තානාපතිනි මංගලට විරුද්ධව බිලියන බාගයක වන්දි ඉල්ලා නඩුවක් ගොනු කරයි
Posted on September 28th, 2016

විදේශ ඇමැති මංගල සමරවීර සිදුකර ඇති ප්‍රකාශවලින් තමාට මහත් අවමානයක්‌ සිදුවූ බව දක්‌වමින් ස්‌විස්‌ටර්ලන්තයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිනි තමාරා කුමානායගම් රුපියල් මිලියන 500 ක්‌ ඉල්ලා මංගල සමරවීරට නඩු පවරා ඇත.මේ පිළිබඳව නඩුව නොවැම්බර් 2 දා කොළඹ අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය.

තමා කොටි හිතවාදිනියක්‌ ලෙසට විදේශ ඇමැතිවරයා හඳුන්වා ඇති බව කුමානායගම් වැඩිදුරටත් දක්‌වා ඇත.

මේ සම්බන්ධයෙන් තම නීතිවේදියා යෑවූ එන්තරවාසියට විදේශ ඇමැතිවරයා ප්‍රතිචාර නොදැක්‌වීම නිසා නඩුවක්‌ ගොනු කළ බවද කුමානායගම් වැඩිදුරටත් පැවසීය.

විදේශ ඇමැතිවරයකුගෙන් අතිවිශාල වන්දියක්‌ ඉල්ලා හිටපු ශ්‍රී ලාංකික තානාපතිනියක පැවරූ මුල්ම නඩුව මෙය වේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress