ලසන්ත වික‍්‍රමතුංග මැරැවේ ගෝටාභයයි.. – ෆොන්සේකා සාක්‍ෂියි..ලසන්ත වික‍්‍රමතුංග මැරුවේ මහින්දයි.. චන්ද්‍රිකා සාක්‍ෂි දෙයි
Posted on September 22nd, 2016

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කලේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් බව ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ ඊයේ දින පැවති විවාදයක් අතරතුර ලසන්ත ඝාතනය ගැන විපක්‍ෂ මන්ත‍්‍රීවරයෙක් ඇමතිවරයාගෙන් විමසූ පැනයකට පිලිතුරැ ලෙසයි.

‘ලසන්ත මැරුවේ ගෝඨාභය රාජපක්ෂ’ යයි ෆොන්සේකා එහිදී සෘජුවම කියා සිටියේය.

කෙසේ වෙතත් වික‍්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා දැනට මාස කිහිපයකට පෙර අදහස් පල කලේ මෙසේය.

 ලසන්ත වික‍්‍රමතුංග මැරුවේ මහින්දයි.. චන්ද්‍රිකා සාක්‍ෂි දෙයි

August 8, 2016 at 12:01 am | lanka C news

සන්ඬේ ලීඩර් මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය කරන ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් යයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

කාන්තාවන්ට ඇතුළු වීම තහනම් කර ඇති ඉන්දීය කෝවිලකට එවකට ජනාධිපති ආර්යා ශාරන්ති රාජපක්‍ෂ ඇතුළු වීම නිසා එම කෝවිල සති ගණනක් පිරිසිදු කල පුවතක් පුවත් පතේ පල කිරීම නිසා කෝප වී ඇති මහින්ද රාජපක්‍ෂ එවකට ජනාධිපතිවරයා ලසත්න වික‍්‍රමතුංගට දුකතනයෙන් අමතා මරණ තර්ජනය කර ඇති බවත් ඉන් දින තිහිපයකට පසු ඔහු වෙඩි තබා මරා දමා තිබූ බවත් හිටපු ජනපතිනිය ගම්පහදී පැවති ජනහමුවක් අමතමින් කියා සිටියාය.

මෙම මරණ තර්ජනය ගැන ලසන්ත වික‍්‍රමතුංග තමනට එකල්හි දන්වා තිබූ බවද කුමාරතුංග මහත්මිය වැඩි දුරටත් කියා සිටියාය.

වීඩියෝව මෙතනින් බලන්න –

http://lankacnews.com/sinhala/main-news/146019/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress