අනුන්ගේ ලනු කා බලයෙන් මත්වූ හිටං හුටං නීතියානුකූලව වරදකරුවෙකු වන හැටි
Posted on October 5th, 2016

LNW SPY

යහපාලනය හෙවත් GOOD GOVERNENCE යනු වෙනකක් නොව මූලික වශයෙන් සරලව සලකතොත් නීතියේ පාලනයයි. නීතියේ පාලනය යනු සෑම පුරවැසියෙකුටම සමාන ලෙස නීතිය ක‍්‍රියාත්මක කිරීමයි එහිදී අධිකරණයේ ස්වාධිනත්වය ප‍්‍රථමස්ථානයෙහිලා සැලකිය හැකිය.

නමුත් 2015 ජනවාරි 09 වෙනිදා යහපාලනයක් ඇති කරනවායැයි කියා බලයට පත්වූ මෛත‍්‍රීපාල සිරිසේන තම පත්වීමෙන් පසු ප‍්‍රථම වරට කලේ අධිකරණයට පා පහරක් එල්ල කිරීමයි. අගවිනිසුරු මොහාන් පීරිස් බලයෙන් පහ කලේ කිසිදු වග විභාගයකින් තොරවයි. ස්වාභාවික යුක්තිය ද උල්ලංඝනය කරමින්ය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාව අමු අමුවේ උල්ලංඝනය කරමිනි. ජනාධිපතිවරයෙකුට විරුද්දව චෝදනා ගෙන ආ හැකි එක් කාර්යයක් වනුයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාව උල්ලංඝනය කිරීමයි. එය මෛත‍්‍රිපාල ජනාධිපතිවරයා විසින් සිදුකර හමාරය.

අග‍්‍රවිනිශ්චකාර මෙහාන් පීරිස් ඉවත් කිරීමට අනුගමනය කලයුතු කි‍්‍රයා පටිපාටිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාවේ පැහැදිලිව දක්වා ඇත . බලයෙන් මත්වූ හුටං කාගේ හෝ කීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාව උල්ලංඝනය කලේය. මහින්ද රාජපක්ෂ විසින් හිටපු අගවිනුසුරු වරියක් වන ශ‍්‍රිරාණි බණ්ඩාරනායකව ඉවත් කලේ ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්තාවට අනුකූලව කටයුතු කරමින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගනිමින්ය. මේ නිසා මහින්දට වඩා අධිකරණයට බලපෑම් කරපු අයෙකු ලෙස සිරිසේන ඉතිහාසයට එක්වේ ඔහුගේ නොදන්නා කමට මෝඩ කමට බෙහෙත් නැත සිරිසේන විශ‍්‍රාම ගිය දිනෙක නීතියානුකූලව ඔහු වරදකරුවෙකු කිරිමට මෙම කරුණ ප‍්‍රමාණවත්ය.

නීතිය ක‍්‍රියාත්මක කරන ඊලග වැදගත් ආයතනය වන්නේ නීතිපති දෙපාර්තමේන්තුවයි එයටද හුටං ප‍්‍රමුඛ ජහපාලන නඩය ප‍්‍රහාරයක් එල්ල කලේය. ඒ නව නීතිපතිවරයා පත් කිරීමේදී ජේ්‍යෂ්ඨත්වය නොසලකා හරිමින් නීතිපතිවරයාට එම දෙපාර්තමේන්තුවේ සිටි ජේ්‍යෂ්ඨතමයා වූ වර්තමානයේද ජේ්‍යෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් වූ සුහද ගම්ලත් එම තනතුරට පත් නොකර ඊට පහලින් සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් වූ ජයන්ත ජයසූරිය මහතා පත් කිරීමයි ජයන්ත ජයසූරිය වනාහි ඉතා හොද මහත්මයෙකි. එතුමාට නීතිපති තනතුර පිරිනැමීම පිලිබද පෞද්ගලිකව සතුටු වන අතර යහපාලනය ජේ්‍යෂ්ඨත්වය නෙසලකා හැරීම ගැටලූවකි. අනෙක් අතට සුහද ගම්ලත් වනාහි මහින්ද රාජපක්ෂට නීතිපති දෙපාර්තමේතුව තුලදීම අසභ්‍ය වචනයෙන් බැනවැදුනු ජනාධිපති මෛත‍්‍රීපාල ප‍්‍රසිද්ධියේම සහාය පලකල අයෙකි .

තෙවනුව යහපාලන රජය අධිකරණයට පහර දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පත් කිරීමේදීය යහපාලනය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවන් හතර දෙනෙකු පත්වූහ

ඒ අය නම්

1 විනිසුරු අනිල් ගුණරත්න

2 K.T චිත‍්‍රපිර

3 H.N.J පෙරේරා

4 විනිසුරු නීතීඥ ප‍්‍රසන්න ජයවර්ධන

මෙහිදී වූ අසාධාරණය වන්නේ වසර 33ක අධිකරණ නීති සේවයේ සිටි වර්තමාන අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතාට වඩා ජේ්‍යෂ්ඨත්වයෙන් අඩු විනිසුරුවන් පත් කිරීමයි එහිදී යහපාලනය කියා සිටියේ විනිසුරුවරුන් ලෙස අධිකරණ කේ‍්‍රෂත‍්‍රයේ දිගු කලක් සේවය කල අය පත් කරන බවයි එහෙත් නීති කේෂත‍්‍රයේ අධිකරණ නිළධාරියෙකු ලෙස සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා වසර 33ක රාජ්‍ය සේවයක් සපුරා ඇත ඔහුව නොසලකා ඊට පහලින් සිටි විනිසුරුවරුන් 4ක් සහ අධිකරණ සේවයෙන් පිටත නීතීඥයෙකු ලෙස කටයුතු කල ප‍්‍රසන්න ජයවර්ධන මහතා පත් කිරීම ජේ්‍යෂ්ඨත්වය පිළිබද සැලකීමක්ද අනෙක් අතට 2015 ජනවාරි 09 වෙනිදාට පසුව අභියාචනාධිකරණය ඉදිදාරියට පැමිණි වැදගත් නඩුවක් වූ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසුරුවා හැරීම සදහා ගොනුකරන ලද නඩුවයි. එය තවම ඇසෙමින් පවතී සභාපත් විනිසුරු විජිත් මලල්ගොඩ මහතා එම නඩුව විභාග කරයි තවත් නඩුවක් වූයේ උ‍්‍රෟවේ හියපු මහ ඇමති ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා ඉවත් කිිරීම නීතිවිරෝදී බවට තීන්දුවක් ගැනීමට තිබූ නඩුවයි. එහිදී මලල්ගොඩ මහතා රාජපක්ෂලාට පක්ෂව තීන්දුවක් නොදුන්නේය ඔහු ශෂේන්ද්‍ර රාජපක්ෂ ඉවත් කිරීම නීත්‍යානුකූල බවට තීන්දුවක් දුන්නේය.

අනෙක් අතට වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී දුම්කොළ හා දුම්වැටි භාවිතය පිලිබද පහත අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි සක්‍ය කලේද අතිරේක පොලිස් ජනරාල් වරයෙකු වූ විජිත් මලල්ගොඩය ඔහු නීතීඥවරයෙකු ලෙස දිවුරුම් දෙන්නේ 1981දීය නීතිපති දෙපාර්තමේන්තුවට බැදුනේ 1982දීය එදා මෙදා කාලය තුල ඔහු නීතිය අකුරටම ක‍්‍රියාත්මක කල නිළධාරියෙකු ලෙස ප‍්‍රකටය පැවති රාජපක්ෂ පාලනයට කඬේ ගියේද නැත . දැන් යහපාලනයට කඬේ යන්නේද නැත මේ නිසාදෝ ඔහුට පහලින් සිටින විනිසුරුවන් ඔහු පසුකරගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට යති. එපමණක් නොව 1989 වර්ෂයේ නීතීඥයෙකු ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතාව හියපු නීතිපති C R ද සිල්වා සමග ගොස් හමුවී වැදවැටී ජනාධිපති නීතීඥ තනතුරක් 2013 දී ලබාගත් ප‍්‍රසන්න ජයවර්ධන ද ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස පත්වූයේ යහපාලනය අධිකරණයට අතපොවන ආකාරය ලොවට පෙන්වමිනි.

1989 දී නීතීඥයෙකු ලෙස දිවුරුම් දුන් ප‍්‍රසන්න ජයවර්ධන පත් කිරීම නිසා අභායාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩට පමණක් නොව ඊට පහලින් සිටින සියලූ විනිසුරු තනතුරු වලට සිදුවූයේ අගතියකි. එසේ අගතියට පත්වූ එක් අයෙකි විනිසුරු දීපානි විජේසුන්දර මහත්මිය ඇයද නීතීඥවරියක ලෙස දිවුරුම් දී ඇත්තේ 1980 වර්ෂයේය අධිකරණ සේවයේ විනිසුරුවරියක ලෙස දැනට වසර 36 ක සේවා කාලයක් අවසන් කර ඇත විනුසුරුවරියක ලෙස ඇය යහපාලනයේ වෛරයට පාත‍්‍රවී ඇත්තේ සරත් ෆෙන්සේකාට එරෙහි නඩුව ඇසීම නිසාය. එය පුදුමයකි විනිශ්චකාරවරයෙකුට හෝ වරියකට තමා ඉදිරියට එන නඩුවක් යම් දැන හැදුනුම් කමක් නොමැති නම් විසදීමට හැකිය එසේම අදාල චූදිත පාර්ශවයේ විරෝධයක් නොමැතිනම් එය කල හැකිය විනිසුරුවරුන් තීන්දු දෙන්නේ නීතියට අනුව කරනු ලබන සමාජ මෙහෙවරක් ඉටු කරමිනි එව චූදිත සමග ඇති අමනාපයක් නිසා කරන්නක් නොවන බව මේ යහපාලන නඬේ උගත යුතුය. නැතිනම් වින්සුරුවරුන්ට සිදුවන්නේ ඔවුන්ට පන්දම් ඇල්ලීමටය එවිට නීතිය වල් වැදී අධිකරණය ස්වාධින නොවේ නීතියේ පාලනය කඩා වැටේ එය පොඩි දරුවකුටද තේරුම් යනු ඇත .

අගවිනුසුරු ශ‍්‍රී පවන් මහතා ද ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කිරීමට නිර්දේශ කලේ අභියාචනාධිකරන සභාපති විජිත් මොල්ලිගොඩ සහ අභියාචනාධිකරන විනිසුරු දීපානි විජේසුන්දරගේ නම්ය ඔවුන් දෙදෙනාම නීති සහ අධිකරණය කේ‍්‍රෂත‍්‍රයේ මහජනයා හා රජය වෙනුවෙන් වසර 35කා අධික සේවා කාලයක් ඇති නිලධාරීන්ය ඔවුන් දෙදෙනාම තම සේවා රාජකාරි ඉටු කිරීම සම්බන්ධයෙන් කිසිදු ගැටලූවක් අපවාදයක් එල්ලවී නැත .

එහෙත් 2016 ජූනි මස ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වූ ප‍්‍රසන්න ජයවර්ධනගේ පැටිකිරිය නම් ඔහු 1989 වර්ෂයේ නීතීඥ වෘර්තියට පිවිස 2013 දී හිටපු නීතිපති C R ද සිල්වා සමග මහින්ද රාජපක්ෂ හමුවී ජනාධිපති නීතීඥ කමක් ලබා ගත්තේය පසුව 2014 නොවැම්බර් මාසයෙන් පසුව රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සිරිකොත නීති අංශයට බැදී මහින්දට විරුද්ධව කටයුතු කිරීමයි මේ අනුව වර්තමාන යහපාලන ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවන් පත් කරන්නේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්තානයෙන් බව පැහැදිලිය.

යහපාලන රජය අධිකරණයට අත තැබූ තවත් අවස්තාවක් වන්නේ කෙළෙඹ අතිරේක මහේස්ත‍්‍රාත් තිලිණ ගමගේ මහතාට එරෙහිව අලිපැටවෙකු පිලිබද චෝදනා එල්ල කර ඔහුව අනිවාර්ය නිවාඩු යැවීමයි එයට හේතුව වූයේ වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල මහතාට දාව පොළොන්නරුව හිගුරක්ගොඩ කිඹුලා ඇලෙහි පදිංචි  චමිලා කුමාරි දිසානායක මහත්මියට ඉපදීසිටින දැනට 17 හැවිරිදි වියේ පසුවන ශහසුක කුලසේකර දරුවාගේ පීතෘත්වය සම්බන්ධයෙන් නීතීඥ පින්සිත් පෙරේරා මහතා විසින් DNA පරීක්ෂණයක් කර පීතෘත්වය කරගැනීමට කරන ලද ඉල්ලීමට අවසර ලබාදීමයි.

අල්ලනවානම් අලි හොරෙකු ලෙස ඇල්ලිය යුත්තේ තිළින ගමගේ නොව විඝනකාධිපති වරයා විසින් පිටු 1058ක සිය වාර්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් රුපියල් කෝටි දාහතරදහස් පන්සීයක අලාභයක් මෙරට මහජනයාට සහ රජයට බැදුම්කර සිද්ධියෙන් අලාභ සිදුකර තම බෑනාගේ සමාගමට ඒ සා විශාල මුදලක් ලබා ගැනීමට සලස්වා එම මුදල් අග‍්‍රාමාත්‍යවරයාට ලබාදුන් මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහු රකින අගමැති මිනීමරු රනිල් වික‍්‍රමසිංහ බව බත්කන කාටත් තේරෙන කරුණකි.

මෙසේ බලන විට 2015 ජනවාරි 09 යහපාලනයයැයි බොඞ් ලෑල්ලට මුවාවී බලයට පත්වූ හොර නඩය කරන්නේ අධිකරණයට තම හිතවතුන් පත් කිරීමයි. නීතිපති දෙපාර්තමේන්තුව විනාශ කිරීමයි එහි ඊලග පියවර ලෙස කරන්නට යන්නේ 2017 පෙබරවාරියේ දැනට සිටින අගවිනිසුරු ශ‍්‍රීපවන් මහතා විශ‍්‍රාම ගිය පසුව දැනට නීතිපතිව සිටින ජයන්ත ජයසූරිය මහතා අගවිනිසුරු කිරීමයි ඉන් පසුව නීතිපති ලෙස හියපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සහ කාරක සභා සභාපති වූ නෝමන් වෛද්‍යරත්න මහතාගේ පුත් නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල් කපිල වෛද්‍යරත්න මහතා එක්සත් ජාතික පාර්ශව කරුවෙකු ලෙස සලකා නීතිපති තනතුරට පත්කර එළබෙන ජන්ද සටනට පෙර ඒකාබද්ධ විපක්ෂයේ සියලූ දෙනා කූඩු කිරීමයි.

එවිට දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජේ්‍යෂ්ඨතම විනිසුරු වන ප‍්‍රියසාද් ඩෙප් මහතාට අගවිනිසුරු කම නොලැබී යනු ඇත එමෙන්ම සෙසු විනිසුරුවන්ටද ජේ්‍යෂ්ඨත්වය වියැකී යනු ඇත අභායාචනාධිකරණ විනිසුරුවන්ටද උසස්වීම් නොලැබෙනු ඇත . නීතිය යහපාලනය යටතේ බල්ලාට යනු ඇත එක්සත් ජාතික පක්ෂ මිනීමරු භීෂකයා රජවනු ඇත එයට උඩගෙඩි දෙන මෛත‍්‍රී එදාට විශ‍්‍රාම ගනු ඇත .

One Response to “අනුන්ගේ ලනු කා බලයෙන් මත්වූ හිටං හුටං නීතියානුකූලව වරදකරුවෙකු වන හැටි”

  1. Christie Says:

    ඇයි ඉන්දියානු දෙයියො කොහෙද පත් කරපු පොලිස් කොමසාරිස්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress