මධ්‍යම අධිවේගයට අදාළව වන්දි ගෙවිමේ ක්‍රමවේදය කෙතරම් දුරට සාධාරණ හා මානවවාදී ද?
Posted on October 15th, 2016

ආචාර්ය චන්දන ජයලත්

මධ්‍යම අධිවේගයට අදාළව වන්දි ගෙවිමේ ක්‍රමවේදය දැන් රජය විසින් එළි දක්වා ඇත. එය විශේෂ ව්‍යාපෘති යටතේ රජයට අත්පත් කරගත් දේපල ස`දහා ව්‍යවස්ථාපිත වන්දි මුදල් සහ ප්‍රතිස්ථාපිත කමිටු මගින් තීරණය කරනු ලබන zකරුණා සහගතZ දිමනා ගෙවීමේ ක්‍රමවේදය නමින් හදුන්වනු ලබයි. ඒ අනුව මෙය විශේෂ ව්‍යාපෘතියකි. එය කඩිනම් ව්‍යාපෘතියක් ලෙස ද නම් කර ඇත. ඒ සඳහා කෙටි හා ඉක්මන් ක්‍රම මගින් දේපල පවරා ගැනීමට ඇති නීතිමය ප්‍රතිපාදන ඉවහල්කර ගැනේ. ප්‍රථමයෙන්ම කිව යුත්තේ, රජයේ අමුතු කරුණාවක් ජනතාවට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ යම් විද්‍යානුකූල පදනමක පිහිටා සිට සාධාරණ සහ ඉක්මන් වන්දියක් ගෙවීමය. මන්ද, විතැන්වීමට නියමිතව ඇත්තේ අපේම පොළොවේ පය ගසා සිටින, කොදු නාරටි සහිත, බත් අනුභව කරන, රට වැසියන් ය. කාටවත් අත නොපා ජීවත්වන පුරවැසියන් ය. ඔවුන් හි`ගමනේ පිණිස මෙරටට ආ කල්ලතෝනි නොවෙති. රටේ වැදගත් ව්‍යාපෘතියක් වෙනුවෙන් තම උරුමය කැපකිරීමට සූදානමින් සිටින මොවුන් සම්බන්ධයෙන් ඉතාමත් ම මානවවාදීවූත්, නම්‍යශීලීවුත්, ප්‍රතිපත්තියක් අනුගමනය කිරිම අත්‍යවශ්‍ය ය.

කිසිදු දැනුම්දීමකින් තොරව මායිම් වැටවල් තරණය කරමින් කළ මිනුම් කටයුතුවලින් ආරම්භ කළ මෙම ව්‍යාපෘතියට දැන් වයස අවුරුදු 4 කි. එදා මෙදා තුර මුල්ගල් 3ක් තබා ඇත. යහපාලන මූලධර්මවලට අනුව නම් ව්‍යාපෘතියට අදාළ වන සක්‍යතා වාර්තාව ජනගත කළ යුතුව ඇත. කිසිදු මහජන මත විමසුමක් මෙම ව්‍යාපෘතිය පැත්තෙන් සිදු නොවිණි. රජයේ නිලධාරින් ද තමන්ට ලැබී ඇති උපදෙස් පරිදි කි්‍රයා කරති. පනතේ වගන්ති හරහා ජනතාවට නියෝග නිකුත් කර ඇත. කිසිදු වන්දි තක්සෙAරුවක් ප්‍රකාශයට පත් කිරිමට පෙරාතුව ඉඩම්වලට ඇතුළු වී ගස් කැපිමටත්, යටි පස් හැරිමටතA, යන්ත්‍ර සූත්‍ර ගෙන ඒමටත් බලය ඇතැයි කියැවෙන නියෝග ලිපි මගින් ලබා දී ඇත. ලක්ෂ 2-3 වටිනා ඉඩම් රු. 30,000 ක් වැනි ගණනකට ඇතැම් ස්ථානවල තක්සෙAරු කිරීම තුළ ජනතා විරෝධයන් මතු වි ඇත. ඊට විරුද්ධ නම් කළ යුතුව ඇත්තේ සමාලෝචන කමිටුවට යාම බව එම නිලධාරින් කියති. නිලධාරින් පැය 8ක රස්සාව කර ගෙදර යති. කොළඹට බඩගාන්නටත්, කාර්යාල ඉදිරිපස රස්තියාදුවන්නටත් සිදුව ඇත්තේ ජනතාවට ය. තම ප්‍රශ්නවලට ඇහුන්්කන්දීමට දේශපාලන අධිකාරිය පවා මග හරින තත්වයක් උදා වී ඇත.

ඉහතින් සදහන් කළ වන්දි ගෙවිමේ ක්‍රමවේදය තුළ බොහෝ අඩුපාඩු ඇත. මූලිකවම ඉඩකඩම්වල මිල ගණන් තක්සෙAරු කිරිමේදි රජයේ තක්සේරුව බලපැවැත්වෙන බව සටහන් වුව ද එය තීරණය වන පදනම පිළිබද සැබෑ කුකුසක් ජනතාව තුළ ඇත. ආරංචිය හැටියට නම් එය වෙළඳපොළ අගයයි. එනම් ඉල්ලූම සැපයුම මත තීීරණය වන මිලයි. මෙම පදනම ස්වේව්ජා නොවන විතැන්විම්වලට ආදේශ කරගැනීම මොන තරම් අසාධාරණද? මානව විරෝධීද? අධිවේගි මාර්ග වෙනුවෙන් ජනතාව කැප කරන්නේ හුදෙක් තම පදිංචිය නොව උරුමය බව සක්සුදක් සේ පැහැදිලිය. මෙය zබයින් ඇන්ඩ් සෙලින්Z ගානට ලඝු කොට සැලකීම හමුවේ ජනතා විරෝධයන් ඇතිවීම ඉතා සාධාරණ වූත් නොවැළැක්විය හැකි වූත් ප්‍රපංචයක් බව සම්මුතිවාදි රජයක් හැටියට කේරුම් ගත යුතුමය.

ස්වේච්ඡා නොවන සියලූ අවතැන්වීම් වෙනුවෙන් ජාත්‍යන්තරව පිළිගත් ප්‍රබල මූලධර්මයක් වන්නේ එසේ ව්‍යාපෘතියක් නොතිබුණ විට තිබූ ජීවන මට්ටමට අ`ගලක් හෝ ඉදිරියෙන් තැබීමට හැකි සාධාරණ වන්දියක් ගෙවීමයි. දෙවන මූලධර්මය වන්නේ ඇතිවිය හැකි මානසික ආතතියට මූල්‍යමය වශයෙන් යම් අගයක් එකතු කර ගෙවීමයි. තෙවත මූලධර්මය වන්නේ වානිජ වටිනාකමක් ඇති සියලූ බව බෝගවල අහිමිවන අස්වැන්න වෙනුවෙන් පාරිතෝෂිකයක් ලබාදීමයි. මූලික වශයෙන් ඉඩම් තක්සේරු කිරීමේ දී සලකා බැලෙන්නේ වෙලඳපොල වටිනාකම වුවද අධිවේගය හේතුවෙන්ම අවට ඉඩම්වල මිල කෘතිම ලෙස ඉහළ යාමකA සිදුවෙන හෙයින් සාමාන්‍ය තත්වයක් යටතේ, එනම් අධිවේගයක් නොමැති වකවානුවේදී පැවති මිලකට ඉඩම් තක්සේරු කිරීම බලවත් කම්පනයක් ගෙන දෙන කාරණාවක් බව කිවයුතුය. මන්ද, එම මිලට ඉඩම් මිලදී ගත නොහැකි නිසාය. එබැවින් කළ යුතුව ඇත්තේ පවතින මිලට අමතරව අනාගතයේ යම් නිශ්චිත කාල පරාසයක් තුල පිහිටා ඉලක්ක අගයක් ලබා ගැනීමයි. මෙහිදී වඩාත් තාර්කික හා මානවවාදී ගණුදෙණුවකට යාමට නම් ඉඩම් දර්ශකයක් ප්‍රයෝජනයට ගත හැක. ඒ සදහා අවැසි දතAත ආසන්නයේ ඇති වෙන්දේසිකළ හෝ එසේ කිරීමට නියමිතව ඇති ඉඩකඩම්වලින් ලබා ගත හැක.

බවබෝගවල අහිමිවන අස්වැන්න වෙනුවෙන් අස්වනු නෙලීමේ රටාව පදනම් කොට ගත් වට්ටෝරු ක්‍රමයක් උපයෝගි කර ගනියි. උදාහරණයකට පොල් ගසක් නම් එහි ආයුකාලය හා අස්වනු ප්‍රමාණය පදනම් කොටගෙන ගණනය කෙරේ. ඒ අනුව පොල් සංවර්ධන මණ්ඩලය මගින් සකස් කර ඇති වන්දි ගෙවීම් සම්මත පටිපාටිය පැහැදිලි කරගත යුතුය. අවුරුදු 12-17 අතර වයසේ පසුවන වසරකට ගෙඩි 80 ක් හෝ ඉන් ඔබ්බට කැඩෙන පොල් ගසක් වෙනුවෙන් රු.55,000ක මුදලක් නිර්ණය කර ඇත. ඵල නොදරන ගස් සඳහා රු.3700 ක මුදලක් නි්රණය කර ඇත. ගෙවතු වගා සම්බන්ධයෙන් ගම්පහ, කළුතර මෙන්ම කෑගල්ල දිස්ති්‍රක්ක ප්‍රසිද්ධියක් උසුලයි. අබ, ගම්මිරිස්, සාදික්කා වැනි කුළු බඩු මෙන්ම අඹ, දෙල්, දූරියන්, රඹුටන්, දිවුල්, පේර, පැපොල්, කෙසෙල්, ඛෙලි ගසේ සිට කෝපි, සේර, කරපිංචා දක්වා වූ ඉතා පුළුල් පරාසයක් පුරාවට විහිදී ඇති ගෙවතු ආර්ථීකය සම්බන්ධයෙන් කිසිදු වන්දියක් නිර්දේශ කර නොතිබීම දැඩි කනස්සලAලකට මෙන්ම ආන්දෝලනයකට ද තුඩු දිය හැකි කාරණාවකි.
සෑම පුද්ගලයෙකුම අද දින ලැඛෙන රුපියලක් තව වර්ෂයකින් ලැඛෙන රුපියලකට වඩා වැඩි අගයක් ඇතැයි සලකයි. වෙනත් වචනවලින් කිවහොත්, තව වර්ෂයකින් ලැඛෙන මුදලේ වර්තමාන අගය රුපියලකට සීමා වන්නේ නම් එහි නාමික වටිනාකම ඊට වඩා වැඩි විය යුතුය. මෙම තර්කය අධිවේගය සම්බන්ධයෙන් ද වලංගුය. ඒ අනුව අවතැන්වූන්ගේ ආදායම නියත මට්ටමක පැවතීමට නම් එහි නාමික වටිනාකම ඔවුන්ගේ වට්ටම් අනුපාතයට සමාන මට්ටමකින් ඉහළ යා යුතුය.

එසේවීමට නම්, සියලූ සෘජු හා වක්‍ර අහිමිවීම්වලට අදාල ප්‍රථීෂ්ඨාපනය විද්‍යානුකූල විය යුතුය. ඊට සම්මත වට්ටෝරුවක් නැතත් අහිමිවන ආදායම් හා අමතර ගෙවීම් හදුනාගත හැකිය. උදාහරණයකට විතැන්වීමට නියමිත අයවලුන් නව ඉඩම් මිලදීගැනීම වෙනුවෙන් කෙරෙන 4%ක ඔප්පු ගාස්තු, 1%ක නොතාරිස් ගාස්තු, මිනින්දෝරු ගාස්තු, මුද්දර ගාස්තු හා රජය විසින් පනවන ලද වෙනත් බදු ඇතුලත් විය යුතුය. අමුද්‍රව්‍ය හා අවට පරිසරයේ සිදුවන ශ්‍රමයේ මිල උද්ධමනය මූලික වියදමින් ඇතැම්විට 40% ක් දක්වා ද ඉහළ යනු ඇත. නිවාස සැලසුම සඳහා වන වාස්තු විද්‍යා වෘත්තීය ගාස්තුව මූලික වියදමින් 6% කි. ඒ බව ශ්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයෙන් එම සාමාජිකත්වය උදෙසා නිර්දේශ කොට ඇත. විටෙන් විට කෙරෙන සොයා බැලීමේ චාරිකා සඳහාද යම් ගාස්තුවක් අය කරනු ලබේ. නිවාස සඳහා වර්ග අඩියකට නියමිත මිලට සංයුක්ත වන්නේ අමුද්‍රව්‍ය, ශ්‍රමය, උපකරණ හා මූලික කළමනාකරණ විය පැහැදම් පමණි. අලූත් ඉඩමට අදාළව සිදුවිය හැකි තාක‍ෂණික විචල්‍යයන් සඳහා සෑහෙන ප්‍රථීශතයක් එකතු කළ යුතුය. සම්මතයක් ලෙස මුලූ වියදමෙන් 10% කA වන එය අවදානම් නිර්ණය ලෙස අපි හදුන්වන්නෙමු. තවද, ඒ ඒ නිවාසවල දක්නට ලැඛෙන සුවිශේෂී තාක‍ෂණික අංගයන් සඳහා ගණනය කිරීමක් ඇතුලත් විය යුතුය. ගෙවලA කඩා ඉවතAකර ගැනීම අනිවාර්ය නම් ඒ සඳහාවූ පිරිවැය මෙන්ම කෙටි කාලයක් හෝ කුලියට විසීමේදී ගෙවීමට සිදුවන zකීමනිZ ද ඇතුලත් විය යුතුය. තර`ගකාරී ලෙස කොන්ත්‍රාත්කරුවන්ගෙන් ලංසු ලබාගෙන අවශ්‍ය අගයන් පැහැදිලි කරගත හැක.

සීමිත සැපයුම් ජාලයක තාර්කික පාරිභෝගිකයෙකුට ඇත්තේ ඉතා සීමාසහිත ඉඩ කඩකි. ඒ බැව්ද වන්දි ගෙවීමේදී සළකා බැලීම වටී. එA අනුව සීමිත සම්පත් කරණකොටගෙන අවට පරිසරයේ සිදුවන අසාමාන්‍ය මිල උද්ධමනය නිර්ණය කිරීම ප්‍රමුඛතාවෙහිලා සැලකිය යුතු කාරණයක් බැව් පසක් කරමු. තිරසාර සංවර්ධනය සංකල්පය අරභයා නැගෙන තර්කයක් වන්නේ කාර්යක‍ෂම ආර්ථීක ක්‍රියාදාමයක් එසේ නොවන ආර්ථීක ක්‍රියාදාමයකට වඩා විරස්ථායි සමාජ සුභසාධනයක් ඇතිකරන බව පෙන්වා දිය යුතු බවයි. මෙහිදී ඉඩම් අතAපතA කර ගැනීමේ දැනට පවතින වන්දි ගෙවීමේ ක්‍රමවේදය හා නීතිමය ප්‍රතිපාදන කොතෙකA දුරට ඉක්මන් හා සාධාරණ වන්දියක් ලබා ගැනීමට ඉවහලAවේද යන්න කිරා මැන බැලීම ඉතා වැදගත්ය. එහෙතA ඉහතින් සඳහන් කළ zකරුණා සහගතZ දිමනා ගෙවීමේ ක්‍රමවේදය තුල මේ කිසිදු කරුණාවක් දක්නට නැත.

ව්‍යාපෘතියේ ජාතික වැදගත්කම කවුරුතA පිළිගනිති. ඉල්ලා සිටින්නේ සාධාරණ හා ඉක්මන් වන්දියක්ය. විතැන්වූවන් කැප කිරීමට සූදානම් වන්නේ හුදෙක් නිවාසය නොව පදිංචියයි. පදිංචියටත් ඔබ්බට ගිය උරුමයයි. මොවුන්ට නොබෝ කලකින් උරුමවන්නේ බව බෝග වලින් තොර හිස් භූමි කැබැල්ලකි. ඒ අනුව රජයට කළ හැකි බොහෝ දේ ඇත. නව ඉදිකිරීම් වෙනුවෙන් එහි වැය පක්ෂය සම්බනAධව වරලත් ප්‍රමාණ සමීඬකයින්ගේ වාර්තා හා අත්දැකීම් ලබා ගැනීම ඉන් එකකි. අඩු තරමේ තරඟකාරී ක්‍රමයට නිවාස ඉදිකරන්නන්ගෙන් ලංසු ලබා ගෙන විතැන්වනAනන්ගේ ද සහභාගීත්වයට ඇතිව පෙරගමන් යාමයි. වඩාත් තාර්කිකවූත්, මානවවාදීවූත් ගණුදෙනුවකට යාමයි. ඒ සඳහා උත්ප්‍රේරණයක් ඇතිකරලීමයි. තීන්දු ගැනීමට අවශ්‍ය නීතිමය රාමුව පුනරීක්ෂණයට ලක්කිරීමයි. ඒ සඳහා අවැසී ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමයි. දේශපාලනමය වශයෙන් සක්‍රිීයව මැදිහත්වීමයි. අවසානයේ කාහටත් සෑහීමකට පත්විය හැකි ඉක්මන් හා සාධාරණ වන්දියක් ලබා දීමෙන් ඉලක්ක ගත අරමුණු කරා මෙහෙයවිීමයි.

රොබට් සෝලෝ විසින් පෙන්වා දෙනු ලැබූ තිරසාර සංවර්ධනය එයයිග ජොන් රවුස්ල් නම් වූ දාර්ශනිකයා විසින් ඉදිරිපත් කරනු ලැබූ සමාජ සාධාරණත්වය පිළිබඳ විග‍්‍රහයත් එයමයිග එනයින් දුෂණය අවම කරගැනීමට හැකිවෙනවා වගේම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහජන මුදල් වියදම් කෙරෙන ව්‍යාපෘති තමන් වෙනුවෙන් ය යන හැ`ගීම ජනතාව තුළ ඇතිවීම අපේක්‍ෂිතයිග ජනමතය උරඟා බැලීමෙන් හා තීන්දු තීරණ ගැනීමේ ක‍්‍රියාවලියට ජනතාව හවුල්කර ගැනීමෙන් වඩාත් සුභවාදී ප‍්‍රතිඵල අත්කර කරගත හැකි බවට ජාත්‍යන්තරයේ ඕනෑ තරම් උදාහරණ ද තිබේග එකම හා ප‍්‍රබල තර්කය වන්නේ සංවර්ධනය තිරසාර වන්නට නම් සමස්ථ කාරණය ජනතාව සමග යන කාරණයක් බවට පත්විය යුතු බවයිග

දකුණු දිග අධිවේගයට ගෙවීම් කළ පදනමේ යම් ආවෘත බවක් ඇත්නම් එය නිවැරදි කර යම් තාර්කික පදනමක් මත පිහිටා මධ්‍යම අධිවේගයට වන්දි ගෙවීමට කටයුතු කිරිම ඉතාමත්ම වැදගත් වන්නේ අවසානයේ එය අනිවාර්යයෙන්ම සමාජ සාධාරණත්වය පිළිබඳ ගැටළුවක් විය හැකි බැවිනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress