දකුණු ඉන්දීය කම්කරු පිළිලය 2
Posted on October 7th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

සිංහලයන් කම්මැලියන් වීමනිසා වතු වගාකටයුතු සඳහා ඉන්දියානුවන් ගෙන්වීමට සිදුවීයය් යනකියමන තවදුරටත් විමසා බැලියයුතු කරුණකි .සිංහලයන් වැවිලිකටයුතු සඳහාඅවශ් තරම් සොයාගත නොහැකිබවට බොහෝ වැවිලිකරුවන් හා නිලධාරීන් මැසිවිලිකියා ඇතත් සිංහලයන්ගේ නේවාසික ශ්රමබලකායක් ඇතිකිරීමට වතු හිමියෝඋත්සාහ දරානැත. . තමන්ට නිවාස ඇති, අනුන්ගෙන් බෙහෙත්හේත් හෝ ආහාරඅවශ්යනැති වතුඅවට පදිංචිවූ සිංහලයන් අවශ්යකාලයට පමණක් ගෙන්වා ගෙනවැඩ ගැනීම වතු හිමියන්ට වාසිදායකවිය . එහෙයින්එලෙසලාභය වැඩිකර ගැනීමට ඔවුහු උත්සාහ කළහ. . මෙහි තවත් පැත්තක් මර්සන් ටෙනන්ට් විසින්පෙන්වාදීඇත. .සේව්යයෙකු හෙවත් ස්වාමියෙකු තුල තිබියයුතු හොඳහිත වැවිලි කරුවන් තුල නොතිබීමත් කම්කරු ගිවිසුම් කඩකිරීමත් නිසි පරිදි වැටුප් නොගේවීමත් ශ්රමිකයන් වෙත කුරිරු වීමත් යනකරුණුද සිංහලයන් වතුවදට අකමැති වීමට හේතු සාධක වූ බව ටෙනන්ට් පෙන්වා දීඇත.
සමහර වැවිවිලිකරුවන් විසින් මෙය දකින ලද්දේ සිංහලයන්ගේ සම්ප්රදායික වටිනාකම් හා බැඳුනක් ලෙසය .”ලංකාවේ කෝපි වගාව” —සී ආර් රීග් පවසන්නේ මෙසේය. ”පාරම්පරික ඉඩම් ගැන උඩරැටියා තුල ඇත්තේ ඉමහත් බැඳීමකි. ගව්රවයකි. එනිසා තමආදායම සිව් ගුණයකින් වැඩි කර ගැනීමට හැකි වුවත් ඔහු සිය සංස්කෘතිය පාවානොදෙය් .එමෙන්ම ඔහුගේ ජාතිකාභිමානය ඉදිරියේ කුලී වැඩකිරීම ප්රතික්ෂේප වෙනවා පමණක් නොව එය වහල් කමක් ලෙසද සැලකෙය්. ආඥාවන්ට යටත් වීමත් බලකිරීම් වලට යටත්ව වැඩ කිරීමත් ඔවුන්ට කල් කදුරු මෙන් තිත්තය .”””(මෙය කේ.එම්. සිල්වා විසින් උපුටා දක්වාඇත.)
1866
නොවැම්බර් 26 දින කලම්බු ඔබ්සවර් හි පලවූ, හෙන්රි වෝඩ් ආණ්ඩුකාරයා විසින් බ්රතාන්යය යවන ලද ලිපියක මේ පිළිබඳව තවත් අදහස් දැක්වේ .”’ස්වදේශිකයන් එදිනෙදා සිය කාර්ය පටිපාටියෙන් බැහැර කරවා ස්ථිර කුලීකාරයන් කරවීමට නොහැක………..””” වී සහ පෝල් වගාකටයුතු වල ඔවුහු නිරත වෙති . කොන්ත්රාත් පදනමින් කැලෑ එලිකිරීමට ඔවුහු සුදානම්ය. එහෙත් වතුවල කුලීකරුවන් වීමට කැමති නැත..
1848
දී එක වැවිලි කරුවෙක් මෙම උඩරටසිංහලයන් ගැන බ්රතාන්යයට මෙසේ ලියායවාඇත . රැල්ෆ් පීරිස් එයඋපුටාදක්වාඇත ””’මොවුන්ගේ ජීවන ක්රමයේ ඇති අති විශේෂ නිදහස් භාවය ගැන ඔබ පුදුම වනු ඇත . මේ ජන ගහනයෙන් අඩු වශයෙන් තුනෙන් දෙකක් වත් ඉංග්රීසින්ව තුට්ටුවකට වත් ගණන් නොගන්නා බව මම තරයේ විශ්වාසකරන අතර එය ඔබටසහතික කර කියමි..””’
1908
දී සිංහලයෙකුගේ දිනක වැටුප ශත 33-75අතරවුවත් ඉන්දියානුවෙකුගෙන් ශත 33-37 ටවැඩගතහැකිවිය. උඩරටසිංහලයන් තුට්ටුදෙකට තම ශ්රමය පාවාදීමට කැමති නොවුහ. එහෙත්ඉන්දියාවෙ යනඑන මං නැතිවුද බ්රාහ්මණයන්ගේ වදහිංසාවට ලක්වුද
කම්කරුවන්ට සිංහලේ රටත් එහි දේශ ගුණයත් ලැබෙනමුදලත් දෙව්ලොව සැපසම්පත් හා සමානවිය.
——–
එදා සිංහලයෝ කුලීකාරයන්වීමට අකමැති ඉංග්රීසින්තුට්ටුවකටමායිම් නොකරන ජාතිකාභිමනනයෙන් යුතුයබව ඉහත දක්වාඇත.. එහෙත්අද සමහරු රට විනාශකරන NGO වක වුවත් කුලීකාරයන් වීමට පසුබට වන්නේ නැත. වර්තමාන ජාතිද්රෝහී සිංහලයිනි, විශේෂයෙන් රනිල්ප්රමුඛ එජාප යට චන්දයදුන් මිනිසුනි එදා ඔබේ මුතුමිත්තෝ හිතු පැතු හැටි මෙයින් වත් කියවාඉගෙනගන්න.. ඔවුන්වත්පාවාදී රටත් පාවානොදෙන්න හිතට ගන්න.
මතු සබැඳේ

One Response to “දකුණු ඉන්දීය කම්කරු පිළිලය 2”

  1. aloy Says:

    Dharmasiri,
    Thank you for writing in a readable Sinhala font. Many interesting articles written in Sinhala in this forum are not easy to read as the font is too small.

    As for your last sentence I do not think that those who voted to opposition on Jan 8th 2015, did not know about UNP and RW. They had no option and I do not think they made a mistake.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress