හෙළයෝ සහ සිව් හෙළය
Posted on October 22nd, 2016

විමල් පටබැඳිගේ – ‘ශාක්‍ය සිංහල’ පොතෙන් උපුටා ගත් කොටසකි.

සිංහල සංක‍්‍රමණය ඉන්දියාව ඔස්සේ සිදු වී ඇති නිසා සිංහලයන් ඉන්දියාවේ සිට පැමිණි බව උගතුන් අපට උගන්වා ඇත. එසේම පොතපතෙහි ලියා ඇත. මේ නිසා සිංහලයෝ ඉන්දියානු ජන කොටසක් වෙති‘යි යන අදහස අපගේ සිත් තුළට කාවැදී ඇත. සිංහල සහ අසිංහල උගතුන් සියලූ දෙනාම වාගේ ඒ අදහස තව තවත් තහවුරු වෙන ලෙසින් අද පවා ප‍්‍රකාශ කරන බව දැකිය හැකිය. සිංහලයෝ ඉන්දියානුවන් නො වෙති. කිසිම ආර්ය ජනවර්ගයක් ඉන්දියාවේ ජනිත වූයේ නැත. දකුණු රුසියාවේ ස්ටෙප් තැනිතලාවේ සිට පුරාණ පර්සියානු භූමිය ඔස්සේ පැමිණ, පාමීර් සහ හින්දුකුෂ් කඳු තරණය කොට ආර්ය ජනවර්ග සිය ගණනක් ඉන්දියාවට (දඹදිවට=භාරතයට* ඇතුල් වී මුල් අවස්ථාවේ සින්දුග`ග සහ ගංගාග`ග ආශ‍්‍රිත නිම්න භූමිවල ජනපද රාජ්‍යයන් ගොඩනගා ගෙන ආධිපත්‍යය පැතිර වූ බව සියලූ දෙනාම දන්නා ඓතිහාසික කරුණකි. එසේ පැමිණි ආර්ය ජනවර්ගයක් වූ සිංහලයෝ ද ඉහළ සින්දුගෙ`ග් පංජාබි ප‍්‍රදේශයේ තමන්ගේ රාජ්‍යයක් ගොඩනගාගෙන සිටියහ. දැනට වසර 3,200 කට පමණ පෙර ආර්යයන් අතර සිදු වූ බල අරගලයක් ලෙස සඳහන් වෙන ‘කුරුකෙත’ මහා සටනට ඒ සිංහල රාජ්‍යය ද මැදිහත් වී ඇත. ඊට පසු කාලයක පුරාණ පර්සියානු අධිරාජ්‍යයේ සයිරස් රජුගේ ආක‍්‍රමණයකට සහ පුරාණ ගී‍්‍රක් අධිරාජ්‍යයේ මහා ඇලෙක්සැන්ඩර් රජුගේ ආක‍්‍රමණයට ද ඒ සිංහල රාජ්‍යය මුහුණ දී ඇත. සින්දුග`ග මුහුදට වැටෙන ප‍්‍රදේශයට ආසන්න සිංහපුර (හිංගූර්* සිට පැමිණි ‘විජය’ගෙන් සිංහල ආධිපත්‍යය පිහිටු වීම සමග ව්‍ය.ව.පූර්ව 6 වෙනි සියවසේ සිට මගේ මවුබිම ‘සිංහලදීප’ නම ලබා සිංහල ඉතිහාසය ආරම්භ වුව ද ඊට සියවස් දෙක තුනකට පමණ පෙර සිට මගේ මවුබිම සමග පැවති සිංහල සම්බන්ධය අනුරාධපුර රාජ්‍යයේ මැද නුවර කරන ලද පුරාවිද්‍යා කැනීම් මගින් හෙළි කොට ඇත. සිංහලයන්ගේ අනන්‍යතාව සහතික කෙරෙන ජාතික සංඛේතය වෙන කඩුවක් අතින් ගත් සිංහයෙකු දක්වන ‘සිංහ ධජය’ පුරාණ පර්සියානු ජනවර්ගයක් ද භාවිත කොට ඇති බවට සාධක ඇත. අපේ රටේ වාර්තාගත සිංහල ඉතිහාසයට වඩා තවත් සියවස් දහයක පමණ ඈත කාලයකට සිංහල ඉතිහාසය ගමන් කෙරේ. සිංහලයෝ සිංහලයෝ ම වෙති. ඉන්දියානුවෝ නොවෙති.
————————————
මෙතැන් සිට දක්වා ඇත්තේ ‘ශාක්‍ය සිංහල’ පොතෙන් උපුටා ගත් කොටස කි.
සිංහලයන් පිළිබඳ සාකච්ඡුාව තුළ ම ‘හෙළ’ සහ ‘සිව් හෙළය’ ගැනද සිතන්නට යමක් සටහන් කිරීම සුදුසුය‘යි සිතමි.
සිංහලයන් නිසා දිවයින සිංහලදීප නම් වූ බව අපි දනිමු. දැනට වසර දෙ දහස් පන් සියයකට වැඩි කාලයකට පෙර සිට සිංහල සහ සිංහලදීප නාමය අඛණ්ඩව පවතියි. ව්‍යවහාර වර්ෂ 16 වෙනි සියවසේ ආරම්භයේ සිට අසිංහල, අබෞද්ධ බටහිර ජාතීන් තුනක් එනම් පුර්තුගීසි, ලන්දේසි සහ ඉංගිරිසි කතෝලික සහ කි‍්‍රස්තියානි ආක‍්‍රමණිකයෝ ඇමරිකානු මහාද්වීපය, අපි‍්‍රකානු මහාද්වීපය, ඔස්ටේ‍්‍රලියානු මහාද්වීපය සහ ආසියානු මහාද්වීපයේ බොහෝ ප‍්‍රදේශවල පැවති පෞරාණික ශ්‍රේෂ්ට සංස්කෘතීන් විනාශ කළ ලෙසින් සිංහලදීපේ සියවස් තුනහමාරක් පමණ කාලය තුළ සිංහල බෞද්ධ සංස්කෘතිය මුලිනුපුටා දමීම සඳහා කඩුව, තුවක්කුව, ආගම, අධ්‍යාපනය, වරදාන, නම්බුනාම, ප‍්‍රත්‍යලාභ භාවිත කරමින් විවිධ උපක‍්‍රම යෙ¥හ. සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරය ඉන්ද්‍රඛීලයක් සේ සිටීම නිසා ඔවුන්ගේ උපක‍්‍රමික උත්සාහය සාර්ථක නොවීය. ඒ බව අපේ වර්තමාන පරපුරට පැහැදිලි දැනුමක් අතැ‘යි සිතීමට අපහසුය. තවමත් අසිංහල, අබෞද්ධ බටහිරයන් තමන්ගේ උත්සාහය සහ අරමුණ නවතා නැත. එහෙත් තවමත් ඔවුන් ඒ සඳහා අපේ රටේම සමහරුන් ඔවුන්ගේ බළල් අත් කරගෙන ඇත.
අපේ රට වැනි රටවල ධන සම්පත්, වස්තුව කොල්ල කමින් තමන්ගේ රටේ දේව මන්දිර නිර්මානය කළ අසිංහල අබෞද්ධ බටහිර ආක‍්‍රමණිකයෝ වසර දහස් ගණනක් පැවති සිංහලයන්ගේ
පාලන ක‍්‍රමය ඉවත දමා නොදුටු ඔටුන්නකට දණ්ඩනමස්කාර කිරීමට රටවැසියන් පුහුණු කළහ. ඉදිරියටත් ඔවුන්ගේ අධිකාරිත්වය තබා ගැනීමට හැකි වෙන පරිදි මගේ ජන්ම භූමියේ පාලන කටයුතු කිරීමේ හිමිකම නාම මාති‍්‍රකව බු.ව. 2491=ව්‍ය.ව. 1948 දී ආපසු භාර දෙමින් ඔවුන්ට රිසි, ගැලපෙන පාලන ව්‍යවස්ථා පද්ධතියක් ලියා දුන්හ. තමන්ගේ අධිකාරී බලය පවත්වා ගැනීම සඳහා, ජන්ම භූමි වාසීන්ට වග නො කියන, ඔවුන්ගේ ගති සිරිත් නො දන්නා, සිංහල සංස්කෘතිය කුමක් දැ‘යි නො දන්නා, එය අසංස්කෘතික මිනිසුන්ගේ සංස්කෘතියක් ලෙස නිගරු කළ, අවම වශයෙන් සිංහල භාෂාව හෝ නො දන්නා පරපුට්ටෙකු ‘‘අග‍්‍රාණ්ඩුකාරයා’’ නාම පුවරුවක් යොදා ඔහු නඩත්තු කිරීමේ වගකීම ජන්ම භූමි වාසීන්ට පැවරූහ. ඔවුහු සිංහලයන්ගේ පුරාණ ශිල්ප විද්‍යා ශාස්ත‍්‍ර ක‍්‍රම සහ පාලන ව්‍යවස්ථා පද්ධතිය ද නො සලකා හැරියහ. ටොප් හැට්, බෝ ටයි, ටේල් කෝට්, වෙලින්ටන් බූට් පැළඳ හිස් මුදුනේ සිට පා පතුල දක්වා පර සංස්කෘතියෙන් සැරසී, පර පාලනයේ ලොක්කන් කළ ලෙසින් ම ‘අශ්වය ගෝන් ටික් ටික්’ අනුසාරයෙන් ශරීිර අභ්‍යාස කළ, සිංහලයාට ඉහලින් සිටි, සිංහලයන් වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වන ‘‘ජන නායකයෝ’’ මේ සියල්ල හිස් මුදුනින් පිළිගත්හ. ඔවුහු සැතපුම් දස දහස් ගණනක් ඈත සිටි පරපුටු පාලකයෙකුට සහ පාලනයකට දණ්ඩනමස්කාර කළහ. තවමත් තුනට නැමෙති. (මේ සියවස් තුනහමාර සහ ඉන් පසු අඩ සියවසක පමණ කාලය තුළ සිංහල බෞද්ධ සංස්කෘතියේ අවපාතය වෙ`ඵම් කීපයක නිබන්දයකින් විවරණ කළ යුතු වෙයි.*
තමන්ට අවශ්‍ය ලෙස සිංහලයන් සහ සිංහල මනස සකස් කිරීමට සහ සිංහලයන් භේද භින්න කිරීමට සහ සිංහල දේශාභිමානය, එඩිය, ජවය අවතක්සේරුවට ලක් කිරීමට අසිංහල අබෞද්ධ බටහිරයන්ගේ අවශ්‍යතාවය සඳහා සකස් කළ අධ්‍යාපන පාඨමාලා සහ විභාග ක‍්‍රම අද දක්වාත් යම් යම් සංශෝධන සහිතව පවත්වා ගෙනයති. මේ අධ්‍යාපනය තුළින් බිහි කරන ලද සමහරු වරදාන ප‍්‍රත්‍යලාභ වෙනුවෙන් විවිධ මතවාද ඉදිරිපත් කරමින් අපේ ඉතිහාසය සහ සංස්කෘතිය තමන්ට අවශ්‍ය පරිදි හසුරුවමින් සිංහල ජාතිකත්වය දඬුකඳේ ගැසීමේ රාජකාරිය භාරගෙන ඇත. මේ රාජකාරියේ බෞද්ධ අබෞද්ධ සිංහල ස්තී‍්‍ර පුරුෂ දෙපක්‍ෂය පමණක් නොව සමහර පැවිදි පදවිය දරණ අයද යෙදී ඇත.
සිිංහලයෝ, සිංහලේ, තුන් සිංහලේ වෙනුවට ‘‘හෙළයෝ’’, ‘‘හෙළය’’, ‘‘සිව් හෙළය’’ ඉදිරියට ගෙන ඒමේ සංවිධානාත්මක ප‍්‍රවනතාවයක් ද මේ අතර දකින්නට ඇත. සිව් හෙළයක් පිළිබඳව කරුණු දක්වන සමහරුන් ඒ සිව් හෙළය යක්‍ෂ හෙළය, නාග හෙළය, දේව හෙළය සහ කුම්භණ්ඩ හෙළය යනුවෙන් නම් වශයෙන්් දක්වා ඇත. එපමණකින් නොනැවතී ඒ සිව් හෙළයේ බල ප‍්‍රදේශ දැක්වීමට දේශසීමා ලකුණු කොට ශී‍්‍ර ලංකා භූමි සිතියම පවා සකස් කොට ඇත. (එවැනි අදහස් නිර්මානය කරන අයගේ මස්තිස්කය වැඩ කරන්නේ ඒ ආකාරයෙන් විය හැකි ය.*
මගේ මවුබිමේ ඉතිහාසය හදාරන විට ‘‘තිසීහලේ’’, ‘‘තුන්සිංහලේ’’, ‘‘ති‍්‍රසිංහලේ’’ යනුවෙන් සඳහන් වෙන බව අපට දැකිය හැකි ය. එසේම සිංහල රජවරුන් ‘‘සිංහලින්දෝ’’, ‘‘තිසිංහලින්දො’’, ‘‘ති‍්‍රභුවන චක‍්‍රවර්ති’’ විරුදනාම භාවිත කොට ඇති බව ඓතිහාසික වාර්තා සහ අභිලේඛන තොරතුරු හෙළි කරයි. පාලි දාඨාවංසය72 සහ යාපාපටුනේ පිහිටුවන ලද පරාක‍්‍රමබාහු රජුගේ සෙල් ලිපිය මේ බව සනාථ කරයි. එහෙත් සිංහල රජ කෙනෙකු ‘‘සිව්සිංහලින්දෝ’’ යනුවෙන් විරුද නාමයක් භාවිත කළ බවට මෙතෙක් තොරතුරු ලැබී නැත.
සිංහලදීප වෙනුවට ‘‘හෙළදිව’’ යනුවෙන් හඳුන්වන සමහරෙක් සිංහලයන් හෙළයන්ගේ ඉතිහාසය වසං කොට ඇතැ‘යි ද හෙළයන්ට වෙනස් ලෙසින් සලකා ඇතැ‘යි ද යනුවෙන් ප‍්‍රකාශ කරති. සිංහල ජන වර්ගය ගැන සඳහන් කරන අවස්ථාවල අඩු වැඩි වශයෙන් ‘සිංහල’ වෙනුවට ‘හෙළ’ යන වචනය යොදා ගැනීම සාමාන්‍යයක් බවට පත් වී ඇත. රාවනා ‘‘හෙළ මහාධිරාජ’’, ‘‘හෙළ මහා සක්විති’’ යනුවෙන් සඳහන් කිරීමට කැමැති අය ‘‘රකුස්’’ ගෝති‍්‍රක රාවනා ‘‘හෙළ’’ වූයේ කෙසේ දැ‘යි දක්වන්නේ නැත.
‘‘සිංහල’’ එදිරිව ‘‘හෙළ’’ සටනට යොමු කරන ‘‘හෙළාභිමානයෙන්’’ පිරුණු පැවිදි ගිහි අය ‘සිංහල’ නො වෙන ‘හෙළ’ නමින් හැඳින් වෙන ජන කොටසක් ලෝකයේ වර්තමානයේ පවා ජීවත් වෙන බව අමතක කොට ඇත. නො එසේ නම් ඒ ගැන ඒ උගතුන්ට දැනීමක් නැත. ඒ ඈත රටෙක නොවේ. අතීතයේ සිට ඉතා ළඟ සම්බන්ධතා ඇති අපේ ආසන්න ම රටේ ය.
¥රාතීතයේ සිට ඉන්දියාවේ ‘‘භංගි’’ නමින් හඳුන්වනු ලබන විශාල ජන කණ්ඩායමක් වර්තමානයේ ද ඉන්දියාව පුරා ජීවත් වෙයි. ඉන්දියානු සමාජයේ හීන ජන්මීන් (මබඑදමජය්ඉකැ* ලෙස ලේඛනගත කොට ඇති ජන වර්ග රාශියකින් සංයුක්ත ‘‘භංගි’’ ජන වර්ගය තුළ උප කණ්ඩායම් රැුසකි. මේ ජන වර්ගය තුළ දස ලක්‍ෂ සංඛ්‍යාත ජන ගහණයකින් යුත් ‘‘හෙළ’’ නමින් හැඳින් වෙන
ජන වර්ගයක් ද නියෝජනය වෙයිි. එසේ ම ‘‘හෙළ’’ වර්ගය තුළ ‘භගාත්’, ‘නොර්චින්’ , ‘ශෛඛ්’ නම් තවත් උප කුල කීපයක් ද ඇතුළත් වෙයි.. මේ ජන කොටසට අයත් අය විශේෂයෙන් උතුරු ඉන්දියාවේ වර්තමාන උත්තර ප‍්‍රදේශ නමින් හැඳින්වෙන ප‍්‍රාන්තයේ වාසය කරති. වර්තමානයේ ඔවුහු ප‍්‍රධාන වශයෙන් වාරානසී (=බරණැස*, ඝෂීපූර් සහ මිර්ෂාපූර් දිස්ති‍්‍රක්ක තුළ වාසය කරති.
දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ සමාජයේ තුඩියන්, පල්ලන්, පරයන්, සක්කිලියන් වැනි හීන ජන්මීන්ට (කුලිකයන්ට* මෙන් වැසිකිලි ශුද්ධ කිරීම, පාරවල් අතුගෑම සහ මලමිනී ශුද්ධ කිරීම ඇතු`ඵ කසල ශෝධනය ඓතිහාසිකව ‘භංගි’ ජනයාට උරුම කොට ඇති පාරම්පරික ‘රැුකියාවන්’ ය. ඉන්දියානු රජය මගින් බාල්දි වැසිකිලි ඉදිකිරීම සහ මිනිසුන් ලවා අශූචි ඉවත් කිරීම තහනම් කිරීම නිසා අශූචි ඉවත් කිරීමේ ‘රැුකියාවෙන්‘ පමණක් දුරස් වී ඇත. කසල ශෝධනය උරුම වුව ද මොවුන්ගේ රැුකියා ස්වභාවය තරමක් වෙනස් වී ඇත. කෘෂි කාර්මික කම්කරු සහ ග‍්‍රාමීය අස්වනු කපන කුලී රැුකියාව වර්තමානයේ ඔවුන්ට උරුම වී ඇති ඉහළ රැුකියාව වෙයි. එය පරම්පරාවෙන් පරම්පරාවට උරුමව ඇත74 භාරතය ආර්යයන්ගේ ආධිපත්‍යය යටතට පත්වීමත් සමග ඔවුන් විසින් ‘‘දශ්‍යූස්’’ නමින් හඳුන්වනු ලැබූ භාරතයේ ආදිවාසීන් බ‍්‍රාහ්මණ සමාජය තුළ ‘චණ්ඩාල’ (මබඑදමජය්ඉකැ*, හීන ජන්මීන් තත්වයට පත් කළ බව ඓතිහාසික සිද්ධිය කි. එසේ ම බටහිර ආසියානු ප‍්‍රදේශයක සිට දකුණු ඉන්දියාවට සිදු වූ ද්‍රවිඩ සංක‍්‍රමණය හේතුවෙන් විශේෂයෙන් ගෝදාවරී නදියෙන් දකුණු ප‍්‍රදේශයේ ආදිවාසීන් කුල හීනයන් (මබඑදමජය්ඉකැි*, හීන ජන්මීන් බවට පත් කළ බව ද එවැනි ම ඓතිහාසික සිද්ධිය කි. ‘හරිජන’ නාමයෙන් වර්තමානයේ හඳුන්වනු ලබන මොවුන් ‘‘ද්‍රවිඩයන්ට පෙර සිටි ජනයා’’ (‘‘ආදි ද්‍රවිඩ’’* ලෙස විශේෂ කොට දැක්වීමෙන් ද මේ බව පෙනේ. (සමහරු ‘ආදි ද්‍රවිඩ’ යන්නට ‘මුල් ද්‍රවිඩයන්’ යන අර්ථ දැක්වීමට කැමති ය. ඒ තමිල්නාඩු නමින් හඳුන්වනු ලබන භූමියේ ආදිවාසීන් බව පෙන්වීමේ අරමුණ ඇතිව ය. මදුරාසි ප‍්‍රාන්තය නමින් පැවති ඒ භූමියට තමිල්නාඩු (දෙමළරට* නාමය භාවිතය ආරම්භ කළේ ව්‍යවහාර වර්ෂ 1965 වර්ෂයේ දී ඒ ප‍්‍රාන්තයේ දේශපාලන බලවතුන් වූ ද්‍රවිඩයන්ගේ යෝජනා සම්මතයෙනි.*
සිංහලදීපේ වසර දෙ දහස් පන්සියයකට වැඩි කාලයක් පුරා පැවත එන සිංහල ඉතිහාසය, සිංහල සංස්කෘතිය වෙනුවට එය ‘‘හෙළ’’ ඉතිහාසයක්, ‘‘හෙළ’’ සංස්කෘතියක් බව පෙන්වීමට විවිධ නිර්මාන ඉදිරිපත් කරන, ප‍්‍රචාරය කරන අය ඉන්දියාවේ වාසය කරන ‘හෙළ’ ජන වර්ගයේ ස්වභාවය ගැන සලකා බැලීම සුදුසු ය. මේ උගතුන්ගේ මනෝරාජික නිර්මාන සහ ප‍්‍රචාරක ව්‍යාපාරය නිසා ‘සිංහල’ වෙනුවට ‘හෙළ’ ආදේශ වුවහොත් ශී‍්‍ර ලංකාවේ ‘‘හෙළයන්’’ යනුවෙන් සිටින ජනයා ආර්ය ජන වර්ගයක් නොව ඉන්දියාවේ නිල වාර්තාවල පවා ඇතුළත් කොට ඇති, සමාජයේ අනේක විවිධ පීඩාවට ලක්ව සිටින, අතීතයේ ඇස ගැසීම කිරිදියෙන් නා පිරිසිදු විය යුතු කිල්ලක් ලෙස සලකනු ලැබූ චණ්ඩාලයන් ලෙස (මබඑදමජය්ඉකැි* සලකනු ලබන, ‘‘හීනජන්මීන්’’ ලෙස ලේඛනගත කොට ඇති ඉන්දියානු ‘‘හෙළ’’ ජන වාර්ගිකයන්ගේ නියෝජිතයන් බවට නිගමනයක් ඉදිරිපත් කිරීමට මතු යම් දිනෙක සිංහල විරෝධී, සිංහල බෞද්ධ සංස්කෘතික විරෝධී යම් කෙනෙකුට අවස්ථාව උදා කරන බව ද ඒ මගින් සිංහලයා සහ සිංහල ප්‍රෞඩත්වය සහ එඩිය දඬුකඳේ ගසනු ඇති බව ද සිහි තබා ගැනීම නුවණට හුරු ය.
ගැමුණු රජුට පෙර ‘සිහලදිව’ පැවති රජරට (උතුර* සිංහල රාජ්‍යය, මාගම (දකුණ* සිංහල රාජ්‍යය, කතරගම (නිරිතදිග* සිංහල රාජ්‍යය සහ කැළණිය (බටහිර* සිංහල රාජ්‍යය යන සිව් රාජ්‍යයන් ‘සිව්සිහල’ යනුවෙන් හැඳින්විය හැකි ය. මේ රාජ්‍ය හතර ම ශාක්‍ය පරපුරට ඥාති උරුමය පැවති සිංහල ශාක්‍ය රාජ්‍ය වෙයි. ‘‘සිව්සිහල’’ නමින් හැඳින්වීමට සිංහලදීපේ වෙනත් සිහල රජ්‍ය හතරක් ගැන සොයා ගැනීමට තොරතුරු නැත. ‘සිහල’ ‘හෙළ’ වීම ස්වාභාවික භාෂා ලක්‍ෂණයකි. කැළණි රාජ්‍යය සහ කතරගම රාජ්‍යය මාගම රාජ්‍යයේ කොටස් වීමෙන් ඒ රාජ්‍යයන් අභාවයට යාම නිසා මහවැලි ගඟ සහ කැළණි ගඟ සීමා කොට ඉන් උතුරු භූමිය පිහිටිරට (රජරට* සහ මහවැලි ගෙඟන් දකුණු භූමිය රුහුණුරට නම් වූ ඒකක දෙකක් බිහි විය. මධ්‍යතන යුගය වෙනතෙක් ‘මායාරට’ රාජ්‍යයක් ගැන සඳහන් නො වෙයි. පසු කලෙක රුහුණුරට, මායාරට සහ පිහිටිරට යනුවෙන් ප‍්‍රධාන ඒකක තුනක් බිහි වීමත් නිසා සිංහලදීප ‘තිසීහල’=‘තුන් සිංහලය’ වීය

6 Responses to “හෙළයෝ සහ සිව් හෙළය”

  1. Dr.K Says:

    Could you please explain whether the following statement is yours or a part of the book you refer to?
    ‘දකුණු රුසියාවේ ස්ටෙප් තැනිතලාවේ සිට පුරාණ පර්සියානු භූමිය ඔස්සේ පැමිණ, පාමීර් සහ හින්දුකුෂ් කඳු තරණය කොට ආර්ය ජනවර්ග සිය ගණනක් ඉන්දියාවට (දඹදිවට=භාරතයට* ඇතුල් වී මුල් අවස්ථාවේ සින්දුග`ග සහ ගංගාග`ග ආශ‍්‍රිත නිම්න භූමිවල ජනපද රාජ්‍යයන් ගොඩනගා ගෙන ආධිපත්‍යය පැතිර වූ බව සියලූ දෙනාම දන්නා ඓතිහාසික කරුණකි’.

    Do you have any proof to say දඹදිවට=භාරතයට* ?

  2. aloy Says:

    Apart from the Aryan thing, the story about Sinhalese here is similar to a that in a book written in Sinhala by a researcher which I read several decades ago. Probably there was a ‘janawargaya’ called Sinhala at the time Alexander the great came to India and their king named Sinhala is the one who gave the toughest fight. He is supposed to have married the daughter of the Greek general and had ten children who came to SL with their people and started settlement in various parts of the country. Perhaps they are aryans.

    Aren’t some of the ruins that we see in Anuradhapura (like swimming pools, sewerage systems etc) some what similar to those in europeon countries?.

    I think the write up (as well as those of Waruna Chandrakeerti’s) should be translated english and published here.

  3. Christie Says:

    තුන් සින්හලය් ( හෙලය ) සීමාවන් කඳු ගන්ඟා වලින් වෙන්ව තිබෙන්න ඇත. හතර අද නමයක්නෙ දෙයියනේ. නමය උනේ සුද්දගෙ පස්සෙන් ආපු ඉන්දියානු පරපෝසිතයන් නිසාය.

    අද Sඉන්හල අපි ඔක්කොම චන්ඩාලයන්ය.

  4. plumblossom Says:

    There is no Tamil Homeland! It is a completely bogus invention. Even the most recent Pandyan invasion just prior to the arrival of the Portuguese in the 16th century by Aryachakravarthi only invaded the Jaffna peninsula only and the settlement of the Jaffna peninsula was very sparse. All earlier invasions by the Cholas etc. they invaded Anuradhapura and Pollonnaruwa and these was for short periods of time and there were no settlements whatsoever at all as a result. Most Tamils were brought over by the Portuguese, Dutch and the British to work on Tobacco and Indigo plantations set up by the Portugese and the Dutch after the 16th century.

    There were from around 600BC over 43 attempted invasions of the island by the Chola, Kalinga, Pandya, Vijayanagar and other South and Indian Kingdoms etc. However only six succeeded. There was one invasion by a Malayan kingdom too. These were during Sinhala Kings Walagamba, Dhutugemunu, Dhathusena, Vijayabahu I, Parakramabahu II, Buvanekabahu V and Parakramabahu VI times. However invaders invaded Anuradhapura, Pollonnaruwa and stayed only for a short period of time and left the island once they were overwhelmed. There were no settlements due to these invasions except the very last invasion by Aryachakravarthi of the Jaffna Peninsula.

    When looking at Sri Lanka’s history, it is extremely obvious that from 600BC to around 1400AD there were three kingdoms, all Sinhala Buddhist, Ruhuna, Pihiti or Rajarata and Maya or Malayarata. Rajarata encompassed today’s North Central, North Western, Northern and even the Central Province. Ruhunu rata encompassed today’s Uva, Eastern and Southern Provinces. The Kandyan Kingdom from 1400AD encompassed most of the island inclusive of today’s Northern and the Eastern Provinces except for the Jaffna Peninsula. Even the Jaffna Peninsula was invaded and occupied by force by Aryachakravarthi (Pandyan) and actually did belong to Rajarata earlier and later the Kandyan Kingdom.

    Today’s provincial boundaries were drawn up by the British colonialists as per their divide and rule policy and the Sinhala people were not consulted when drawing up these provincial boundaries. In the meantime, most Sri Lankan Tamils of today were actually brought over during Dutch and British times to the Jaffna Peninsula and elsewhere to work on tobacco and indigo plantations which were planted extensively in all the colonies since they were much sought after and made a lot of money for the colonialists. Therefore they are recent arrivals and cannot claim homelands or separate states whatsoever.

    The usual practice when a colonial power hands over their former colonies is to hand it over to its original owners. Therefore the British colonialists should hand over the Kandyan Kingdom to the Kandyan Sinhalese from whom they took it by force. Since the Kandyan Kingdom encompassed the North and the East, these provinces too should be handed over to the Kandyan Sinhalese who are its rightful owners. Even the Jaffna Peninsula should be handed over to the Kandyan Sinhalese since it was part of Rajarata and was forcefully occupied by Aryachakravarthi (Pandyan).

    Since this has now been done already, the TNA, other separatists or the US, UK EU, Canada, Norway, Sweden and India cannot demand that present day Northern or even the Eastern provinces be provided any more powers or be made into federal states since this is totally going against the history and archaeology of the island and totally going against the rights of the Sinhala people who also have fundamental rights to claim the entire island inclusive of the North and the East as their homeland first and foremost.

    History which was dropped as a subject should be taught at school since Sri Lanka has a very long history and it is very beneficial for the next generation to learn the history and archaeology of the island based on actual archaeological findings, archaeological ruins, artefacts, stone inscriptions, ola leaf writings and so on. Otherwise people will believe any bogus history invented by interested parties to their benefit, not based on facts but invented for their own nefarious purposes. Today these settlers such as the Sri Lankan Tamils are inventing history for their own purposes without any archaeological evidence whatsoever to back up such bogus claims. Therefore it is imperative that history is taught as a subject in school as soon as possible.

  5. plumblossom Says:

    The Sri Lankan Tamils demanding a ‘Tamil homeland’ is a bogus demand as per the history and archaeology of the country. Even a few months back, a discovery was made of an archaeological site in Anuradhapura dating back to 800BC and included beads, pottery etc. Anuradhapura was a large village by 900BC and there was an expansion into a city by 600BC. There is plenty of evidence of pre-historic cave discoveries such a the Fa Hien caves, the Bellanbendi pellessa and other cave discoveries especially in the wet zone of pre-historic sites or iron age and stone age discoveries (due to the clay in the wet zone preserving such sites well). The oldest skeleton found on the island is 37,000 years old. We know there were four tribes Yaksha, Naga, Raksha and Deva and around 600BC there was an influx of people from India, possibly Bengal or Orissa. These people together with the four tribes Yaksha, Naga, Raksha and Deva together then formed the Sinhala nation. This is why Anuradhapura which was a village by 900BC expanded into a city by 600BC.

    Does all this archaeological evidence not prove that the Sinhala people are the descendants of the indigenous people of the island i.e. the yakshas, Nagas, Rakshas and Devas? Much later by around the 16th century due to the Aryachakravarthi invasion of the Jaffna Peninsula the Sri Lanka Tamils migrated but into the Jaffna peninsula only. Later during the Portuguese, Dutch and British colonial times, there were further migrations of Sri Lankan Tamils (called Malabars meaning those from the Malabar coast of India) for purposes of planting tobacco and indigo brought in by the colonialists.

    Of course other people such as the Arab traders, Malays, then the Burgers (descendants of colonisers) also migrated to the island too.

    Does this not then prove that this island inclusive of the North and the East is the homeland of all its people? So is this demand for a separate state by the Sri Lankan Tamils (called Malabars meaning those from the Malabar coast of India), descendants of recent migrations to the island, not absurd and unacceptable?

    Let us state in the constitution that this island is the homeland of all its people, for the sake of justice and fairplay, by everyone concerned.

  6. plumblossom Says:

    There are further historical facts and figures which prove that this ‘Tamil homeland’ demand is completely bogus. Apart from many Buddhist ruins, a very important part of the Sinhala Buddhist civilization which is the extensive hydraulic system that still prevails in the dry zone of Sri Lanka. The Sinhala kings built over 10,000 (please check this figure in research papers for accuracy) large, medium and small scale irrigation reservoirs in Rajarata and Ruhuna encompassing today’s, North Central, North, Eastern, North Western provinces. For example Yodha Wewa Reservoir in today’s Mannar in the North was built by the Sinhala King Dathusena. The Pavatkulam Reservoir in Vavuniya in the North was built by the Sinhala King Mahasen. The Kanthale Reservoir in the East was built by Sinhala King Agbo II. All of the irrigation reservoirs present in the North Central, North, North Western and East were built by Sinhala Kings.

    In fact, to get the water to flow out of the reservoirs in a smooth manner, the Sinhala Engineers invented the biso kotuwa or the besi kotuwa (as in wathura besi kotuwa), a type of valve pit, or a type of water outlet out falling from the reservoir where water pressure can be managed so as not to damage the tank bund. Another use of the Sinhala irrigation engineer was the anicut where a river’s water was diverted using a dam type structure built across the river partially blocking the river flow and diverting the water into open channel flow canals.

    The amazing and extensive irrigation system in Sri Lanka’s dry zone encompassing today’s North Central, North, East and North Western Provinces encompassing over 10,000 (please check this figure for accuracy) large, medium and small scale reservoirs, open channel flow canals etc. was built by the Sinhala Kings.

    Therefore there is no doubt whatsoever that there was a Sinhala Buddhist civilization encompassing today’s North Central, North, East and North Western Provinces, even just by considering this extensive irrigation reservoir system. R.L. Brohier , H.C.P. Bell, D.LO. Mendis, Henry Parker and many archaeologists, irrigation engineers and surveyors have written many books and research papers on this subject. In fact even the British Governor at the time Sir Henry Ward marvelled at the ingenious Sinhala irrigation engineer and wrote on the subject and Even Sir Emerson Tennent, another British Governor marvelled at the ingenious Sinhala irrigation engineer and wrote on the subject. In fact, the Sinhala irrigation engineer was a master of hydraulics. Not only that, extensive data on rainfall patterns would have had to be collected to figure out the capacity of the irrigation reservoirs. Very accurate surveying of the lay of the land would have had to be carried out to come up with very accurate contour maps in order to figure out the placing of the reservoirs and the traces of the open channel flow canals.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress