චේතිය සිරිසේන ගේ තවත් පචයක් අතේ පත්තු වෙයි –
Posted on October 5th, 2016

ලංකා සී නිවුස්

ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් පොලොන්නරුව පැවති සුගලාදේවි ගම්මාන විවෘත කිරිමේ උත්සවයට ඊයේ සහභාගිවෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියේ නෙලුම් පොකුණ රඟහල ආරම්භ කිරීමට 2004 වර්ෂයේදි හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් උත්සවාකාරයෙන් මුල් ගල තැබු බවත් ඒ වෙනුවෙන් සමරුඵලකයක් එම භූමියේ ස්ථාපිත කලබවත්ය.

එහෙත් නැවත වරක් 2005 වසරේදි මහින්ද රාජපක්ෂ සමයේ එම සමරු ඵලකය සම්පූර්ණයෙන්ම බුල්ඩෝසර කොට ඉවත්කර ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරගේ නමින් නව සමරු ඵලකයක් ස්ථාපිත කිරීමේ උත්සවයක් මහ ඉහළින් පැවත්වූ බවත් තමා ඇමතිවරයකු ලෙස ආරාධනාවක් අනුව එහි ගියේ චන්ද්‍රිකා මැතිනිය විසින් මුල්ගල තැබු එම රඟහල ඉදිකොට අවසන් කර ඇති බැවින් එහි විවෘත කිරීමේ අවස්ථාව යයි සිතා බවත්ය.

මෛත්‍රීගේ මහා හෙලිදරවුව දවසින් බොරු වෙයි.. චන්ද්‍රිකාගේ ඵලකය නෙළුම් පොකුණේ අදත් නිරුපද්‍රිතයි..

නමුත් සිදුවූයේ චන්ද්‍රිකා මැතිනිය විසින් තබන ලද සමරු ඵලකය සම්පූර්ණයෙන්ම බුල්ඩෝසර කොට ඉවත්කර ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරගේ නමින් නව සමරුඵලකයක් ස්ථාපිත කිරීමේ උත්සවයකට සහභාගිවිමට යන්නයි.

එම චෝදනාව ප්‍රතිකේෂ්ප කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ අදටත් නෙලුම් පොකුණ රඟහල පරිශ්‍රයදී චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් තබන ලද එම සමරුඵලකය නිරුපද්‍රිතව ඒ ආකාරයෙන්ම තිබෙන අයුරු එහි යන ඕනෑම අයෙක්ට මේ අයුරින් දැකගත හැකි බවයි.

001 002 003 004005

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress