සිංහලේ දොළොස්  මහ 
Posted on September 14th, 2016

ධර්ම සිරි සෙනෙවිරත්න

1 බක් (-අප්‍රේල් )–භක්තිමත්  මාසය  හෝ භාග්‍යවත් මාසය  මේ මාසය තුල අලුත් සහල් මංගල්ලය  ,මුට්ටි මංගල්ලය , පැවත්විනි  බක්මී මල් හා එරබුදු මල් පීදෙන සමය වේ

2 වෙසක්  -මැය් –වේශාඛ (හැම ශාඛයක්ම  වාගේ මලින්  විසිතුරුවී ඇති නිසාත් )වය්ශාඛ  නැකත් යෝගය  යෙදී ඇති නිසාත්  වෙසක් යන නමයෙදේ  . තලමල්   මා සය  නමින් ද හැඳින් වේ  බුදු හිමි තෙමගුල  සිහි කරන්නේද මේ මාසයේය

3 පොසොන් —ජුනි— පහන් ,,පසන් –ප්‍රසන්න මාසයය් . වර්ෂයේ ආදායම් අතින්  පෝෂනයවූ  මේ මාසය වර්ෂයේ වසංගත රෝග නිවාරණ කාලය සේ සැලකිණි . ගැමි ගොවියාගේ ප්‍රසන්නම මාසයමෙය  වුයේ මන්දගාමී  ”මල්වැහි ” වහින වැව් අමුණු නෙලුම් මලින් පුර්නාවූ  අගහිඟකම් දුරුවූ  මාසය නිසාමය .මහබෝ වන්දනාවට  මිහින්තලාවන්දනාවට  මේ සමයේ ගැමියෝ ගැ ල් පිටින් ගියහ .——කොහේ හිටියත් මිහින්තලේ පොසොන් සුළඟ ඇඟට දැනෙනවා වාගේ නේද  ……..
.
4  ඇසළ –ජුලි —-අසල මල් පීදෙන මාසයය්.   ”ඇ හල්ල ”යන වදනින් සිත් සතන් ප්‍රභෝධ මත්   යන්නද  ගෙන දෙය . යල් මෝසමේ භාව භෝග වල පලදාව මෝරන  සමයද වේ.ගමේ විහාරයේ  යුග ඝන බන දෙසුම  , ගමේ නාඩගම් නැටුම්  බලි තොවිල්  ගම්මඩු නැටීම් ඇ හල මහේ සිදුවෙය්

5නිකිණි —අගෝස්තු —වසරේ අධිකතම ඉඩෝර මාසය නිසාම නි++-කිණි -වැසි නැති  මහ යන  නම  යොදා   ඇත වැ ව් පොකුනු සිඳේ.වැව් ප්‍රතිසංස්කරණය  නවදැලි හේන් කෙටීම  ආදිය සිදු කෙරේ .
 
6 බිනර —සැප්තැම්බර් –බිං  ඇරවීම හෙවත් බිම් සකස් කිරීම සිදුවේ මහකන්නට වගාබිම් සුදානම් කිරීමත්  හේන් ගිනිලෑ මත්  කෙ  රේ

7 වප් -ඔක්තෝබර් –වප් යනු බීජ යන තේරුම දෙන්නකි මෙමාසයෙදී  මහකන්නයට මඟුල් සීසෑ ම –වප් මගුල —සිදුකෙරේ  බීජ වැපිරීම  සිටුවීම සු විශේෂ නිසාම ”වප් ” නම දේ වසරේ උපරිමලෙස  වී කුරක්කන්  හා හේන් ගොවිතැන් කෙරෙන්නේ මේ මාසයේදීය .

8 ඉල් —නොවැම්බර් –හීල් හෙවත් ඊල්  යන්න අධික සීතල හා අධික වර්ෂාව  ගෙන දෙන්නා ”’වූ ” යන්න හැ න්ගවෙය් .ඉල මාසය ”’වප් පත ”හෙවත් පැල්පත  පෝෂණය වන්නාවූ  මාසයය් වැව් අමුණු වාන් දම න කාලයය් .

9  උඳුවප් –දෙසැම්බර් –වියලි බෝග  -(-මාස බෝග -)උඳු  ,මුං වගාවට සුදුසුම කාලයය් එහෙයින් .උඳු -වප්  වේ බිම්මල් පීදෙන සමයද වේ .

10  දුරුතු –ජනවාරි — දු + රිතු  යනු ඉර්තු මාරුවය් මල්වර සාමය යය්  ද ගොවීන් විසින් නම් කර ඇත්තේ  මේ මාසය මහ මෝසමේ රෝපිත බව බෝග මේ සමයේ පීදෙන නිසය් .

11  නවම්–පෙබරවාරි –මහා මෝසමේ බව බෝග වල අඳ  අස්වනු ලැබේ නමු යනු අලුත් අස්වැන්න ලබීමය් .

12 මැදින් –මාර්තු –මහා යල දෙකන්නයේ මාධ්‍ය මාසයය් .එනිසා ”මැදින් ” වේ  මද කන්නයේ ගොවිතැන් මේ මාසයේ ආරම්භවේ .

       මේ එක විග්‍රහයකි

 

 

Sent from Outlook

3 Responses to “සිංහලේ දොළොස්  මහ ”

  1. Senevirath Says:

    12–”දෙකන්නයේ මධ්‍ය මාසයය් ”’යනුවෙන් නිවැරදි වියයුතුය

  2. Dilrook Says:

    Thank you Senevi. Beautifully written.

    “Duruthu maha” – also associated with marriage ceremony, romance and the like going by literature. Harvesting is also associated with Christian Christmas, Chinese New Year and South Indian Pongal. However, the main harvest in Sri Lanka comes in late “Navam” so the celebrations take place in “Bak” just as in Thailand, Burma, Vietnam, etc.

  3. Christie Says:

    දර්මෙ:

    සිහල අවුරුද්දත් ලිතත් අපිට බන්ගලියන්ගෙන් ආපු දෙයක්.

    ඒ ගොල්ල්ත් බක්ශි මේලා කියල අපි වගෙම ජොලියක් දානව අපි වගෙ. අද බන්ගලිදේශයෙත්, ඉන්දියාවේ බන්ගලියෙ, ත්‍රිපුර හා ඇස්සැම් වලත් බන්ගලියො ඉන්න බටහිර රටවලත් එහෙමයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress