කුඩ මස්සා සහ පොඩි සාදු
Posted on October 9th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

වැව් ඉස්මත්තේ පන්සල් වත්තේ බුදු ගුණ මුමුණන පොඩි සාදු
ඇය් තව නැත්තේ කැලම්බෙය් චිත්තේ වඩින්න හනිකට පොඩි සාදු

කහවන් සිවුරේ දැවටී හිරු රැස් ජල මත වැටෙනා විට සාදු
දන්නෙම නැතිවය් ඉවුරට එන්නේ මම කුඩා මස්සෙක් මී සාදු

සීතල වතුරේ දෙපා හොවාගෙන වී පොරි ඉහිනා විට සාදු
බුදුගුණ අහගෙන තුඩින් දොවා පා පිසිනෙමි මගේ වරලෙන් සාදු

වැව් තාවුල්ලෙන් වැවට ඇදී එන සිහිළඹ ඔබ වෙය් පොඩි සාදු
ඔබට කියන්නට කරුණක් ඇත මට එය සිත කලම්බය් පොඩි සාදු

ධීවර දුක ගැන සින්දු ලියන අය දන්නවානෙ ඔබ පොඩි සාදු
මරණ බයෙන් අපි ඉකිගසනා හැටි උන්ට කියන්නකො පොඩි සාදු

එකෙකුගෙ කඳ බඩ ලොකු කර ගන්නට තවෙකෙකු නසනා උන් සාදු
දන්නෙම නැතුවද දහමට සරිලන කන බොන දේ ඇති බව සාදු

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress