ජනතාවට අයිති රුපවාහිනී තරංග දරුවන්ට, අධ්‍යාපනයට ලබා දෙනු.
Posted on September 22nd, 2016

බොදු ජන පෙරමුණ  සිංහලේ ආරක්ෂකයා 

21 සැප්තැම්බර් 2016

මෛත්‍රීපාල සිරිසේන මහතා 
ගරු ජනාධිපති තුමා 
ජනාධිපති කාර්යාලය 
කොළඹ 

ජනාධිපතිතුමනි 

ජනතාවට අයිති රුපවාහිනී තරංග දරුවන්ට, අධ්‍යාපනයට ලබා දෙනු.

මේ දිනවල රජයේ රුපවාහිනී නාලිකාවක් තුල  ‘වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපට ” විකාශනය කිරීම පිලිබඳ යම් ගැටළුවක් පිලිබඳ ඇති වී තිබෙන සාකච්ජාව පිලිබඳව  දේශපාලන පක්ෂයක් ලෙස අපි  අතිශය කණගාටු වෙමු.  ‘වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපට ” විකාශනය අද අප  රට හා ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුව බවට පත් කර ගැනීමට තරම් අපි දුර්වල වීම ගැන අපි තවදුරටත් කණගාටු වෙමු 

රජයේ රුපවාහිනී නාලිකාවක් තුල  ‘වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපට “පිලිබඳ අනවශ්‍ය කතිකාවතක් නිර්මාණය කරමින් සැබෑ ජනතා ගැටළු අමතක කරවමින්  රජයේ ඉහල නිලධාරීන් හා බලධාරීන්  පමණක් නොව සිවිල් සංවිධාන නායකයින් පවා සිය මත ඉදිරිපත්කරමින්  මොන්ටිසෝරි වර්ගයේ ප්‍රකාශ නිකුත් කිරීම  අරුමයක් නොවන්නේ එයට වඩා යමක් කිරීමට මෙම අදාළ පාර්ශ්ව වලට නොහැකි නිසාවෙන් මෙන්ම  සැබෑ ජනතා ගැටළු අමතක කොට මාධ්‍ය සංදර්ශන පැවැත්වීම ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ කොටසක්ද වන බැවිනි. 

බොදු බල සේනා දේශපාලන අංශය ලෙස දේශපාලන කරලියට පැමිණි “බොදු ජන පෙරමුණ” විසින්  2015 සිය මැතිවරණ ප්‍රකාශයෙන් යෝජනා කරනු ලැබුයේ  බලය ලැබුනොත් අධ්‍යාපන කටයුතු, විශේෂයෙන්  පාසල් අධ්‍යාපනය වෙනුවෙන් රුපවාහිනී ඇතුළු ජනමාධ්‍ය භාවිතා කිරීම ඉහල මට්ටමකට ගෙන ඒමට කටයුතු කරන බවය.

රුපවාහිනිය වෙනත් රටවල අධ්‍යාපනය උදෙසා භාවිත කරන ඉතා වැදගත් මෙවලමකි. ජයවර්ධන ජනපති සමයේ  ජපානය විසින් 1980 දී පමණ රුපවාහිනිය ලංකාවට ලබා දෙන ලද්දේ අධ්‍යාපනය මුලික කරගෙන බව අප අසා ඇත්තෙමු.

 අද රුපවාහිනී නාලිකා රාශියක් ඇති අතර රජයේ ප්‍රධාන ආයතන දෙකක් මෙම කෂේත්‍රයේ කටයුතු කලද අධ්‍යාපනයට නිසි අවස්ථාවක් ලබා නොදීම ජාතියේම අවසානාවකි.

අද සමාජය තුල සිදු විය යුතු කතිකාවත විය යුත්තේ වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපට ලබා දීම හෝ ලිංගික අධයාපනය නොවේ. මෙම කරුණු දෙකම වැදගත්ය. මේ සඳහා වේනම් කේබල් නාලිකා වෙන් කර අවශ්‍ය සියලු දෙනාගේ සතුට උදෙසා කටයුතු කිරීම පිලිබඳ හෝ උසස් සිනමා කෘති විකාශය කිරීම කිසිදු වැරද්දක් නොමැත. 

අද සමාජය තුල සිදු විය යුතු කතිකාවත විය යුත්තේ “ජනතාවට අයිති රුපවාහිනී තරංග දරුවන්ට, අධ්‍යාපනයට ලබා දීමට කටයුතු කිරීම ” පිලිබඳවය.

මෙහිදී මාගේ මතකයට  එන වැදගත්කරුණක්  වනුයේ 2005 දී  රුපවාහිනී පද්ධතිය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩි කිරීමට හා සමාන අධ්‍යාපන අවස්ථා ලබා දීම පිලිබඳව  එවකට සිටි බලධාරීන් ට  අධ්‍යාපන අමාත්‍යංශයේ තොරතුරු තාක්ෂණ උපදේශක වරයා ලෙස මෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පිඨයේ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කල මා විසින් කරනු ලැබූ කල යෝජනාවය. ඒ උදෙසා කොරියානු රජයේ සහය  ගැනීම හා උදහරණද ඉදිරිපත් කලද අවසානයේ සිදු වුයේ    මා හට දේශපාලනික හේතු මත වක්‍රව හිරිහැර කිරීම පමණි.   අපේ දරුවන්ට යහපත් ඉගෙනුමක් ලබා දීමට උත්සහා නොගැනීම හා ඒ උදෙසා  “ජනතාවට අයිති රුපවාහිනී තරංග දරුවන්ට, අධ්‍යාපනයට ලබා දීමට කටයුතු කිරීම “පිලිබඳ කිසිදු උනන්දුවක් ඔවුන් නොගැනීම ගැන මට ඇත්තේ ඉතා සංවේගයකි.

රුපවාහිනිය යොදා ගෙන පාසල්  අධ්‍යාපනයේ මුලික ගැටළු විසඳීමට කටයුතු කරන ලෙස අපි මේ අවස්ථාවේ යෝජනා කරනු ලබන අතර “දරුවන්ට වඩාත් සුදුසු රුපවාහිනී පද්ධතියක්”රට තුල ස්ථාපිත කිරීමට රාජ්‍ය මෙන්ම  පෞද්ගලික නාලිකාවන්ද මෙහයවන කතිකාවතක් රටතුල ඇති කිරීම කලයුතු බව හා ඒ උදෙසා ජනපති හා ගමති අතර මෙම නාලිකා දෙකේ බලධාරීන් පත් කිරීමේ දුර්වල ක්‍රමවේදයෙන්  එහාට ගොස් යහපත් මැදිහත්වීමක් කරන ලෙස ජනාධිපතිවරයාට අපි යෝජනා කරමු.

ඇමති වරුන්ට , මන්ත්‍රීවරුන්ට  සුඛෝපභෝගී වාහන   හා වරප්‍රසාද ලබා දීමේදී  රජයට පාඩු  සිදු වේද කියා නොබලා කටයුතු කරන බලධාරීන්ට  හා නිලධාරීන්ට අප යෝජනා කරන්නේ රටේ අනාගතය ලෙස සැලකෙන මිලියන් ගණනක් වන දරුවන්ගේ සුභ සිද්ධිය උදෙසා රජයේ රුපවාහිනී පද්ධති  දෙක පිළිබඳව ද එසේම කල්පනා කොට එය දරුවන් වෙනුවෙන් විශේෂයෙන් වෙන් කිරීම පිලිබඳ නිර්මාණශීලී ප්‍රවේශයක් අනුගමනය කරන ලෙස.

ආපධාවක් වී ඇති පාසල් හා උසස් අධ්‍යාපනය බේරා ගැනීමට, ළමා පරපුර බේරා ගැනීමට පමණක් නොව අද රුපවාහිනී තරංග අතර අතර මං වී  මංමුලා වී සිටින සිටින අම්මලාද, තත්තලාද  බේරා ගැනීමට  හා විශේෂයෙන් රටේ මුල් තැනට පත් විය යුතු ග්‍රාමීය ගොවියාගේ දියුණුව උදෙසා රුපවාහිනී ක්‍රමවේදය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංගයක් ලෙස යොදා ගැනීමට රජය හා නිලධාරීන් මෙහෙයවීමට කටයුතු කරන ලෙස රටේ ජනාධිපතිවරයා වන ඔබට යෝජනා කරමු. එමෙන්ම මොන්ටිසෝරි දරුවන් ලෙස හැසිරෙන සමහර රජයේ පාර්ශව වලටමෙම යතාර්ථය තේරුම් ගැනීමට සුදුසු අධ්‍යාපන හා පුහුණු වැඩසටහන් කිහිපයක්ද ලබා දෙන ලෙස යෝජනා කරමු.

 මෙම මාතෘකාව පිළිබඳව  විශේෂයෙන් ජනතාවට අයිති රුපවාහිනී තරංග ඇතුළු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්‍රමවේද අපේ  දරුවන්ට, අධ්‍යාපනයට ලබාදීම පිලිබඳ නිර්මාණශීලී යෝජනා රාශියක් අප සතුව ඇති බැවින් .අපගේ යෝජනා සාකච්ජා කිරීමට ඔබ තුමා සමග හෝ අදාළ පාර්ශව සමග සාකච්ජා කිරීමට සුදුසු අවස්ථාවක් ලබා දෙන ලෙසද ඉල්ලා සිටිමු 

ස්තුතියි 

තෙරුවන්  සරණයි 

කථිකාචාර්ය දිලන්ත විතානගේ 
සභාපති  – බොදු ජන පෙරමුණ 
(අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු උපදේශක  හා කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය )
දුරකථන   : 0773218677
ඉ  තැපෑල : dilanthew @gmail.com

පිටපත 

අග්‍රාමාත්‍ය

ජනමාධ්‍ය අමාත්‍ය

අධ්‍යාපන අමාත්‍ය

තොරතුරු තාක්ෂණ අමාත්‍ය

ජනාධිපති ලේකම් 

ජනමාධ්‍ය ලේකම් 

අධ්‍යාපන ලේකම්  

තොරතුරු තාක්ෂණ ලේකම් 

සභාපති- ජාතික රුපවාහිනිය 

සභාපති- ස්වාධීන රුපවාහිනිය

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress