රජයේ ආදායම වැඩි කරගන්න හැටි අපෙන් ඇහුවානම් අපි කියලා දෙනවා
Posted on September 14th, 2016

සවනි ශේශාධි උපුටා ගැන්ම මව්බිම

වැඩබිමක්ව තිබූ රට මුඩුබිමක් බවට පරිවර්තනය කොට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් වචනවලින් පමණක් ආකාශයේ මාලිගා තනමින් සිටින බව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි බන්ධුල ගුණවර්ධන පවසයි.
බත්තරමුල්ල නෙලුම් මාවත පිහිටි කාර්යාලයේදී ඊයේ (13දා) ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ කමිටුවේ මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම මේ බව පැවැසීය.
එහිදී තවදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මෙසේද පැවැසීය.
වැට් අර්බුදයත් එක්ක මේ දවස්වල නැවැත අය – වැය ලේඛනය ගැන කතාබහක් මතුවෙලා තිබෙනවා. මුදල් අමාත්‍යාංශයට සම්බන්ධ රජයට ආදායම් රැස් කරන සියලුම ආයතනවල විශාල අවුලක් නිර්මාණය වෙලා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව කියන තුනේ වෘත්තීය සමිති හා සේවකයන්, මුදල් අමාත්‍යවරයා හා මුදල් අමාත්‍යාංශය අතර විශාල ගැටුමක් ඇතිවෙලා. ආසන්නතම සිදුවීම තමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයන් ලෙඩ නිවාඩු දැමීම. මම මේ පිළිබඳ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේදී මතු කළ අවස්ථාවේදී මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා කියනවා ප්‍රශ්නය අහන කෙනාට තමයි ලෙඩ හැදිලා තියෙන්නේ කියලා. අපේ දෙපාර්තමේන්තුවේ කවුරුත් ලෙඩ නිවාඩු දාලා නැහැ කියලා ඔහු කියනවා. සාමාන්‍යයෙන් ඕනෑම අමාත්‍යවරයෙක් අනික් කොහේදි අසත්‍ය ප්‍රකාශ කළත් උත්තරීතර සභාව වුණු පාර්ලිමේන්තුවට සත්‍ය වාර්තා කරනවා. අවාසනාවකට මේ මුදල් ඇමැතිතුමා කිසිදු ලැජ්ජාවකින් හිරිකිතයකින් තොරව ඕනෑම අසත්‍ය ප්‍රකාශයක් පාර්ලිමේන්තුව තුළදී සිදුකරනවා.
මහින්ද රාජපක්‍ෂ යුගයේදී එකතු කළ අගය මත එකතු කළ බදුවලින් 2014 වර්ෂය වන විට ලැබුණු ආදායම රුපියල් බිලියන 275ක්. මේ රජය ඇතිකළ විකාරරූපී වෙනස්කම් කරණකොට ගෙන 2015දී එකතු කළ අගය මත අය කළ බද්දෙන් ලැබූ ආදායම බිලියන 220ක්. මහින්ද රාජපක්‍ෂ යුගයේ බිලියන 275 ලබා ගත්තේ පෞද්ගලික අංශයේ සෞඛ්‍ය සේවයේ රෝගීන්ට බදු පනවලා නෙවෙයි. විදුලි සන්දේශවලට බදු පනවලා නෙවෙයි. සිල්ලර තොග වෙළෙ¼දාමේ පුංචි සිල්ලර වෙළෙන්දෝ, මධ්‍ය පරිමාණ වෙළෙන්දෝ බද්දට යටත් කරලා නෙවෙයි. මහින්ද රාජපක්‍ෂ යුගයේ සිල්ලර වෙළෙඳුන්ගෙන් බදු අය කළේ කාර්තුවක පිරිවැටුම රුපියල් මිලියන 250කට වැඩි නම් විතරයි. වර්ෂයකට කාර්තු හතරයි. වර්ෂයකට මිලියන 1000 වැඩි නම් පමණයි සිල්ලර වෙළෙඳුන්ට බදු ගෙවන්න සිද්ධ වුණේ. 2015 වර්ෂයේදී බිලියන 275 බිලියන 220ට අඩුවෙනවා. බිලියන 55කින් අඩුවෙනවා. එහෙම දේවල් සිද්ධ වෙද්දි මහින්ද රාජපක්ෂ යුගයේ ගත්ත ණය ගෙවන්න වැට් එකතු කරනවා කියලා කියනවා. ණය පියවන්න නම් නෙවෙයි. එයාලා විසින්ම තිබුණ ආදායමත් නැති කළා. මේ විකාරරූපී වෙනස්කම් තුළින් ආදායම බිලියන 55කින් අඩුකරගෙන.
රාජිත සේනාරත්න ඇමැතිතුමා කියනවා දුම්වැටි, මත්පැන්, මත්ද්‍රව්‍යවලට බදු පනවන්න විවිධ නිලධාරීන් හරස් වෙනවලු. මේක විහිළුවක්. ජනාධිපතිතුමත් කියනවා මම දන්නවා කවුද ඒ නිලධාරීන් කියලා. මේක ජනාධිපතිතුමාට එක රැයකින් කරන්න පුළුවන් වැඩක්. අසරණ සිල්ලර වෙළෙන්දෝ, ගෙන් ගෙට යන අය, පොළේ බඩු විකුණන අය, පුංචි කඩයක් දාගෙන ඉන්න අයගෙන් බදු එකතු කරගන්නේ නැතිව නිෂ්පාදන විශේෂ විධිවිධාන බද්ද වෙනස් නොකර අල, ලූනු, මිරිස්, පරිප්පුවලට වගේ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් විදියට සිගරැට්වල මිල රුපියල් විස්සකින් වැඩි කරන්න පුළුවන්. සිගරැට් එකක මිල රුපියල් 20කින් වැඩි කළොත් වර්ෂයක් තුළදී රුපියල් කෝටි අටදහස් දෙසීයක් ලබාගන්න පුළුවන්. වැට්වලින් නැතිවුණු ආදායමටත් වඩා වැඩියි. වර්ෂයකට සිගරැට්වලින් ලැබෙන ආදායම බිලියන 80ක්. මේ ක්‍රමයෙන් තවත් බිලියන 82ක් හොයාගන්න පුළුවන්. එතකොට සාමාන්‍ය අසරණ මිනිස්සු මත, රෝගීන් මත බදු පනවන්න අවශ්‍ය නැහැනේ. සිගරැට් බීම අඩු වුණාම ලෙඩ වෙන එකත් අඩුකරගන්න පුළුවන්. රජයේ ආදායම වැඩි කරන්නේ කොහොමද කියලා තව කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. ඕන තරම් පහසු ක්‍රම තියෙනවා. අපෙන් ඇහුවා නම් අපි කියලා දෙනවා.
එහිදී අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී.එල්. පීරිස් මෙසේ පැවැසීය.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා කියනවා 2020 වන විට මේ රටේ සියලුම ණය බර ඉවර කරනවා කියලා. සියලු ණය බර 2020 වන විට අවසන්. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ රජය කාලේ ජාතික ණය හා දේශීය දළ නිෂ්පාදනය අතර අනුපාතය 70%ක්. මේ අවුරුද්දේ 76%කින් ණය බර වැඩිවෙලා. ලබන අවුරුද්ද වන විට 80% ආසන්න මට්ටමකට ළං වෙනවා කියන එකත් ස්ථිරයි. ණය බර ක්‍රම ක්‍රමයෙන් අඩු වීමක් නෙවෙයි වර්ෂයෙන් වර්ෂය විශාල ලෙස ණය බර වැඩි වීමක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඉතිහාසයේ කිසිම දවසක නොදැකපු විදියට පරිපූරක ඇස්තමේන්තු හරහා රජයට ආදායම් ලබා ගැනීමේ උත්සාහයක නිරත වෙලා ඉන්නවා.

යම්කිසි ගැටලුවක් ඉස්මතු වුණු අවස්ථාවකදී රජය ක්‍රියාකරන්නේ එයට ප්‍රතිචාර දක්වන්නේ උද්ඝෝෂණ තිබ්බොත් පමණයි. ප්‍රශ්නයක් විස¼දාගැනීම සඳහා උද්ඝෝෂණයකට අනිවාර්යයෙන් අවතීර්ණ විය යුතුයි. උද්ඝෝෂණ කරන්නේ නැතිව ප්‍රශ්නය විස¼දා ගන්න බැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන්ට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ වැට් බද්දට සහය දක්වන්න. මේ ශ්‍රී ලනිපයේ දර්ශනය නොවෙයි. මේ එජාපයේ දර්ශනය. 

 

One Response to “රජයේ ආදායම වැඩි කරගන්න හැටි අපෙන් ඇහුවානම් අපි කියලා දෙනවා”

  1. Christie Says:

    සින්හල අපි පිල් බෙදිලා වාද කරනවා. ඉන්දියානු පරපෝසිතයෝ අපිව හූරගෙන ඉන්දියාවට පටවනව.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress