‘ජිනීවා සහ ඔබ’ සංවාදය පිළිබඳව පසුවිපරමක්
Posted on October 2nd, 2016

www.mahinda.info

‘ජිනීවා සහ ඔබ’ මැයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති සංවාදය පිළිබඳව මිලින්ද රාජපක්ෂ නමැති මහතෙක් සිය වත්පොත් ගිණුමේ තබන ලද සටහන පහතින්.

පසුගිය සිකුරාදා පදනම් ආයතනයේදී පැවති ‘ජිනීවා සහ ඔබ’ සංවාදය පිළිබදව, නිතර දේශපාලන සාකච්ඡා සහ තවත් අනේකවිධ වැඩසටහන්වලට නිතර සහභාගීවන්නකු ලෙස, සටහනක් තැබිය යුතු යයි සිතුවේ, වැඩසටහන අවසානයේ කථිකයන් සමග සංවාදයක් ගොඩනැගීමට තරුණයන් දැක්වූ උනන්දුව දුටු විටයි. මගේ වයසටත් වඩා වැඩි කාලයක් දේශපාලනය සහ ජාත්‍යන්තර සබදතා පිළිබදව හදාරා සහ ප්‍රයෝගිකව කටයුතු කර අත්දැකීම් රාශියක් ඇති, ආචාර්ය දයාන් ජයතිලක සහ ආචාර්ය පාලිත කොහොන වැනි කථිකයන්ගේ අදහස් පිළිබදව ලියනවාට වඩා , ‘ජිනීවා සහ ඔබ’ වැඩසටහන හරහා ලංකාවේ දේශපාලන සමාජයට සිදුවන බලපෑම ගැන කරනා 3ක් ඔස්සේ අදහස් දැක්වීමට සිතුවා.

1. ‘රට’ යනු අදේශපාලනික සහ ජාතික ‘සංවාදයක්’ විය යුතු බව.
රටක් කියන්නේ භූගෝලීය වපසරියෙන් එහාට ගිය, මිනිස්සුන්ගේ සංස්කෘතිය, පෞරුෂත්වය, ජාතිකත්වය සහ අනාගතය පිළිබදව වූ කාරණාවක්. රට, මහින්දටවත් රනිල්ටවත් චන්ද්රිකාටවත් අයිති නැහැ. අනෙක් අතට මේ රටේ මිනිස්සු කළ යුත්තේ කුමක්ද කියන එක, අපි උදේට දැනගත යුත්තේද ඇමරිකන් තානාපතිතුමාගේ Tweet වලින් නොවේ. ඒ වගේම රටේ මිනිස්සුන්ට අවශ්‍ය පාලම් බෝක්කු හැදිය යුත්තේ කොහෙද කියන එක චීනයට තීරණය කරන්න දෙන්නත් හොද නැහැ. රටේ ස්වෛරීභාවය, ඒ රටේ මිනිස්සුන්ගේ මුලික අයිතිවාසිකමක්. ඒ නිසා UNPද, ශ්‍රී ලංකාද, JVPද, පෙරටුගාමීද කියල බලන්නේ නැතුව, ‘රට’ විදියට ‘රට’ ගැන සාකච්ඡාවක් නිර්මාණය වියයුතු බව ‘ජිනීවා සහ ඔබ’ තුළින් පැහැදිලි වුණා. ආචාර්ය පාලිත කොහොන කීවා වගේ, මානව අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර නාටකය, හුදෙක්ම සාමාන්‍ය මිනිස්සුන්ගේ අයිතිවාසිකම්වලින් එහාට ගිය, ඇමරිකාව යුරෝපය වගේ දියුණු රටවල ආර්ථික දැක්ම, ව්‍යාපාරික කටයුතු, ආරක්ෂක සහ හමුදා තීරණ, නිලධාරිවාදය මෙන්ම දේශපාලකයන්ගේ පෞද්ගලික අවශ්‍යතා වැනි කරුණු බොහොමයක එකතුවක්. අවාසනාවකට අපි රන්ජන්, වියන්ගොඩ වගේ අය කියන ඒවා අහල, බස් වල කොච්චි වල ලොරි talk දිදී ඉන්නවා. ‘ජිනීවා සහ ඔබ’ සදහා සහභාගි වූ කථිකයන් තහවුරු කළේ, සත්‍ය දැනගැනීම සදහා මහජනතාවට තිබෙන මුලික අයිතිවාසිකම.

2. ‘SMART PATRIOTISM’ සදහා බුද්ධිමත් සිවිල් සමාජය තුළ ලොකු ඉඩක් තිබෙන බව.
‘ජිනීවා සහ ඔබ’ සංවිධානය කර තිබුණේත්, ඒ ගැන අන් අයව දැනුවත් කළේත්, කිසිදු දේශපාලන පක්ෂයකට අයිති නැති, බොහෝවිට පෞද්ගලික අංශයේ රැකියා කරන, උසස් අධ්‍යාපනය හදාරන හෝ හදාරමින් සිටින පිරිසක්. මේ කණ්ඩායම මැතිවරණ කාලයට කල එළි බහින සිවිල් සමාජයෙන් වෙනස් වන්නේ ‘වියන්ගොඩ – විජේසුරිය’ වර්ගයේ ‘පුතා විතරක් නෙමෙයි අම්මාවත් අත් අඩංගුවට ගනු’ වැනි කුහක/ද්වේශසහගත සංවාදයකින් එහාට යාමෙනුයි. ‘ජිනීවා සහ ඔබ’ තුළ සිදු නොවූ වැදගත්ම දේ තමා නිකරුණේ මිනිස්සුන්ට බැණ වැදීම. අනෙක් පැත්තෙන් මෙම කණ්ඩායම ‘JVP – පෙරටුගාමී’ වගේ පාරවල් බ්ලොක් කරල, office වල වැඩ නවත්තල, රජයේ දේපල හානිකරල, සංවාදයක් ගොඩනගන්න ගියෙත් නැහැ. හැමෝම තමුන්ගේ එදිනෙදා රාජකාරී කටයුතු අවසන් කරල තමයි ඇවිත් තිබුණේ. නමුත් මේ අය පොත පත කියවන රටේ ලෝකේ සිද්ධවෙන දේවල් පිළිබදව අවබෝධයක් තිබෙන අය. දේශපාලකයන්ගේ දේශපාලන සම්මන්ත්‍රණ වලින් එහාට ගිය බුද්ධිමය සංවාදයකට රට තුළ ඉඩ තිබෙන බවත්, NGO Sponsorship වලට වඩා ‘දැනුම’ ප්‍රබල බවත් ‘ජිනීවා සහ ඔබ’තුළින් ඔප්පු වුණා.

3. බුද්ධිමත් තරුණ පරපුරට දැවැන්ත දේශපාලන කාර්යභාරයක් ඉතිරිවී තිබෙන බව.
මගේ වයස අවුරුදු 30ක්. අඩු වැඩි වශයෙන් අපේ පරම්පරාව රටේ තරුණ පරම්පරාව ලෙස ගත්තොත්, අපි 89 JVP-ප්‍රේමදාස යුගයේ පාසල් යන්න පටන් අරන්, බස් වල බෝම්බ පුපුරද්දී ඉස්කෝලේ ගිහින්, නන්දිකඩාල් සිද්ධියත් එක්ක campus වලින් එළියට ආපු අය. අපි සල්ලි හම්බකරන්න පටන් ගනිද්දී තමයි කොලබ දියුණු වෙලා පාරවල් ටික හැදෙන්න පටන් ගත්තේ. එක අතකින් අපි වාසනාවන්ත පරම්පරාවක්. නමුත් විවිධ හේතුන් නිසා, අද රටේ දේශපාලනය සහ ඒ හරහා ක්‍රියාත්මක වෙන ආර්ථිකය, සුබසාධනය සහ ජාත්‍යන්තර සම්බන්ධතා වගේ කටයුතු සිද්ධ වෙන්නේ අපේ අභිලාෂයන්ට අනුව නෙමෙයි. ඉතිහාසය දැකපු සහ බුද්ධිමත් තරුණ පරම්පරාවක් විදිහට අපිට යුතුකමක් සහ වගකීමක් තියෙනවා , රට පිළිබද සංවාදය ‘විජේසුරිය – වියන්ගොඩ’ වැන්නවුන්ට භාරනොදී, අපිට කලින් පරම්පරාවේ රටට ආදරේ සහ බුද්ධිමත් පිරිස සමග එක්ව නිර්දේශපාලනික සංවාදයක් , ‘රට’ ගැන සංවාදයක් ඇති ගොඩනගන්න. මේ අලුත් ව්‍යාපාරයට එකතුවෙන්න බොහෝ දෙනෙක් බලාගෙන ඉන්න බව ‘ජිනීවා සහ ඔබ’ ජිනීවා සහ ඔබ තුළින් ඔප්පු වුණා.

අනිත් අයටත් බලන්නට SHARE කරන්න.

One Response to “‘ජිනීවා සහ ඔබ’ සංවාදය පිළිබඳව පසුවිපරමක්”

  1. Christie Says:

    මේවා කියවනවිට මට දැනෙනෙනේ මට පිස්සුයි කියල.

    අපේ රටේ සින්හල අපි හිතන විදියත් අපිකරන දේවලුත් ඉන්දියානු අදිරදයත් ඉන්දියානු පරපෝසිතයනුත් තමයි තීරනය කරන්නෙ.

    මෙය වටහාගන්න, එකතුවන්න ඉන්දියානු අදිරදයට එරෙහිව නැගී සිටින්න

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress