දහම් සිරිසේන විසින් පිස්තෝලයක් තියලා තර්ජනය කර ඇත්තේ ක්‍රිස් බල්තසාර් ටයි – නිවැරදි කිරීමකි.
Posted on October 11th, 2016

 www.mahinda.info

[1]. පසුගිය දා විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන විසින් නයිට් ක්ලබ් එකකට ගොස් කලබල ඇති කර තම ආරක්ෂකයින් ලවා එහි සේවකයන්ට පහර දීම සම්බන්ධයෙන් වූ සිද්ධිය යෝෂිත රාජපක්ෂ මහතාට බැර කිරීමට යහපාලන අන්තර්ජාල මඩ ඒකකය කටයුතු කිරීම සම්බන්ධයෙන් අප පැහැදිළි කිරීමක් සිදුකළෙමු. එහිදී අප දැක්වූ වීඩියෝවක අදහස් දක්වන්නේ වත්මන් FCID ප්‍රධානියා වන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවීන්ද්‍ර වෛද්‍යාලංකාර මහතාගේ පුත් අසේල වෛද්‍යාලංකාර මහතා ලෙස දැක්වුවද ඒ ඔහු නොව දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත්‍රී ක්‍රිස් බල්තසාර් මහතා බව අපට පසුව අනාවරණය විය. අන්තර්ජාලයේ මෙන්ම සමාජ ජාල වලද එම වීඩියෝවේ අදහස් දක්වනේ අසේල වෛද්‍යාලංකාර මහතා බවට වැරදියට දැක්වෙයි. කෙසේ නමුදු වත්මන් FCID ප්‍රධානියා වන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවීන්ද්‍ර වෛද්‍යාලංකාර මහතාගේ පුත් අසේල වෛද්‍යාලංකාර මහතා ටද දහම් සිරිසේන තර්ජනය කර පහර දී ඇත. නම් මාරු වීමෙන් සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් ඒ මහත්වරුන් දෙපිරිසටම අපගේ කණගාටුව ප්‍රකාශ කරමු.

 

[2]. දහම් සිරිසේනගේ වැඩ කිඩ අප කාටත් පැටලෙන බැවින් සහෘදයින්ගේ පැහැදිළිකරගැනීම උදෙසා යහපාලකයින්ට බොරුයි කිව නොහැකි මූලාශ්‍ර සමගම නැවතත් දක්වන්නෙමු.

(i). 2013 වසරේ නැගෙනහිර පාසිකුඩා වෙරළේ නිවාඩු නිකේතනයකදී ඔහු සහ ඔහුගේ මිතුරන් පිරිසක් වත්මන් FCID ප්‍රධානියා වන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවීන්ද්‍ර වෛද්‍යාලංකාර මහතාගේ පුත් අසේල වෛද්‍යාලංකාර මහතාට පහර දීමෙන් දහම් සිරිසේන පලමුවෙන්ම මාධ්‍ය අවධානයට ලක්වන ලදී.

පසුගියදා පාසිකුඩා වෙරළ තීරයේදී මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයාගේ පුත්‍රයා ඇතුළු පිරිසක් විසින් සිදුකළ මෙම පහරදීමෙන් නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාරගේ පුත් අසේල වෛද්‍යාලංකාර තුවාල ලබා රෝහල්ගත කෙරුණා. [මූලාශ්‍රය: දහම් – අසේල පාසිකුඩා ගැටුම hirunews.lk]

(ii) දෙවන සිද්ධිය වූයේ දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත්‍රී ක්‍රිස් බල්තසාර් මහතාගේ හිසට දහම් සිරිසේන පිස්තෝලයක් එල්ල කිරීමයි. දහම් සිරිසේනගේ කැරැට්ටුව ක්‍රිස් බල්තසාර් මහතාගේම අත්දැකීමෙන් පහතින් අහන්න.

(iii). තුන් වන සිද්ධිය සිදුවූයේ යහපාලන රජය බලයට පත්වී දින කීපයක් ගිය තැන 2015 ජනවාරි 10 වන දිනය. එදිනද ඔහු මේ ආකාරයටම රාත්‍රී සමාජ ශාලාවකට ඇතුළු වී යකා නැටීමෙන් ලැජ්ජාවට පත් වූ විධායක ජනාධිපතිවරයා ඔහුට වැඩි දුර අධ්‍යාපනයට යැයි කියමින් එංගලන්තයට යවන ලදී.

(10) රාත්‍රියේ කොළඹ 07 රීඩ් මාවතේ තුරග තරඟ පිටියේ පිහිටා ඇති ‘Clique’ නැමති රාත්‍රී සමාජ ශාලාවට PSD වාහන 8 ක් පිරිවරා පැමිණ ඇති දහම් සිරිසේන රාත්‍රී සමාජ ශාලාවට ඇතුළුවද්දීම සමාජ ශාලාවේ ආරක්ෂක අංශයන්ට නියෝග කොට ඇත්තේ සමාජ ශාලාව තුල තිබෙන සියළුම CCTV කැමරා ක්‍රියා විරහිත කරන ලෙසයි. එයට අකමැති වී ඇති සමාජ ශාලාවේ ආරක්ෂක අංශයන් හට PSD නිලධාරීන් ලවා තර්ජනය කරමින් පසුව සියළු CCTV කැමරා ක්‍රියා විරහිත කිරීමෙන් අනතුරුව සමාජ ශාලාවේ සිටි අයට හිරිහැර වන ආකාරයෙන් පිස්සු කෙලින්නට පටන් ගෙන තිබේ. [Source: rasavahini.com]

(iv). හතර වන සිද්ධිය වූයේ හතර වන සිද්ධිය වූයේ එංගලන්තයේ නිවාස සමාගමකට පොලු තැබීමයි.

බකිංහෑම්ෂයර් විශ්වවිද්‍යාලයට ඇතුල් වූ දහම් සිරිසේන එහිදී නිසි අධ්‍යාපනයක් නොලද අතර අධ්‍යාපන කටයුතු අතරමග නවතා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණුනි. විශ්වවිද්‍යාලයට යාමට ඔහු නවාතැන් ගෙන සිටි නිවසේ මාසික කුලිය හිඟ තබා නිසි ලෙස එය නැවත භාර නොදී දහම් ලංකාවට පැමිණීමෙන් අනතුරුව අදාළ දේපළ සමාගම ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට දිගින් දිගටම ඔහුට නඩු පවරන බව දක්වමින් එන්තරවාසි එවා තිබිණ. පසුව ජනාධිපති වැඩිමහල් දියණියගේ හා බෑණාගේ මැදිහත්වීමෙන් ප්‍රශ්නය නිරාකරණය වුවද දහම් සිරිසේනගේ නම මේ වන විට අදාල දේපල සමාගම විසින් අසාදු ලේඛණ ගත කොට (Black list) ගත කොට ඇත. [මූලාශ්‍රය: දහම් යන්නෙ කොයි පාරේ – මාලකගේ අඩි පාරේ!! lankanewsweb.net]

(v). පස්වන සිද්ධිය වූයේ ක්ලික් නැමැති සමාජ ශාලාවට ගොස් එහි සිටින ආරක්ෂකයෙකුට තර්ජනය කර, පසුව සිය ආරක්ෂාවට යොදවා තිබූ පියාගේ ජනාධිපති අරක්ෂකයින් ලවා එම සමාජ ශාලාවට පහර දී කුඩු කර, එහි සිටි ආරක්ෂකයෙකුට බරපතල තුවාල සිදු කිරීමයි.

According to information received by Colombo Telegraph, Daham Sirisena and a relative named Dias, a notorious character from Ganemulla, along with a group of Presidential Security Division Personnel were denied entry to the night club around 2 am today. They had then left and returned with poles and had initially hit one security guard on the head with a flower pot. Thereafter the mob went berserk smashing the glass panes at the entrance to the building. Some of the other night club revelers waiting to enter the night club had also been assaulted by the group. [Source: Sirisena Brat Led Mob Smashes Night Club And Assaults Staff colombotelegraph.com]

 

[3]. වත්මන් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයාගේ පුතා එවැනි අපරාධ ගණනාවක් සිදුකර ඇතැයි අප සිතුවේ නැත. විශේෂයෙන්ම යහපාලනයක්” වෙනුවෙන් පැමිණි විධායක ජනාධිපතිවරයාගේ පුතා එවැනි දෑ සිදුකර, ජනවරමක් නොමැතිව එක්සත් ජාතීන්ගේ සමුළුවට ගොස් ශ්‍රී ලංකාව නියෝජනය කරාවියැයි අප සිහිනෙන්වත්” සිතුවේ නැත. ඒ අනුව මෙම ලිපියට ප්‍රස්තුත වූ වීඩියෝව දහම් සිරිසේනගේ වෙනත් අපරාධයක් නොව කවුරුත් දන්නා පාසිකුඩා සිදුවීමයැයි අප අනුමාන කළෙමු.

අනිත් අයටත් බලන්නට SHARE කරන්න.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress