“නෙළුම පිපෙනවා සත්තයි” || ජනාධිපතිවරණයට එන්න මට ඕනෑතරම් සුදුසුකම් තිබෙනවා.. මහින්දගේ ආශිර්වාදය ලැබුනොත් මං සූදානම්.. – ගෝටා කියයි…
Posted on October 10th, 2016

ලංකා සී නිවුස්

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයකදී ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙකු ලෙස තරග වැදීම සදහා තමනට  ඕනෑවටත් වඩා සුදුසුකම් ඇතැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

තමන් ජනාධිපතිවරණයකට තරග වැදීමට තවමත් අවසන් තීරණයකට එළැඹ නැති නමුත් ඉදිරියේදී  ඕනෑම ආකාරයකට රටට සේවය කිරීමට සූදානම් යයිද ඔහු කියා සිටී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට තවත් ජනාධිපතිවරණවයට තරග වැදීමට ව්‍යවස්ථාවෙන් ඉඩක් නොමැති නිසා අලූත් මුහුණක් ගැන ජනතාව තුල බලාපොරොත්තුවක් තිබිය හැකි යයිද හිටපු ආරක්‍ෂක ලේකම්වරයා පෙන්වා දෙයි.

“නෙළුම පිපෙනවා සත්තයි” || ජනාධිපතිවරණයට එන්න මට  ඕනෑතරම් සුදුසුකම් තිබෙනවා.. මහින්දගේ ආශිර්වාදය ලැබුනොත් මං සූදානම්.. – ගෝටා කියයි…

යම් හෙයකින් තමන් ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වුවහොත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ පූර්ණ ආශීර්වාදය තමනට ලැබෙනු ඇති බවත් එම ආශීර්වාදය නොලැබෙන්නේ නම් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට බලාපොරොත්තුවක් නැති බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress