තමන්ගේ අයියලා මල්ලිලා දුලා පුතාල නෝනලා බෑනලා අමාත්‍යාංශවලට රිංගවලා මේ කරන්නෙත් පවුල පාලනය තමයි.. – දයාසිරි
Posted on October 6th, 2016

ලංකා සී නිවුස්

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති මල්ලි ටෙලිකොම් සභාපති කිරීමත් ඔහුගේ අය ආණ්ඩුවේ තැන් තැන්වලට දාපු එක ගැනත් අපිට විවේචනයක් තියෙනවා යයි ජාතික ආණ්ඩුවේ ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පසුගිය සතිඅග ඉරිදා ලoකාදිපය සමඟ පැවති මුහුණට මුහුණ” සoවාදයේදි ප්‍රකාශ කරන ලදි.

රාජපක්ෂ පවුල් පාලනය ගැන කිය කියා ආපු අයම මේ ආණ්ඩුව යටතේ පවුල් පාලනය ගොඩනගනවා නම් කාටද කියන්නෙ? තමන්ගේ අයියලා මල්ලිලා දූලා පුතාල නෝනලා බෑනලා අමාත්‍යාංශයවලට රිoගවගෙන මේ සමහරු කරන්නේත් පවුල පාලනය තමයි, ඒකයි කියන්නෙ අපි මේකෙන් ගැලවමු” යන්න පවුල් පාලනය සම්බන්ධයෙන් අසන ලද පැනයන්ට පිලිතුරු දෙමින් දයාසිරි ජයසේකර පැවසීය.

තමන්ගේ අයියලා මල්ලිලා දුලා පුතාල නෝනලා බෑනලා අමාත්‍යාංශවලට රිංගවලා මේ කරන්නෙත් පවුල පාලනය තමයි.. – දයාසිරි

පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උත්සවයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දුව වන චතුරිකා සිරිසේන එම උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ අතර ඇයගේ සැමියා එනම් ජනාධිපතිවරයාගේ බෑනා ආරක්ෂක අමාත්‍යාංශයේ මහජන සම්බන්ධතා ලේකම් ලෙස ජනාධිපති ආරක්ෂක අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති විසින්ම පත්කොට ඇත.

තම පියා රටේ ජනාධිපතිව සිටියදි තම ස්වාමිපුර්ශයා ආරක්ෂක අමාත්‍යාංශයේ මහජන සම්බන්ධතා ලේකම් ලෙස සිටියදි, රටේ ජනාධිපති හෝ අග්‍රාමාත්‍යතුමා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි විය යුතු ආරක්ෂක අමාත්‍යාංශයේ නිල උත්සවයකට ජනාධිපති දියණිය ලෙස සහභාගි වීමට ලැබීම සම්බන්ධයෙන්ද සමහර විට අමාත්‍ය දයාසිරි ජයසේකර ගේ කරුණු ඉදිරිපත් කිරීම ඉතා ඉහළින් ගැලපෙන ආකාරක් දක්නට ලැබිනි.

– FB black eagle

chathurika1

42,928 Viewers

One Response to “තමන්ගේ අයියලා මල්ලිලා දුලා පුතාල නෝනලා බෑනලා අමාත්‍යාංශවලට රිංගවලා මේ කරන්නෙත් පවුල පාලනය තමයි.. – දයාසිරි”

  1. NAK Says:

    Yet he is still a minister in family run government! Put your money where your mouth is!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress