සී.අයි.ඞී, එෆ්.සී.අයි.ඞී, හා අල්ලස් කොමිෂම හසුරුවන දේශපාලන න්‍යාය පත‍්‍රය කාගේදැයි  ජනාධිපතිවරයා රටට හෙළිකළ යුතුයි
Posted on October 15th, 2016

ජාතික භික්‍ෂු පෙරමුණ   – NBF – 2016.10.14

ශී‍්‍ලංකා පදනම් ආයතනයේ පැවති උත්සවයක් අමතා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කර ඇති ප‍්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට රට තුළ ආන්දෝලනාත්මක කථාබහක් ඇතිවී තිබේ. එවැනි ආන්දෝලනයක් ඇතිවීම සඳහා බලපා ඇත්තේ යහපාලන ආණ්ඩුවේ ප‍්‍රාණ සම ප‍්‍රතිපත්තිවලින් එකක් වූ ස්වාධීන කොමිෂන් සභා යටතට ගැනෙන අල්ලස් කොමිෂම සහ හොරුන්, මූල්‍අපරාධකරුවන් ගැන පරීක්‍ෂණ කිරීමට පත්කළ එෆ්.සී.අයි.ඞී හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධව එම ප‍්‍රකාශය කේන්ද්‍රගතවීමයි.

 රටේ ජනාධිපතිවරයාත් නොදන්නා කි‍්‍රයාමාර්ග ආණ්ඩුව කි‍්‍රයාත්මක කරනවා යැයි කීමෙන් ජනාධිපතිවරයා රටට කියන්නේ ජනාධිපතිකම රටට අදාළ නැති ධුරයක් බවට පත්වී ඇතැයි කීමද යන්නත් රටට ප‍්‍රශ්නයක් ඇතිකරයි. තවද ස්වාධීන ආයතන ජනාධිපතිවරයාගෙන් අසා, ඔහුව දැනුවත් කර කටයුතු කළයුතු යැයි කියන්නේ පසුගිය ආණ්ඩුව ගිය පාරේම යමින් ජනාධිපතිවරයා වටා සියල්ල භ‍්‍රමණය විය යුතුය, කේන්ද්‍රවිය යුතුය යන ප‍්‍රකාශනය නම් එයද පරාජය නොකළ, තාවකාලිකව යටපත් කළ ඒකාධිපති වියරුවේ ලක්‍ෂණයකි. තවත් අයුරකින් සිතුවොත් ජනාධිපතිවරයා මේ කියන්නේ ඉහත ආයතන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනට අවශ්‍යලෙස කටයුතු නොකර වෙනකාගේ හෝ  ඕනෑකම අනුව කටයුතු කරනවා යැයි කීමද? නැත්නම් ජනාධිපතිවරයා මේ සිදුකර ඇත්තේ බිය වැද්දීමක්ද? අකර්මණ්‍කිරීමක්ද? ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය රටට ප‍්‍රශ්න දහසක් නිර්මාණය කර ඇත.

 ප‍්‍රශ්න අතර අපට මතුවන තවත් එක් ප‍්‍රශ්නයක් වන්නේ එකක් කඩතොලූ වසාගන්නට ගිය ආචරියාට වූ දේ ජනාධිපතිවරයාටත් වී ඇත්ද යන්නයි. ආණ්ඩුවේ සිටින, ජනාධිපතිරයාටත් බොහෝ සමීප මැති ඇමතිවරුන්ටත් අගමැතිවරයාට සමීප මැති ඇමතිවරුන්ටත් එරෙහිව බොහෝ වංචා, දූෂණ නිර්මාණය වී තිබියදී ඒවා යටපත්කර තබාගෙන ඇත්තේ කාගේ න්‍යාය පත‍්‍රයකට අනුවදැයි ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, සමස්ථ ආණ්ඩවුත් රටට කිව යුතුය. 

ජනාධිපතිරයාගේ මේ කැකුණ තැලීමෙන් අමන්දානන්දයට පත්වන්නේ පසුගිය ආණ්ඩුව සමයේ රට නුහුලන මූල්‍වංචා හා අපරාධ සිදුකළවුන්ය. එය ජනාධිපතිවරයාත් වත්මන් ආණ්ඩුවත් කරළියට ගෙන ඒමට වෙහෙස වූ ජනාතාවගේ අපේක්‍ෂාවට කළ බරපතල පහරදීමකි. 

අපි විශ්වාස කරන ලෙස ජනාධිපතිවරයා කළ යුත්තේ ආයතන ප‍්‍රමාණයක් නාමණය කර එම ආයතනයවල කි‍්‍රයාකාරිත්වයට තර්ජනය කිරීම නොව එම ආයතනවලට අතපොවන අය කවුරුන්ද යැයි හෙළිදරවු කර එකී අතපෙවීම් නතර කර ආදාළ ආයතනයවල කි‍්‍රයාකාරික්වයට අනුබල දීමයි. එම නිසා සී.අයි.ඞී, එෆ්.සී.අයි.ඞී හා අල්ලස් කොමිෂම හසුරුවන දේශපාලන න්‍යාය පත‍්‍රය කාගේදැයි රටට හෙළිකරන ලෙස අපි ජනාධිපතිවරයාගෙන් ඉතා  ඕනෑකමෙන් ඉල්ලා සිටින්නෙමු. 

මෙයට, මෙයට,

ජාතික භික්‍ෂු පෙරමුණ                                 

One Response to “සී.අයි.ඞී, එෆ්.සී.අයි.ඞී, හා අල්ලස් කොමිෂම හසුරුවන දේශපාලන න්‍යාය පත‍්‍රය කාගේදැයි  ජනාධිපතිවරයා රටට හෙළිකළ යුතුයි”

  1. Christie Says:

    හාමුදුරවනේ තොපිටත් අපි ගොඩකට වගේ වල්ගෙ පෑගිලා. සිරිසේනයාත් රනිලයාත් ඉන්දියානු අදිරදයත් ඉන්දියානු පරපෝසිතයනුත් පත්කරපු උන්. 2005දී මහින්ද ගෙනාවෙත් උන්. මහින්ද පසුව ඉන්දියාවට පස්ස දුන්නේ නැහ.
    අපි ඔක්කොම ඉන්දියානු ජඩවාදයට යටත්. අපි එයින් මිදෙනතුරු අපි අපිම විනාස කරගන්නවා.
    මෙය වටහාගෙන සින්හලයන් එකතුව ඉන්දියානු ජඩවාදයට එරෙහිව නැගිටින තුරු අපිට නිවනක් හෝ දෙව් ලොවක් නැත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress