නිජබිම සංකල්පය මත ඉදිරිපත් වන නව ව්‍යවස්‌ථාවේ බෙදුම්වාදී ලක්‌ෂණ
Posted on September 18th, 2016

වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්‌ඩාර උපුටා ගැන්ම දිවයින

බෙදුම්වාදී යුද්ධයේ තීරණාත්මක අවධියක්‌ වූ 2008 සැප්තැම්බර් මාසයේදී “සිංහල හ`ඩ” සංවිධානය හරහා පේරාදෙණිය විද්‍යාර්ථීන් පිරිසක්‌ විසින් ප්‍රකාශයට පත් කළ “දෙමළ ඊළාම් නිජබිම ප්‍රශ්නය” නැමති පොත් පිංච ම`ගින් යුද්ධයේ දාර්ශනික පදනමට ප්‍රබල බුද්ධිමය ප්‍රහාරයක්‌ එල්ල කරන්නට යෙදුනි. එම කෘතිය ම`ගින් මහා වංශය සම`ග සැසඳීමේදී ඉතා දුප්පත් ඉතිහාස මූලාශ්‍රයක්‌ වූ “යාල්පාන වයිපමාලෙයි” නම් වූ දෙමළ ඊළාම් නිජබිම සංකල්පය තහවුරු කෙරෙන ප්‍රධාන ඉතිහාස ග්‍රන්ථය ඉතා තර්කානුකූලව අභියෝගයට ලක්‌ කොට ඇත. මුහන්දිරම් මුල්ලපිටියේ කේ.එච්. ද සිල්වා මහතා විසින් සිංහලට පරිවර්තනය කළ එම මිථ්‍යා ප්‍රබන්ධය රචනා කොට ඇත්තේ මයිල්වාගනම් පුලවර් නම් වූ අප්‍රකට පුද්ගලයකු විසින් 1736 තරම් මෑත කාලයේදීය.

යාල්පානම් වයිපමාලෙයි ප්‍රබන්ධය පිළිබ`ද තර්කානුකූල විමර්ශනයක්‌ ම`ගින් සහ වෙනත් පෙර අපරදිග විශ්වාසනීය ඉතිහාස මූලාශ්‍ර ම`ගින් දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයේ දාර්ශනික පදනම සුනුවිසුනු කිරීමට දෙමළ ඊළාම් නිජබිම නම් වූ එම කුඩා කෘතිය සමත් වී ඇත. එහෙත් යුධ ජයග්‍රහණයෙන් පසුව එම මතවාදී පදනම තහවුරු කිරීම ස`දහා දේශපාලන වේදිකාවේදී ඊට අදාළව බරපතළ බුද්ධිමය සංවාදයක්‌ සිදුවූයේ නැත. එම නිසා බෙදුම්වාදයේ දාර්ශනික පදනම මතවාදී වශයෙන් පරාජය කිරීම කෙතරම් පහසු වූවත් ඊට අදාළව දේශපාලන මෙහෙයුමහක්‌ දියත් වූයේ නැත. එම තත්වය තුළ අද වන විට එම දුප්පත් සහ ව්‍යාජ දාර්ශනික පදනම මත දියත් වූ යුද්ධය පරාජය කොට වසර 07 කට පසුව ඊනියා නිජබිම සංකල්පය මත පදනම් වූ ව්‍යවස්‌ථා කෙටුම්පතක්‌ ඉදිරිපත් කිරීමට තරම් වර්තමාන රජය ධෛර්යමත් වී ඇත. එය ඉතිහාසයේ ෙ€දජනක සරදමක්‌ නොවේද?

ටී.එන්.ඒ. පක්‌ෂයේ මැතිවරණ ප්‍රකාශන සහ එම පක්‌ෂයේ නායකත්වයෙන් ඇතිකරගත් සිංගප්පූරු එක`ගතාව මෙන්ම 2009 සර්වපාක්‌ෂික විද්වත් කමිටු නිර්දේශ පමණක්‌ නොව ව්‍යවස්‌ථා සම්පාදක ක්‍රියාවලියේ “සුළුපියා” ලෙස කටයුතු කරන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාගේ යම් ප්‍රකාශ ආදී විවිධ මූලාශ්‍ර සැලකිල්ලට ගැනීමේදී නව ව්‍යවස්‌ථාව සකස්‌ වන්නේ ඊනියා නිජබිම සංකල්පය මත බවට ඉතා ප්‍රබලව තර්ක කළ හැක. ඒකීය වගන්තිය ව්‍යවස්‌ථාවේ තිබියදීම ලබා දී ඇති 13 වන සංශෝධනයේ ෙµඩරල් බලතල වලට ඉතා සුළු එකතු කිරීමක්‌ ම`ගින් ඒකීය ලේබලය යටතේ “ෙµඩරල්” වලින් එහාට ගිය “කොන්ෙµඩරල්” ව්‍යවස්‌ථාවක්‌ සම්මත කරගැනීමේ තාක්‌ෂණික ගැටලුවක්‌ නැත. එසේ කිරීම ස`දහා ගන්නා වූ උත්සහය තුළ මතුවිය හැකි දේශපාලන ගැටලු ව්‍යවස්‌ථා කෙටුම්පත ඉදිරිපත් කිරීමටත් පෙර යම් පමණකට විස¹ ගැනීමට බෙදුම්වාදී පාර්ශව සමත් වී ඇත.

ඒ අනුව 13 වන සංශෝධනයේ බලතල ඉක්‌මවා යන ප්‍රතිපාදනයක්‌ ලෙස 1987 සිටම ඉදිරිපත් වූ ඉල්ලීමක්‌ වන පළාත් සභා සමගාමී බලතල ලැයිස්‌තුව ඉවත් කිරීම ස`දහා ඒකාබද්ධ විපක්‌ෂයේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ කණ්‌ඩායම හරහා යෝජනාවක්‌ ඉදිරිපත් කරවා ගැනීමට ඔවුන් සමත් වී ඇත. එම යෝජනාවලිය තුළ සුළු ජාතීන්ගේ අභිලාෂ ඉටුකිරීමේ උවමනාවද අවධාරණය කොට ඇත. දෙමළ සහ මුස්‌ලිම් සුළු ජන කොටස්‌වල සැබෑ අභිලාෂය විය යුත්තේ සියලු ජන කොටස්‌ වලට සමානව සලකන ව්‍යවස්‌ථාවකි. නමුත් එම යෝජනාවලියෙන් හුවා දැක්‌වෙන්නේ බෙදුම්වාදී කප්පම් කරුවන්ගේ අභිලාෂයන්ය. එදා 1985 තිම්පු සාකච්ඡාවල සිට එම කප්පම්කරුවන්ගේ මූලික අභිලාෂය වූයේ තිම්පු සංකල්ප පිළිගන්නා ව්‍යවස්‌ථාවකි. එනම් දෙමළ ජනතාව වෙනම ජාතියක්‌ බව, ඔවුන්ගේ නිජබිම උතුරු නැගෙනහිර පළාත් බව සහ ඔවුනට ස්‌වයං තීරණ අයිතිය ඇති බව පිළිගැනීමය. “දෙමළ ඊළාම් නිජබිම ප්‍රශ්නය” කෘතියෙන් මූලික වශයෙන් අභියෝග කරන්නේ එම පිළිගැනීමටය.

වර්තමාන යහපාලන ආණ්‌ඩුවට එහි උපතේ පටන්ම උරුම වූ ප්‍රධාන කොන්ත්‍රාත්තු ත්‍රිත්වයක්‌ ඇත. ඉන් පළමුවැන්න බෙදුම්වාදී න්‍යාය පත්‍රයට අවශ්‍ය ආකාරයට රාජ්‍ය ව්‍යqහය දුර්වල කිරීම ස`දහා නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමය. දෙවැන්න ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා දුර්වල කොට දුර්මුඛ කිරීමය.s එය සිදු කරන්නේ සංහිඳියාවේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අවශ්‍යතාවයක්‌ ලෙසිනි. එම ක්‍රියාවලි දෙක එකම අසිපතේ තල දෙකකි. ඒ ම`ගින් රට බෙදා වෙන් කිරීම ස`දහා සහ ඉන්දියානු සහ ඇමරිකානු අධිරාජ්‍යවාදී බලවේග වලට ශ්‍රී ලංකාවේ සහ දෙමළ ඊළමේ පය තබා ගැනීමට අවශ්‍ය තත්ත්වයන් නිර්මාණය කෙරේ. ආර්ථික සංවර්ධනයේ සහ සෞභාග්‍යයේ නාමයෙන් සාධාරණීකරණය කෙරෙන තුන්වන කොන්ත්‍රාත්තුව වන්නේ කොල්ලකාරී නව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්‌කරණ නව මානයකට ගෙන යන නීතිමය සහ පරිපාලන වෙනස්‌කම් සිදුකිරීමයි. ඉදිරියේදී සම්මත කිරීමට පෙළගස්‌වා ඇති 15 කට අධික පනත් කෙටුම්පත්වල මූලික අරමුණ වන්නේ එයයි.

නිජබිම සංකල්පය මත පදනම්ව බෙදුම්වාදී අභිලාෂ ඉටු කෙරෙන නව ව්‍යවස්‌ථාව තුළට ඉතා සූක්‌ෂමව ඇතුල් කෙරෙන මූලික බෙදුම්වාදී ප්‍රතිපාදන 8ක්‌ හඳුනාගත හැක. දැනට 13 වෙනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ලබාදී ඇති බරපතළ ෙµඩරල් ලක්‌ෂණ එසේම තිබියදී එම අමතර ලක්‌ෂණ ඇතුල් කිරීම මගින් එකීය ලේබලය යටතේ ෙµඩරල් තත්aත්වය ඉක්‌මවා යන කොනAෙµඩරල් හෙවත් එක්‌සත් රාජ්‍යයක්‌ බිහිකිරීමේ හැකියාව ඇත. බෙදුම්වාදීන් විසින් ඒකීය සහ එක්‌සත් යන වචන එක සමාන වචන ලෙස හුවා දැක්‌වීමට ගන්නා උත්සාහය අහඹු ක්‍රියාවක්‌ නොවේ. එහිදී උපක්‍රමයක්‌ ලෙස ඒකීය සංකල්පය, බුද්ධාගමට මුල්තැන දීම, ජාතික කොඩිය සහ ජාතික ගීය වෙනස්‌ කළ යුතු බවට ව්‍යාජ මතයක්‌ සමාජ ගත කළත් එම “ලේබල්” වෙනස්‌ කිරීමේ උවමනාවක්‌ බෙදුම්වාදීන්ට නැත. ඔවුනට අවශ්‍ය වන්නේ සිංහලයාට “ලේබල්” ඉතිරි කොට ෙµඩරල් ලක්‌ෂණ හැකිතාක්‌ ව්‍යවස්‌ථාවට ඇතුල් කර ගැනීමටය. එහිදී ඔවුන් 13 වන සංශෝධනයෙන් දැනටමත් ලැබී ඇති බරපතළ බෙදුම්වාදී ප්‍රතිපාදන වන පොලිස්‌, ඉඩම් සහ මහ ඇමැති මූල්‍ය බලතල මෙන්ම උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම ආදිය පිළිබද සමාජ සංවාදයක්‌ නැවත මතු කිරීමෙන් වැලකී සිටීමටද ඔවුන් හැකිතාක්‌ පරිස්‌සම් වනු ඇත.

කෙසේ වෙතත් ඉහත ස`දහන් කළ “ලේබල්” ඉවත් කරන බවට සමාජය තුළ මතු කොට ඇති ඝෝෂාව තුළ ඒවා ඉවත් කිරීමට ඉඩ නොදෙන බවට ප්‍රතිඥවක්‌ ලබා දීම ම`ගින් විශේෂයෙන්ම ජනාධිපතිවරයාට ලකුණු දමා ගැනීමේ ඉඩක්‌ විවර වේ. එම`ගින් මහජනයා තුළ ව්‍යාජ ආරක්‌ෂාකාරි මනසක්‌ ඇති කොට “කොලේ වසා ඉදිරිපත් කරන බරපතළ බෙදුම්වාදී සංශෝධන පිළිබ`ද සමාජ අවධානය අඩු කිරීමේ හැකියාවක්‌ද ලැබේ. එසේ වූවත් එම “ලේබල්” වල සුළු වෙනස්‌කම් කිරීම සහ පසුව විරුද්ධ පක්‌ෂවල “ප්‍රබල ඉල්ලීම්” මත ඒවා නැවත වෙනස්‌ කිරීමේ උපක්‍රමයද ආණ්‌ඩුව යොදා ගන්නා බවට සැකයක්‌ නැත. ඒ අනුව ජනතා විමුක්‌ති පෙරමුණ, හෙළ උරුමය සහ ටී.එන්.ඒ. පක්‌ෂය වැනි පිටත සිට ආණ්‌ඩුව පවත්වා ගෙන යැමට තල්ලුව දෙන බලවේග එසේ විවිධ ව්‍යාජ සංශෝධන ඉදිරිපත් කිරීම ම`ගින් ඔවුන්ගේ ප්‍රතිරූප බේරා ගැනීමටද උත්සාහ කරනු ඇත. බොහෝ විට එසේ සංශෝධනය කිරීම ස`දහාම යම් වගන්ති ප්‍රමාණයක්‌ රනිල් වික්‍රමසිංහ මහතාගේ ව්‍යවස්‌ථා පැකේජයට ඇතුල් කෙරෙන බවට සැකයක්‌ නැත.

දෙවන බෙදුම්වාදී ප්‍රතිපාදනය වන්නේ තිම්පු සංකල්පවල තුන්වැන්න වන ස්‌වයං තීරණ අයිතිය සංකල්පය සහ ඒ සම`ග ගැට ගසා රටේ පරමාධිපත්‍ය සමස්‌ත රටේ ජනතාව අතර සහ පළාත් සභා ප්‍රදේශයක ජනතාව අතර බෙදී යන බව පිළිගන්නා සංකල්ප ව්‍යවස්‌ථාවට ඇතුල් කිරීමයි. ඒවා මූලික අයිතිවාසිකම් යටතේ ඉතා සූක්‌ෂමව ඇතුල් කිරීමට ඉඩ ඇත. බොහෝ විට ඒ ස`දහා මූලික අයිතිවාසිකම් පුද්ගල සහ පොදු වශයෙන් වර්ගීකරණය කිරීමටද ඉඩ ඇත. බලය බෙදී යාමේ සංකල්පය යටතේ විධායක, ව්‍යවස්‌ථාදායක සහ අධිකරණ බලතල මධ්‍යම ආණ්‌ඩුව සහ පළාත් සභාව අතර පැහැදිලිව සහ නිශ්චිතව වෙන් කර පෙන්වනු ඇත. තුන්වන බෙදුම්වාදී ප්‍රතිපාදනය වන්නේ දැනටමත් යෝජනා වී ඇති ආකාරයට සමගාමී බලතල ලැයිස්‌තුව ඉවත් කිරීමයි. එම ඉල්ලීම 1987 දී 13 වෙනි සංශෝධනය සකස්‌ කරමින් පවතින අවස්‌ථාවේ සිටම ඉදිරිපත් වූවකි. එම සංශෝධනය 13 වෙනි සංශෝධනයෙන් එහාට යාමක්‌ ලෙස සැලකෙන බරපතළ එකකි. එය අනාගතයේදී රට දෙකඩ කිරීමේ ක්‍රියාවලිය ජාත්‍යන්තර නීතිය යටතේ සාධාරණීකරණය කිරීමේදී අවශ්‍ය වන ප්‍රධාන සංකල්ප දෙක වන ස්‌වයං තීරණ අයිතිය සහ පරමාධිපත්‍යයේ බෙදීයාම ප්‍රායෝගිකව තහවුරු කිරීම ස`දහා වැදගත් වන මූලික ප්‍රතිපාදනයකි. මෑත කාලීනව ටී.එන්.ඒ. පක්‌ෂය විසින් එම ඉල්ලීම වඩාත් සංකීර්ණ කිරීම ස`දහා පළාත් බලතල ලැයිස්‌තුව සහ සමගාමී ලැයිස්‌තුව යන බලතල ලැයිස්‌තු දෙකම ඉවත් කිරීමේ යෝජනාවක්‌ද ඉදිරිපත්කොට ඇත. එම`ගින්ද සිදුවන්නේ එකම දෙයකි. නමුත් එවිට මහජන ඇස්‌ ඉදිරියේ සමගාමී ලැයිස්‌තුව පමණක්‌ ඉවත් කිරීමේදී ඇතිවන භීතිය යම් පමණකට සමනය වේ.

හතරවන බෙදුම්වාදී ප්‍රතිපාදනය වන්නේ සෙනෙට්‌ සභාව නමින් පාර්ලිමේන්තුවට ඉහළ ආයතනයක්‌ පිහිටුවීම සහ ව්‍යවස්‌ථාව ආශ්‍රිත ගැටුම් විසඳීම ස`දහා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉහළින් ව්‍යවස්‌ථා අධිකරණයක්‌ පිහිටුවීමයි. මධ්‍යම ආණ්‌ඩුව විසින් නව අණපනත් සම්මත කිරීමේදී බෙදුම්වාදී උවමනා ආරක්‌ෂා කිරීම සෙනෙට්‌ සභාවේ මූලික අරමුණ වේ. ඊට අමතරව එම`ගින් විධායකය සහ ව්‍යවස්‌ථාදායකය විසින් ගනු ලබන යම් තීන්දු නැවත පරීක්‌ෂාවට ලක්‌ කිරීමට සහ ඒවා ක්‍රියාත්මක කිරීම පමා කිරීමටද ඉඩක්‌ විවර වේ. ශ්‍රේෂ්ඨාධිකරණයට පිටින් පිහිටුවනු ලබන ඊනියා ව්‍යවස්‌ථා අධිකරණයට විනිසුරුවන් නොවන එන්.ජී.ඕ. කාරයින් ජනවාර්ගික පදනමින් පත් කිරීමට ප්‍රතිපාදන සැලසෙනු ඇත. යම් අවස්‌ථාවක පළාත් සභාවකට හෝ කලාප සභාවකට එරෙහිව ජනාධිපතිවරයා විසින් ගනු ලබන හදිසි ක්‍රියාමාර්ග පවා නැවත සලකා බැලීමට මෙම ඊනියා ව්‍යවස්‌ථා අධිකරණයට බලය ලැබෙනු ඇත.

පස්‌වැනි බෙදුම්වාදී ප්‍රතිපාදනය වන්නේ පළාත් සභාවල ප්‍රධාන නිලධාරීන් සහ කොමිෂන් සභා පත් කිරීමේ පූර්ණ බලය මහ ඇමැතිවරයා සහ අමාත්‍ය මණ්‌ඩලය වෙත ලබාදීමයි. ඒ තුළ විශේෂයෙන්ම ආණ්‌ඩුකාරයා පත්කිරීමේදී මහ ඇමැතිවරයාගේ කැමැත්ත විමසීම අනිවාර්ය කෙරෙනු ඇත. ඒ ම`ගින් ආණ්‌ඩුකාරවරයාගේ බලය දුර්වල කිරීම හරහා ජනාධිපතිවරයා විසින් කරනු ලබන මැදිහත් වීම් අවම කෙරෙනු ඇත. හයවැනි බෙදුම්වාදී ප්‍රතිපාදනය වන්නේ ජනාධිපතිවරයා විසින් හදිසි තත්ත්වයකදී පළාත් සභාව විසුරුවා හැරීම හෝ හමුදාව කැඳවීම වැනි තීන්දු ගැනීමට යම් බාධා ඇති කරන ආකාරයට දුර්වල කිරීමයි. ඒ ම`ගින් ජනාධිපතිවරයාගේ තීන්දු ඊනියා ව්‍යවස්‌ථා අධිකරණය ම`ගින් බල රහිත කිරීමේ හෝ වෙනස්‌ කිරීමේ හැකියාව ලැබෙනු ඇත. එහිදී මහජන ආරක්‌ෂක පනත යටතේ මේ වන ජනාධිපතිවරයා සතු බලතලද දියාරු කෙරෙනු ඇත. මෙම ක්‍රියාමාර්ග ජනාධිපති බලතල අඩුකිරීම හෙවත් ජනාධිපතිවරයාගේ තටු කැපීම නැමැති දේශපාලන වශයෙන් වාසිදායක සටන් පාඨයට මුවා වී එම ක්‍රියාමාර්ග වල බරපතළකම සමනය කෙරෙනු ඇත.

හත්වෙනි බෙදුම්වාදී ප්‍රතිපාදනය වන්නේ පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයා සතු මූල්‍ය බලතල වලට පරිබාහිරව ස්‌වාධීනව ක්‍රියාත්මක කළ හැකි මූල්‍ය බලතල ප්‍රමාණයක්‌ පළාත් සභාවට සහ මහ ඇමැතිවරයාට ලබාදීමය. විශේෂයෙන්ම මහ ඇමැතිවරයාට ස්‌වාධීනව තම දේශපාලන උවමනාවන් අනුව කළමනාකරණය කළ හැකි අරමුදලක්‌ ඇති කිරීමටද අවසර ලැබෙනු ඇත. එහිදී පළාත් සභාව ජාතික මූල්‍ය කොමිසමෙන් හෝ මහ බැංකුවේ අවසරය නොමැතිව විදේශ අරමුදල් සහ ණය ලබා ගැනීමට ප්‍රතිපාදන සැලෙසෙනු ඇත. එම`ගින් කොටින්ගේ කළු සල්ලි සුදු කිරීමටද පොටක්‌ පෑදෙනු ඇත.

අටවැනි බෙදුම්වාදී ප්‍රතිපාදනය වන්නේ පළාත් සභා ආශ්‍රිත ඉඩම් බලතල ශක්‌තිමත් කිරීම ම`ගින් මධ්‍යම රජයේ කටයුතු වලට පළාත් ඉඩම් යොදා ගැනීමේදී බාධා ඇති කිරීමයි. විශේෂයෙන්ම ජාතික ආරක්‌ෂාවට අදාළව ඉඩම් යොදා ගැනීමේදී සීමා පැනවීමට එම`ගින් පළාත් සභාවට බලය ලැබේ. එවිට හමුදා ක`දවුරු පවත්වාගෙන යාම ස`දහා පළාත් සභාවේ අවසරය ලබා ගැනීමට සිදුවනු ඇත. එම බලය යොදා ගනිමින් උතුරු නැගෙනහිර හමුදා ක`දවුරු වල භූමිය සීමා කිරීමට, ඒවා ඉවත් කිරීමට හෝ නැවත ස්‌ථාන ගත කිරීමට බලපෑම් කෙරෙනු ඇත. කෙසේ වෙතත් හමුදා ක`දවුරු කුඩා කිරීම, යම් ප්‍රමාණයක්‌ ඉවත් කිරීම සහ නිලධාරි සංඛ්‍යාව අඩු කිරීම වැනි බෙදුම්වාදී උවමනාවන් ව්‍යවස්‌ථාව සම්මත කිරීමට පෙර ඉටු කර දෙන බවක්‌ද පෙනෙන්නට ඇත. මෙම අටවැදෑරුම් බෙදුම්වාදී ප්‍රතිපාදන සහිත ව්‍යවස්‌ථා කෙටුම් පතෙහි සැර බාල කිරීම ස`දහා විවිධ වචන හරඹ යොදා ගන්නවා ඇත. ඊට අමතරව නව පන්නයේ මූලික අයිතිවාසිකම් සහ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී සහ සිවිල් අයිතිවාසිකම් ප්‍රමාණයක්‌ ව්‍යවස්‌ථාවට ඇතුල් කිරීම ම`ගින් කරනු ලබන සැරසිලි ම`ගින්ද බෙදුම්වාදී ප්‍රතිපාදන පිළිබ`ද සංවාදය යටපත් කෙරෙනු ඇත. ජනාධිපති බලතල අඩු කිරීම සහ ඡන්ද ක්‍රමය වෙනස්‌ කිරීම වැනි සැරසිලි ඒ ස`දහා විශේෂයෙන් යොදා ගනු ඇත. එම සැරසිලි කොතෙක්‌ වර්ණවත් වනු ඇත්ද යන්න පැහැදිලි වන්නේ සමලිංගික අයිතිවාසිකම් පවා ව්‍යවස්‌ථාවට ඇතුල් කිරීමට යෝජනා කිරීම ම`ගින් පැහැදිලි වේ.

ඒ සියල්ලටම වඩා ඊනියා ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලය තුළදී සහ පාර්ලිමේන්තුව තුළදී මෙන්ම අමාත්‍ය මණ්‌ඩලයේදී වරින් වර කරනු ලබන විවිධ සංශෝධන සිදු කිරීමේ ක්‍රියාවලිය තුළින් මහජන විරෝධය සමනය කිරීමට ආණ්‌ඩුව උත්සාහ කරනු ඇත. නමුත් ඕනෑම රටක්‌ බෙදා වෙන් කිරීමට ප්‍රතිපාදන සලසන ව්‍යවස්‌ථාවක්‌ මහජන ඡන්දයෙන් හෙවත් ජනමත විචාරණයකදී සම්මත කර ගැනීම පහසු ක්‍රියාවක්‌ නොවේ.

දැනටමත් විපක්‌ෂ කණ්‌ඩායම් ව්‍යවස්‌ථා සම්පාදන ක්‍රියාවලියට පටලවා ගැනීම ම`ගින් සහ ඔවුන් ලවා තමන්ට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කරවා ගැනීම ම`ගින් අභියෝගයෙන් 50% ජය ගැනීමට ආණ්‌ඩුව සමත් වී ඇත. ඒ තුළ ව්‍යවස්‌ථාව එළියට දැමූ පසුව ඊට විරුද්ධ වීම ස`දහා අවශ්‍ය වන සදාචාර බලයද විපක්‌ෂයට අහිමි වේ. දැනටමත් විවිධ වාමවාදී කණ්‌ඩායම් එකතු කිරීමට යම් ඔත්තු සේවා විසින් ගන්නා වූ උත්සාහය තුළින් පැහැදිලි වන්නේ තවත් පෙරමුණකින් සුළු ජාතික හිතවාදී ව්‍යවස්‌ථාවක වැදගත්කම සාධාරණීකරණය කිරීමට විශේෂ උත්සාහයක්‌ ගැනෙන බවය. මෙහිදී විපක්‌ෂය තුළ මානසික බාධක පැනවීම විශේෂ උපක්‍රමයක්‌ ලෙස භාවිතා වනු ඇත. එනම් සුළු ජාතික ඡන්ද ලබා ගැනීම ස`දහා යම් දෙයක්‌ දිය යුතුය යන ස්‌ථාවරයට විරුද්ධ නොවී සිටීමේ තත්ත්වයක්‌ ඇති කිරීමයි. නමුත් සැබෑ ලෙසම එම මානසික බාධක ජය ගත හැක්‌කේ බෙදුම්වාදී නායකයින්ට කප්පම් දීම වෙනුවට සුළු ජාතික සාමාන්‍ය ජනතාව ඇතුළු සියලු පුරවැසියන්ට රටේ කුමන ප්‍රදේශයක ජීවත් වුවත් සමානව සැලකිය යුතුය යන ස්‌ථාවරයේ දැඩිව සිටීම ම`ගිනි.

2 Responses to “නිජබිම සංකල්පය මත ඉදිරිපත් වන නව ව්‍යවස්‌ථාවේ බෙදුම්වාදී ලක්‌ෂණ”

  1. plumblossom Says:

    When looking at Sri Lanka’s history, it is extremely obvious that from 600BC to around 1400AD there were three kingdoms, all Sinhala Buddhist, Ruhuna, Pihiti or Rajarata and Maya or Malayarata. Rajarata encompassed today’s North Central, North Western, Northern and even the Central Province. Ruhunu rata encompassed today’s Uva, Eastern and Southern Provinces. The Kandyan Kingdom from 1400AD encompassed most of the island inclusive of today’s Northern and the Eastern Provinces except for the Jaffna Peninsula. Even the Jaffna Peninsula was invaded and occupied by force by Aryachakravarthi (Pandyan) and actually did belong to Rajarata earlier and later the Kandyan Kingdom.

    Today’s provincial boundaries were drawn up by the British colonialists as per their divide and rule policy and the Sinhala people were not consulted when drawing up these provincial boundaries. In the meantime, most Sri Lankan Tamils of today were actually brought over during Dutch and British times to the Jaffna Peninsula and elsewhere to work on tobacco and indigo plantations which were planted extensively in all the colonies since they were much sought after and made a lot of money for the colonialists. Therefore they are recent arrivals and cannot claim homelands or separate states whatsoever.

    The usual practice when a colonial power hands over their former colonies is to hand it over to its original owners. Therefore the British colonialists should hand over the Kandyan Kingdom to the Kandyan Sinhalese from whom they took it by force. Since the Kandyan Kingdom encompassed the North and the East, these provinces too should be handed over to the Kandyan Sinhalese who are its rightful owners. Even the Jaffna Peninsula should be handed over to the Kandyan Sinhalese since it was part of Rajarata and was forcefully occupied by Aryachakravarthi (Pandyan).

    Since this has now been done already, the TNA and other separatist terrorists or the US, UK EU, Canada, Norway, Sweden and India cannot demand that present day Northern or even the Eastern provinces be provided any more powers or be made into federal states since this is totally going against the history and archaeology of the island and totally going against the rights of the Sinhala people who also have fundamental rights to claim the entire island inclusive of the North and the East as their homeland first and foremost. Therefore, the TNA , the separatist terrorists, the US, UK, Norway, Sweden, Canada and India has to respect the history and archaeology of the island and accept that the present day provincial councils are more than sufficient to run the affairs of the provinces. Sri Lanka must be a unitary state and no more powers should be provided to the provincial councils. In fact, when talking about the 13th amendment, the concurrent list subjects must be included in the national list. The provision where two provinces can merge should be deleted. The bogus claim of the North and the East being the homeland of the Tamil speaking people should be deleted. The entire island should be declared the homeland of all its peoples.

    Sinhala people should be resettled in the North in quite a large number if there is to be peace and harmony within the island since Sinhala people have every historical right to live in the North as well as the East. It is only due to ethnic cleansing of the North of Sinhala people by the LTTE and the other separatists that Sinhala people are not at present living in the North. Many thousands of landless elsewhere in the island especially Sinhala people should be provided land in the North since most of the vacant land in the country is in the North and in the East since both these provinces encompass over 28% of the land area of the island. Then only will there be peace since when people mix, there is more harmony. This is the only way towards peace and development in the island.

  2. plumblossom Says:

    Apart from highly commending you for taking legal action against the treacherous CBK (Chaura Rejina) regarding the defamatory and utter lies she keeps repeating to defame her rivals, legal action should be taken against her for stating that she will definitely devolve more powers to provincial Councils within the new constitution. Does this evil woman CBK think she owns Sri Lanka and that she is the one who is going to draw up the new constitution of Sri Lanka (according to the wishes of the imperialistic US, UK, EU, Canada, Norway, Sweden, India, the racist TNA and the separatist terrorists)? The constitution of Sri Lanka should satisfy first and foremost the majority of people of this island i.e. the Sinhala people and the Sinhala people firstly do not want to draw up a new constitution nor do they want any more powers whatsoever be provided to the provincial councils especially land, police and fiscal or to illegally merge the North and the East.

    Someone has to go to the supreme court and take action against treacherous CBK for suggesting that she will definitely devolve more powers to provincial councils within the yet to be drawn up constitution since this means the treacherous Ranil, Sirisena, CBK and Mangala have already drawn up a constitution to satisfy the imperialistic US, UK, EU, Canada, Norway, Sweden, India, the racist TNA and the separatist terrorists which is illegal.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress