රටක් හදන්න කාලයක්ගතවෙනවා නමුත් රටක් විනාශකරන්න ගතවෙන්නේ සුලුකාලයක්.
Posted on October 15th, 2016

චාර්ල්ස්. එස්. පෙරේරා විසින්

ඉහත දැක්වූ මේ කියමන තේරුම් කරන්න අටුවා ලියන්න උවමනාවක් නැ  හොඳම උදාහරණය 2015ජනවාරි 8 වනදා ලංකාවේ කරුමයට සිදු උන දේශපාලන වෙනස. කියමනක් තියෙනවා ඇපල් ගෙඩිය කුනුවෙන්නේ ඒක ඇතුලෙමඉන්නා පනුවාගෙන් කියලා. එවගේතමා ජනාධිපති මහින්ද රාජපක්ෂමැතිතුමාගේ පාලනකාලය අවසන් උනෙත් ඇතුලේමහිටිය දේසපාලන ප්‍රතිපත්තියක් කියන එකක් ගෑවිලාවත් නැති මය්ත්රිපාල සිරිසේන අමාත්‍යවරයා රෑයාමෙම පැදුරටවත්නොකියා ගිහින් රනිල් වික්‍රමසිංහගේ යුඇන්පී කූඩාරමට රින්ගාගත්ත නිසයි.

 1973 විතර ඉඳලා  ඉන්දියාවෙන් ත්‍රස්තවාදය ඉගෙනගත් දෙමලත්‍රස්තවාදියෝ ලංකාව විනාශකරලා අවුරුදුතිස්හයක් තිස්සේ  රටේ ජනතාව මරණ බියෙන් පෙළුන  මහත් දුක්ඛිත කාල පරිච්චේධයකට ඇදදැම්මා. මේ මහා භීතියෙන් ජනතාව බේරාගන්න යුඇන්පී ජනාධිපති ජේ ආර් ජයවර්ධනටවත් , ආර් ප්‍රේමදාසටවත්, ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ චන්ද්‍රිකා  කුමාරතුන්ගටවත්  බැරිඋනා.

නමුත් ලංකාවේ පෙරපිනකට 2005 අවුරුද්දේ  ජනාධිපති බවට චන්දයෙන් පත්වූ අති ගරු  මහින්ද රාජපක්ස මහතා අවුරුදු පහක තරම් කෙටි කාලයකින් අවුරුදු 35ක්තරම්  දිග කාලයක් පැවතී ත්‍රස්තවාදය 2009 වසරෙදී  සම්පුර්ණයෙන්  අවසන් කර  අවුරුදු 5 කට  පසුව අන්ත විනාශයකට පත්ව තිබු අපේ රට අපේක්ෂානොකල තරම් පුදුම සෑම අතින්ම දියුනුවූ රටක් බවට පරිවර්තනයකලා.

නමුත් මේ ජනාධිපති  මහින්ද රාජපක්ස මැතිතුමා මහත් උනන්දුවකින්, පරිශ්‍රමයකින් හා මහත් පරිත්‍යාගශීලීත්වයකින් දියුනුකල අපේරට 2015 ජනවාරි 8වනදා අප රටේ අවාසනාවකට සිදුවූ දේසපාලන පෙරළියෙන් පත්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යුඇන්පී රනිල් වික්‍රමසින්හ උන්නැහේ අගමැතිකරගෙන අවුරුදු දෙකක් යන්ටත්  ඉස්සෙල්ලා මෙරට 2005ට පෙර පැවතී තත්වය තරම් විනාශයකට  පත්කරලා තියෙනවා.

අගමැති රනිල් වික්‍රමසින්හට ඕනේ ලංකාව බටහිරට විකුනලා සුද්දන්ගේ ප්‍රශාදය ලබාගන්න. ජනාධිපති සිරිසේනට ඕනෑ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ස ආයෙත් දේශපාලනයනට නොඑන්න තරම් විනාශයකට පත්කරන්න. සිරිසේනගෙන් පස්සේ  ජනාධිපති වන්න සිහිනමවන වික්‍රමසින්හටත් උවමනායි මහින්ද රාජපක්ෂව හා ගොටාභය රාජපක්ස දේසපාලන භූමියෙන් ඈත් කරන්න. මේ  වැඩේට දෙන්නම තරඟෙට වැඩ. රට හැදිම පැත්තකට දමලා මහින්ද රාජපක්සට කෙනෙහෙලිකම් කරන්න තමා යහපාලනය කරන හැම දෙයක්ම දැන්  කරන්නේ.

ගොටාභය රාජපක්ස මැතිතුමාට අගෞවරවකරන්න සරත් ෆොන්සේකා  ෆිඑල්ඩ් මාර්ෂල් කළා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ස මැතිතුමාට නින්දා අපහාස කරණ්ට කිලුට කටක් තියෙන සරත් ෆොන්සේකාට ඇමති කමක් දුන්නා. සරත් ෆොන්සේකා ඇමතිට නියම වැඩකොටස  පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ස මහත්මයාට අපහාසාත්මක වන විධියේ නින්දා කථා පාර්ලිමේන්තුවේදී කරන එක.  මේ කාර්යයට  විශාල මුදලක් වියදම් කරලතියෙනවා. සරත් ෆොන්සේකාගේ ඇමති කාර්යාලයේ වියදම් සඳහා  රුපියල් මිලියන 592ක් හා සුපිරි වාහනයක් සඳහා රුපියල් මිලියන 70වක් ගෙවලා තියෙනවා. ඉස්සර කාලේ රජමාලිගාවෙත් හිටියා කවටය කියල මිනිහෙක් මේකත් එක විධියකට ඒ වගේ පත්වීමක්.

අපේ බෞද්ධ හැදියාවක් තමා පිදිය යුත්තම් පිදීම. ගෞරවකලයුත්තන්ට ගෞරව කිරීම හා කලගුනසැලකීම. නමුත් යහපාලනය පටන්ගත්තේ  අපේ මේ සන්ස්කෘතික හැදියාවන්ට පයින් ගහල. ඒ නිසා මේ යහපාලන ආණ්ඩුවටත් එයට ප්‍රමුකත්වයදුන් සිරිසේන-රනිල්- චන්ද්‍රිකා  තුන්හව්ලටත් මුහුනදෙන්න සිදුවන මහා ඛේධවාචකය එතරම් දුරක නැත.

1948 නිදහස ලැබූදා සිට 2005 වනතුරු ලංකාව නියම නිදහසක්, ජනතාවට සැලකියයුතු උසස් ජිවනතත්වයක්, හෝ රට ප්‍රබල දියුණුවක් නොලද්දේය. නමුත් 2009යෙ ත්‍රස්තවාදය නිමකර නොලැබූ ඒ සියලු දෑ ජනතාවට හා රටට ලබාදුන්නේ ජනාධිපති මහින්ද  රාජපක්ස මැතිතුමා හා එතුමා නායකත්වය දුන් එක්සත් ජනතා නිදහස්  සන්ධාන  ආණ්ඩුවෙන්ය. මෙම මහාපෙරලිය ලංකා පොලොවේ “කුරෝ කුහුඹි” යෙකුටවත් අමතක කලනොහැක.

නමුත් එදා 2015 ජනවාරි 8 වනදා මේ රටේ කලගුනසැලකීමක් නොදත් අඥාණ මෝඩයන්  “ වෙනසකට” කියා අපි දිවිහිමියෙන් ණයගැති අපේ ජානාධිපති මහින්ද රාජපක්ස මැතිතුමන් පරදවා රටට නොවටින කෙනෙකුට චන්දයදුන්නේ අපේරටේ මළගම  ඉක්මන් කරන්ට බව ඒ අඥාණයින් දැන් තේරුම් ගෙන සිටිනවාට අනුමානයක්නැත. 

මෛත්‍රිපාල සිරිසෙන මහතා ජනාධි ඌවාටු පසු කලේ අපි ආදරයකරන  මහින්ද රාජපක්ස මැතිතුමාට  ඔහුගේ පවූලේ උදවියට හා යම්විධියකින්  හෝ  ඔහුට සම්බන්ධ සෑමදෙනා ගෙන්ම මහා නින්දිත පලිගැනීමක්. පුදුමයකට තියෙන්නේ දැන් මේ යහපාලන ආණ්ඩුව හැම අතින්ම මහත් පරාජයකට පත්වී තිබෙන බව දැනදැනත් රටේ ඉංග්‍රීසි උගත් උගතුන්යයි කියාගන්නා  කොලඹ නිර්ලජ්ජිත මද්යම පන්තිකයෝ ගුවන්විදුලි සාකච්චා වලට සහභාගිවී කියන්නේ යහපාලන ආණ්ඩුව ත්  මහින්ද රාජපක්ස ආණ්ඩුව වගේ හැසිරෙනවා කියලා. මේ රටට ඉමහත් සේවයක් කල රාජපක්ස ආණ්ඩුව කෙසේනම් මේ මූසල යහපාලන යට සමකල හැකිද ?

උන් පිලිගන්න අකමැතියි   කොය්තරම් අපහසුකම් මද්‍යයේ උවත් මහින්ද රාජපක්ස මැතිතුමා අපේ රට දියුනුකලා  ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කලා. ඒ සියල්ලම කලේ ඉතා කලබලකාරී වාතාවරණයක. මහින්ද රාජපක්ස තුමා ගේ ආණ්ඩුව අවුරුදු තිහක් තිස්සේ දුක්විඳි ජනතාවගේ  සින්හල දෙමළ මුස්ලිම් පක්ෂ භේදයක් නැතිව ජීවනතත්වය ඉහල දමලා රට දියුනුකරලා සෞභාග්‍යමත් අනාගතයක්  ඇතිකරන්න ඉමහත් පරිශ්‍රමයක් දැරුවා. ඒ අතරතුර පැවති හොර මැරකම් දේසපාලන කෙනෙහෙලිකම් මැද දෙශීය අභිමානය නැතිකරන්න උත්සහකල විදෙශීය බලවතුන්ට නිර්භයව මුහුණ දෙමින් ගෙනගියේ අපට හිතා  ගන්නත් අපහසු කාර්ය භාරයක් මහින්ද රාජපක්ස මැතිතුමා ඉටුකලා .

නමුත් මේ කොලඹ උගතුන්යයි කියාගන්න ආකෘතන්ඥයෝ කියනහැටියට  ජනාධිපති මහින්ද රාජපක්ස  මැතිතුමාගේ ආන්ඩු කාලයේ තිබිල තියෙන්නේ මිනිස්සු බිච්චියට හේත්තු කරන, මාද්‍යවේදීන් මරණ, සුදුවෑන් සන්ස්කෘතියක් පවත්වාගෙනගිය මහා විභිසන කාලපරිච්චේදයක්. එහෙනම් ඒ තරම් නින්දිත භයානයක ආණ්ඩුවක් පවත්වාගෙන ගිය ජනාධිපති මහින්ද රාජපක්ස කොහොමද මගේ ශ්‍රී ලංකාව දේසපාලන වශයෙන් විදෙශීය රාජ්‍යයන් සමග මිත්‍රත්වයක් පවත්වාගෙන යමින් රටේ නා නා විධියේ පරිසර, මාර්ග, වාරිමාර්ග, අද්‍යාපනික, සහ වෙනත්   සංවර්ධනයක් ඇතිකළේ.

එහෙම නම් කොහොමද  මේ, එතුමා-මහින්ද රාජපක්ස,  මුහුණදුන් කිසිම අපහසුතාවයන්  නැතිව ඇමෙරිකාව හා බටහිර බලවතුන්ගේ සම්පුර්ණසහාය ඇතිව සිරිසේන-රනිල්-චන්ද්‍රිකා කල්ලියට මේ කිසිවක් කරගන්න බැරිව දියුණුවේ ප්‍රානවත්භාවයෙන් ඉපිලී යමින් තිබුණ මගේ රට- ශ්‍රී ලංකාව මාස 20ක් තරම් කෙටි කාලයකින් අගාදියට ඇද දමා නොදියුණු ඇමෙරිකානු-බටහිර කොලනියක්බවට පත්කර තියෙන්නේ.

ඇයි එහෙනම් යහපාලන ආණ්ඩුවට මෙතරම් හිතවත් අමෙරිකාව ලංකාවට විරුද්ධ යෝජනාව අස්කර ගන්නේ නැතිව ලංකාවේ හය්බ්රිඩ් උසාවියක් පිහිටවලා අපේ රණවිරුවන් යුද අපරාධකරුවන් හැටියට සලකලා  යුද අපරාධ උසාවියට ඉදිරිපත් කරන්න  හදන්නේ ?

මෙවුන්ට  තාමත් තේරෙන්නේ නැ අමෙරිකාවත් බටහිර රටවලුත් මෙවුන්ගේ යහපාලන ආණ්ඩුව  මෝඩ රැලකගේ ආණ්ඩුවක් හැටියටසලකන්නේ කියලා.

යහපාලනය බලයට ආවේ කොහොමද ? බටහිරටත් ඉන්දියාවටත් ඕනෑකම තිබුණා බටහිර දේශපාලන නායකයන්ට හිස නොමවන ලංකාවේ “රාජපක්ස රෙජිමය” පලවාහැරලා  බටහිරට හිස නමන  රනිල්-චන්ද්‍රිකා-මංගල බටහිර ගැතියන්  ආන්ඩුබලයට පත්කරන්න.

විදේශීය බලවේගයන් ලංකාවට බලපෑම් කරනවායයි 2015 ජනාධිපති තෙරිමේ චන්දයට පෙර කීවාම හුඟදෙනෙක් කීවේ “ බිල්ලෝ මවනවා” කියලා. දැන් මිනිස්සුන්ට තේරෙනවා ඇති එදා මැවුවේ “බිල්ලෝ” නොවෙයි කියල.

කෙසේවෙතත් මේ බටහිර ගැත්තෝ එක්වෙලා යුඇන්පී එකයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසකුයි, ජෙවීපී කාරයොයි, මුස්ලිම් කොන්ග්රසයයි, ටිඇනේඒ එකයි, ජේ එච් යු  එකයි, මනෝ ගනේෂනුයි ගිවිසුම් අත්සන්කරගෙන දේසපාලන සන්ධානයක් පිහිටුවාගත්තා. සන්ධානය එකමුතුකරලා ජනාධිපති ඉල්ලුම්කරු හැටියට මෙ සන්ධානයේ නායක චන්ද්‍රිකා-රනිල් යුවලට හිස නමන්න සුදානම් යයි හිතපු මෛත්‍රිපාල සිරිසේන බා ගත්තා.

ඒ කරලා 2015 ජනවාරි 8 වන දා ඉඳලා කලේ ප්‍රජාතන්ත්‍රවාදයට පස්සහරවලා  ඉන්න අගමැති ගණනකට ගන්නේ නැතිව යුඇන්පී නායක රනිල් වික්රමසින්හ අගමැතිකරලා සහභාග ආන්ඩුවක් කියලා එකක්  පිහිටවාගෙන යහපාලන සන්ධානයේ ගිවිසුම අනුව තමන්ගේ අයෙක්ම විරුද්ධ පක්ෂයේ නායකකමට  පත්කරලා  තමන්ගේ කෙනෙක්ම කතානායක කරවලා පාර්ලිමේන්තුව අගමැති රනිල් ගේ කෝලම් මඩුවක් කරගෙන තියෙන්නේ. රවී කරුණානායක මුදල් වංචාවක් පිලිබඳ නඩුවක් උසාවියේ තියෙද්දී මුදල් අමාත්‍යය හැටියට පත්කළා මොන රටකද මෙහෙමදෙයක් සිදුවෙන්නේ ?

සාමාන්‍යයෙන් විරුද්ධපක්ෂයේ නායක දියයුත්තේ ,පාර්ලිමේන්තුවෙ වැඩි මන්ත්‍රීසන්ක්‍යාවක් සිටින පක්ෂයකට හෝ  සන්ධානයකට . නමුත් පාර්ලිමේන්තුවේ සභා නායක වරයා, මන්ත්‍රීවරු 51 ඉන්න විපක්ෂ සන්ධානය පිළිගන්නේ නැතිව මන්ත්‍රීවරු 16 දෙනෙක් සිටින ටිඑන්ඒ එකට විපක්ෂය නායකකම දුන්නා.  මෙන්න මේ ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී ආක්ඥාදායක යුඇන්පී ආණ්ඩුවක් යහපාලන ආණ්ඩුවක් කියන නමකින් පවත්වාගනයන හැටි. ඇත්තෙන්ම මේ ව්‍යාජ පාර්ලිමේන්තුවෙ ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂයක් නැ.

මේ පාරලිමේන්තුවේ විපක්ෂයේ නායකත්වය තියෙන ටීඑන්ඒ ද්‍රවිඩ පක්ෂය ත්‍රස්තවාදී ප්‍රභාකරන් විසින් පිහිටෙව් පක්ෂයක්. මේ ආණ්ඩුවේ ජාතික සංහිදියාව පිලිබඳ අමාත්‍ය මනෝ ගනේෂන්  ත්‍රස්තවාදී කාලයේ ප්‍රභාකරන්ට පක්ෂපාත කෙනෙක්.

රටේ දියුණුවට මෙතෙක් කිසිවක් නොකර ඇති මේ යහපාලන කියා ගන්නආණ්ඩුවෙ අගමැති රනිල්  වික්රමසිංහ ඔහුගේම එෆ්සී අයිඩිපොලිසිය පවත්වාගෙනයයි, ඔහුගේ මිතුරියකගේ භාරකාරත්වයෙන් දුෂණ හා අල්ලස් කොමිසම පවත්ගේනයයි. මේ පොලිසියෙන් අල්ලාගෙන යන්නෙත්, අල්ලස් කොමිසමට යවන්නෙත් හිටපු ජනාධිපති තුමන්ගේ පවූලේ උදවිය හා ඔහුට සම්බන්ධ අයයි.

ඔවුන් පොලිසියෙන් හිරභාරයට ගන්න  ඔවුන්ට විරුද්ධ නොයෙක් මාදිලියේ පැමිණිලි මවාගනියි. සිල් රෙදි බෙදාදීම, යකඩ බට බෙදාදීම, වාහන නුසුදුසුලෙස භාවිතා කිරීම, කළුසල්ලි සුදු කිරීම මෙයින් සමහරක්. තවත් මැරිච්ච මිනිසුන්ගේ මිනීවළවල් හාරහාරා මිනී ගොඩගෙන  බලනවා ඔවුන්ගේ මරණ සිදුකර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ස මහතාගේ පුතුන් හෝ ගොටභය රාජපක්ෂයයි ඔප්පුකරන්න.  

යහපාලන පොලිසිය කරන  ඇඟ කිලිපොලවන තවත්දෙයක් තමයි එක්නැලිගොඩ කියල කෙනෙකුගේ මරණය සිදුකලබවට සැකකර හමුදාවේ සෙබළුන් අල්ලාගෙන ප්‍රශ්නකිරිම. පුදුමය  මේ මනුස්සයා ඇත්තටම මැරිලද ජීවත්වෙනවදවත් දන්නේ නැතිකමත්,  එහෙම කෙනෙකුගේ මලකඳක්වත් හොයාගෙන නැතිකම. මේවා කවුරුපිනවන්න මොනවා බලාපොරෝතුවෙන් කරනවද ? 

සිරිසේනටයි රනිල්ටයි උවමනා  ත්‍රස්තවාදය  අවසන්කරන්ට දිවිනොතකා මහත් කාර්යයක් ඉටුකළ අපේ සත් ගුණවත් ගොටාභය රාජපක්ස මැතිතුමා කොහොමහරි මොනවිධියේ හරි වරදකට අහුකරලා හිරගෙටයවන්න. මොවුන් මහත් උත්සාහයක් දැරුවා හිටපු ජනාධිපති තුමත් මහත් මුදල් සංහාරයක් හොරකම්කලායයි ඔප්පුකරලා හිරගෙදර යවන්න. නමුත් මේ භූතයන් දෙදෙනාට ඒක කරගන්න අපහසු උනා. 

මේ හිටපු ජනාධිපති තුමා ට නින්දා අපහාස කිරීමට මවාපෙන්නන්ට හදන වංචා දුෂණ කෙසේවෙතත් යහපාලනයේ අගමැති රනිල් වික්‍රමසිංහගේ අමාත්යන්සේ කරතිබෙන රටට බිලියනගණන් පාඩු ඇතිකර රට බංකලොත් කරන තැනට ගෙනියන හොරකම් ගැන මෙතෙක් හොයා බැලීමක් නොකරන්නේ මන්දැයි ජනතාව ප්‍රශ්නකරයි. ලංකාවේ මහා බැංකුවේ ආණ්ඩුකාර කමට පත්කළ අගමැති රනිල් වික්රමසින්හගේ ඉතාමත් කිට්ටුමිතුරෙකු වන අර්ජුන මහේන්ද්‍රන් කියන තැනැත්තා එම ධුරයට පත්කර සුමානගනනකින් රුපියල් බිලියන 1.6 ක ප්‍රමාණයක චාවකට සම්බන්ධ වී ඇතිබව වාර්තාඋනා.

මේ මහදවල් කල හොරකමෙන් උපයාගත් මුදලින් කොටසක් යුඇන්පී යට ගිහින් තිබෙනවාට අනුමානයක් නැ කියලා රාජිවා විජේසිංහ මහතා 2016 ජුලයි 5වනදා tv1  නිව්ස්ලයින් හීදී සඳහන්කලා. මේකේ සත්‍යය තේරෙනවා සිරිසේන ජනාධිපති තුමා අගමැති රනිල් වික්‍රමසිංහට අර්ජුන මහේන්ද්‍රන් බැංකුවේ ආණ්ඩුකාර ධුරයෙන් ඉවත්කරන්න කිවාම ඔහු වරදක් කරනැතයි කීවා. දෙවනුව ජනාධිපති සිරිසේන අලුත් බැංකු ආණ්ඩුකාරවරයෙක් තොරාගත්තාම අගමැති රනිල් මහේන්ද්‍රන් අස්කරනවාවෙනුවට ඔහුව අග්‍රාමාත්‍යවරයාගේ උපදේසක හැටියට බඳවාගත්තා.

නාමල් රාජපක්ස, යෝෂිත රාජපක්ස, බැසිල් රාජපක්ස බොරු චෝදනා හදලා  හිරගත කරනවා. නමුත්  රුපියල් බිලියන ගානක් හොරකම්කල අර්ජුන මහේන්ද්‍ර  මහා හොරා හිරබාරයට ගන්නාවෙනුවට බැංකුවෙන් අහක්කරලා  උසස් පදවියකට පත්කලා.මේ පහුගිය සතියේ පර්පෙචුවල්  ට්‍රේශරීස් පුද්ගලික ආයතනය හීමී අර්ජුන මහේන්ද්‍රගේ බෑනා පසුගියකාලයතුල රුපියල් බිලියන 11ක වංචාවක් නැවතත් කර ඇති බව බැංකුවෙන් පිටවුණ වාරතාවක සඳහන්වෙනවා.

පුදුමය මේ හොරකම සම්බන්ධව හොයනවා චෙනුවට හොයන්ට යන්නේ මේ වාර්තාව බැංකුවෙන් පිට උනේ කොහොමද කියලාලු. ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහා ලොකුවට කතා කරන යහපාලන කාරයෝ ප්‍රජාතන්ත්‍රවාදයට අල්පමාත්‍ර ගෞරවයක්  තිබෙනවානම් මහාබැන්කුවේ වගකීම භාර අමාත්‍යයවරයා  වූ අගමැති වරයා වහාම ඉල්ලා අස්වියයුතුයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විශ්වාෂකරන්න අපහසුයි. එයා කියනදේ යහපාලන ආණ්ඩුවේ  කිසිකෙනෙක් අහන්නේ නැතිබවයි පෙනේනේ. බොහෝ දෙවල් ඔහු දැනගන්නේ පත්තරේ කියවලා.

ලඟදි මහා හය්යෙන් කතාවක් කරලකීවා එෆ්සීඅයිඩි එකයි,  සිඅයිඩි එකයි දේසපාලන පළිගැනීම් සඳහා යොදාගන්නවායයි වක්‍රව අගමැති රනිල් චික්රමසින්හට චෝදනාකලා නමුත් මේක මහජනතාව මුලාකරන්න රනිල් එක්ක කතාකරගෙන කරපු කතාවක්. මෙහෙම චෝදනාවක් කරන්නතරම් පිටකොන්දක් අපේ ජනාධිපති තුමාට නැ.

මෙඅතරතුර අලුත් ව්‍යවස්ථාවක් ලියන්න යහපාලන ආණ්ඩුව මහා උනන්දුවකින සැරසෙනවා. ව්‍යවස්ථාවක් ලිවීම පිලිබඳ වගකීම භාරව සිටින  ලාල් විජේනායක කියන වා ව්‍යවස්ථාව පිලිබඳව මහජනවිචාරනයක් අවශ්‍ය නැ තුනෙන්දෙකක චන්දයකින් පරලිමේන්තුවෙන්ම සම්මතකරගන්න පුළුවන් කියලා. මේක මහා භයානකයි , මහජනවිචාරයක් අවශ්‍යමයි.

සැරෙන් සැරේට ඇතිවෙන ආණ්ඩු වෙනස්වීමත් සමග අලුත් ව්‍යවස්ථා ලිවීම මහා විහිළුවක්. දැන් තියෙන ව්‍යවස්ථාවම සන්සෝධන මගින් වෙනස්කරමින් පවත්වාගෙනයාම වඩාත් හොඳයි. එ වෙනුවට අද තිබෙන දේසපාලන වාතාවරණය තුල අලුතින් ෆෙඩරල් වාදයට ඉඩදෙන ව්‍යවස්ථාවක්  ලිවීමට බලකරන  පසුබිමක  අලුත් ව්‍යවස්ථාවක් ලිවීම වහා නතරකල යුතුය . මෙම  ප්‍රයත්නයට විරුද්ධව මහජනයා නැගී සිටිය යුතුය.

ජපානයෙන් මිලියන 500ක සංවර්ධනය සඳහා නයක්  දීමට පොරොන්දුවී සිටිනබව වාර්තාවනවා.  නමුත් ඒ නයදෙන්නේ ඒ සංවර්ධනසඳහා සම්පුර්ණයෙන්ම ජපන් කොම්පැනී තුනක් පමණක් සහභාගිකරගෙන වියයුතුයන කොන්දෙසිය සහිතවලු.

මෙන්න අපේ රට අගාදයට ඇද දමන යහපාලන පිළිවෙත.

11 Responses to “රටක් හදන්න කාලයක්ගතවෙනවා නමුත් රටක් විනාශකරන්න ගතවෙන්නේ සුලුකාලයක්.”

  1. S.Gonsal Says:

    Very sad story here to share.

    ලසන්ත මැරුවේ මමයි
    බුද්ධි අංශනිලධාරියා එල්ලෙයි
    * පදිංචිය කෑගල්ල කරඬුපන * වයස අවුරුදු 53
    * දරුවන් තිදෙනයි * බිරි`ද රට

    හේමන්ත රන්දුණු සහ එම්. බී. පහළවත්ත

    “සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ මම. ඒ නිසා මගේ යාළුවා මලින්ද උදුලාගම වැරදිකාරයෙක්‌ නොවෙයි. එයාව නිදහස්‌ කරන්න” යනුවෙන් ලිපියක්‌ ලියා තැබූ යුද හමුදා බුද්ධි අංශයේ විශ්‍රාමික සාජන්ට්‌ මේජර්වරයකු කෑගල්ලේ පිහිටි සිය නිවෙසේ බාල්කයේ එල්ලී පෙරේදා (14 වැනිදා) පෙරවරුවේ අභිරහස්‌ අන්දමින් මියගොස්‌ ඇත. මෙම සාජන්ට්‌ මේජර්වරයාගේ අභිරහස්‌ මරණයත් සමඟම ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ පරීක්‍ෂණ කටයුතු නව මගකට යොමු වී ඇති බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පැවසීය.

    මෙහිදී මියගොස්‌ ඇත්තේ කෑගල්ල කරඬුපන ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ 52 හැවිරිදි විශ්‍රාමික යුද හමුදා බුද්ධි අංශ සාජන්ට්‌ මේජර් ජයමාන්න නමැති අය බව හඳුනාගෙන ඇත.

    මෙසේ මියගොස්‌ ඇති හිටපු බුද්ධි අංශ සාමාජිකයා තිදරු පියෙකි. ජයමාන්න මහතාගේ බිරිඳ විදේශ රැකියාවක නිරත වී සිටින අතර මොහු සිය දරුවන් තිදෙනා ද සමඟ කෑගල්ල කරඬුපන ප්‍රදේශයේ පිහිටි නිවෙසේ ජීවත් වී සිටියහ.

    පෙරේදා (14 දා) පෙරවරුවේ ජයමාන්නගේ දෙවැනි පුත්‍රයා ක්‍රීඩා කටයුත්තකට විදේශගත වීමට නියමිතව සිටියේය. ජයමාන්න සිය දරුවා විදේශගත වීම සඳහා පාසල වෙත භාරදී නිවෙසට පැමිණ ඇත.

    ඔහුගේ වැඩිමහල් දරුවා ද ඒ වන විට රැකියාවකට ගොස්‌ සිටි අතර බාල දරුවා පාසල් ගොස්‌ සිට ඇත.

    පරීක්‍ෂණවලින් හෙළිවී ඇති අන්දමට ජයමාන්න නිවෙසේ බාල්කයේ එල්ලී ඇත්තේ පෙරේදා පෙරවරු 8.30 ට පමණය. ජයමාන්න නිවෙසේ එල්ලී සිටිනු මුලින්ම දැක ඇත්තේ නිවෙස ආසන්නයේ ත්‍රිරෝද රථයක්‌ එළවන තරුණයකු විසින්ය.

    පසුව මේ බව කෑගල්ල පොලිසියට දැනුම් දීමට ත්‍රිරෝද රථ රියෑදුරු කටයුතු කර ඇත.

    ඒ අනුව එහි පැමිණි පොලිසිය නිවෙසේ බාල්කයේ එල්ලී මියගොස්‌ සිටි ජයමාන්නගේ සිරුර සොයාගෙන තිබේ.

    ජයමාන්න විසින් ලියා තැබූ බවට සැක කරන ලිපිය ද එම කාමරයේ මේසයක්‌ මත තිබී පොලිසිය සොයාගෙන ඇත.

    ජයමාන්නගේ පුත්‍රයා මෙම ලිපිය පරීක්‍ෂා කර ඇති අතර එහි අත් අකුරු තම පියාගේ බවට ඔහු තහවුරු කළ බව පොලිස්‌ ආරංචි මාර්ග කියා සිටියේය.

    කෙසේ වෙතත් මෙම අභිරහස්‌ මරණය පිළිබඳව සෙවීමට කෑගල්ල පොලිසියේ විශේෂ කණ්‌ඩායම් දෙකක්‌ ඊයේ දහවල් සිට සිය පරීක්‍ෂණ කටයුතු ආරම්භ කළහ.

    ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ තමන් විසින් බවට මොහු කර ඇති ප්‍රකාශය මහත් ආන්දොaලනයට ලක්‌වී ඇති අතර ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කළ බව ද කෑගල්ල පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළේය.

    අභිරහස්‌ අන්දමින් මරුමුවට පත්ව ඇති ජයමාන්නගේ සිරුර කෑගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පෙරේදා දහවල් මරණ පරීක්‍ෂණය පැවැත්වීමට නියමිතව තිබිණි.

    කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ඒ. සේරසිංහ මහතාගේ උපදෙස්‌ මත කෑගල්ල පොලිසියේ වැඩ බලන ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වේ.

  2. S.Gonsal Says:

    Another one we all shoud read

    සංවර්ධන වැඩ නොකර දේශපාලනය ගැන හිතුවා නම් මට උතුරේ හිත් දිනන්න තිබුණා

    උතුරේ යුද්ධය අවසන් කොට කඩිනමින් සංවර්ධන ක්රියාදාමයක් ආරම්භ නොකොට දේශපාලනික වශයෙන් දිගින් දිගටම සාකච්ඡා කළා නම් උතුරේ ජනතාවගේ සිත් දිනා ගැනීමට හැකිවූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් කඳවුරුවල රඳවා තබාගෙන සංවර්ධන කටයුතු මන්දගාමීව සිදු කිරීමට කිසිසේත් තමන්ට අවශ්ය නොවුන නිසා උතුරේ ජනතාවගේ සිත් දිනා ගැනීමට නොහැකි වූ බවත් එය පසුගිය ජනාධිපතිවරණයට බලපෑ බවත් ඔහු පැවැසීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්රකාශ කළේ ප්රථමවරට දෙමළ මාධ්යවේදීන් සමඟ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.

    මෙහිදී දෙමළ මාධ්යවේදීන් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවේදී මාධ්යවේදීන් ඇසූ ප්රශ්නවලට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා මෙසේද කීවේය.

    ප්රශ්නය – “දෙමළ මාධ්යවේදීන්ට මෙවැනි අවස්ථාවක් ලබාදීම ඉතා වැදගත්. දෙමළ ජනතාව අතරට සත්ය සිද්ධිය මේ තුළින් ලබාදෙන්න පුළුවන් මේ වගේ විවෘත සාකච්ඡාවලදී.”
    පිළිතුර – ඔව්. මට දෙමළ මාධ්යවේදීන් එක්ක ඍජුවම සාකච්ඡා කරන්න බැරිවෙච්ච එක ගැන මම කණගාටු වෙනවා. මම බලයේ ඉන්නකොට කිව්වා මෙවැනි සාකච්ඡාවක් කරන්න ඕනේ කියලා. ඒත් ඒ වෙලේ හිටිය මාධ්ය ඔස්තාර්ලා ඒකට හරස් වුණා. ඇත්තටම ඒ ගැන කනගාටු වෙනවා.

    ප්රශ්නය – “හිටපු ජනාධිපතිතුමනි මේ වගේ විවාත සාකච්ඡාවක් තිබීම ගැන සතුටු වෙනවා. ඕනෑම දෙයක් අපිට අහන්න පුළුවන්.”
    පිළිතුර – ඔව් ඒක පැහැදිලියි. ඕනෑම ප්රශ්නයක් අහලා නිරාකරණය කරගන්න පුළුවන්.

    ප්රශ්නය – “අවසන් සටනේදී ඔබ එල්.ටී.ටී.ඊ. නායකයාගේ සිරුර දැක්කද? ඒ වෙලේ සතුටු වුණාද?

    පිළිතුර – මම ඔහුගේ සිරුර හීනෙකින්වත් දැක්කේ නෑ. ඒක අමූලික බොරුවක්. අනික මම ඒ වගේ මානසික තත්ත්වයක නෙමෙයි ඉන්නේ. මළමිනී දැකලා සතුටුවෙන, වේදනා විඳින මිනිස්සු දැකලා සන්තෝස වෙන මානසිකත්වයක් මට නෑ. අපි ප්රභාකරන්ද වෙනත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක්ද කියලා මට වෙනසක් නෑ. අපි කිසිදු පුද්ගලයකුට එරෙහිව කළ සටනක් නෙමෙයි මේක. මේක ත්රස්තවාදීන් එක්ක කළ සටනක්.

    ප්රශ්නය – “අවසාන යුද සමයේ බාරවූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් ඔබතුමාගේ රජය යටතේ පුනරුත්ථාපනය කරලා නිදහස් කළා. දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරනවාට ඇයි ඔබතුමන්ලා විරුද්ධ වෙන්නේ?”

    පිළිතුර – අපි කිසිම විරුද්ධත්වයක් පළ කරන්නේ නෑ. දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ගැන අපේ රජය කාලයේ ඔය කට්ටිය පුනරුත්ථාපනය කරන්න හදනකොට සමහර නීතිඥ මහත්වරු ඔය දැන් එයාලා වෙනුවෙන් කෑ ගහන අය මේ අය උසාවියට ඉදිරිපත් කරන්න කියලා. ඒ අනුව තමයි අපි ඔවුන්ව නඩුවලට ඉදිරිපත් කළේ. නැත්නම් අපේ බලාපොරොත්තුව වුණේ ඔවුන්වත් පුනරුත්ථාපනය කරලා නිදහස් කරන්න. නීතිඥ මහත්වරුන්ගෙන්, දේශපාලන පිටියෙන් තමයි ඔවුන් උසාවි ඉදිරිපත් කරන්න කියලා බලපෑම් ආවේ. ඊට පස්සේ උසාවි දැම්මම ඔවුනට චෝදනා එල්ල වුණා. උසාවියෙන් චෝදනා තියෙනවා නම් අපිට ඊට මැදිහත් වෙන්න බෑ. එහෙම උසාවියට ඉදිරිපත් කරන්න කියලා බලපෑම් ආවේ නැත්නම් අපි ඔවුන්වත් පුනරුත්ථාපනය කරලා නිදහස් කරලත් ඉවරයි. පුනරුත්ථාපනය උනාද නැද්ද කියන එක මම දන්නෑ. පුනරුත්ථාපනය වෙලා තියෙනවා. අපිට ඒක ප්රශ්නයක් නෙවෙයි.

    ප්රශ්නය – අතුරුදන් වූවන් සෙවීමේ කටයුත්තට විදෙස් විනිසුරුවන් ගේන්න ඕනේ නැහැ කියලා ආණ්ඩුව කියනවා. එහෙත් ඔබ කියන්නේ එහෙම වෙන්නෑ කියලා. ඒක ඔප්පු කරන්නේ කොහොමද?
    පිළිතුර – දැන් බොහොම පැහැදිලිව විදේශ ඇමැතිවරයා කියනවා ලෝකෙට ගිහිල්ලා එක විදිහකට විදෙස් විනිසුරුවන් ගෙන්වනවා කියලා. ජනාධිපති හා අගමැතිවරයා කියනවා ගෙන්වන්නේ නෑ කියලා. ඉතින් කෝකද ඇත්ත? කවුරු කියන එකද පිළිගන්නේ. ජිනීවා සම්මුතියටත් එකඟවෙලානේ. අනික විදේශ ඇමැති කියන්නේ ඔහුගේ පුද්ගලික මතය නෙමෙයිනේ. සමස්ත රජයේ මතය ඒක.

    ප්රශ්නය – අවසන් යුද්ධයේදි ඇතිවූ සිද්ධි පිළිබඳ ජනතාව විවිධ ප්රශ්න මතු කරනවා අතුරුදන් වූවන් ගැන.

    පිළිතුර – මෙතනදි පැහැදිලිවම කියන්න ඕනේ මේක “යුද අපරාධයක්” නෙමෙයි. “යුද අපරාධ” කියන එක මම පිළිගන්නේ නෑ. යම් සිද්ධීන් ඇතිවුණා. උදාහරණයක් වශයෙන් මනම්පේරිගේ සිද්ධිය. එවකට හිටිය රජය ඒ ගැන පරීක්ෂණ කරලා විමර්ශනයක් කළා. ඒ වගේ සිද්ධීන් පිළිබඳ පරීක්ෂණ කරානේ. ඔන්න හිට්ලර් කළේ “යුද අපරාධ.” නමුත් ඒ වගේ දෙයක් අවසන් යුද්ධයේදී කිසිසේත්ම උණේ නෑ. අපි පැහැදිලිවම කියලා තිබුණා අතුරුදන් වූවන් ගැන සොයා බලන බව. අපි ඒකට කොමිසමක් පත් කළා. නමුත් ඒවා ගණන් ගත්තේ නෑ, කොළඹට වෙලා කාමර ඇතුළේ හිටියේ. ඊට පස්සේ තවත් කොමිසමක් ගෙනාවා. ඒකටත් විවේචන එල්ල වුණා. මම කියන්නේ මේවා ගැන මීට වඩා සුහදව බලන්න ඕනේ. ප්රශ්න තියනවා නම් ඒවට සුදුසු විසඳුම් සොයන්න ඕනේ විවිධ ක්රම ඔස්සේ. ඒත් ඒවා විවේචනය කරන්න නරකයි. දැන් බලන්න අපේ කාලයේ අපි 12500ක් මම එළියට දැම්මේ මාස 6ක් පුනරුත්ථාපනය කරලා. අවුරුදු 16ක් යුද්ධ කරපු මානසිකත්වය මාස 6න් වෙනස් කරලා එළියට දානවා කියන්නේ ලොකු වගකීමක්.

    ප්රශ්නය – ඔබතුමා යුද්ධය දිනුවත් උතුරේ ජනතාවගේ සිත් දිනාගන්න බැරි වුණා නේද?

    පිළිතුර – ඇත්තවශයෙන්ම යුද්ධය දිනලා ඉවර වුනායින් පස්සේ උතුරේ ජනතාවට සහන ලබාදෙන්න. ඔවුන් හිටිය යුද මානසිකත්වයෙන්. ඒ තත්ත්වයෙන් මුදවා ගන්නයි මම වැඩ කළේ. මට තිබුණා ලොකු වගකීමක්. උතුරේ ආර්ථිකය බිමටම සමතලා වෙලා තිබුණේ. රටේ අනෙක් පළාත් එක්ක බලනකොට ආර්ථිකය සම තත්ත්වයට ගන්න උත්සහ කලා. ආර්ථිකය ගොඩනඟලා ජනතාවට ඒ සහන ලබාදෙන්න ඕනේ. බිම්බෝම්බ තිබුණා. කුඹුරු පාළුවෙලා, නිවාස නෑ. විදුලිය, මංමාවත්, පාසල්, රෝහල් නෑ. ඕවා ඔක්කොම හදන්න ඕනේ. ඊළඟට උතුරේ කඳවුරුවල ඉන්න අය නැවත පදිංචි කරන්න ඕනේ. ඕවට තමයි මම මුල්තැන දුන්නේ. දේශපාලනය ගැන හිතා හිතා හිටියානම් මට ඔවුන්ගේ හිත් දිනාගන්න තිබුණා. දැන් බලන්න යාපනයේ තියෙන දියුණුව. විනාශවුණු දුම්රිය මාර්ගය හැදුවා. මංමාවත් කාපට් කළා. රෝහල්, විදුලිය, ජලය ඇතුළු සියලු පහසුකම් ලබා දුන්නා. නොකරපු දෙයක් නෑ. මම ඉන්න කාලේ කරපු සංවර්ධනවලින් පස්සේ කිසිම සංවර්ධනයක් කරලා නෑ. මට වඩා ඕගොල්ලන්ට පැහැදිලිවම පේනවා ඇති යාපනයේ සංචාරය කරන නිසා. මම නම් පැරදුණාට පස්සේ උතුරේ සංචාරය කළේ නෑ. ලයිට් නැතුව, ළමයින්ට ගෙවල් දීලා බෑ. බඩ ගින්නේ ඉන්න අයට කෑම නොදී වෙනත් දේවල් දීලා වැඩක් නෑ. මම ඔවුන්ගේ විනාශවූ දේපළ යළි ගොඩනගන්නයි උත්සාහ ගත්තේ. මෙතැනදී මට වැරදුණු කාරණයක් තියෙනවා. අපි දේශපාලන වශයෙන් ඔවුන් එක්ක සංවාදයකට ගියේ නෑ. සම්බන්ධ වුණේ නෑ. මොකද, මමත් එක්ක අනිකුත් දේශපාලන නායකයන්ටත් ගිහිල්ලා එම ප්රදේශවල ජනතාව හම්බවෙලා ඔවුන් සමඟ මීට වඩා සම්බන්ධ වෙන්න තිබුණා. මම හිතන්නේ ඒක අපෙන් වෙච්ච ලොකු අඩුපාඩුවක්. මොනවද මේ ජනතාවට මේ රජය කෙරුවේ. එකක් කියන්න. ඔක්කොම මම කරපු දේවල් තමයි මේගොල්ලෝ විවෘත කරන්නේ. මොවුන් හිතන්නේ දෙමළ ජනතාව ගැන නෙමෙයි. දේශපාලන වශයෙන් වාසිගන්න. මේ ගොල්ලන්ට ඕනේ සුහන්දිරන්වයි, සම්පන්දන්වයි සන්තෝෂ කරන්න. මම බය නැතුව කියනවා මම හදපු දේවල් තමයි මේ ගොල්ලෝ විවෘත කරන්නේ. ඒක තමයි ඇත්ත.

    ප්රශ්නය – ඔබ උතුරු පළාත් ඡන්දය තිබ්බ එක ගැන කනගාටු වෙනවාද?

    පිළිතුර – නෑ. නෑ. කිසිම අවස්ථාවක එහෙම වෙන්නෑ. මම බොහොම සන්තෝෂ වෙනවා. මොකද එහෙම වෙන්න ඕනේ. ඒක ජනතාවට තිබෙන අයිතියක්. ඔවුන් ඒවා බලාපොරොත්තු වෙනවා. ඒ නිසා පළාත් සභාවත් ඒ සඳහා ඡන්දයක් ඔවුනට ලබා දෙන්න ඕනේ. මට බොහෝ දෙනෙක් කිව්වා ඕක දෙන්න එපා කියලා තාම වෙලා වැඩියි. මම දන්නවා ඡන්දෙන් පරදිනවා කියා. නොදැන කරපු දෙයක් නෙමෙයිනේ. නමුත් ඔවුන්ගේ අයිතීන් මම දුන්නා.

    ප්රශ්නය – උතුරු පළාත් ප්රධාන ඇමැතිවරයාගේ ක්රියාකලාපයට විවේචන එල්ල වෙනවා. ඔබ හිටියා නම් මෙවැනි දේකට ඉඩ දෙනවාද?
    පිළිතුර – මම දන්නවා මහ ඇමැතිතුමා ජාතිවාදියෙක් නොවන බව. එයා කරන්නේ දේශපාලනය. එයාට මේ ආණ්ඩුව සමඟ ගනුදෙනු කරන්න බෑ. දෙමළ ජනතාවගේ ප්රශ්න විසඳන්න බෑ. ඒ ළමයින්ට රක්ෂා දීලා තියෙනවද? පාරක් හදලා තියෙනවද? ධීවර ජනතාවට සහන ලබා දීලා තියෙනවාද? අවුරුදු 30 ක් ධීවර කටයුතුවල නිරතවෙන්න බැරිවුණා. ඒවාට පහසුකම් දීලා තියෙනවාද. යාපනයේ ගොවීන්ගේ ගැටලු විසඳලා තියෙනවාද? රජයේ සේවකයන්ගේ ගැටලු විසඳලා තියෙනවාද? ඉතින් රජය එක්ක ගනුදෙනු කරන්න බැරි නිසා මෙවැනි දේවල්වලින් ඒ ගැටලු මගහරින්න හදනවා. හැබැයි මම හිතන් නෑ ඔහු ජාතිවාදියෙක් කියලා.

    ප්රශ්නය – ඔබ පාලන සමයේ නැති නිදහසක් උතුරේ අද තිබෙන නිසයි මෙවැනි උද්ඝෝෂණවලට ඉඩ ලැබිලා තියෙන්නේ. ප්රසිද්ධියේ මෙවැනි දේවල් කරනවා. ඔබ හිටියා නම් මේවට ඉඩ දෙනවාද?

    පිළිතුර – මෙහෙමයි. රටේ නීතිය එකක් වෙන්න ඕනේ. රටේ ජාතිවාදිය ඇවිස්සීම හරි කියලා පිළිගන්නවා නම් එතකොට ඕක හරි. නැත්නම් ඒක වැරදියි. මගේ කාලයේ ඒක ජාතිවාදී ස්වරූපයෙන් ආවා නම් මම කියනවා බෑ කියලා. වරදවා හිතන්න එපා. මේක ජනමතය නොවෙයි. දෙමළ ජනතාවගේ ඉල්ලීම් වහගන්න කළ උද්ඝෝෂණයක් මේක. ගොවීන්ගේ වී ටික, ලූනු ටික විකුණගන්න බැරි ගොවීන් මෙතනට ආවා. උපාධිධාරී තරුණ තරුණියන්ම රැකියා නොමැති නිසා ඔවුන් මෙතනට ආවා. රජයේ සේවකයන්ට ජීවත්වෙන්න බැරි නිසා මෙතනට ආවා. ඒ නැතුව ඔවුන් ජාතිවාදය අවුස්සන්න ආපු කට්ටිය නෙමෙයි. ඒ නිසා ඔවුන්ගේ ප්රශ්න අමතක කරන්නයි ඒ ගැන වෙන පැත්තකට හරවන්නයි ආණ්ඩුවට ඕන වුණේ. ඒකයි මෙතන ජාතිවාදී ප්රශ්නයක් මතු කළේ. ඉතින් විග්නේෂ්වරන් මහත්තයා කළේ වෙන දෙයක්. ජාතිවාදය මතු කළේ ආණ්ඩුවයි.

    ප්රශ්නය – උතුරේ ජනවාර්ගික ප්රශ්නයක් තියෙනවා කියලා ඔබතුමා පිළිගන්නවාද?

    පිළිතුර – රටේ ජනවාර්ගික ප්රශ්නයක් තියෙනවා කියලා ජාතීන් අතර බෙදීමක් ඇතිකරන්න බෑ. හැමෝටම ප්රශ්න තියෙනවා. ඒවා විසඳගන්න ජාතීන් අතර බෙදීමක් වෙලා බෑ. හැමෝම සහයෝගයෙන් එක්වෙලයි ප්රශ්න විසඳගන්න ඕනේ. සමහරු උතුරු – නැගෙනහිර වෙන් කරන්න කියනවා. ඒත් ඇතැම් මුස්ලිම් මන්ත්රීවරුන් ඒකට එකඟ නෑ. විරුද්ධ මත ගෙනියනවා. ඉතින් එහෙම බෙදීමක් උණාම ප්රශ්නවලට විසඳුම් ලබා ගන්න බෑ.

    ප්රශ්නය – වත්මන් රජයේ ව්යවස්ථාවට ඔබතුමා එකඟද?
    පිළිතුර – අපි දන්නේ නෑනේ මොනවද ව්යවස්ථාවේ තියෙන විසඳුම් කියලා. ඒ විසඳුම් මොනවද කියලා පැහැදිලි නැතුව ඒ ගැන මුකුත් කියන්න බෑ.

    ප්රශ්නය – විමල් වීරවංශ මන්ත්රීතුමා කියනවා විරුද්ධයි කියලා.

    පිළිතුර – මේකයි. ව්යවස්ථාව හදන්න පත්කරලා තියෙන්නේ ලාල් විජේනායක කියන එක්කෙනානේ. එයාගේ කතාවලට එකඟ වෙන්න බෑ. ඒක හින්දා වෙන්න ඇති ඔහු මේකට විරුද්ධයි කියලා කියන්න ඇත්තේ. මගේ අදහස නම් මේක විසඳගන්න ව්යවස්ථා සංශෝධනයක් අවශ්ය නෑ කියලා. මොකද ව්යවස්ථාවේ ඇතැම් කරුණු සංශෝධනය කිරීමෙන් මේක පහසුවෙන් විසඳගන්න පුළුවන්. අලුත් ව්යවස්ථාවක් අවශ්ය නෑ. මේකට තියෙන ව්යවස්ථාවේ සංශෝධනවලින් විසඳගන්න පුළුවන් දේ ව්යාකුල වන තත්ත්වයක් තමයි මේකෙන් වෙන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. හැබැයි මේ ප්රශ්න විසඳගන්න රට බෙදිලා නම් විසඳගන්න බැහැයි කියන එක පැහැදිලියි.

    ප්රශ්නය – ඔබතුමාට ආණ්ඩුව පෙරලන කුමන්ත්රණයක් කළා කියලා චෝදනාවක් තියෙනවා නේද?
    පිළිතුර – කුමන්ත්රණය කළා නම් තවමත් මම එතනනේ ඉන්නේ. ඒක අමූලික බොරුවක්. මේක දේශපාලන වාසි ගන්න හදන කතා.

    ප්රශ්නය – ඔබතුමා හා රනිල් වික්රමසිංහ අතර සංවාදයක් එදා පැවැත්වූවාද?
    පිළිතුර – මෙහෙමයි. මම දන්නවා මෙතනදි පරාජය වනවා කියලා. අපිත් වාර්තා මගින් අධ්යයනය කරනවනේ. අපිත් දේශපාලනය අතින් අත්දැකීම් තියෙන අය. අපි පරාජය වෙන නිසා මම කිව්වා රනිල් වික්රමසිංහ මහත්තයාට ඔයගොල්ලෝ මේක භාරගෙන ආණ්ඩුවක් පිහිටුවන්න කියලා. පරාජය බාරගන මම උදේ 6 වෙනකොට මම පිටත් වුණා අරලියගහ මන්දිරයෙන්. එච්චරයි එතන වුණේ.

    ප්රශ්නය – ඔබතුමා ඡන්දය පරාජය වීමට ප්රධාන හේතු මොනවාද?
    පිළිතුර – බොරු ප්රචාර ගෙන යාම තමයි මූලික හේතු වුණේ. බොරු ප්රචාර ගියා. ජාතීන් අතර බෙදීමක් ඇති කළා. ඒකයි මම දකින්නේ පරාජයට හේතුව. ඒකට කියන්නේ “ගොබෙල්ස් න්යාය” කියලා.

    ප්රශ්නය – මේ ආණ්ඩුව ආර්ථික වශයෙන් ණය ලබා ගනිමින් සිටිනවා. ඔබ පාලන කාලයේ ගත් ණය ගෙවලත් නෑ. මේ ආකාරයෙන් ණය ගත්තොත් ආණ්ඩුව තවත් උගුලකට හසුවෙනවා. ඊට ඔබේ අදහස් මොනවාද?

    පිළිතුර – අපි ණය ගත්තේ සංවර්ධන වැඩවලට. මේ ගොල්ලෝ ණය ගන්නේ පරිභෝජනයට. දැන් මේ ගොල්ලෝ වරාය හැදුවද? ගුවන් තොටුපළ හැදුවද? පාසල් හැදුවද? පාරවල් හැදුවද? මේවා අපි කළේ යම් යම් ආර්ථික වාසි බලාපොරොත්තුවෙන්. ඒකෙන් ආර්ථික වාසි ලැබෙනවා. අපිට දීර්ඝ කාලීනව හා කෙටි කාලීනව. හම්බන්තොට වරාය පාඩුයි කියන්නේ බොරු. අපි ලාභ ලැබුවා හම්බන්තොට වරායෙන්. කොළඹ වරායෙන් ලාභ ලැබුවා. මේ ණය අරගෙන අපි වියදම් කළේ රටේ වටිනාකම වැඩි කරන්න. දැන් යාපනයේ එදා තිබ්ච්ච මිල ගණන්ද අද ඉඩම්වල. අද ඊට වඩා වැඩියි. අපි ණය අරගෙන යටිතල පහසුකම් සංවර්ධනය කලා. ඒකෙන් ප්රතිලාභ ලැබෙනවා. ඒකයි අපේ වෙනස. සුහන්දිරන් හා සම්පන්දන් බොරුවට කෑගැහුවට මිනිස්සුන්ගේ අවශ්යතා සම්පූර්ණ වෙන්නේ නෑ. ඒක නිසයි ජනතාව උද්ඝෝෂණය කරන්නේ.

    ප්රශ්නය – මේ ආණ්ඩුව කියනවා මිලියන 9000 ක් ණයයි කියලා. රාජපක්ෂ පවුල තමයි මේ ආර්ථිකය වැටෙන්න හේතුව කියලා ඔබතුමා පිළිගන්නවද?
    පිළිතුර – ඒක අමූලික පට්ටපල් බොරුවක්. මෙයාලට කරන්න වැඩ නැති උණාම මතක් වෙන්නේ රාජපක්ෂ පවුල. අපි ගත්ත ණයවලින් කළේ සංවර්ධන වැඩ. ඒක පැහැදිලිව පේනවනේ. දිවයින පුරාම ඒ සංවර්ධන කටයුතු දකින්නට පුළුවන්. මේ ආණ්ඩුව ණය අරන් මොනවද කළේ කියන්න?

    ප්රශ්නය – මාධ්ය නිදහස පිළිබඳ ඔබතුමාගේ අදහස මොකක්ද?
    පිළිතුර – දැන් මාධ්ය නිදහස ගැන කියනවා. හැබැයි නිදහස නෑ. ඔයාලට ඕන එකක් ලියන්න පුළුවන්ද? රූපවාහිනීවලට ඕන දෙයක් දාන්න පුළුවන්ද? අපේ කාලේ ඕන එකක් දැම්මා. මට විරුද්ධව කොච්චර දැම්මද? ඒ කාලේ පත්තර වල බලන්න. දැන් ලේසියිද බලන්න. දැන් පාර්ලිමේන්තුවේදී කියනවා මේ පිළිබඳව බලාගමු කියලා. එතකොට ලියන්න නිදහස තියෙනවාද?.

    ප්රශ්නය – ඔබතුමන්ට පුළුවන්ද මුස්ලිම් හා දෙමළ ජනතාවගේ සහාය නැවත ලබාගන්න?

    පිළිතුර – පුළුවන්. ඔවුන් සැබෑ තේරුම දැනගත්තම මොකද වුණේ කියන එක තේරුම් ගියාම, ඔවුන් අපි ගැන මීට වඩා වෙනස් විදිහකට හිතයි. අපි අවංකවම දෙමළ ජනතාවට උදව් කළා. මුස්ලිම් ජනතාවටත් උදව් කළා. එයාලගේ ප්රශ්න විසඳන්න. අපි ඉඳලා යනවා. මේ ඉන්න තරුණයන්ට රටක් තියෙන්න ඕනේ. අලුතෙන් ඉපදෙන දරුවන්ට. ඒ දරුවෝ යහතින් ඉන්න ඕනේ සාමයෙන් සමගියෙන්. ඒ වගේම ඒ අයට රැකියා අවස්ථා මෙන්ම රටක් තියෙන්න ඕනේ. ඉගෙන ගන්න අවස්ථාව. ඒක අපි ලබා දීලා තියෙනවා.
    අපි ඉදිරියේදී කෙසේ හෝ බලය ලබා ගන්නවා. ඒත් රට දෙකඩ නොකර සාමය ඇතිකරලා රට සංවර්ධනය කිරීමෙන් ජනතාවගේ කැමැත්ත ලබාගන්න. ඒක ඉතා පහසු කාර්යයක්.

  3. Ananda-USA Says:

    Well said Charles … you have spoken for me too!

    A very well written article, exposing all that the Yamapalanya government, especially the TREACHEROUS TRIO Sirisena, Ranil and Chandrik, have done and are doing to bring our Motherland to its KNEES.

    It won’t be long now before the Patriotic people of Sri Lanka RISE UP in their anger, and wash away all of these MISCREANTS in a veritable TSUNAMI!

    Given the ENORMITY of the CRIMES they are committing against the Nation, they will only be able to find refuge in foreign lands.

    When that happens, like Ahmed Chalabi of Iraq, the Iraqi TRAITOR who CONNED George W. Bush into wreaking havoc on Iraq extinguishing the lives of 1.5 million of his countrymen, these people will continue to remain a severe threat to Sri Lanka from abroad, as Chandrika has proved herself to be.

    Can you imagine the enormous threat that PRABHAKARAN and HIS 50 THIEVES would pose to Sri Lanka today, with the LTTE organization in the Tamil Diaspora remaining completely INTACT, had the MR/UPFA government allowed Hillary Clinton to spirit them out of Sri Lanka in the last phase of the war?

    Thank GOD that we had two PATRIOTIC LEADERS with suffient BACKBONE in MR and GR to ask Billary Clinton to take a hike!

    I wonder what the Obama/Clinton Administration would have said, if in return Sri Lanka had OFFERED to spirit Osama Bin Laden and HIS 40 THIEVES out of Afghanistan and give them safe conduct/refuge, as a favor to the USA, of course!

    Is it not AMAZING how the US Administration SHAMELESSLY continues to adopt DOUBLE STANDARDS so many things around the world, without batting an eyelid! AMAZING!

  4. S.Gonsal Says:

    1st hand information for DEW Gunasekara Interview – Lakbima (Today )
    Q: යුද්ධය අවසන් කාලයේදී ඔබ වැඩබලන විදේශ කටයුතු ඇමැතිවරයා ලෙස වැඩ කළා නේද?

    DEW Gunasekara
    පහුගිය අවුරුදු දහයේම වැඩබලන විදේශ ඇමැතිවරයා ලෙස වැඩ කළේ මම. රෝහිත බෝගොල්ලාගම වගේම ජී.එල්. පීරිස්ද වෙන අයෙක්ට වැඩබලන විදේශ ඇමැතිකම දෙනවාට කැමැති වුණේ නැහැ. යුද්ධය අවසන්වීමට පෙර පැවැති කැබිනට් රැස්වීම අවසන් කරලා ජනපතිවරයා, මම, තිස්ස, ජී.එල්., මහින්ද සමරසිංහ නවත්වා ගත්තා. ඒ වන විට විදේශ අමාත්යාංශයේ ලේකම් ප්රසාද් කාරියවසම්ද පැමිණ සිටියා. ඒ වෙලාවේ මහින්ද කිව්වේ හෙට තමන් ජෝර්දානයට යනවා කියලා. ඒ වන විට අපි කවුරුවත් ඔහුගේ සංචාරය ගැන දැනගෙන හිටියේ නැහැ. ඒ වන විට බටහිර රටවලින් යුද්ධය නැවැත්වීමට හෝ කොටි නායකයින්ට පැනලා යාමට අවස්ථාවක් දීමට බලපෑම් එල්ලවෙමින් තිබුණා. ඒ වෙලාවේ විදේශ අමාත්යාංශයේ නිලධාරීන්ට ඔහු කිව්වේ මේ ඇමැතිවරුන්ගෙන් අහන්නේ නැතිව කිසිම තීරණයක් ගන්න එපා කියලයි. ප්රසාද් කාරියවසම් දක්ෂ විශ්වාසවන්ත නිලධාරියෙක්. ඒ වෙලාවේ තමයි මෛත්රීපාල සිරිසේන වැඩ බලන ආරක්ෂක ඇමැතිවරයා ලෙස කටයුතු කළේ. පාර්ලිමේන්තුවේදී ප්රශ්නවලට මුහුණදීමට සිදුවුණේ අපි දෙදෙනාටයි.

    Q: මහින්දගේ කැබිනට් මණ්ඩලය 2010 අවුරුද්දෙන් පසුව මොන වගේ වුණාද?
    DEW Gunasekara:
    2005 සිට 2010 දක්වා ඔහු කිසිම තීරණයක් කැබිනට් මණ්ඩලයෙන් අහන්නේ නැතිව ගත්තේ නැහැ. ඒත් 2010 පසුව අමුතුම විදියකට වැඩ කළේ. හාමුදුරුවෝ ටිකක් එකතුවෙලා ඔහු දේවත්වයට පත්කළා. ජැක්සන් ඇන්තනීලා එකතුවෙලා ඔහු මහ රජාට ඇන්දුවා. ඒක ඔළුවට ගැහුවට පස්සේ ඕනම කෙනෙක් හැසිරෙන්නේ ඒ විදියට තමයි. ගෝඨාභයගේ බලපෑම් එහෙම තිබුණා. ගෝඨා ආරක්ෂක ලේකම් වුණාට පස්සේ හමුදාව තුළ විනයක් ඇතිවුණා වගේම නරක පැත්තකුත් තිබුණා. ඔහුගේ වැඩ ගැන මහින්ද බැලුවේ නැහැ. ආරක්ෂාව ගෝඨාට දුන්නා. ආර්ථිකය බැසිල්ට දුන්නා. මහින්ද ජොලියේ හිටියා.

    Q:13 වැනි සංශෝධනය ඉවත් කිරීමටත් මහින්ද උත්සාහ ගත්තා නේද?
    DEW Gunasekara:
    ඔව්. 13 වැනි සංශෝධනය ඉවත් කරන්න එක් වරක් උත්සාහ ගත්තා. ඒ උත්සාහය වළක්වාගත්තේ කැබිනට් මණ්ඩලයේදී මම ගිහින් විමල් වීරවංශගේ බෙල්ල මිරිකන්න හැදුවයින් පස්සේ තමයි. එක වෙලාවක ඔහු 13 වැනි සංශෝධනයට එහා ගිය බලය බෙදාහැරීමකුත් කරනවා කියලා කිව්වා. ඒක කිව්වේත් කැබිනට් මණ්ඩලයෙන් අහන්නෙත් නැතිවයි. එහෙම කියපු මහින්දම තමයි පසුව 13 වැනි සංශෝධනය ඉවත් කරන්න හැදුවේ.

  5. S.Gonsal Says:

    The above proves DEW Gunasekara is the main culprit who stopped removal of 13A. Scared of being stranglled, Wimal had to give up. Mahinda wanted to remove 13A, in his heart. Now his heart changed forever, it is very unfortunate. It seems Wimal is still scared of being stanglled by DEW. However, 2nd question above proves why MR wasa defeated. It is not because of lies by UNP, it is also his behavior after 2010, “KALA BILA JOLI KARAPALLA ” attitude ! Now, after seeing some crowed, he has come back to same attitude. We should change this attitude, not by writing foolish letters like Charles but by pointing out strongly how he lost and making use of him to follow his Nationalistic feelings he had until 2010.

  6. Ananda-USA Says:

    Oi Gonsal!

    Charles Perera, in his long association with LankaWeb, had NEVER written foolish letters!

    Only those marginal patriots who vacillate and oscillate in their loyalty to the nation think that a letter SUMMARIZING all of the treacherous activities if the Yamapalana to date should not be exposed ti remind our forgetful and ungrateful citizens think so!

    As Einstein theorized, it is all relative to the observer!

  7. Lorenzo Says:

    Gonsal is 90% correct but WRONG on Charles’ letters – they are NOT foolish. I say they are BIASED towards MR and he is entitled to his respectable views. I FULLY RESPECT Charles’ views.

    We must all RESPECT the views of others.

    I DISAGREE that it was DEW that stopped scrapping 13 amendment. DEW was also AGAINST 18 amendment BUT it was passed!!! Then why not scrap 13 amendment? DEW is a national list MP without ANY people’s support.

    MR never wanted to scrap 13 amendment. That is the real reason. He STILL does NOT want to scrap 13 amendment. I RENEW my challenge – IF MR scraps 13 amendment I will make a cut on my little finger. Don’t worry my finger is PERFECTLY SAFE.

    When I SCREAMED to SCRAP 13 amendment, some people told me to shut up saying winning MR is more important than saving UNITARY SL.

    Lets say OK, but then ENDIA and REGIME CHANGE agents manipulated 13 amendment to get rid of MR!! That is the bit even the most die hard MR supporter must understand.

    Now VIGGIE and NAJIB will ensure their provinces do BLOCK VOTING at the next election AGAINST MR.

    And our people will blame ourselves for it!!

  8. Ananda-USA Says:

    Lorenzo,

    Who cares about your left finger or any thing else that is on your left? Not us!

    On the other hand, on the eve of the election when we counselled not to castigate MR on not REPEALING the13A … we were right. Now that he is ousted, Sri Lanka is in a BIGGER HOLE now. That is what Charles, Fran and I, among others, counselled at that time, that we needed to PRESERVE A PATRIOTIC GOVT in power in order to achieve ALL of our PATRIOTIC GOALS.

    Only a EGOTISTIC MUTT or a EELAMIST AGITATOR TRYING TO SINK THE PATRIOTIC BOAT, would propose OUSTING the only defensive shield we had to fend off our enemies.

    Clearly, you were the latter, making lists of fake accusations of corruption, Corruption and more corruption and Lamborghini’s invading Colombo, to SINK the life raft of the Sinhala Buddhists.

    Now that your fondest dreams have been realized, why don’t you PLEASE BUGGER OFF without giving us more of your misbegotten advice?

  9. S.Gonsal Says:

    I am sorry – to Chrales.
    It is not a foolish letter, it contains 90% truth, but that 10% properly put inot perspective would make a difference. We should not put MR on Murunga Atta. That si what others did and hence the big dissaster.

  10. S.Gonsal Says:

    Lorenzo,
    According to DEW , MR wanted to scrap 13A under pressure from Wimal. I thought it was clear when read that Sinhala interview. DEW was basically always trying to protect MR, not the country. This is what most people are doing. I don’t knwo why. These people cannot be “direct patriots”,but “foolishly hopeful patriots” who unconditionally hope MR would do everything.

  11. Dilrook Says:

    Sadly this is the usual. Operation Jayasikuru lost what some previous operations won. Similarly, Sri Lanka lost since May 2009 what it won from March 2005 to May 2009. There is no hope in any leader that governed this country since 1987. They have failed the nation except 2005-2009 a rare period when the nation won.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress