද්දි දකිනවා ප්‍රධාන සිරස්තලය ගෝඨාභය ඇතුලු හත් දෙනෙකුට නඩු කියලා. එතකොට සිරිසේන මහත්තයාට මූන් මහත්තයාගෙන් අහන්න පුළුවන් ඹබට සතුටුයි ද දැන් කියලා.

ජනාධිපතිවරණයට එන්න කලින් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරලා ජනවරමක් ඉල්ලුවා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණ ද අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා, අතුරුදහන් වුවන්ගේ කාර්යාලයක් පිහිටුවනවා කියලා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුලු හමුදා නිලධාරින්ට එරෙහිව නඩු දානවා කියලා, රණවිරුවන් යුධ අපරාධ අධිකරණයට ගෙන යනවා කියලා, නෑ. අද සිරසේන මහත්තයා ඇයි මේවා කඩි මුඩියේ කරන්නේ? අපිට දුන්න පොරොන්දු පත්‍රයේ ඒවා නොතිබුණාට සුද්දට, බෙදුම්වාදීන්ට දුන්න පොරොන්දු පත්‍ර ඒවා තියෙනවා. ඒක නිසා තමයි මූන් මහත්තයා සැරින් සැරේ ඇවිත් ප්‍රගති වාර්තාව ඉල්ලන්නේ. ඇමරිකාවේ බිස්වාල් නෝනා ලෝකයේ කොහේ ගියත් ලංකාවට ඇවිත්  යන්නේ සිරිසේන ගොයියෝ කෝ ප්‍රගතිය කියලා අහන්නේ ඒ නිසා. අද අපේ ජනතාවගේ ජනවරමට පිටින් යමින් සුද්දගේ න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරන්න මේ ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා.

මූන් මහත්තයා යාපනේ ගිහින් ඇවිත් කියනවා වහාම උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කර ගත යුතුය. එතකොට සිරිසේන ජනාධිපතිතුමා කියනවා යර්ස් සර් මට මාස තුනක් කල් දෙන්න බුදු සර් කරන්නම් කියලා. උතුර කියන්නේ ලංකාවේම කෙටසක්. ඒක්සත් ජාතින් තීරණය කරන්නේ කොහොම ද අපේ හමුදා කඳවුරු තියෙන්න ඕන තැන්. ඇමරිකාවේ හමුදාව ඇමරිකාවේ විතරක් නෙවෙයි මුන් මහත්තයාගේ රටේ දකුණු කොරියාවෙත් කදවුරු දාගෙන ඉන්නවා. ජපානයේ , පිලිපිනයේ කදවුරු දාගෙන ඉන්නවා. මූන් මහත්තයාට කොන්ද පණ තිබුණද ඇමරිකාවට ගිහිල්ලා කියන්න දකුණු කොරියාවෙන් හමුදා කදවුරු ඉවත් කර ගෙන තමුසෙගෙ රටේ දාගන්නවා කියන්න. නෑ. අපිට විතරයි එහෙම පාට් දාන්නේ. මොකද එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තියේ හැටියට මහ ලේකම්ට බලයක් නෑ හමුදා කඳවුරු ගැන කතා කරන්න. දැන් ජනාධිපතිතුමා දෙකට තුනට නැවිලා යර්ස් සර් කියලා භාර ගෙන මාධ්‍ය ඉදිරියට ඇවිත් කියනවා බලන්න දෙයියනේ දෙමළ ජනතාව අහිංසක ජනතාව ඒ අයගේ ඉඩම්නේද අරන් තියෙන්නේ අපි ඒවා අපහු දෙන්න අවශ්‍යයි නේද ? මූන් කිව්වත් නැතත් අපි දෙනවා කියලා.

ජනාධිපතිතුමාට අමතක වුණා ජාතික ආරක්ෂාව සියල්ලටම වඩා වැදගත්. හමුදා කඳවුරු තියෙන්න ඔනේ තැන තිරණය කරන්නේ ජනාධිපති සිරිසේන නෙවෙයි හමුදා නිලධාරින්. ආරක්ෂාවට වඩාත් සුදුසු තැන තීරණය කරන්න දකුණේ  ඉන්න දේශපාලකයන්ට, උතුරේ ඉන්න අන්තවාදීන්ට බෑ. ඒක කරන්නේ හමුදාවේ නායකයින්. හමුදාවට ඉඩම ඕනේ නම් ඉඩම් දෙන්න ඕනේ. ඒකට විකල්ප ඉඩමක් සොයා ගන්න ජනතාව ලැස්තිවෙන්න ඕනේ. මහවැලි ව්‍යාපෘතිය පටන් ගත්තාම මහා ඉඩම් ප්‍රමාණයක් මහවැලි ව්‍යාපෘතියට යට වුණා. දුටු ගැමුණු රජතුමාගේ කාලේ ආරම්භ කරපු ඓතිහාසික රජමහා විහාර කොත්මලේ ජලාශයට යට වුණා. අක්කර දස දහස් ගණන් හිටිය ජනතාවට උන් හිටි තැන් නැති වුණා. ඒ අය ආපහු පදිංචි කළේ කොත්මලේ නෙවෙයි කිලෝමීටර සිය ගණනක් ඈතින් තියෙන ගිරාදුරු කෝට්ටේ, දෙහිඅත්තකංඩිය අපේ ජනතාව ගියේ නැද්ද රටේ සංවර්ධනයට. නේද කියලා,ගෙවල් දොරවල් අකුල ගෙන ගියා. කිලෝමිටර 5ක් ඈතින් දෙමළ ජනතාව අලුත් ඉඩම් භාර ගන්න බෑ කියද්දි හමුදා කදවුරු ගලවන්නේ ඇයි? අන්තවාදීන්ගේ වුවමනා ඉටු කරන්න.

අපිට උතුරේ හමුදා කදවුරු තියාගන්න හේතු ගණනාවක් තියෙනවා.  අපි පුනරුත්තාපනය  කල 13 000 කට අධික කොටි සාමාජිකයන් පිරිසක් අදටත් උතුරේ සැරිසරනවා. මේ අය ආයුධ අතට ගත්තොත් පාලනය කරන්න උතුරේ හමුදා කඳවුරු තියෙන්න ඕන.  අදටත් වාර්ථාවෙනවා උතුරෙන් හමුවන කොටීන් සැගවූ අවි ආයුධ ගැන.  මේවා නැවත අන්තවාදීන් අතට ගත්තොත් පාලනය කරන්න හමුදා කඳවුරු අවශ්‍යයි. ඒ වගේම වසර 2100 ලිඛිත ඉතිහාසය තුල එළාර, කාළිංඝ මාඝ සේන ගුත්තික වැනි සියළු ආක්‍රමණිකයන් ආවේ උතුරිනුයි.  හතුරා එන්නේ උතුරින්ම නම් හමුදා කඳවුරු තියෙන්න ඕනෙ උතුරේ නැත්නම් දකුනේ ද?

දැන් මේ හමුදා කඳවුරු ඉවත් කරලා හමුදාව කොහෙද තියන්නේ.  ඒ හමුදාව වෙනුවෙන් වෙනත් තැනක හමුදා කඳවුරු ඉදිකල යුතුයි. කෝට් ගානක් ධනය නාස්ති කල යුතුයි. උකුරේ කට්ටිය අපිට හමුදා කඳවුරු එපා කියනවා වගේ දකුණේ  අපිත් හමුදා කඳවුරු එපා කියලා කිව්වොත් හමුදාව රදවන් නේ කොහේද?

ගුවන් හමුදාව නම් ගුවන් යානාවල නග්ගල අහසේ කරකව කරකව තියාගන්න පුළුවන් වේවි. නාවික හමුදා නැව්වල නග්ගලා මුහුදේ පා කරකර තියාගත හැකි. යුධ හමුදාව තියන්නේ කොහේද? සිරිසේන ජනපති තුමනි මේ ප්‍රශ්නය ඔබේ අවධානය පිණිසයි.

තොප්පිය නිල්පාට උනාට ඔළුව කොළ පාටයි.  කමිසය නිල්පාට උනත් හදවත කොළ පාටයි

අද අපේ රට බලවත් අනතුරක. ඒකාබද්ධ විපක්ෂය තුල ඉන්න රටට ආදරය කරන මන්ත්‍රීවරු අද මේ තත්වය ප්‍රශ්න කරනවා. අන්න ඒ නිසා අද ශ්‍රීලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ ව්‍යාපෘතියක පක්ෂ නායක සිරිසේන මැතිතුමන් යෙදී ඉන්නවා.  පක්ෂයේ නායකයා අද පක්ෂයට කරන විනාශය බැළුවහම නම් පේන්නේ කුරුණෑගල තියෙන්නේ පක්ෂයේ සංවත්සරයද ? ආදාහනයද කියන සාධාරණ ප්‍රශ්නය අපිට මතුවෙනවා.  සිරිසේන මහත්තයා රටේ නායකයා වෙනකොට සන්ධානයේ මන්ත්‍රිවරුන් 151 පාර්ලිමේන්තුවේ හිටියා. ඉන් 123ක්ම ශ්‍රීලනීපයේ මන්ත්‍රීවරුන්.  එහෙම තියෙද්දී මන්ත්‍රීධූර 43 තියෙන රනිල් වික්‍රමසිංහට අගමැති ධූරය බාරදුන්නා. පලාත්පාලන ආයතනවලින් 80% බලය තිබුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුමුඛ සන්ධානයට. පක්ෂය වට්ටන්න ඕන නිසා ඒකත් විසුරුවා හැරියා. පාර්ලිමේන්තු ඡන්දේ දි පක්ෂයේ නායකයා පක්ෂය පරාජය කරන්න වැඩකලා.  ජනපති සිරිසේන මැතිතුමන් එදා හිටියේ පා.ච.රණවක , රාජිත වගේ යූ ඇන්පී කාරයන්ගේ වේදිකාවල.  දැන් එතුමා ශ්‍රී ලංකා එකේ කොහෙද දක්ෂ නායකයෙක් සංවිධායකවරයෙක් ඉන්නේ එයාව සංවිධායක ධූරයෙන් ඉවත් කරලා ඡන්ද පරදින පරාජිකයෙක්ට ඒ දූරය දෙනවා.

ඒ නිසා ශ්‍රීලනීපයට හදවතින් ආදරය කරන කිවිවත් අද ඔය සමුළුවට යන්න බෑ. අද උදේ ඉදන් රට පුරාම අපට ලැබුන තොරතුරු අනුවනම් සංවත්සරයට බස් ඇත සෙනඟ නැත.  නමුත් එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල සංවිධායකවරුන්ට දැනුම්දීලා තිබෙනවා පුළුවන් තරම් එජාප පාක්ෂිකයන් සංවත්සරයට යවලා සිරිසේන ජනපතිතුමන්ගේ නම්බුව බේරන්න කියලා. ඒ නිසා අද සංවත්සර සමුළුවේ ඉන්නේ සැබෑ ශ්‍රීලනීප පාක්ෂිකයෝ නෙවෙයි.  ඔවුන්ගේ තොප්පිය නිල්පාට උනාට ඔළුව කොළපාටයි.  කමිසය නිල්පාට උනත් හදවත කොළ පාටයි. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමනි ඔබතුමත් මේ සමුළුවට යන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

පිවිතුරු හෙළ උරුමය කා සදහාද?

අද අපි ඒකාබද්ධ විපක්ෂය ගොඩනගමින් රට වටා යන අතර තුර අපි අද පිවිතුරු හෙළ උරුමයත් ගොඩනගමින් යනවා.  ඒකට හේතුවක් තියෙනවා.  අද දෙමළ ජනතාවගේ ප්‍රශ්න කතාකරන්න දෙමළ ජාතික සන්ධානය තියෙනවා. මන්ත්‍රිවරු 16 එහි ඉන්නවා.  බටහිර තානාපති කාර්යාල ටික විදෙස් ගත දමිළ ප්‍රජාව ඒ එක්ක ඉන්නවා. ඒ වගේම එන්ජීඕ කාරයෝ සියළුදෙනාම දතකට මැදගෙන ඉන්නේ දෙමල ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා.  මුස්ලිම් ජනතාව වෙනුවෙන්  පෙනී ඉන්න හකීම් , බදුර්දීන් වගේ මුස්ලිම් නායකයන් ඔවුනගේ පක්ෂ මුස්ලිම් රටවල තානාපති කාර්යාල පෙරට එනවා.  නමුත් අද මේ රටේ නිහඩ බහුතරය වෙච්ච සිංහල මනුස්සයට ප්‍රශ්නයක් වෙච්ච වෙලාවක ඒ වෙනුවෙන් පෙනී ඉන්න කිසිදු දේශපාලන ව්‍යාපාරයක් නෑ.  ඒ නිසා උතුරේ යාපනයේදි දෙමළ අන්තවාදීන් සිංහල වීම නිසා   යාපනයේ සිංහල සරසවි සිසුන්ගේ ඔළු පලද්දී ඔවුන් වෙනුවෙන් හඩ නගන්න ව්‍යාපාරයක් අවශ්‍යයි.

මුස්ලිම් අන්තවාදීන් අසිරිමලේ පන්සලට පැනලා  එය අත්පත් කරගනිද්දී අපේ හාමුදුරුවන් වෙනුවෙන් පෙනී සිටින්න මේ රටේ දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි.  කිළිනොච්චියේ දී බුදුපිළිම කඩලා බුදුපිලිමයේ ශිර්ෂය මහපාරට විසිකරද්දි මිනිසුන්ට පෑගෙන්න,  අන්න ඒකට එරෙහිව හඩ නගන්න මේ රටේ සිංහලයන්ට දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි. මේ නිහඩ සිංහල බහුතරය වෙනුවෙන්  හඬ අවදි කරන්නට දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි. අන්න ඒ මහා හිඩස පුරවන්න සිංහල ජනතාවගේ හඬ බවට පත්වෙන්න තමයි   පිවිතුරු හෙළ උරුමය බිහිවුනේ.

සිංහලයට කෙනෙහිලිකම් කරන  මේ ආණ්ඩුවට එරෙහිව නැගී සිටින්න අපි පිවිතුරු හෙළ උරුමය ශක්තිමත් කරගත යුතුයි. ඒ වගේම අනාගත මහින්ද රාජප්කෂ අණ්ඩුව තුල සිංහල අයිතිවාසිකම් වෙනුවෙන්  පෙනී සිටින්නට පිවිතුරු හෙළ උරුමය ශක්තිමත් කරගන්න ඕනි.

ඔබේ පුංචි දියණියන් බුර්කාවකින් වැහිලා ලෝකය නොදකින තරමට අවාසනාවන්ත වෙන එක නතර කරගන්න ඕන නම්, සිංහල වීම නිසා ගුටිකන, සිංහල වීම නිසා අයිතීන් නැතිවන මේ යුගය අවසන් කරන්නනට නම්,සිංහල කම පපුවෙ රැදුනු සිංහල ව්‍යාපාරයක අවශ්‍යතාවය දැන් ඇතිවෙලා තියෙනවා. මේ ව්‍යාපාරය පුජනීය වස්තුවක් සේ රැකගෙන ඊලග පරපුරට දායාද කරන්න අපිත් ඒක්ක එකතුවෙන්න කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා.

– අරවින්ද අතුකෝරල

2 Responses to “කුරුණෑගල තිබුණේ ශ‍්‍රීලනිප ආදාහනයද..? ජනපති මෛත‍්‍රී ශ‍්‍රිලනිපය පැරදු හැටි අකුරෙන් අකුර හෙලි කෙරේ..”

  1. Christie Says:

    මට පේන්නෙ මුනුත් සින්හල විකුනගෙන කන ඉන්දියානු අදිරදයට ගැතිකම් කරන උන් කියල. බැන්කි මූන් පත්කරන්න ඉන්දියාවත් ඉන්දියානු යටත් විජිතයනුත් චන්දෙ දුන්න කියල මට මතක. නවනෙතම් හා ‍යස්මින් ඉන්දියානු පරපෝසිතයො.

  2. plumblossom Says:

    The prima factory has been provided a ten per recent tax break by this treacherous UNP government. This amounts to 135,000 million rupees. We wonder how much of this ended up funding the UNP election campaigns? This vast amount of money, 135,000 million rupees could have been used to purchase rice at Rs.50 per kilogramme minimum from all rice farmers.

    Meanwhile, while Thailand, Burma etc. eats rice, even their presidents eat rice, our idiotic Sinhala people’s rice consumption in kilogrammes per annum has gone down. Instead Sinhala people’s wheat consumption per kilogramme per annum has gone up. We are today spending vast amounts of foreign exchange purchasing wheat making US farmers happy and the prima company rich while we keep consuming wheat. All the while our Sri Lankan rice farmers are suffering due to reduction of rice consumption.

    We should urge the treacherous UNP Government to reinstate the ten per cent tax on wheat and bring on a programme to increase rice consumption in the country. However this US imperialist worshipping subservient government will do no such thing.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress