මහජන බැංකුවේ ඉන්න අධ්‍යක්ෂවරු මහජන මුදල් අවභාවිත කරලා
Posted on September 14th, 2016

අනුරාධා හේරත් උපුටා ගැන්ම මව්බිම

මහජන බැංකුව ඩිජිටල්කරණය කිරීමේ ගනුදෙනුවේදී සිදුව ඇති වංචාව වසා ගැනීමට කළ යුත්තේ පුවත්පත් දැන්වීම් පිටු ගණනින් පිරවීම නොවන බවත්, ඒ පිළිබඳ වහාම පරීක්‍ෂණයක් ආරම්භ කළ යුතු බවත් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු, ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා අවධාරණය කරයි.
සමරසිංහ මහතා පෙන්වා දෙන්නේ මහජන බැංකුව ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය ටෙන්ඩර් පටිපාටියට අනුකූලව සිදු කළා නම් අද වන විට පුවත්පත් දැන්වීම්වලට ලක්‍ෂ ගණන් මුදල් නාස්ති කිරීමට සිදු නොවෙන බවයි.

අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තරගකාරී ඉල්ලුම්කරුවන් හෝ ආයතන සම්බන්ධයෙන් පසු විපරමකින් තොරව ඉතා හදිසියේ කර ඇති මෙම ගනුදෙනුවෙන් පැහැදිලි වංචාවක් පෙන්නුම් කරන බවත්, විශේෂයෙන්ම මෙය සංවිධානාත්මක කළ ගනුදෙනුවක් බවත් ඔහු පැවැසීය.
හෙතෙම පැවැසුවේ මෙම වංචාවට එල්ල වන විවේචන වසා ගැනීමට පළ කරන පුවත්පත් දැන්වීම්වලට වැය වන ලක්‍ෂ ගණනක මුදල් ජනතාවගේ මිසක බැංකුවේ අධ්‍යක්‍ෂවරුන්ගේ නොවන බවය.
තවද අදාළ ව්‍යාපෘතියේ වංචාසහගත ගනුදෙනුවට හවුල් නිලධාරීන් සහ එයට සහාය දුන් දේශපාලනඥයන් රටට හෙළි කළ යුතු බවද සමරසිංහ මහතා වැඩිදුරටත් පැවැසුවේය.
වසන්ත සමරසිංහ මහතා මෙසේද පැවැසීය.

“මේ මහජන බැංකුව ඩිජිටල්කරණය කිරීමේ ගනුදෙනුව මිලියන 1,650ක් පමණ වෙනවා. දැනටම මිලියන 500ක් වැය කර තිබෙනවා. මේ ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළා. බැංකුව මේක ටෙන්ඩර් කරලා දැම්මා නම් පත්තරවල දැන්වීම් පුරවන්න අවශ්‍ය නෑ. මේක හොරෙන් කරපු ඩීල් එකක්.
එහෙම තරගකාරී මිල ගණන් කැඳවලා අදාළ ටෙන්ඩර් පටිපාටියට අනුව සිදු කරනවා වෙනුවට මේක තනි ගැනුම්කරුවකුට දෙනවා. දැන් කළ යුත්තේ මේ ගැන කියලා දැන්වීම් පළ කරන එක නෙවෙයි. ඒ ගැන වහාම පරීක්‍ෂණයක් පවත්වන එකයි.

මේ ව්‍යාපෘතියට අදාළව මහජන බැංකුවට දීර්ඝකාලීන සැලසුම් තිබුණේ නෑ. එහෙම නැතිව තියෙද්දී හදිස්සියේ 2015 ටෙන්ඩර් කැඳවලා කටයුතු කරනවා. මේ ගැන බරපතළ සැකයක් තියෙනවා. ටෙන්ඩර් කැඳවීමයි, ටෙන්ඩර් ඉල්ලුම්කරුවන් අතරයි අන්තර් සම්බන්ධයක් තියෙනවා. මෙවැනි දැවැන්ත ව්‍යාපෘතියකට ටෙන්ඩර් දැම්මම අවශ්‍ය තරගකරුවන් ඉදිරිපත් වෙනවා. තරගකරුවන් නැති වුණාම නැවැත ටෙන්ඩර් කැඳවනවා.

ඒ කිසිවක් නැතිව දින 14කින් ටෙන්ඩර් අවසන් කරලා ඉල්ලුම්කරුවන්ට ඒක පිරිනමනවා. තරගයක් නෑ. එක ඉල්ලුම්කරුවයි අඩු තරමින් මේකට අවශ්‍ය ආයතන ගැන කිසිම පසුවිපරමක් නෑ. ඉතාම පැහැදිලියි මේක සංවිධානාත්මකව කළ ගනුදෙනුවක්. අවශ්‍යතාවට එහා ගිය ජාවාරමක්. ඒ ජාවාරමේ සත්‍ය තොරතුරු විවේචන ඉදිරිපත් වෙද්දී මහජන බැංකුව ලක්‍ෂ ගණන් වියදම් කරලා දැන්වීම් දානවා. තමන් නිවැරැදි නම් කරන කටයුත්ත නිවැරැදි නම් ප්‍රශ්නයක් නෑ. මේ ගැන අමාත්‍යාංශයට, අමාත්‍යවරයාට, ඒ ඒ ආයතනවලට, මාධ්‍යට දැනුම් දෙන්න ඕනෑ. මේ එල්ල වෙන විවේචනවලට ඒවා වහන්න තමයි දැන් දැන්වීම් පාවිච්චි කරන්නේ. මේ දැන්වීම්වලට වියදම් කරන්නේ ජනතාවගේ සල්ලි. නැතිව බැංකුවේ අධ්‍යක්‍ෂවරුන්ගේ සල්ලි නෙවෙයි. එතැනත් සිද්ධ වෙන්නේ මුදල් අවභාවිතයක්. ඒකද වෙන්න ඕනෑ.

ගල් අඟුරු ගනුදෙනු ආන්දෝලනය ආවෙත් ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කිරීමෙන්. මේ දැවැන්ත ගනුදෙනුව අදාළ ගැනුම්කරුවා පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා. ඔහු ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මිලියන 200ක බැඳුම්කර තැන්පතුවෙන් වූ පාඩුවට වගකිව යුත්තෙක්. ජාත්‍යන්තර සමාගම සමඟ මේ ගනුදෙනු කරද්දී එදා විශාල ලෙස මුදල් අවභාවිත වුණා.

මේ සියල්ල පිටුපස ඉතා සැලසුම් සහගත ක්‍රියාවලියක් සිදුව තිබෙනවා. නැතිනම් ඉතා කෙටි කාලයක් තුළ මේක සිදුවුණේ කොහොමද? මහජන බැංකුව සමඟ සියයට 90ක් ගනුදෙනු කරන්නේ සාමාන්‍ය ගමේ මිනිස්සු. ඒ අයට මේ ඩිජිටල්කරණයෙන් වාසියක් නෑ. මේ ඩිජිටල්කරණය කළ යුතු නම් මීට වඩා අඩු මුදලකට කරන්න තිබුණා.”

One Response to “මහජන බැංකුවේ ඉන්න අධ්‍යක්ෂවරු මහජන මුදල් අවභාවිත කරලා”

  1. plumblossom Says:

    This UNP is trying to privatise state enterprises suggesting that they are loss making. I would like to point out to this treacherous UNP Government that they have no right to privatise any state enterprises since they belong to the people of Sri Lanka in general and is not their private property to privatise as they wish. If state enterprises are loss making, appoint a good management team to manage the state enterprise properly. This treacherous UNP Government is privatising state enterprises citing loss making as an excuse since they are also privatising even profit making state enterprises. Actually this UNP Government is selling all state enterprises to their friends in high places and to companies of those foreign powers who helped them come to power monetarily and via totally false propaganda during their election campaign and this is their pay back.

    We would warn any buyer of any state enterprises being privatised by this treacherous UNP Government that as soon as a a new Government comes to power, all these selling of state enterprises will be considered null and void and anyone who buys up any of these state enterprises will have to bear the loss of buying any state enterprise. Therefore we urge all potential buyers not to buy any state enterprise since as soon as a new Government comes to power, all such selling of state enterprises will be considered null and void and they will only end up making a loss.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress