මීන විලාපය — -විකුර්ති බුද්ධි , පොතෙන්
Posted on September 29th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

කෙළිදෙලෙන් දවසරින අහිංසක දරුව නේ
තෙපි නොදන්නේ වුවද බියකරුය් ලොව නේ
අපේ ලොව දෙබෑ කර ඔරු හබල් ගසමි නේ
මිනිස් රකුසන් එතී , සැගවියව් පැටවූ නේ

අපේ දරුවන් කපා උයා රස කරමි නේ
තොපේ දරුවන් කවා ලොකුමහත් කරමි නේ
අපේ ගත රුහිරු මත තොපේ ලොව හෙට දී නේ
ගොඩ නැගීමද තොපේ මිනිස් කම මිනිසු නේ

පන නහන එවුන්ගේ දුක සොයන මිනිසු නේ
පන නැහෙන එවුන්ගේ දුක නැද්ද වැටහු නේ
අපි අපේ පාඩුවෙය් මෙහි ඉන්නෙ දෙවිය නේ
වනසන්නෙ ඇය් අපට උරුම ලොව මිනිසු නේ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress