ලංකාවේ මීලග ජනාධිපති (අද ඇමති) යාල කැලේ පිවිසුම් වසා නිධන් කඩයි…??
Posted on September 22nd, 2016

Lankacnews

යාල ජාතික වනෝද්‍යානය අලූත්වැඩියාවක් සදහා යයි කියමින් දැනට මාස එකහමාරක පමණ කාලයක සිට සංචාරකයන් සදහා වසා දමා තිබියදී හම්බන්තොට දිස්ත‍්‍රික් ඇමතිවරයෙක් දිනපතා රාත‍්‍රි කාලයේ ඊට ඇතුළුවන බවත් හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඞී.වී. චානක මහතා කොළඹදී පැවති ඒකාබද්ද විපක්‍ෂයේ මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

අදාල ඇමතිවරයා මෙරට මීලග ජනාධිපතිවීමට බලා සිටින බවද කී ඔහු මෙම ඇමතිවරයා යාල කැලයේ නිධන් හාරනු ඇති බවට ප‍්‍රදේශවාසීන් සැක පල කරන බවද කියා සිටියේය.

ලංකාවේ මීලග ජනාධිපති (අද ඇමති) යාල කැලේ පිවිසුම් වසා නිධන් කඩයි…??

මෙම ඇමතිවරයා ඉතිහාසයේද නිධන් කැඞීමේ චෝදනාවන් එල්ල වී ඇති බවද මන්ත‍්‍රී ඞී.වී. වානක වැඩිදුරටත් සදහන් කලේය.

3,301 Viewers

One Response to “ලංකාවේ මීලග ජනාධිපති (අද ඇමති) යාල කැලේ පිවිසුම් වසා නිධන් කඩයි…??”

  1. Susantha Wijesinghe Says:

    WHY IS THIS MAN SCARED TO NAME THE BUGGER WHO IS ENTERING YALA AT NIGHT ? NO SPINE EH ?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress