විශ්‍රාමික මේජර්ට වන්දි ගෙවන්න සල්ලි දෙයි
Posted on September 29th, 2016

උපුටා ගැන්ම ලංකාදීප

විශ්‍රාමික මේජර්වරයකු උතුරේ සේවයේ යෙදී සිටි සමයේදී නොසැලකිලිමත් ලෙස ක්‍රියාකරමින් අත්අඩංගුවේ සිටි කොටි සැකකරුවකු මරාදැමූ බවට වරදකරු වූයෙන් රුපියල් විසි ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස උසාවියෙන් කළ නියමයෙන් පසු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මූලික වී මහජනයාගෙන් එකතු කළ එම මුදල අද මේජර් විමල් වික්‍රමගේට බාරදීම පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනේ දී සිදුවිය.

පේදුරුතුඩුව හමුදා කඳවුරෙන් 1998 ජූලි 20 වැනිදා පැනයාමට තැත් කළ රොබට් වෙලිංටන් නම් කොටි සාමාජිකයකුගේ මරණය සිදු කළැයි විශ්‍රාමික මේජර් විමල් වික්‍රමගේට කොළඹ මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මිය දෙවසරක සිරදඬුවමක් වසර 10කට අත්හිටුවා මියගිය වෙලිංටන්ගේ පවුලේ සමීපතම නෑයනට රුපියල් විසි ලක්ෂයක් ගෙවන ලෙස පසුගියදා නියම කැරිණි.

 

DSC_0811 DSC_0837 DSC_0861 DSC_0862

One Response to “විශ්‍රාමික මේජර්ට වන්දි ගෙවන්න සල්ලි දෙයි”

  1. Sarath W Says:

    This stupid judge Sarijini Weerawardena should read the most informative article written by Shenanl Waduge in today’s Lanka Web. If I read it right, no terrorist is entitled for compensation when killed in action. Just look at the murder of Bin Laden. That was just cold blooded murder authorised by the president of the US. Did his family get any compensation and was there a murder charge against Obama? Some one must watch this judge closely if she is rewarded by the LTTE.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress