සීමා නිර්ණය අභියාචනා කමිටුවේ නිල කාලය දීර්ඝ කිරීම කල් මැරීමේ උපක්‍රමයක් – කැෆේ සංවිධානය අවධාරණය කරයි
Posted on October 20th, 2016

මාධ්‍ය ඒකකය කැෆේ සංවිධානය

2016 ඔක්තෝම්බර් 20

පළාත් සභා හා පළාත් සභා අමාත්‍යංශය විසින්  පළාත් පාලන කොට්ඨාස  සීමා නිර්ණය පිළිබඳ අභියාචනා විමර්ශන කමිටුවේ  නිල කාලය දෙසැම්බර් 31 දීර්ඝ කිරීම සමබ්න්ධයෙන් කැෆේ සංවිධානය විරෝධය පළ කරයි.

මෙය පළාත් පාලන මැතිවරණය සුක්ෂ්ම ලෙස කල් දැමීමට  ගත්ත පියවරක් බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා  පවසයි.මේ වනවිට පළාත් පාලන මැතිවරකය කල් දැමීමට අමාත්‍යංශය විසින් දරන සියලු කල් මැරීමේ උපක්‍රම ජනතාවගේ ප්‍රජාත්නත්‍රවාදී උයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් බවද ඒ මහතා පෙන්වා දෙයි.

සීමා නිර්ණය පිළබඳ අභියාචනා විමර්ශන  කමිටුව විසින් සීමා නිර්ණ අභියාචනා විමර්ශණ කමිටු වාර්තාවේ සිංහල භාෂා පිටපත මේ වනවිට මුළුමනින් සකස් කොට අවසන්ව ඇත. මේ වනවිට එහි ඉංග්‍රීසි හා ද්‍රවිඩ  පරිවර්තන සිදුකරමින් තිබේ. කෙසේ වුවත් මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් සිදුකළ යුතු පළාත් පාලන ආයතන සීමා සිතියම්ගත කිරීමේ ක්‍රියාවලිය මේ වනවිට සිදුවෙමින් ඇත. නොවැම්බර් මස පලමු සතියේදී එම කටයුතු අවසන් කළ හැකි බව මේ පිළිබඳව කටයුතු කරන තාක්ෂණ ශිල්පීන්ගේ අදහසයි.

පළාත් පාලන සහ පලාත් සභා අමාත්‍යංශය ඊයේ සිය නිවේදනයක් මඟින් ප්‍රකාශ කළේ දෙසැම්බර් 31 දක්වා කාලය දීර්ඝ කිරීම අභියාචනා විමර්ශන කමිටුවේ ඉල්ලීම පරිදි  සිදුකළ බවයි. නමුත් අභියාචනා විමර්ශන කමිටුව විසින් එවැනි ඉල්ලීමක් සිදුකොට නොමැත. පසුගිය 2015 ඔක්තෝම්බර් 28 සිට  මේ දක්වා අභියාචනා කමිටුව සිය කටයුතු පවත්වාගෙන යයි.

ජනතාවගේ මුලික අයිතිවාසිකමක් වන පළාත් පාලන ආයතන වෙත මහජන නියෝජිතයින් තෝරාගැනීමේ අයිතිය පලාත් පාලන සභ පලාත් පාලන අමාත්‍යංශය ඉතා සැලසුම් සහගතව කරන ක්‍රියාවලියක් හේතුවෙන් අඩපණ වී ඇති බව කැෆේ සංවිධානයේ නීරික්ෂණයයි. උපක්‍රමශීලී  ක්‍රමවේදයන් මඟින්  තවදුරටත් කල් නොදමා වහාම පලාත් පාලන මැතිවරණය පවත්වන ලෙස කැෆේ සංවිධානය දැඩිව අවධාරණය කරයි.

මාධ්‍ය ඒකකය

කැෆේ සංවිධානය

2016 ඔක්තෝම්බර් 20

One Response to “සීමා නිර්ණය අභියාචනා කමිටුවේ නිල කාලය දීර්ඝ කිරීම කල් මැරීමේ උපක්‍රමයක් – කැෆේ සංවිධානය අවධාරණය කරයි”

  1. Cerberus Says:

    This is the same thing the Republican party is doing in the USA to ensure they can will all the Congressional seats. It is called “Gerrymandering”. They ensure that the district limits are drawn in such a way as to include all the people who are Republican in their voting districts.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress