සාමය ඔලුවෙන් සිටුවීම
Posted on September 10th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි

දශක තුනක් තිස්සේ මුුලු මහත්  ශ්රී ලංකාවම අගාධයකට ඇද දැමූ වර්ගවාදී යුුද්ධය අවසන් කිරීමෙහි ලා උදාර මෙහෙයක් ඉටුකල මේජර් ජෙනරල් කමල් ගුණරත්න රණවිරුවානන් අතින් ලියැවුනරණ මග ඔස්සේ නන්දිකඩාල්නම් කෘතිය එලි දැක්වීම පසුගිය සතියේ සිදුවිය. මේ යුද්ධය අවසන් කිරීමේ ගෞරවය තමන් වෙත පවරා ගන්නට විවිධ පිරිස් උත්සාහ කලත්, මේ පොත එලි දැක්වීමේ උත්සවයට සහභාගි වූ පිරිස, සිදුවුන කතාබහ ඔස්සේ ඊට නියම හිමිකරුවන් කවුද යන්න ජනතාවට යම් ප්රමාණයකට අවබෝධ වූ බව නම් පැහැදිලිය. වත්මන් ආරක්ෂක ලේකම්වරයා සහ හමුදා ප්රධානීන් , රජයේ වගකිව යුත්තෝද මෙයට සහභාගි නොවූහ. අද දහම්  පාසලක ත්යාග ප්රදානෝත්සවයකට පවා යන්නට මැලි නොවන අප ජනාධිපති, එදා වැඩ බැලූ ආරක්ෂක ඇමතිවරයාය. විදේශගතව සිටි එවක ජනාධිපතිවරයා සිය රටට පැමිනෙන විට පෙරමුණේම ගොස්  බදා වැළඳ සුභ ආරංචිය පැවසුවේ ඔහුය. ඔහුත් එතැන නැත. රණමග කෙසේ වෙතත් එදා අනභිභවනීය සටන තුලින් ගලවා ගත් අප මාතෘ භූමිය යලිත් ඇදගෙන යන මග නම් මේ තුල පැහැදිලිව පෙන්නුම්  කරයි.

 

අතර මාධ්යවේදීන් වෙත අදහස් දැක් වූ හිටපු හමුදාපති අමාත් සරත් ෆොන්සේකා තමාද තම අත්දැකීම් අලලා පොතක් ලියන බවත්, සමහරු යුද්ධය පිලිබඳ පොත් පල කරමින් තම ප්රතිරූපය ගොඩ නගා ගන්නට තැත් කරන බවත් පැවසීය. එයද සුපුරුදු පරිදි ඔහුගේ සිත තුල කැකෑරෙන වෙෙරය සහ ඊර්ෂ්යාව පිටතට දැක්වුන අවස්ථාවකි. මේ අනුව නම් සරත් ෆොන්සේකා ලියන්නට යන පොත ගැන, ඔහු පෙරලූ පොත් ගැනද හොඳ හැටි දන්නා ජනතාවට  නම් අමුතුවෙන් කිව යුතු නැත. එදා කල යුද්ධය අද රනිල්ලා විහිලුවක් වූවාට වෙනත් කිසිවකුට විහිලුවක් නොවීය. මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පොත පිදුවේ පිදිය යුත්තන්ටමය. යුද්ධයේ විපාකය තම දෑස් ඉදිරියේ පෙනී යත්දීත්, තම දරුවන් යුද හමුදාවට යවන්නට පසුබට නොවූ ඈත  පිටිසර දෙමව්පියන්ට ඔහු පුදකල කෘතඥතාව අතිශයෙන් සංවේදීය. වසර 35 ක් තිස්සේ යුද හමුදාවේ සේවය කරමින් ඉනුත් වසර 26 ක් , අවසන් තත්පරය දක්වාම බිහිසුනු වර්ගවාදී යුද්ධය සැබැවින්ම අත්විඳි ඔහු වැන්නෙකුම මිස ඊට සුදුස්සෙක් තවත් වේද

 

ශ්රී ලංකා හමුදාවනට යුද අපරාධ පිලිබඳව චෝදනා එල්ල කරන්නට දත කන විදේශීය බලවේගයන් හමුවේ තම පිට කොන්ද පාත් කරන වත්මන් පාලකයන්ට නම් මේ යුද්ධය ගැන අවබෝධයක් තිබුනේම නැත. තොප්පිගල අත්පත් කරගත් විට තොප්පිගල යනු නිකම්ම කැලයක් යයි රනිල් එදා පැවසුවේ එහෙයිනි. රවි කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, මංගල සමරවීර වැනි පුද්ගලයන් එදා කී කතා ඔබේ මතකයේ ඇති බව නිසැකය. අද බැන් කි මූන් ඇතුලු ජාත්යන්තරය සතුටු කිරීම තම න්යාය පත්රයේ අංක එකට තබාගත් ඔවුන්ගෙන් යුද්ධය සිදු වූ ආකාරය පිලිබඳ  හෙලි කෙරෙන සැබෑවක් කෙරෙහි මීට වඩා හොඳ ප්රතිචාරයක් අපේක්ෂා කල නොහැක

 

තම චාරිකාව අතරතුර ශ්රී ලංකාවේ සිදු වූ වර්ගවාදී ප්රශ්නය ගැන කතා කල එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වර්ගවාදී ප්රශ්නය රුවන්ඩාවේ සිදු වූ සමූලඝාතන සමග  සැසඳීය. මේ කතා තරන්නේ 1994 අප්රේල් මස 6 වන දා ඇරඹී මාස කිහිපයක් ඇදී ගිය ගෝත්රවාදී අරගලය ගැනය. වරක් නිවාස ඇමති සජිත් ප්රේමදාස, පසුගිය රජය ආශ්රය කලේ රුවන්ඩාව, බුරුන්ඩාව (බුරුන්ඩිය විය යුතුය) වැනි රටවල් (ගණන් ගත යුතු නැති) බවට උපහාසාත්මකව පැවසුවේ ගැමියන් පිරිසක් අමතමිනි. තමන් ආශ්රය කරනසුද්දන්ගැන උදම් වෙමින්ය. රුවන්ඩාව ගැන එවන් ආකල්පයක් දරන වත්මන් රජය එහි සිදු වූ සිද්ධීන් පිලිබඳ හරි හැටි නොදන්නා නිසා මේ ප්රකාශය එක කණකින් අසා අනිත් කණින් පිටතට දැමුවා විය යුතුය. නමුත් එය බරපතල කියමනකි

 

රුවන්ඩාවේ සිදු වූ සමූල ඝාතනයන්ට තුඩු දුන් හුටූ හා ටුට්සි ගෝත්රිකයන් අතර පැන නැගුනු ප්රශ්නය කිසි සේත් ශ්රී ලංකාවේ වර්ගවාදී ප්රශ්නයට සමාන නොවේ. 1959 – 1962 අතර කාලයේද රටේ බහුතරය වූ හුටූන් විසින් සුලුතරය වූ ටුට්සීන් 150,000 ක් පමන මරා දැමුවෝය. එවිට තම පණ බේරාගෙන අසල්වැසි සයරේ (කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජය) වෙත පලා ගිය ටුට්සීන් කලබල සංසිඳුන පසු යලි රුවන්ඩාවට සංක්රමණය වූහ. නමුත් මේ ගැන අසතුටු වූ හුටූ අන්තවාදීන් ටුට්සීන් පලවා හැරීමට විවිධ ප්රහාර සිදු කර අවසානයේදී 890,000 ක් ඝාතනය කල මහා අපරාධය සිදුකලේ තම හුටූ වර්ගයාම එක සේ බුද්ධි ශෝධනයට ලක් කිරීමෙනි. 1994 අප්රේල් මස 6 වන දා සවස 6 පමන කිගාලි ගුවන් තොටුපලට සේන්දු වෙමින් සිටි රුවන්ඩානු ජනාධිපති හබ්යෙරිමානා සහ අසල්වැසි බුරුන්ඩියානු ජනාධිපති සයිප්රියෙන් න්ටර්යාමිරා රැගත් ජෙට් යානය අන්තවාදී හුටූන් විසින් වෙඩි තබා බිම හෙලනු ලැබීය. මීට හේතු වූයේ හුටූ හා ටුට්සි ගෝත්රිකයන් අතර බලය බෙදී යන පරිදි ඔවුන් අත්සන් කලඅරූෂානම් සාම ගිවිසුමයි.

 

හුටූන් හා ටුට්සීන් අතර ගැටුම ඇරඹුනේ කෙසේද? ඔවුන් දෙපිරිසම රුවන්ඩානු ජාතිකයෝය. කතා කලේ, ලියුවේ එකම භාෂාවය. වෙනස මතු වුනේ බාහිර පෙනුමේය. ටුට්සීන් ශරීර ස්වභාවයෙන් උස, සිහින්, මඳක් පැහැපත් හා විශේෂයෙන්ම සිහින් දිග නාසයක් ඇත්තෝය. හුටූන් මිටි හා පලලැති සිරුරද, පලල් නාසයක්ද සහිත වඩාත් අඳුරු ඡවි වර්ණයක් ඇත්තෝය. 1935 වන තෙක් එය ඔවුන්ට ප්රශ්නයක් වූයේ නැත. 1918 දී මේ රටවල් යටත් කරගත් බෙල්ජියම්වරු, 1935 දී මේ මිනිසුන්ගේ ශාරීරික වෙනස් කම් අනුව වර්ගීකරණය කර, ඔවුන්ට හුටූ, ටුට්සි සහ ට්වා යන ගෝත්රික හැඳුනුම්පත් නිකුත් කලහ. අනුව 85% ක් හුටූන් , 14% ක් ටුට්සීන් , 1% ක් ට්වා වශයෙන් රුවන්ඩානු ජාතිය බෙදී ගියේය. සුදු ප්රමිතීන්ට අනුව වඩා හැඩ වැඩැති ටුට්සීන්ට වරප්රසාද ලබා දෙමින් හුටූ වරුන් පහල තලයේ ජීවනෝපායන්හි තබා කොන් කලහ.  අනුව  මෙම ප්රශ්නයේ ආරම්භකයන් කවුරුන්ද කියා පැහැදිලිය. 1994 දී පුපුරා ගියේ එසේ පරම්පරාගතව වැඩී ගිය වෙෙරයේ ආතතියයි. එහිදී හුටූ අන්තවාදීන් පමනක් නොව බුද්ධි ශෝදනයට ලක් කර තිබූ සාමාන් ජනතාවද හිතු මතයේ මිනී මැරූ අතර එරට අගමැතිනිය, ජනාධිපති ඇතුලු මධ්යස්ත හුටූවරුන් ඇතුලුව 890,000 ක් ඝාතනය කරන ලදී. මෙම ප්රශ්ණය කෙසේවත් ශ්රී ලංකාවේ වර්ගවාදී ප්රශ්නයට සම කල හැකි දැයි බලන්න. 1983 දී සාමාන් සිංහලයන්, ආයුධ ගත් ම්ලේච්ඡයන් හමුවේ අසරණ වූහ. කිසි විටෙක ඔවුන් තමා සමග එකට හිඳ තේ කෝප්පයක රස විඳිමින් සුහද සාමීචියේ යෙදුනු අසල්වැසියාගේ උදරය පිහි පාරකින් ඉරා දමා ඝාතනය කලේ නැත. අනික ඉන් පසුව අද දක්වාම රටේ අනිකුත් ප්රදේශවල ජීවත් වීමට, තම ආගමික හෝ සංස්කෘතික විධි පවත්වාගෙන යාමට සුලු ජාතීන්ට සැලකිය යුතු බාධාවක් නැති තරම්ය.

 

නමුත් තව අතකින් බලන කල බැන් කි මූන්ගේ   සමානත්වය අදාල වන තැනක්ද වෙයි. 1983 න් පසු උතුරු නැගෙනහිර මායිම් ගම්මාන වල ජීවත් වූ සිංහල හා මුස්ලිම් ජාතිකයන්ට එල්ල වූ ප්රහාර . ඩොලර් කෙන්ට් ෆාම් ධීවර ගම්මානයන්හි සිට  අම්පාර ගෝනගල දක්වා සිදු වූ සමූල ඝාතනයන් හෝ සමූල ඝාතන උත්සාහයන්ය. අද රජය මේ තරම් සංහිඳියාව ගැන කතා කරද්දී සිංහලයාගේ සෙවනැල්ලකටවත් තම ප්රදේශවල ඉඩ නැතැයි යන පණිවුඩය දෙන විග්නේශ්වරන්ලා, ශිවාජිලිංගම්ලාගේ කතා වල හොල්මන් කරන්නේ සමූලඝාතනයක සෙවනැලි නොවේද

 

අවසානයේ රුවන්ඩාවේ ප්රශ්නය සෑදූ වුන්ම සාම සාධක හමුදාවක වෙසින් පැමින ප්රශ්න විසඳන්නට තැත් කලහ. නමුත් හුටූන් මේ ම්ලේච්ඡ ඝාතන ඇරඹූ විට පිහිට ඉල්ලා ඔවුන් වෙත පැමිනි ටුට්සීන්ට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව පවසා ඇත්තේඅපට පහර නොදෙනතුරු අපට මීට මැදිහත් වෙන්න බැහැයනුවෙනි. ඉතින් බැන් කි මූූන් මෙවර චාරිකාවේදී අපටද පැවසූ කතාව, එනම් තමන් ඒ් කාලයේ මැදිහත් වූවා නම් විිිශාල ජීවිිත විනාශයක් වලක්වා ගන්නට තිබුනාය යන්න සැබෑවක් වනු   ඇතිද?

 

ඔහු මේ කියන මැදිහත් වීමේ සැබෑ තතුරණ මග ඔස්සේ නන්දිකඩාල්පොතෙහි සටහන් වී ඇත. අනික ඔහු මේ කතා කරන්නේ මොන ජීවිත ගැනද? නොඅනුමානවම යුද්ධයේ අවසන් දින කිහිපය තුල එල්ටීටීඊ මිනිස් පලිහක් ලෙසින් රඳවා ගත් ජීවිත විය යුතුය. එය ඉතා ඛේදනීය මතකයක් බව සැබෑය. එමෙන්ම වන තුරු යුද්ධයට ගොදුරුව මිය ගිය සිංහල, දෙමළ, මුස්ලිම් සිවිල් වැසියන්, ප්රභාකරන්ගේ සංවිධානය විසින් විවිධ චෝදනා කර මරා දැමූ ටෙලෝ ඇතුලු අනිකුත් ද්රවිඪ සංවිධානවලට අයත් මිනිසුන් ගැන මේ කතාවේදී සඳහන් වනවාදැයි සැක සහිතය. 80 දශකයේ අග භාගයේදීද සිදුකල අමානුෂික ඝාතන මේවාට ගෑවෙන්නේත් නැත.

 

අනික ශ්රී ලංකාවේ බහුතර සිංහල ජනතාව රුවන්ඩානු බහුතරය බඳු වී නම් එදා 1993 මැයි මස 1 දා දෙමළ බෙදුම්වාදීන් විසින් එවකට සිටි ජනාධිපති ආර්. ප්රේමදාස මරා දැමීමට පෙර, 1989 දී සාමය ගැන පවසමින් ඔහු විසින් එල්ටීටීඊ සංවිධානයට ආයුධ, සිමෙන්ති, පතොරම් මෙන්ම තම  විරුද්ධවාදීන් දඩයම් කිරීමේ අවස්ථාව ලබා දුන් වරදට සිංහල ජනයා විසින්ම ඔහු මරා දමන්නට තිබිනි. සිංහල ජනතාව 1994 දී චන්ද්රිකා බණ්ඩාරනායකට අති විශාල ජන වරමක් දුන්නේ ඇය සාම දූතිකාවකගේ වෙසින් පැමිනි නිසාය. 2002 වසරේ රනිල් වික්රමසිංහ විසින් එල්ටීටීඊ තම පාලන ප්රදේශය ගිවිසුමකින් පවරා දී ප්රභාකරන් නිළ නොවන අයුරින් වුව දෙමළ ඊලමේ ජනාධිපති සහ අගමැති බවට උසස් කල විට ජනතාව නිහඬව සිටියහ. අදද සිංහල ජනතාව උපන් බිමේ කොන් කරමින් යන වැඩ පිලිවෙල දෙස මිනිසුන් බලා සිටින්නේ සිත්  වේදනාවෙනි. නියම තත්වය බැන් කි මූන් පැහැදිලි කර දෙන්නට රජයේ කිසිම කෙනෙකුට අවශ් නොවන හෙයිනි

 

ජාත්යන්තරය කියන ඕනෑම කපුටෙකුට අප රටට පැමින අපේ හිස මත මල පහ කර යන්නට හැකි අන්දමේ රටක් ගොඩ නැගීමට නම් මේ ඊනියා සම්මුතිවාදී රජය පසුබට නොවේ. දෙමළ ඩයස්පෝරාව මැලේසියාවේදී මහින්ද රාජපක්ෂට එරෙහිව නැටූ යක් නැටුම රනිල්ට හා රජයේ අනිත් මුග්ධයන්ට මහත් විනෝදයක් සැපයූ බව මේ ප්රශ්නය පාර්ලිමේන්තුව තුල මතුකල අවස්ථාවේ ඔවුන් හැසිරුනු ආකාරයෙන් පැහැදිලි විය. මෙය මහින්ද රාජපක්ෂ විසින්ම සැලසුම් කල ක්රියාවක් ලෙස එජාප පාර්ලිමේන්තු මන්ත්රී අජිත් මාන්නප්පෙරුම පවසන විට එය අනුමත කරන්නට ඊනියා හෙළ උරුමයේ නිශාන්ත වර්ණසිංහ නොපැකිලුනේය. මැලේසියාවේ ශ්රී ලංකා මහ කොමසාරිස්වරයාට එල්ල වූ ප්රහාරය ගැන කතා කරත්දී පසුගිය රජය සමයේ සජින්ද වාස් ගුණවර්ධන විසින් එවක මහා බ්රිතාන්යයේ ශ්රී ලංකා මහ කොමසාරිස් වූ ක්රිස් නෝනිස්ට සිදුකල පහර දීම සම්බන්ධව කතා කරමින් පසුගිය රජයට බර පැටවීමේ සුපුරුදු තැටිය වාදනය කරති. ඉතා බරපතල වැරදි ලෙස ගැනුනද, මේ සිද්ධීන් දෙකම එකම කාණ්ඩයට ලා සැලකිය හැකිද? අනෙක  දැන් එක වරදකට මුල්වූ පාර්ශ්වයට දැන් දඬුවම් ලැබී ඇත. හැබැයි එදා පහර දුන් සජින්ද වාස් සුරතල් කරමින් සංධානයේ මැයි රැලියේ සංවිධාන කටයුතු ඔහුට බාර කරන විට නම් ගැන අවස්තාවෝචිත පරිදි කට අරින්නට හෝ වසාගෙන සිටින්නට සියල්ලෝම දක්ෂ වූහ

 

සැප්තැම්බර් මස 4 වන දා ශ්රී ලංකා නිදහස් පක්ෂ සංවත්සර රැස්වීමේ දී තමා සමග සිටින පාක්ෂිකයන් කන්දරාව දැක සතුටු වී තම හිතාදර ඇමතිලාට ඇඬෙන්නට කතාවක් කල ජනාධිපතිවරයා අද එක්සත් ජාතික පක්ෂයේ සංවත්සර රැස්වීමට ගොස් 2015 ජනවාරි 8 වන දා තමාට ඡන්දය දුන් 62,00,000 න් බහුතරය එක්සත් ජාතික පක්ෂයෙන් බව කියමින් ඔවුන්ට ස්තුති කරයි ! ඉතින් ඊයේ කියූ දේ අද මතක නැති සහ එවන් කතාවල පරස්පරයන් නොවැටහෙන අන්දමේ නායකයන් සිටින අප රටේ අනාගතය ගැන ජනතාවට දෙන පොරොන්දු ගැන කවර කතාද?

One Response to “සාමය ඔලුවෙන් සිටුවීම”

  1. Christie Says:

    තේජා වර්ගවාදී යුද්දයක් නෙමෙයි ඉන්දියානු අදිරදයේ මරුවන්ට එරෙහිව සටනක්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress