දකුණු ඉන්දීය කම්කරු පිළිලය
Posted on October 5th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

එළාර ,සෙන, ගුත්තික,දාඨිය, පීඨිය ආදීහුද රාජරාජ,,රාජේන්ද්රමෙන්ම කාලිංගමාඝ හා චන්ද්රභානුද අපි එළවාදම්මෙමු. ප්රුතුගීසි, ලන්දේසි හා වඩුගයාගෙන්ද ගැලවුනෙමු.. එහෙත් 1948දී ඉංග්රීසිකාරයාගෙන් ගැලවුනේ නාමිකවශයෙන් පැමි අපේරටනැවත අපට ඕනෑ විදිහට සකසාගැනීමඅර්බුදයක් වනපරිදි ඉංග්රීසි කාරයාවිසින්කටයුතු කරනලදී 1948ආසන්නවනවිට ඉංග්රීසින්ගේ ආධිපත්යය දියවෙමින් පැවතුනඅතර ඉන්දියානු නිදහස්අරගලයට මුහුණදෙන අතරතුරේදීම ලංකාවටද නිදහසදීමේ අදහස ඉංග්රීසින්තුල විය.. ඉන්දියාවේ වැනිඉංග්රීසිවිරෝධී ප්රභූ දේශපාලකයන් ලංකාවේඇති නොවනපරිදි කල් තියාම ඉංග්රීසින්විසින් කටයුතුකර තිබු හෙයින් තමන්ගේ සුවචකීකරු අතවැසියන්වෙත ලංකාවේ පාලනයභාරදීම ඔවුන්ට ප්රශ්නයක්ද නොවීය..සුදු ජාතිකයන් අතින් කළු ජාතිකයන් අතට පාලනය පත්වෙනවාමිස පාලනරටාවේ වෙනසක් නොවනබව ඉංග්රීසීහු දන සිටියහ.

මේ වනවිට සිංහලේවිනාශකිරීමසඳහා ඉංග්රීසින්විසින් ගෙන තිබු . පළාත්බෙදීම්, ඉඩම්පවරාගැනීම්,, වාරිමාර්ගනොසලකාහැරීම,මගින් රටේකෘෂිශිෂ්ටාචාරය බිඳදැමීම,, වතුවගාමගින් කඳුකරයවිනාශකිරීම සහ විදේශීය කම්කරුවන් දහස් ගණනින් මෙරටට ගෙන්වා පදිචි කිරීමාදී විවිධ පියවර නිසා සිදුවෙමින්පවතින විනාශය ඇසින් දුටු කනින් ඇසු එකල ලාංකික ප්රභූහු මෙය ව්යසනයක් නොව ආශීර්වාදයක් සේ පෙන්වමින් මුළුරටම
නොමග යැව්වාපමණක්නොව තමන් වැනිමවූ ජාතිභ්රෂ්ටයන් තවතවත්බිහිකරන මිෂනාරී අධ්යාපනයත් බ්රතාන්ය දේශපාලන සන්ස්ක්රුතියත් ඉංග්රීසිකාරයාටත්වඩාහොඳින් ආරක්ෂාකරවැඩි දියුණුකළහ
ඉහතකී සියලු ව්යසනයන්ගෙන් අතිශයින්ම භයානකවුයේත් අද භයානක වී ඇත්තෙත් අනාගතයේදී මහාපිළිකාවක් වන්නේත් ඉංග්රීසින් විසින් මෙරටටගෙන්වා පදිංචිකරවූ දකුණු ඉන්දීය කම් කරුවන්ය, සිංහලයන්ගේඉඩම් බලහත්කාරයෙන් හා ප්රයෝගයෙන් ලබාගත් ඉංග්රීසීහු 1883වනවිට අක්කර 1, 085, 653 බ්රතාන්ය ධනපතියන්ට පවරා තිබුණි. මෙනිසාඅසරණ වූ සිංහලයන් විශාලපිරිසක් සාගින්නෙන් මියගියහ. සමහරු වෙනත්පළාත්වලට විසිර ගියහ. මේ වතුවල කෝපි හා තේ වැවීමෙදී. ශ්රමිකයන් අවශ්යබව ඔවුහු දැන සිටිඅතර මේසඳහා සිංහලයන් යෙදවීමට ඉංග්රීසින්තුල එතරම්කැමැත්තක් නොවීය. සිංහලයන්නැවත මේ ප්රදේශයේ පදිංචිවීමවැලක්වීමට ඉන්ගීසින්ට අවශ්යවූනිසා අවශ්යශ්රමය චීනයෙන් ලබාගැනීමට පළමුවෙන් උත්සාහගන්නා ලදී. එහෙත්ඉංග්රීසින්විසින් පසුවප්රචාරය කරන ලද්දේ සිංහලයන්ස්වභාවයෙන්කම්මැලි ජාතියක්නිසා වතු වල වැඩට නොකැමැති වූ බවය් .. සිංහලයන් බොහොමයක්ම ඉංග්රීසි හතුරන්ගේ කුලී කාරයන් වීමට කැමති නොවූ බව නම් සත්යයකි චීනෙන් කම්කරුවන් ගෙන ඒමටයන අධික වියදම නිසා පුව ඔවුහු දකුණු ඉන්දියාව දෙසට හැරුන බව පෙනේ
මතු සබැඳේ .

One Response to “දකුණු ඉන්දීය කම්කරු පිළිලය”

  1. Christie Says:

    ඉස්සෙල්ලම ඉන්දියානු පිලිලය ආවේ මලබාර් වල වෙල්ලලයන් බිරිතානිය ලන්දේසින්ගෙන් වන්චාවෙන් ගත්ත මුහුදුබඩ සින්හලය පාලනය කිරීමටය. මෙම පෙදෙස් 1792-96 දක්වා පාලනය කෙරුනේ මදුරාසියේ සිටය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress