සංවර්ධන නිලධාරින්/සංවර්ධන සහකාර නිලධාරීන් අමාත්‍යංශ කාර්ය මණ්ඩලයෙන් ඉවත් කිරිමේ තීරණයට විරෝධය පලකරමු
Posted on October 26th, 2016

චන්දන සූරියආරච්චි  ප‍්‍රධාන ලේකම්  සංවර්ධන නිලධාරින්ගේ සේවක සංගමය

 

ලේකම්,
පී. කේ. ආර් ඒකනායක මහත්මිය,
ග‍්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය,
සතොස මහලේකම් කාර්යාලය,
වොක්ෂෝල් වීදිය,
කොළඔ – 02.

ලේකම් තුමියනි.

සංවර්ධන නිලධාරින්/සංවර්ධන සහකාර නිලධාරීන් අමාත්යංශ කාර්ය මණ්ඩලයෙන් ඉවත් කිරිමේ තීරණයට විරෝධය පලකරමු. – DOSU – 2016.10.26

ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ සේවය කරමින් සිටින ඉහත තනතුරු දරන නිලධාරීන් ඉවත් කිරීමට ගෙන ඇති තීරණය අත්හිටුවා එම නිලධාරීන් වසර කිහිපයක් තිස්සේ ඉටු කරමින් පැවති රාජකාරී අමාත්‍යංශ විෂය පථයට පවරා ගනිම්න් කි‍්‍රයාකරන මෙන් පළමුව ඉල්ලා සිටිමු.

ආණ්ඩු වෙනස් වීම රාජ්‍සේවකයින්ට අදාළ වෘත්තීයමය වශයේන් අදාළ නැත.ග‍්‍රාමීය ආර්ථිකය පිළිබ`විෂය යනු අපේ රටේ ආණ්ඩුවක් විසින් වැඩි ඉඩක් ලබාදෙමින් වැඩි අවධානයක් යොමු කල යුතු විෂයකි. ලංකාවේ ජනගහනයෙන් වැඩි ප‍්‍රතිශතයක් නියෝජනය කරන්නේ ග‍්‍රාමීය ජනතාවයි.

ගෙවුණුු වසර කිහිපය තුළ ඉහත තනතුරු දරන නිලධාරීන් තමන්ට අදාළ දිස්ති‍්‍රක්කවල ග‍්‍රාමීය ජනයාට අදාළ ආර්ථිකය නංවාලීම සඳහා විශේෂ ව්‍යාපෘති විශාල ප‍්‍රමාණයක් කි‍්‍රයාවට නංවා ඇත.

කුඩා ව්‍යවසායක සංවර්ධන කටයුතු, නුවර දුම්බර හස්ත කර්මාන්ත සංවර්ධන කටයුතු, මැටි කර්මාන්ත සංවර්ධනය, බට ගම්මාන සංවර්ධනය, ජාතික කිතුල් සංවර්ධන ව්‍යාපෘති ඇතුළු ගණනාවක් කි‍්‍රයාවට නංවා ඇත.ගාල්ල, මාතර, නුවර ඇතුළු දිස්ත‍්‍රික්කවලින් වාර්ථාවන තොරතුරු අනුව බව ඉතා පැහැදිලිය.

සිදුකල යුතුව ඇත්තේ ග‍්‍රාමීය ආර්ථිකය නංවාලීම පිළිබඳ කෙටිකාලීන හා දිගු කාලීන ක‍්‍රමෝපායන් සකස්කර තමන් යටතේ සිටින නිලධාරීන් එම ඉලක්කයන් කරා මෙහෙය විමයි. චීනය වැනි සංවර්ධිත රටවල ආර්ථිකයේ වර්ධනයට ග‍්‍රාමීය ආර්ථිකය මගින් විශාල දායකත්වයක් ලබාදේ. නමුත් එසේ තිබිය දී රජය මෙම සියළු දෙනා අමාත්‍යංශයෙන් ඉවත් කර නැවත රාජ්‍පරිපාලන අමාත්‍යංශයට නිදහස් කිරීමට ගෙන ඇති තීරණයට අපි විරුද්ධ වෙමු. ආණ්ඩු වෙනස් වන ගානේ සංවර්ධන නිලධාරීන් ඉවත් කිරිමට කටයුතු කිරීමට සිදුවුවහොත් එය ගැටළුකාරී තත්වයක් වන බවද දන්වා සිටිමු.

අමාත්‍යංශයට අයත් ඉහත සඳහන් නිලධාරීන් කාර්ය මණ්ඩලයෙන් ඉවත් කිරිම පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරමින් 2016/10/13 දින නිකුත් කල ලිපියෙන් වැඩිදුර සඳහන් කර ඇත්තේ තව දුරටත් ඔබ අමාත්‍යංශය යටතේ පැවරිය හැකි රාජකාරියක් නොමැති බවයි. මෙතෙක් එම නිලධාරීන් ඉටු කල රාජකාරි විෂයන් ඉවත් කිරීම ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති තීරණයක්ද යන්නත් දැනගත යුතුව ඇත.

ග‍්‍රාමීය ආර්ථිකය පිලිබඳ අමාත්‍යංශයේ කාර්යය මණ්ඩලය අඩුකිරිමේ තීරණය යටතේ ඉහත නිලධාරීන් ඔබ අමාත්‍යංශයෙන් ඉවත් කිරීමේ තීරණය අත්හිටුවන ලෙසත්, ඉහත නිලධාරීන් වසර ගණනාවක් ඉටු කල කාර්යභාරය අහෝසි නොකරන ලෙසත් ඉතා වගකීමෙන් ඉල්ලා සිටිමු.

එමෙන්ම මතුවී ඇති මෙම ගැටළුව පිලිබඳව සාකච්ඡා කිරිමට අප සංගමයට අවස්ථාවක් කඩිනමින් ලබාදෙන මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,

චන්දන සූරියආරච්චි                                                     

ප‍්‍රධාන ලේකම්

 

පිටපත්:

  1. ගරු ජනාධිපති තුමා. (අ.ක.ස/දැ.ග.පි)
  2. ගරු අගමැති තුමා. (අ.ක.ස/දැ.ග.පි)
  3. ගරු ග‍්‍රාමීය ආර්ථිකය පිලිබ`අමාත්‍යතුමා. (අ.ක.ස/දැ.ග.පි)
  4. ගරු ජනාධිපති/ගරු අගමැති ලේකම්වරු. (අ.ක.ස/දැ.ග.පි)
  5. ඒකාබද්ධ සේවා අධ්‍යක්‍ජනාරාල් තුමිය. (අ.ක.ස/දැ.ග.පි)
  6. ජේ්‍යෂඨ සහකාර ලේකම් (පාලන*. (අ.ක.ස/දැ.ග.පි) 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress