රු. මිලියන 440 ක් රජයට පාඩු කර කොමිස් කෑ රාජිත ඉන් බේරීමට අල්ලස් කොමිසමට FCIDයට CIDයට නැගූ අවලාද සියල්ල බොරු..!
Posted on October 22nd, 2016

එජාප වෙබ් අඩවි හතර අතේ වනයි..

සම කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහා පරිමාන වංචා කරුවෙකු බවත්, එසේ මහා පරිමාණ වංචාවකින් ඉපැයූ මුදල් පසුගිය වසරේ පැවති මහ මැතිවරණයේදී තම පුත් චතුර සේනාරත්නගේ මැතිවරණ ව්‍යාපාරයේදී විශාල වශයෙන් වියදම් කර ඇතැයිද එජාප හිතවාදී ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය වාර්තාවක් පල කර ඇත.

සම්පූර්ණ පුවත මෙතනින්

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ඔක්.21, ප.ව‍‍‍‍‍‍‍‍.6.30) රාජිත සේනාරත්න අමාත්‍යවරයා පසුගිය කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කරන ලද වංචා හා දුෂණ පිළිබඳව ජනාධිපතිවරයා සිදු කළ මතභේදාත්මක ප්‍රකාශයට අදාළ සියළු තොරතුරු අසත්‍ය ය. රාජිත සේනාරත්නගේ අරමුණ වී ඇත්තේ අල්ලස් කොමිසමේ, මුල්‍ය අපරාධ කොට්ඨාශයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ද අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා ද ඉවත් කර තමාට පාලනය කරගත හැකි හෙංචයියන් පිරිසක් පත්කර ගැනීම සහ එමගින් ඔහුට එල්ල වී ඇති වංචා සහ දුෂණ චෝදනා යටගසා ගැනීමය.

රාජිතගේ ප්‍රධාන චෝදනා සියල්ල අසත්‍ය වන්නේ මෙසේය.

01.    මහා පරිමාන වංචා හා දුෂණ පිළිබඳ විමර්ශන නොකර කුඩා ඒවා පමණක් සිදු කරන බව.

ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර ගණුදෙනුව පිළිබඳවද දැනට පරීක්ෂණ අරඹා ඉදිරියට ගෙනයමින් ඇත්තේ අල්ලස් කොමිසම මගිනි. මුදල් විශුද්ධිකරණය පිළිබඳව විමර්ශනය කිරීමට මුල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිල්ලක් ද යොමු කර ඇත.

වාහන අවභාවිතයක් පිළිබඳ විමර්ශන ඉතා සරලය. රජයේ ආයතනවල ලිපි ලේඛන පමණක් ඊට ප්‍රමාණවත්ය. එහෙත් බැඳුම්කර ගණුදෙනුවක් පිළිබඳ විමර්ශනය තාක්ෂණික දැනුම අවශ්‍ය සංකීර්ණ විමර්ශනයකි. දැනට මහ බැංකුව, මුදල් මණ්ඩලය, කෝප් කමිටුව වැනි ආයතන ද ඒ පිළිබඳ විමර්ශන සිදු කරන බැවින් එවැනි ගණුදෙනුවක් පිළිබඳ තාක්ෂණික කරුණු තහවුරු වනතුරු අපරාධ විමර්ශනය ප්‍රමාද වීම සාධාරණය.

තවත් විශාල ගණුදෙනුවක් නම් ඇවන්ගාඩ් විමර්ශනයයි. ඒ පිළිබඳ අල්ලස් කොමිසම විමර්ශන අවසන් කර නඩු පවරා ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උරණ වුයේ ද එම නඩුවට අදාළ සැකකරුවන් අධිකරණයට ගෙන යාම නිසාය.

02.    ඇවන්ගාඩ් සිද්ධියට අදාලව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව දුන්නා යැයි කියන වාර්තාවක් පිළිබඳ රාජිත සේනාරත්න පවසන කරුණුද අසත්‍යය. එම දෙපාර්තමේන්තුව එවැනි වාර්තාවක් සපයා නැතැයි දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. එම ගිනි අවිවල අංක ඉතා පැහැදිලිව පවතින බවත් එහි වූ එක් අකුරක් (චීන අකුරක් බව සැක කරයි.) පමණක් මකාදමා ඇති අතර එයට හේතුව එම ගිනි අවි සැපයු රට හෙළිවීම වැලැක්වීම විය හැකි බවට රස පරීක්ෂකගේ මතය වී තිබේ. බලුකිස්තානයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව මීට වඩා හොඳයි යනුවෙන් රාජිත සේනාරත්න මෙලෙස රාජ්‍ය දෙපාර්තමේන්තුවකට අපහාස කරන්නේ වෙබ් අඩවියක සඳහන් ඕපාදුප පදනම් කරගෙන බවට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පැවසීය. මේ පිළිබඳ නිල ප්‍රකාශයක් දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී ලබාදීමට නියමිත බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම ඇවන්ගාඩ් ගණුදෙනුවේදී අපරාධ චෝදනා යටතේ නඩු පැවරිය නොහැකි බව හිටපු නීතිපති යුවන්ජන විසින් නිර්දේශ කොට ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුදල් විශුද්ධිකරණය යටතේ වෙනමම විමර්ශනයක් මේ පිළිබඳව සිදු කරයි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress