එක්ටාවට භාගයක්ම වගකිවයුතු සීඩාව
Posted on October 16th, 2016

ආචාර්ය චන්දන ජයලත්

ඉන්දිියාව සමග ලහිලහියේ අතAසන් කිරීමට යන එක්ටා ගිවිසුමේ කූඨප්‍රාප්තික පසුතලය කුමක්ද යන කාරණාව සම්බන්ධයෙන් බොහෝ මත පළවිය. පුහුණුු ශ්‍රමය ලබාගැනීම අපේඬිත ඉලක්ක අතර යැයි රජය පවසයි. ඒ අතර වැඩියෙන්ම අවශ්‍ය වන්නේ ඉදිකිරීම් සඳහා ය. වහාම එක්ටා අතAසන් කරව්, ඉන්දියානුවන් කියති. අපේ රටේ පුහුණුු ශ්‍රමයේ දැඩි හිඟයක් පවතින බව සැබෑය. අපට එය දේශීයව පියවා ගත නොහැකිද යන්න විමසිය යුතු නොවේද? දැනට මුළු රට පුරාම සීසීකඩ ලඬ 6ක පමණ පිරිසක් ඉදිකිරීම් සැපයුම් ජාලයට අයතAවෙති. ඔවුන් අවිධිමතA ලෙස එම ඬෙAත්‍රයේ නියෙලෙති. අකාරුණික ලෙස තවතA ලඬ 6ක පමණ පිරිසක් ත්‍රීවීලර් එළවති. වැඩ කළ හැකි වයසේ පසුවන හැඩි දැඩි තරුණයින් මහමඟ උඩ බලාගෙන සිටිති. හිරගෙවලAවල දස දහස් ගණනකි. තවතA ලඬ 6ක පමණ අපේම සහෝදරියන් මැදපෙරදිග ගූ හුජAජ අදිති. අරාබි ගැහැණුන්ගෙA ජංගි හෝදති. නේපාලය වැනි අන්ත අසරණ රටවලA පවා මෙහෙකාරකම්වලට වීසා නොදෙන මොහොතක අප පුහුණු පාසැලA පවා පවතAවා ඊට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙයි. රට පාලණයෙA අලිංගිකතAවයක තරම කිියාපාන මීළඟ හොඳම උදාහරණය එක්ටා ගිවිසුමවීම ඉතා සංවේගජනකය. කුජීතය. ජුගුප්සාසහගතය.
ඉදිකිරීම් පුහුණු සංචිතයක් ඇතිකිරීමට අසමතAවූවොA කවරහුද? මීට තෙවසරකට පෙරාතුව සම්මත කර ගත් ඉදිකිරීම් සංවර්ධන පනතට කුමක් සිදුවූයේ ද? ඊට හේතු භූත වූ පසුබිම කුමක්ද? එය වෙනස් නොවුනිද? එහි ප්‍රගතිය කුමක්ද? මේ කවුද මොනවා කරනවා දැයි යනAන දැන ගැනිම කොහොමටත් හොඳය. නව ඉදිකිරීම් පනත හරහා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (සීඩා) නමින් අධිකාරියක් පිහිටුවනු ලැබීය. එනයින් ජාතික ඉදිකිරීම් උපදේශන සභාවකුත්, ඉදිකිරීම් අරමුදලකුත් බලාපෙරොතAතුවිය. මේ සඳහා න්‍යෂ්ටිය සැපයූවේ පැවති ඉදිකිරීම් පුහුණු කිරීමේ හා සංවර්ධන (ඉකAටාඩ්) ආයතනයයි. පනත කි්‍රයාත්මක වීමත් සමඟ මෙම ආයතනය අහෝසි විය. එසේ නම් පනතේ තතු පිරික්සීමේදී ඉකAටාඩ් ආයතනය ගැන කතා කිරීම නොවැළැකAවිය හැකිය. මන්ද බෝඩ් ලෑලAල වෙනස්වූ පලියට එහි අන්තර්ගතය, වැඩ සංස්කෘතිය හෝ මුහුනතAතට්ටු වෙනස්වී නොමැති බැවිනි. එසේ වෙනස්වුනි නම් එක්ටාවක් ගැන ප්‍රශAණයක් පැණනොනැගෙන්නට ඉඩ තිබුණි.
වසර 30 ක ඉතිහාසයකින් යුත් එම ආයතනය වනාහි ඉදිකිරීම් ෙක‍ෂ්ත්‍රයට නිල වශයෙන් පුරෝගාමී නායකත්වයක් දුන් එකම රාජ්‍ය ආයතනයයි. ඊට භාර වී තිබූ බොහෝ දෑ කැටි කොට ගත් විට එය එක් වචනයකින් හැදින්විය හැකිය. එනම් ඉදිකිරීම් නියාමනයයි. රාජ්‍ය ප්‍රසම්පාදන රෙගුලාසි සම්බන්ධයෙන් අත පෙවීම, ප්‍රමිතිය සම්බන්ධයෙන් පිරිවිතර හඳුන්වා දීම, දේශන, සම්මන්ත්‍රණ හා පුහුණු පාඨමාලා පැවැත්වීම, ඉකAටාඩ් මිල සූත්‍රයට අදාළ වූ උපදෙස් සැපයීම හා අර්ථකථනය, ආරවුල් විසඳීම මෙන්ම ජාතික මට්ටමින් කොන්ත්‍රාත්කරුවන් වර්ගීකරණයකට ලක් කොට ලියාපදිංචි සංචිතයක් පවත්වාගෙන යාම යනාදිය ඒ අතර ප්‍රධාන තැනක් ගෙන තිබුණි. එදා මෙදා තුර ඉකAටාඩ් ආයතනයට ආ ගිය බොහොමයක් විද්වතුන් හා වෘත්තීයවේදීන්ගේ නොමසුරු වූ දායකත්වය යටතේ එම ආයතනය සමස්ත ඉදිකිරීම් පාර්ශවකරුවන්ගේ —සරසවිය, උසාවිය, පොලිසිය, පල්ලිය˜ බවට පත්විය. එතරම් අධිකාරි බලයක් නොතිබුණ ද බොහෝ දෙනා එA මත යැපෙන්නට වූයේ කාලයක් මුළුල්ලේ සිදුකළ සකී්‍රය සේවා වපසරිය තුළ ලැබූ කීර්තිනාමය හේතු කොට ගෙනය.
මා රාජ්‍ය අංශයේ වැඩිම වාර ගණනක් ගොඩ වූ ආයතනයක් ඇත්නම් එය ඉකAටාඩ් ආයතනයයි. ඉදිකිරීම් ෙක‍ෂ්ත්‍රයේ බොහෝ දෙනාගේ අත්දැකීමත් එයමයි. මා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ව සිටි අවධියේදී ෙක‍ෂ්ත්‍රයට අදාළ තොරතුරු ගවේෂණය පිණිස ඉකAටාඩ් ආයතනයට ගොඩ වැදීම පුරුද්දක් ව තිබිණි. එහිදී මා දුටු ගාම්භීරබව හා උද්යෝගිමත්බව තාමත් මතකය. ඉංජිනේරු අර්ල් මුණසිංහ යුගය, ආචාර්ය හර්මන් කෝන්රඩ් එච් ද තිසේරා යුගය, ආචාර්ය මොහාන් කුමාරස්වාමි යුගය, මහාචාර්ය ලක‍ෂමන් ද අල්විස් යුගය, මහාචාර්ය දයන්ත විෙජ්සේකර යුගය ගැන එහි සේවකයින් කතා කරන්නේ මහත් අභිමානයෙන්ය. ලෝක බැංකු ආධාර යටතේ කළ ව්‍යාපෘති බොහොමයකට උපදේශකත්වය සැපයූවේ එම වකවානුවේදීය. බනිස් ගෙඩිය එක අතකින් තබා ගෙන තම සේවකයින් සමග එම ව්‍යාපෘති සම්බන්ධයෙන් අවැසි තීන්දු තීරණ හිටගෙනම ගත් අධ්‍යක‍ෂවරු ගැන එහි සේවකයින් කතා කරන්නේ මහත් අභිරුචියෙනි. පුංචි බණ්ඩා නම් හිටපු අධ්‍යක‍ෂවරයෙකු ගැන යමෙකු කීවේ එහෙමය. මට ඔහු අහම්ඛෙන් හමුවන්නේ මා නවසීලන්තයට ගිය අවස්ථාවකදීය. තව බොහෝ නම් සඳහන් කළ හැකිය. ඉකAටාඩ් ආයතනයේ හිටපු බොහොමයක් අධ්‍යක‍ෂවරු විදේශගතව ජීවත් වෙති. දිපාල් ප්‍රනාන්දු නම් තවත් එවන් නිළධාරියෙක් මට හමුවන්නේ අසර්බයිජානයේදීය. ඔහු එම රෙටි ලෝක බැංකු නියෝජිතයාය. ඔහුට අනුව සේව්‍ය සේවක පරතරයක් එදා නොතිබිණි. ස්වාධීනව වැඩ කර ගෙන යාමට ඇමතිවරු පවා ඉඩ දුන්නේය. අධ්‍යඬවරු අතර ගැටුමක් තිබුණා නම් තිබුණේ වේගයෙන් වැඩ කරගෙන යාමට මිස එකිනෙකා කපා කොටා ගෙන යාමට නොවේය.
එහෙත්, මීට අවුරුදු හත අටක වේලේ පටන් ඉකAටාඩ් ආයතනයට සෙනසුරු එAරාෂ්ඨකයක් පතිත වන්නට විය. පෙත්සම්, කටකතා කරලියට ආයේය. බඳවා ගැනීම් හා උසස්වීම් පිළිබඳ ගැටලූ මතුවන්නට විය. සුදු කොළර වෘත්තීය වාෆියාව හිස ඔසවන්නට විය. ක්‍රම ක්‍රමයෙන් අධ්‍යක‍ෂ පුටු හිස් වන්නට විය. දේශපාලන හෙන්චයියන් යලට මහට එන සභාපතිවරු බවට පත්විය. ඡන්දය ඉල්ලා පැරදුනු අයට කි්‍රයාකාරී අධ්‍යක‍ෂ තනතුරු පිරිනැමුණේය. සතියට වතාවක් කාගේ හෝ අකටයුත්තක් සම්බන්ධයෙන් පෙත්සමක් මතු වූයේය. කොයි වේලෙත් අමාත්‍යාංශයට බඩගාන අධ්‍යක‍ෂ ජනරාලAතුමාට තිබුණේ අමාත්‍යාංශ නිලධාරීන්ව සතුටින් තැබීම පමණි. එකවිට වාහන තුනක් සභාපති විසින් පාවිච්චි කළාය යන අදෝනාවක් ද ඇහෙන්නට විය. විගණන ප්‍රශ්න මතු වන්නට විය. අක්කර හැට පහකින් යුතු ගල්කුළමේ යන්තෝ්‍රපකරණ පුහුණු පාසලේ යන්ත්‍ර සූත්‍ර දිරාපත් වන්නට විය. අකුරේගොඩ පාරේ සීට්‍රැක් ආයතනයටතA හරිහමන් වැඩ පිළිවෙලක් නොතිබුනේය. එහි නේවාසිකාවල ලගින්නට වූයේ දේශපාලන ගෙවලයෝය. සේවකයින්ට දෙන දෙයක් කා වෙන අතක් දෙස බලා සිටීම හැර කළ හැකි අන් යමක් නොවූය. අකාර්යක‍ෂමතාවයෙන් ඔද්දල් වූ වැඩ සංස්කෘතියක් අවසානයේ ඉතිරි විය.
ඒ අනුව ඉකAටාඩ් ආයතනයට භාණ්ඩාගාරයෙන් මුදල් ලැබුනෙA හෙමිහිටය. අරපරිස්සෙමින්ය. වරෙක භාණ්ඩාගාරය විසින් ඉකAටාඩ් ආයතනය වසා දමන ලෙස නිර්දේශ කර තිබූයේය. තමනට ජීවත්වීම පිණිස ස්වාධීනව තමනAගෙAම වැඩ පිළිවෙලකට යාමට උපදෙස් දී තිබුණි්. ගරු විෂය භාර අමාත්‍යතුමා විසින් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ආර්ථීක zඝාතකයෙකZ= ලෙස නම් කර තැබීමේ භූමිකාව පිටුපස මේ කරුණු කාරණා ඇති බව මාගේ විශ්වාසයයි. එක අතකින් එම zඝාතකයාZ හරි ය. වැඩ පිළිවෙලක් නැතුව දෙන මුදල් ආපසු භාණ්ඩාගාරය වෙත හැරුණු අවස්ථාද නැතුවා නොවේ. දෙනු ලබන සොච්චම් මුදලවත් වියදම් කරගන්නවත් බැරිය යන්න මටත් ප්‍රශ්නයකි. වැඩ පිළිවෙලක් නැති දුර්වල නායකත්වය ඊට එකම හේතුවයි. ආයතනයේ හතර කොනවත් දැක නැති, නිලධාරීන් නොහඳුනන අධ්‍යක‍ෂ මණ්ඩල සභිකයින් මට හමු වී ඇත. අතට දෙන ඕනෑම ලියකියවිල්ලකට අහක බලාගෙනම අත්සන් තබන මොවුන්ට කිසිම නිර්මානශීලි හැකියාවක් නැත. පරිකල්පන ශක්තියක්ද නැත. කොටින්ම ඔළු ගෙඩි වල මොකුත්ම නැත. අවසාන ප්‍රතිපලය වූයේ ඉකAටාඩ් ආයතනය —දුවා˜ ගන්නට මුදලක් සොයා ගැනීමේ ඉසව්වක් ගැන හිතා බැලීමයි.
කොන්ත්‍රාත් ලියාපදිංචියෙන් ලැබුණු මුදල හැමදාම එකම මට්ටමක තිබුණු හෙයින් ලියාපදිංචි කිරීමේ වපසරිය සමස්ත ඉදිකිරීම් සැපයුම් ජාලය පුරාම විහිදුවාලීමට තීරණය වූයේය. ලියාපදිංචිය වනාහි නිකන්ම එන සල්ලියකි. ඊට අවශ්‍ය වන්නේ පෝරම කොළ මිටියකුත් කොම්පියුුටර් කිහිපයකුත් නිළධාරීන් කිහිප දෙනෙකුත් පමණි. වෘත්තීයවේදීන්, නිෂ්පාදකයින්, කොන්ත්‍රාත්කරුවන්, අතරමැදියන් හා ගමේ හාඩ්වෙයාර් කඩයත් බාස් උන්නැහේත් ඊට මැදිහත් කර ගැනීමට තීරණය විය. රට පුරා වෙසෙන ලක‍ෂ හය හතක මේසන්වරු, වඩුකාර්මිකයන්, විදුලි කම්බිකරුවන් යනාදී ශිල්පින්ගේ සංචිතයක් ප්‍රකාශයට පත්කර ඔවුන්ට සහතික පිරිනමා යම් ඇගයීමකට ලක්කිරීම ඉතා හොඳ සත්කාරයක් බව උඩින් පෙනුනද එය එකම ගලින් කුරුල්ලන් දෙදෙනෙකු බා ගැනීමක් වූයේය. එනම් ලියාපදිංචිය හරහා මුදලක් ලබා ගැනීම සහ සහතික පිරිනැම්මෙන් කොළඹ සුගතදාස ගෘහස්ත කී්‍රඩාගාරයේදී දේශපාලන සංදර්ශනයක් පැවැත්වීමට ලැඛෙන හැකියාවය. එසේ අභිෂේක පැළැන්දීමට කළින් කළ යුතු බොහොA දේවල් තිබුණි. මනා පුහුණුව ඉන් වැදගත්ම ස්ථානයයි. ඉතා අඩු තලයක පසුවන ඉදිකිරීම් පුහුණුවට අදටත් ජාතික වශයෙන් නිර්ණායකයක් නැත. එය වෘත්තීය පුහුණුව නමැති විෂය භාර අමාත්‍යංශයේ කාර්යයක් බැවින් එය හා අත්වැල් බැඳගැනීම කළ හැකි එකම සුදුසුම පියවර බව මගේ හැගීම විය.
තිස් දෙනෙකුගෙන් යුත් ජම්බෝ ජාතික උපදේශන සභාවට නායකත්වය සැපයීම භාරවී ඇත්තේද සිවිල් පරිපාලනයටයි. අමාත්‍යාංශ ලේකම්වරු ගණනාවක් ගැන පනතේ සඳහන් වුවද රාජ්‍ය අංශයේ සම්ප්‍රදායි ප්‍රවේශයන්ගෙනA බැහැර වීමට ඔවුන්ට හැකියාවක් නැත. එය චින්තනය පිළිබද ගැටලූවකි. නොදන්නාකම හා නොවුවමනාව අතර ගැටළුවකි. රොබෝ මානසිකත්වය, යල්පැන ගිය බඳවා ගැනීමේ පටිපාට්, චක්‍රලේක යනාදිය ජිවිතය කරගත් මේ අය ගණුදෙනු කරන්නේ ලිපි ලේඛන වලින් පමණි. ඉදිකිරීම් පිළි්බඳව මෙලෝ අදහසක් නැති මේ කණ්ඩායම සමග යන ගමන කුමක් දැයි මම අසමි. ඉදිකිරීම් ෙක‍ෂ්ත්‍රයට අදාළ වෘත්තීයවේදීන් ට මෙම ජාතික උපදේශන සභාව තුළ ආසනයක් හිමි වූවත් සිවිල් පරිපාලනය හමුවේ ඔවුන් ද පසුබසිනු ඇත. කළ යුතුව තිබූයේ ෙක‍ෂAත්‍රයේ පරිනත ස්වාධීන වෘත්තීයවේදීන් එAකරාශී කරගැනීමයි.
මේ අතර ඉදිකිරීම් නියාමනය තුළ විශ්වවිද්‍යාල දායකත්වය අමතක කර ඇත. තාක‍ෂණ විගණනය නියාමනයෙA ප්‍රබල කොටසක් වුවත් විගණකාධිපති දෙපාර්තමේනත්තුවේ නියෝජනයක් එම සභාවේ දක්නට නැත. ඉදිකිරීම් ප්‍රමිතිය හා සම්බන්ධ පිරිවිතර ගණනාවක් එළිදැක්වුවත් ශී්‍ර ලංකා ප්‍රමිති කාර්යාංශයේ විශේෂඥතාව ට ඉඩකඩක් ලබා දී නැත. මා එය දකින්නේ බලවත් අතපසුවීමක් ලෙසය. එහෙත්, ඉදිකිරීම් ජාතික ප්‍රතිපත්තිය සැකසීමේදී සම්ප්‍රදායි දැනුම සහිත අයවළුන්ගේ දායකත්වය ලබා ගත යුතු බවට කර ඇති සඳහන ඉතා වටිනේය. ඊට මූලිකතම හේතුව ලෙස මා දකින්නේ ඉතා පෞද්ගලික කාරණයක්ය. එනම් මෙම පනතට උරදුන් ඉකAටාඩ් හිටපු සභාපති උදුල බණ්ඩාර අව්සදහාමි මහතාගේ බලපෑමයි. ඔහු සැබවින්ම දේශීය ඌරුව පිළිගන්නා සම්ප්‍රදායි වාරික්‍රම, වාස්තු විද්‍යාව හා ජන උරුමය ඉහළින් අගය කරන මානව හිතවාදියෙකු බව මම දනිමි. නොගැළපෙන තනතුරක පිහිටුවා ඔහුට කළ අවමානය ගැන මම කම්පා වීමි. යමෙකු නිසි තැන පිහිටුවා වැඩ ගැනීම දේශපාලනයේ හරය විය යුතු නමුදු පරිනත බවක් නොමැති ඇමතිවරුන්ට සුදුස්සා හඳුනා ගැනීම තරම් අපහසු කාර්යයක් තවත් නැතැයි මම සිතමි. වෛද්‍ය වසන්ත බණ්ඩාරගේ සෙවණැල්ල ද අගය කළ යුතුය. ඔහු නොසිටින්නට මේ දේවත් නොවන්නට ඉඩ තිබුණි.
ඉකAටාඩ් ආයතනයේ වපසරිය හා යෝජිත අධිකාරියේ කාර්යභාරය එක හා සමානය. වෙනසකට ඇත්තේ අධිකාරී බලයක් තුළ සුවිශේෂී අරමුදලක් පිහිටුවා ගැනීමේ අපේක‍ෂාවයි. එම මුදල් සම්භාරය ප්‍රති ආයෝජනය වන බවක් පෙනෙන්නට නැත. පනත සැකසීමේදී ඒ පිළිබඳව වඩාත් ගැඹුරින් විශ්ලේෂණය කර අවශ්‍ය නෛතික පසුබිම පනත තුළම ස්ථාපිත කරන්නට තිබුණේය. දැනටමත් ඉදිකිරීම් ආරක‍ෂණ අරමුදලේ ගොඩ ගැසී ඇති කෝටි ගණනක මුදලක් ප්‍රතිආයෝජනය සම්බන්ධයෙන් ගැටළු මතු වී තිබේ. එA බව ගරු ඇමතිතුමා නොදන්නවා විය නොහැක. නව අධිකාරිය පිහිටුවීමේදි එහි සංයුතිය තුළ සංඛ්‍යානය, ප්‍රසම්පාදනය, ප්‍රමාණ සමීක‍ෂණය, ඉදිකිරීම් නීතිය, සැලසුම් ඉංජිනේරු විද්‍යාව, තාක‍ෂණ විගණනය යන විෂය ධාරාවන්ද උකහා ගැනීමට අවශ්‍ය බඳවා ගැනීමේ පටිපාටිවල වෙනසක් ඇති වනු ඇතැයි මම විශ්වාස නොකලද රාජ්‍ය අංශය වෙලා ගෙන සිටින වෘත්තීය කුලවාදය හරහා වන කෙනහිලිකම් සිදුනොවන තැනට වග බලා ගැනීම යෝජිත උපදේශන සභාවට පැවරෙන ජාතික සතAකාර්යයක් බව කිවමනාය.
එසේ නම් දැන් කළ යුතුව ඇත්තේ සීඩා ආයතනය සම්බන්ධයෙන් පුළුල් සඳුඅත අධ්‍යයනයක් කිරීමය. අවශ්‍ය මානව සම්පත් එAක රාශී කර ගනිමින් උපක්‍රමික වැඩ පිළිවෙලකට යාමය. එය කුමන හැඩයක් හා දිශාවක් ගත යුතුද යන්න නිර්ණය කළ යුත්තේ දේ්ශපාලනයෙන් තොරවූ අව්‍යාජ පිරිසිදු චේතනාවෙන්්ය. මා මෙම සටහන් පෙල තැබුයේ යමෙකු අසීරුතාවයට පත්කිිරීමට නොව ඉදිකිරීම් නියාමනය නමැති විෂය මාගේ වෘත්තීය පසුබිමත් සමග වඩාත් ගෝචර හා සංවේදී විෂයයක් වූ බැවිනි. ලිපිය අවසන් කිරීමට ඇල්බට් අයින්ස්ටයින්ගේ වැකියක් අදාල කර ගනිමි. එකම දේ කිහිප වතාවක් කරමින් වෙනස් ප්‍රතිපල බලාපොරොත්තු වන්නා මුද්ධ ගති ඇතAතෙකි. ආයතන සම්බන්ධයෙනුතA තතAතAවය එසේමය.

2 Responses to “එක්ටාවට භාගයක්ම වගකිවයුතු සීඩාව”

  1. Christie Says:

    සින්හලයන් ඉන්දියානු ජඩවාදය හඳුනාගෙන එකතුවී ඉන්දියානු අදිරදයට හා ඉන්දියානු පරපෝසිතයන්ට එරෙහිව නැගීසිටිය යුතුය.

  2. plumblossom Says:

    India has over 400 million poor people and over 40 million people in India are unemployed. If this ETCA is signed and the Hanuman bridge is built all these desperate people in India will come in droves to Sri Lanka since the socio-economic situation of Sri Lanka is a million times better than the socio economic situation of India. I would urge the uncaring and cruel Indian government to provide basic housing, clean water, sanitation, healthcare, education, food and clothing to these desperately poor 400 million Indians rather than spending US 5.2 billion dollars in building a Hanuman bridge to Sri Lanka. If Sri Lanka signs this ETCA with India it will be Sri Lanka’s end. Sri Lanka should not sign any such trade deals where people can come here to work freely, unless the country we are signing the ETCA with has a similar or a better socio-economic situation than Sri Lanka. I would urge the uncaring, corrupt and cruel India Government to immediately stop building space stations and nuclear weapons and use that money to provide basic housing, clean water, sanitation, healthcare, education, food and clothing to the 400 million desperately poor people of India which is a government’s basic responsibility. Sri Lanka should stop immediately the signing of ETCA with India and urge the Indian Government to carry out the above task rather than serving the rich people of India only which the uncaring and cruel Indian Government seems to be doing.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress