බලපුලුවන්කාරකමේ සවියෙන් නැමෙන නීතිය
Posted on October 30th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි

වත්මන් ශ්රී ලංකාවේ සෑම දිනකම මාර්ග අනතුරු හේතුවෙන් සාමාන්යයක් ලෙස පුද්ගලයින් 6 දෙනෙකු හෝ 7 දෙනෙකු මියයන බව ගණන් බලා ඇත. ගණනය කිරීම් අනුව දිනකට තවත් පුද්ගලයින් 16 දෙනෙක් තුවාල ලබති. මාර්ග අනතුරු පිලිබඳ අලුතින් සිතන්නට සිදු වූයේ ඔක්තෝබර් 24 වන දින රාත්රී 7.40 පමන පුත්තලම අනුරාධපුර ප්රධාන මාර්ගයේදී, පුත්තලම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී පාලිත රංගේ බණ්ඩාරගේ පුත්රයා වන යශෝධ රංගේ බණ්ඩාර ගමන් ගත් සුඛෝපභෝගී රථයේ ගැටීමෙන් පුද්ගලයෙකු මියගිය නිසාය. නගරයේ වෙළඳ සලක සේවය කරන මේ 42 හැවිරිදි පුද්ගලයා අනතුරට මුහුණ පෑවේ තම සේවය අවසන්කර නිවස බලා පැමිනෙමින් සිටියදීය. අනතුර සිදුවූ පසු නොනවත්වා පලා ගිය රථය පසුපස මෝටර් රථයකින් ලුහුබැඳ ගිය තවත් පිරිසක් එසේ යන අතරතුරම පොලිස් හදිසි ඇමතුම් අංශය හා සම්බන්ධව කොටවෙහෙර පොලිස් මාර්ග බාධකයේදී එය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

 

මේ පිරිස ආනමඩුව පොලිසියට ගෙන විට එතැන සිටි පුද්ගලයෙකු එම සිද්ධිය වාර්තා කිරීමට එතැනට පැමිනි මාධ්යවේදීන්ට අසභ් වචනයෙන්  බැන වදිමින්, මියගිය පුද්ගලයාගේ බිරිඳටද බලපෑම් කරනු දක්නට ලැබිනි. මියගිය පුද්ගලයාගේ බිරිඳ පැවසූ වදන් සහ ඇය වැලපුන ආකාරය හදවතක් ඇති ඕනෑම අයෙකු කම්පාවට පත් කරවන සුලුය. ”බල්ලො බළල්ලු වගේනෙ මිනිස්සු යට කරන්නෙ. අනේ අපට යාන වාහන නැහැ. තියෙන්නෙ මේ පුෂ් බයිසිකලේ විතරයි. උදේ 3.00 වැඩට යන්නෙ. 8 විතර ආපහු එන්නෙ. ” ආදී වශයෙන් වැලපුනාය. ඇය මාධ්යවේදීන්ගේ ප්රශ්නවලට පිලිතුරු දෙන විට අර මුලින් කී පුද්ගලයා ඈව තල්ලු කරමින්ඕව කතා කරල වැඩක් නැහැපවසනු ඇසුනු අතර, ” මේකද යහපාලනේ? මේවද යහපාලනේ වැඩ?”  යනුවෙන් කෑ ගසන්නට විය. මේ කොටස නම් අනිවාර්යයෙන්ම තමා  යහපාලනයේආධාරකරුවකුනොවන බව පෙන්වමින් අසන දකින පිරිස නොමඟ යවන්නට භාවිතාකල වචන බව පැහැදිලිය. (රාත්රී ප්රවෘත්තිහිරු FM -25/10/2016) නමුත් ඔහු යහපාලනයේම කොටසක් බව ඔප්පු කලේ පසුදින ආනමඩුව උසාවියේදී තම පුතාට ඇප ලබා ගැනීමෙන් අනතුරුව රාජ් අමාත් පාලිත රංගේ බණ්ඩාර මාධ් වෙත පලකල අදහස් මගිනි.

අද යහපාලනය තුල රට පාලනය කරන්නෙ මාධ් විසින්යැයි පවසමින් ඔහු මාධ්යයන් තුල මේ පුවතට ලබා දුන් ප්රසිද්ධිය විවේචනය කලේය. ඔවුන්ට අනුව මෙම  වාහනය තමන් අතින් අනතුරට පත් පුද්ගලයා ගැනවත් නොබලා වේගයෙන් දිගටම ගොස් තිබෙන්නේ ගිලන් රථ සේවාවක් ඉටු කරමින් සිටි බැවිනි. එනම් කුරුණෑගල සිටින රෝගිියෙකු එම වාහනයෙන් නුවර ගෙනයාම සඳහාය. මේ ප්රකාශය තුල තම පුතා අතින් සිදුවූ වරද සාධාරණීකරනය කිරීමේ සහ එම නොසැලකිලිමත් රිය ධාවනයට යම් මානුෂික මුහුණුවරක් ලබාදීමේ උත්සාහයක් නොඅනුමානවම තිබිනි. කුරුණෑගලද  හොඳ අංග සම්පූර්ණ රෝහලක් තිබෙන බැවිනුත්, කුරුණෑගල සිටින රෝගියා නුවරට ගෙන යාමට වාහනය එන්නේ පුත්තලමේ සිට බැවිනුත් එය එතරම් බරපතල ලෙඩක් වීමට නුපුලුවන. නමුත් මේ රෝගියා නිසා අනිවාරතේ ජීවිතය කෙලවර වූ පුද්ගලයා ගැන අබ මල් රේණුවක කණගාටුවක් ඇමතිවරයාගේ ස්වරයේ නොතිබිනි. ඔහුට අනුව මෙය සාමාන් සිද්ධියකි. රංගේ බණ්ඩාරගේ පුතා අනතුර සිදුකල වාහනය තුල සිටි නිසා ඔහු වරදකරුවෙකු වී ඇත. මෙසේ බලන කල යමෙකු දුම්රිය අනතුරකට ලක්වූ විට දුම්රිය මගීන් අත්අඩංගුවට ගත යුතුය ! මෙවන් තකතීරු උදාහරණ මේ ඇමතිලාට කොහෙන් මතක් වනවාදැයි දන්නේ ඔහුම පමනි.

 

රිය පැදෙව්වේ යශෝධ රංගේ බණ්ඩාර නොවේ නම්, ඔහුගේ රියැදුරු අතින් එවන් වරදක් වුනා නම්, ඔහු යුතුකම් දන්නා මහත්මයෙකු නම්, ඔහු තම රථය නවතන ලෙස පවසා අනතුරට ලක්වූ පුද්ගලයා පිලිබඳව සොයා නොබැලුවේ ඇයි? වෙනුවට ඔහු එතැනින් පලායාමට රියදුරාට අනුබල දී ඇත. ඔවුන් වාහනය නොනවත්වා ගියේ එහෙයිනි. මෙවන් අනතුරුවලදී නොනවත්වා රිය ධාවනය කරන පුද්ගලයන් සඳහා නිදහසට කාරණය වශයෙන්  පවසන්නේ අනතුර වන තැනට එක් රැස් වන පුද්ගලයන් නීතිය අතට ගෙන කටයුතු කිරීම නිසා රිය තුල සිටින අය ප්රහාරයට ලක් වීමත්, වාහනයට අලාභ හානි සිදුවීමත්ය. එහිද සත්යතාවයක් තිබේ. නමුත් ප්රදේශය නියෝජනය කරන වගකිවයුතු මහජන නියෝජිතයෙකුගේ පුතෙකු ලෙස මේ තත්වය වෙනස් වීමට ඉඩ තිබිනි. මේ රිය අනතුරු පිලිබඳ තත්වය වඩාත් අසාධ් වී ඇත්තේ රියැදුරන් පමනක් නොව පදිකයන් සහ මැදිහත්කරුවන් යන අයගේද විනය පිරිහීම නිසායි.

 

කෙසේ වුවද රාජ් ඇමති රංගේ බණ්ඩාර පැවසුවේ මෙය සාමාන් සිද්ධියක් බවයි. දිනකට මාර්ග අනතුරු නිසා හය හත් දෙනෙකු මියයන සහ 16 දෙනෙකු තුවාල ලබන රටක, එම කෝණයෙන් බැලුවොත් නම් මෙය සාමාන් සිද්ධියක් පමනි. තමන් අතින් සිදුවූ අතපසු වීමක් නිසා විනාශ වූ ජීවිතයක්, ඉන් අනාථ වන දරු පවුලක් ගැන එසේ කතා කරන්නට හැකිවීම තුලම වත්මන් දේශපාලකයන්ගේ සිත් පිත් නැති ගුණය අනාවරණය වේ. අනතුර සිදුකල වීඅයිපී පුද්ගලයාට සාපේක්ෂව මියගිය අසරණ මිනිසා සාමාන් පුද්ගලයෙකු බව සැබෑය. තම දරු පවුල රැක ගැනීම සඳහා දිනකට පැය 17 ක් වැය කරමින් බඩ වියත සරිකල පියා මෙසේ හෙණ ගැසුවාක් මෙන් මරුමුවට පත් වූ විට බිරිඳ සහ දරුවන් අසරණ වීමද ඉතාම සාමාන්යය. මේ දේශපාලකයා ප්රශ්නය දෙස බලන ක්රමය විය යුතුය. මේ අනතුරට පත් තැනැත්තා වැනි වූ අසරණ චන්දදායකයන්ගේ චන්දයෙන්ම පාර්ලිමේන්තුවට ගොඩවී, යහපාලනය හෝ  මොන පාලනය හෝ නිසා භුක්ති විඳින්නට ලැබෙන වීඅයිපී සැප සම්පත්වල ආනුභාවයෙන් දෑස් නිලංකාරව යන මොවුන්ට මීට වඩා දුර දිග නොපෙනීමද සාමාන් දෙයකි. මෙවන්  සිදුවීම් සාමාන් නොවන්නේ වින්දිතයාගේ පවුලේ අයට පමනි. මන්ද අද මේ සිද්ධිය අසන දකින අයට තව කිහිප දිනකින් එය අමතක වන ආකාරයේ තවත් අලුත් සිද්ධීන් ගොඩ ගැසීමද සාමාන් දෙයක් වන නිසාය.

 

නමුත් මෙවන් රිය අනතුරක් දෙස සාමාන් සිද්ධියක්ය යන කෝණයෙන් බලා ඉවත ලන්නට බැරි හේතු අපමණ තිබේ. රිය අනතුරු සම්බන්ධ සංඛ්යාන දත්ත රැස් කිරීම යනු දිනකට මියයන සංඛ්යාව සහ තුවාල ලබන සංඛ්යාව ගණන් බැලීම පමනක් නොවේ. රිය අනතුරු නිසා ප්රතිකාර ගන්නට, ශල්යකර්මවලට භාජනය වන්නට සිදුවීම , ඊට යොදවන කාර්ය මණ්ඩල කාලය, වින්දිතයාගේ සේවය ඇන හිටීම මත සිදුවන පාඩුව කිසි විටෙක මූල්යමය වශයෙන් ගණන් බලා තිබේද? අප රටේ නමට හෝ නිදහස් සෞඛ් සේවාවක් පවතින නිසා අයවැයෙන් සෞඛ් අංශය සඳහා වෙන්වන පිරිවැයෙන් කොපමන ප්රතිශතයක් මීට වැයවේද යන්න ගණනය කිරීම වැදගත්ය. ඊලඟට පොලිස් පරීක්ෂණ, උසාවි හා නීතිමය ක්රියාමාර්ග, අලාභ හානි යථාවත් කිරීම් සඳහා වැයවන කාලය හා සම්පත් මූල්යමය ගණනය කිරීමකට ලක්කල විට ජාතික ආර්ථිකයෙන් ඊට වැය වන කොටස පිලිබඳව නොකිව මනාය. රිය අනතුරු සිදු වනුයේ නොසැලකිලිමත් බව නිසාමය. එම නොසැලකිල්ල අනිවාර්යයෙන්ම  අනතුරට ලක්වන පාර්ශ්වයන් සියල්ලන්ගේම හෝ අඩු තරමින් එක් පාර්ශ්වයක වත් වේ. රියැදුරන්ට මෙන්ම පදිකයන්ටද බලපාන මාර්ග නීති ඇත. සියල්ලෝම මේ නීති පිලි පදිත් නම්, කන් බිහිරි කරවන නලා හඬේ සිට මාරක අනතුරු දක්වා අසන්නට නොලැබෙනු ඇත.මහජන නියෝජිතයන් මේවා ගැන විශේෂයෙන්ම දැනුවත් විය යුතුය. නීති රීති විධිමත්ව ක්රියාත්මක කර රිය අනතුරු සිදුවීම වලක්වා ලීමෙන් ජාතික ආර්ථිකය තුල නිස්කාරනේ වැයවන මුදල් කන්දරාවක් සහ වටිනා කාලයක් ඉතිරිකර ගත හැකි වනවා මෙන්ම අකාලයේ වැනසී යන ජීවිත රාශියක්ද රටට ඉතිරි වනු ඇත. මෙය රජය සතු වගකීමකි.

 

එමෙන්ම රිය අනතුරකට පසුව චූදිතයාට ලැබෙන දඬුවම ගැන කෙසේවත් සෑහීමකට පත්වනුු නොහැක. කලකට පෙර සවස් වරුවක මගේ අසල්වැසි නිවසේ වෙෙද්යවරයෙකු සහ ඔහුගේ බිරිඳ සමග මඳකට කතා බහ කරමින් සිටියෙමි. එතැනින් යන්නට පුද්ගලයෙකු වෙෙද්යවරයා දැක දෙකට නැමී බැගෑපත්ව ආචාර දැක්වීය. පුද්ගලික බස් රියැදුරෙකු වූ ඔහුට අප මිත්රයා ගොඩක් දවසකින් දැක්කේයි පැවසූ විට, කට පුරා සිනාසුන ඔහු, ‘මම සුමානයක් ඇතුලෙ හිටියෙ සර්. මගේ අතින් ගෑණියෙක් යට වෙලා මලානෙ.’ යි පිලිතුරු දුනි. එය අපරාධ ගනයට නොවැටෙන අත්වැරැද්දක් බවත්, ප්රදේශයේ බල පුලුවන්කාරයෙකු වන බස් හිමියා ඊට මැදිහත් වූ බවත්, එබැවින් තමා ඉක්මනින් නිදහස් වූ බවත්, ඔහු සිද්ධිය විස්තර කරමින් පැවසූයේ ඉතා සැහැල්ලුවෙනි. තමා අතින් සිතා හෝ නොසිතා නැතිවූ ජීවිතය පිලිබඳ බිඳක හෝ පසුැවිල්ලක් ඔහුගේ සිතේ නොවූ බව පැහැදිලිව පෙනුනි. සාමාන් මිනිසෙකු වන ඔහු තුල අනතුරක් පිලිබඳ වූ ආකල්පය එබඳු නම් රාජ් බලය අත පත් රංගේ බණ්ඩාරලා ගැන කවර කතාද? ඉන්පසු මාධ් තුලින්වත් ආනමඩුවේ අනතුර ගැන කතා නොවුන අතර පසුදින දහවල් වන විට රු. 15,000 බැගින් මුදල් ඇපයක්ද, රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක්ද මත ඇමති පුත්රයා නිදහස් කරනු ලැබීය. ඇමතිවරයා කෝපයෙන් යුතුව තම පුත්රයාගේ නිවැරදිකම මාධ්යයට කියා සිටියේ අනුවය. ”මගේ දරුව වරදක් කරල නැහැකියන විට අර මියගිය පුද්ගලයාගේ පුංචි දරුවන්ගේ අනාගතයට කුමක් වනු ඇතිදැයි ඔහුට නිකමටවත් සිතුනාද යන්න සැක සහිතය. මේ රජය මහත් උජාරුවෙන් මිත් සමාගම් ගැන කතා කරන  බටහිර රටක නම් මෙවන් Hit and Run ගනයේ අනතුරක් විශාල අපරාධයක් ලෙස සැලකේ.

 

ඇමති පුත්රයා සම්බන්ධව නීතිය මෙසේ ක්රියාත්මක වෙත්දී, 2002 වර්ෂයේදී, එනම් මෙයට වසර 14 පෙර මීගමුව පිල්ලදූව ප්රදේශයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධව හිටපු නියෝජ් අමාත් සරත් කුමාර ගුණරත්න අත්අඩංගුවට ගෙන නොවැම්බර් 01 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. ඔහුගේ ඇප අයැදුම ප්රතික්ශේප වී ඇත. එමෙන්ම එම සිද්ධිය සම්බන්ධව මීට පෙර හිටපු නියෝජ් ඇමතිවරයාගේ රියැදුරාට  එරෙහිව නඩුවක් විභාග වී අවසන්ව ඇති අතර එදින රිය පැදවූයේ සරත් කුමාර ගුණරත්න බව පවසමින් පුද්ගලයෙකු අලුතින් නඩුවක් පවරා තිබීම මීට හේතුවයි.

 

මීට සති දෙකකට පමන පෙර හදිසි අනතුරකින් මියගිය ටෙලි නාට් නිළියක වූ කවීෂා අයේෂානිගේ අනතුර සම්බන්ධව සිදු වූයේද අමුතුම දෙයකි. ඇය පැදවූ රථය පාලනයෙන් ගිලිහී ලිස්සා ගොස් පදික වේදිකාවට බර වන සේ නවතා තිබූ මාර්ග අංක 168 දරන බස් රථයක පසුපස වදින අයුරු අසල ස්ථාන ගතකර තිබූ CCTV කැමරාවල සටහන්ව ඇත. උදෑසන 3 යනු බස්රථ ගමන් කරන වෙලාවක් නොවේ. මේ අනතුර සම්බන්ධව එම බස් රථයේ රියැදුරා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. කවීෂාගේ රිය වැදුනේ එම බස් රියේ පසුපසිනි. මිය ගිය තරුණිය ගැන ශෝක වන අතරම බස් රියැදුරාට ලැබුනු  කැකිල්ලේ තීන්දුව ගැන පුදුම වීමටද ජනතාවට සිදුවිය. රාජගිරියේදී පාඨලී චම්පික ඇමතිවරයා අතින් සිදුවූ රිය අනතුර සම්බන්ධ සිදුවීම් පෙල මතකයේ ඇත්නම් එක එක රිය අනතුරුවලට, ඊට වගකිව යුතු පුද්ගලයාගේ තරාතිරම අනුව මේ නීතිය බලපාන ආකාරයත්, පොලිස්පතිවරයා විසින් පවසන ලද නීතිය නැමීමේ ක්රියාවලිය සිදු වන්නේ කොයි ආකාරයෙන්ද යන්නත් ජනතාවට යම් ප්රමානයකට වටහා ගත හැකි වනු ඇත.

 

දේශපාලකයින් ඈඳී සිදුවූ රිය අනතුරු ගණනාවක් පසුගිය සමයේ සිදුවිය. නමුුත් සෑම විටෙකම දඬුවම් වින්දේ දේශපාලකයාගේ රියැදුරාය. මේ දේශපාලකයින් සුදුසුකම් අඩු රියැදුරන් බඳවා ගන්නවාද නැතිනම් දේශපාලකයකුගේ රථයක සුක්කානම අතට ගත් විට රියැදුරාටත් රාජ ඌෂ්ණය වදිනවාද කියා හරියට සිතගත නොහැක. කෙසේ හෝ අවසානයේ දංගෙඩිියට ගෙල තබන්නට වනුයේ රියැදුරාටය. එබැවින් දේශපාලකයෙකුගේ රිියැදුරු ලෙස වැඩ භාර ගන්නට පෙර තම පවුලේ අනාගතය වෙනුවෙන් තුන්කල් බලා කල යුතු යුතුකම් එකලස් කර පැමිනෙන්නට එවන් රැකියා අපේක්ෂකයින් වග බලා ගතහොත් මැනවි.

මන්ද  උසාවියෙන් නිදහස්  වුවත් ඔහුට සිදුවන්නේ තමා අයත් පන්තියේම මනුෂ්යයකු මරා දැමීම සම්බන්ධව වරදකරුවකු ලෙස ලෝකයට මුහුණ දීමටය.

 

දිනකට සිදුවන මාර්ග අනතුරු සංඛ්යාව පිලිබඳ වාර්තා පිහිටුවන රටක් බවට පත්වීම ගැන නම් ශ්රී ලංකාවට ආඩම්බර විය නොහැක. කවුරු අතින් සිදු වුනත් මේ වැනසී යන්නේ බුදු බණේ  සඳහන් වන පරිදි කණ කැස්බෑවා විය සිදුරින් අහස දකින්නාක් මෙන් අසීරුවෙන් ලබා ගත් මනුෂ් ජීවිතයි. මේ මනුෂ් ජීවිත කාටවත් ඕනෑ ආකාරයට සාමාන් හෝ වීඅයිපී කියා වර්ගීකරණය කල නොහැක.  තම පරමායුෂ විඳීමට ඕනෑම පෘථග්ජන මනුෂ්යයෙකු කැමතිය.

 

එබැවින් මේ අද ගෙවී යන්නේ මාර්ග අනතුරු වලට හේතු පාදක වන කරුණු නිවැරදි මානයකට ගෙන ඒමට  කටයුතු කිරීම මෙන්ම, වරදකරුවකු සඳහා වන නීති රීතිද, දේශපාලන හයිකාරකම් සහ ඕනෑ එපාකම් අනුව නොව සමව සාධාරණව ක්රියාත්මක වීමට අවශ් යුගයකි.

2 Responses to “බලපුලුවන්කාරකමේ සවියෙන් නැමෙන නීතිය”

  1. S.Gonsal Says:

    හොරෙන් අලි අල්ලන මහා ජාවාරමේ ඇතුලු පැත්ත මෙන්න…

    තරංග රත්නවීර

    අලි ගැටලු ඉවරයක්‌ නැත. කාලයක්‌ තිස්‌සේ සිට කරගෙන ගිය අලි හොරකම් සියල්ල දැන් හෙළිවෙමින් තිබෙන්නෙය. අලි ජාවාරම්වලට සම්බන්ධ ගිහි, පැවිදි දෙපාර්ශ්වයටම එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක වෙමින් තිබේ. පන්සල්, අසපු, දේවාල සහ පුද්ගලික නිවාසවල සිටින නීති විරෝධී අලි, ඇතුන් වනජීවී භාරයට ගන්නා අයුරු දැන් සමාජයට විශ්මය දනවන්නක්‌ නොවන තරම්ය.

    කතරගම දේවාලයේ සිටි ‘භානු’ අලි පැටියා ද උසාවි නියෝගයකට යටත්ව වනජීවී නිලධාරීන් විසින් පසුගිය දිනක පින්නවල අලි අනාථාගාරයට ගෙන ගිය සිද්ධිය ද සමාජයේ කටගැස්‌මක්‌ නොවිණි. මාධ්‍ය සංදර්ශනයක්‌ බවට පත්ව ඇති දේශපාලන සහ අලි හොරු ගැන දැන් සමාජයට විහිළුවකි. ඒ කොමඩි සීන්වලින් මුළු රටම කුල්මත් වී සිටින වටපිටාවක යාල කැලේ හොරෙන් අලි අල්ලනවා දෑසින් දුටු පුද්ගලයන් දෙදෙනකු අපට හමු විය. ඒ පසුගිය දිනක බුත්තල, කතරගම ප්‍රදේශයන්හි කළ සංචාරයක්‌ අතරතුරදීය. ඔවුහු අපට හොරෙන් අලි අල්ලන හැටි විස්‌තර කළහ. ඔවුන් කියන කතාවට අනුව අලි ජාවාරමට සම්බන්ධ මහ එවුන් තවමත් නිදැල්ලේය. එහෙයින් මේ කතාවෙන් මහ අලි හොරු ගැන යම් හෝ ඉඟියක්‌ පළ වුණොත් මේ අසරණ ගැමියන්ට විසුමක්‌ නැත. සද්ධන්තයන්ට පත්තු කරන ගිනි බට මේ අසරණයන්ගේ ඔලු ගෙඩි කුඩු පට්‌ටම් කරගෙන පත්තුවීමට ද ඉඩ තිබේ. දින ගණන් මහ කැලේ කරක්‌ ගසමින් බිං කොහොඹ එකතු කර ජීවිත ගැට ගසාගෙන සිටින මේ අසරණයන්ගේ ජීවිතවලට හානියක්‌ වුවොත් එය අපට ද සාපයකි. එහෙයින් අසරණ මිනිසුන්ගේ නම්, ගම් සඳහන් නොකර කතාව පමණක්‌ සටහන් කර තැබීම ඔවුන්ගේ සහ අපගේ ද කැමැත්තය. මෙතැන් සිට පෙළගැසෙන්නේ අලි හොරකමේ තිත්ත ඇත්තය.

    ”අපි මේ කැලේ කරක්‌ නොගහපු තැනක්‌ නෑ. පුංචි කාලේ හොරා පොලිස්‌ කළෙත් මේ මහා කැලේ තමයි. දැන් රස්‌සාවට කරන්නෙත් කැලේ ගිහින් බිංකොහොඹ එකතු කරන එක. අපේ බඩවියත රැකිලා තියෙන්නෙත් මේ කැලේට පිංසිද්ධ වෙන්න. ඒ නිසා අපි මේ කැලේට පණ ඇරලා. මේ කැලේ විනාශ කරනවා අපිට බලාගෙන ඉන්න බෑ. පහුගිය කාලේ බැකෝ දාගෙන එක, එක කණ්‌ඩායම් නිධන් හෑරුවා. ඒ පැත්ත පළාතකට කාටවත් යන්න දුන්නෙ නෑ. ඒ නිධන් හොයපු උන්ම තමයි අලි පැටව්න්වත් කුදලගෙන යන්නෙ. අලි කොල්ලය නම් මහ පොළොව නූහුලන අපරාධයක්‌ මහත්තයෝ… සමහර වෙලාවට පැටිය ගන්න ඇතින්න මරනවා. කැලේ කරක්‌ ගහන කොට කිහිප වතාවක්‌ම ඔය පව්කාර වැඩේ ඇහැ ගැහිලා තියෙනවා. ගහකට මුවා වෙලා හොරෙන් බලාගෙන ඉන්නවා ඇරෙන්න කාට කියන්නද…

    දවසක්‌ අපි බිං කොහොඹ ගලවන්න ගිහින් වැවක්‌ කිට්‌ටුව වාඩියක්‌ ගහගෙන හිටියා. යන්තම් කළුවර වැටෙනකොට අලි රංචුවකුත් වතුර බොන්න වැවට බැස්‌සා. රංචුවේ තුන්පත් රැනකුත් හිටියා. (මහත්තෙලාට කිව්වට වැවේ නම පත්තරේට දාන්න එපා. එහෙම වුණොත් අපිව මාට්‌ටු වෙනවා…) ඒ එක්‌කම වාහන පේළියක්‌ ආවා. සේරම ඩිපෙන්ඩර් වර්ගයේ සුපිරි වාහන. හතරදෙදෙනෙක්‌ වාහනවලින් එළියට බැස්‌සා. තුන්දෙනකුගේ අතේ තුවක්‌කු තිබුණා. අපි දන්න කියන වනජීවී නිලධාරීන් දෙදෙනෙකුත් ඒ අතර හිටියා. ඒ එක්‌කෙනෙකුගේ අතේ අලින්ට සිහිය නැති කරන්න බෙහෙත් විදින තුවක්‌කුවක්‌ තිබුණා. වෙන්න යන්නෙ මොකක්‌ද කියලා අපි හොඳට ඇහැ ගහගෙන හිටියා. වාහන නතර කරලා ලයිට්‌ නිවලා ටික වෙලාවක්‌ යනකොට අලි ටික විසිරුණා. තුන්පත් රෑනේ හිටපු අලි පැටියා වතුරේ සෙල්ලම් කර, කර හිටිය නිසා ලොකු උන් දෙන්නත් ඒ කිට්‌ටුවෙන් කරකැවුණා. වාහනවල ආපු අයත් වැව් කණ්‌ඩියේ ඉඳගෙන තුවක්‌කු මානගෙන කුරුමානම් අල්ලනවා. ඊට ටික වෙලාවකින් ඇතින්නට වෙඩිල්ලක්‌ පත්තු කළා. වැදුන ගමන් ඇතින්න එහේට, මෙහේට දුවලා දඩස්‌ ගාලා වැටුණා. මරන්න නෙමෙයි, වෙඩි තිබ්බේ සිහිය නැති කරන්න.

    සිහිය නැතිව වැටිලා ඉන්න ඇතින්නවත් දම්වැලක්‌ දාලා ගහකට අල්ලලා බැන්දා. අලි පැටියා වැවේ හිටිද්දීම දම්වැල් දාලා ගහකට තියලා බැන්දා. සත්තු දෙන්නව බැන්දට පස්‌සෙ වාහනවල හිටපු අනිත් අයත් බැස්‌ස. කිරි අප්පේ… එතැන හිටපු එක්‌කෙනෙක්‌ මුළු රටම දන්න උත්තමයෙක්‌. ඒ මහත්තයාව දැක්‌කා විතරයි අපේ හිතේ තිබුණු බයත් නැති වෙලා ගියා. අපිත් ගුලි වෙලා හිටපු තැන්වලින් නැඟිටලා ගිහිල්ලා ඒ උත්තමයත් එක්‌ක කතා කළා…

    ‘බිං කොහොඹ ටිකක්‌ එකතු කරගෙන යන්න ආවා සර්…’

    ‘හොඳයි… හොඳයි… රෑට ගෙවල්වලට යන්නෙ නැද්ද…’

    නෑ සර්. හෙටත් ඉඳලා ටිකක්‌ වැඩියෙන් එකතු කරගෙන යනවා…’

    ඒ උත්තමයා අපිත් එක්‌ක බිං කොහොඹවල ගුණ අගුණ, කැලේ විත්ති ටිකක්‌ කතා කර, කර හිටියා. ඒ අතරේ වාහනවල ආපු අනිත් අය කඩිමුඩියේ අඩිපුඩිවලට සෙට්‌ වෙනවා.

    ‘ආ… ඔයාලත් මොනවහරි කරනවද…’

    නෑ මහත්තයො අපි රොන් ටිකක්‌ උරලා ඉන්නෙ…’

    ‘අපි ළඟ නම් මල් නෑ. ඔයලා ළඟ තියෙනවා නම් අපිටත් දෙන්න මෙතැනත් මීමැස්‌සො ටිකක්‌ ඉන්නවා…’

    පස්‌සෙ අපි ළඟ තිබුණු මල්වලින් ටිකක්‌ ඒ මහත්තයගේ අතට දුන්නා. බල කරපු නිසාම අපි දෙන්නත් ෂොට්‌ තුන හතරක්‌ දා ගත්තා.

    ‘මොකද සර් මේ අලින්ව බැඳලා තියෙන්නෙ…’

    මේ වනජීවී කට්‌ටිය මේ සතුන්ට බෙහෙත් කරන්න ආවා. අපිත් ආතල් එකට අලි මෙල්ල කරන හැටි බලන්න ආවා…’

    හොඳයි සර්… තව ටික වෙලාවක්‌ යනකොට වැව් පිටිය පිරෙන්න සත්තු බහිනවා… හරි ලස්‌සනයි…’

    ‘ඇත්තද… අපි එච්චර වෙලා ඉන්නෙ නෑ. දැන් පිටත් වෙනවා. සත්තු දෙන්නට බෙහෙත් කරන්න වනජීවී මහත්වරු උදේ පාන්දර එයි…’ ඔයාලා රෑටත් ඉන්නවානේ මේ පළතුරු ටිකකුත් ගන්න කියලා අපේ අතට පළතුරු ගොන්නක්‌ දුන්නා.

    අපි ඒ පළතුරු ටිකත් අරගෙන වාඩියට ගියා. වාහන සේරම යන්න ගියා. ඒ ගිහින් ටිකකට පස්‌සෙ මහ වැස්‌සක්‌ කඩා පාත් වුණා. අඩු කළේම නෑ. එකම විදිහට වැස්‌සා. පැය දෙක, තුනක්‌ යනකොට අපේ වාඩියටත් වතුර දැම්මා. පස්‌සේ මහ වැස්‌සෙම ගහක්‌ යටට ගිහිල්ලා ඉටිකොළ කෑලි දෙකක්‌ අටවගෙන හිටියා. වැස්‌සෙ තෙමිලා වෙරිත් හිඳුණා. ඒත් වැස්‌ස අඩු කරන පාටක්‌වත් නෑ. අපි දෙන්නටම තද බඩගින්නක්‌ ආවා. අර මහත්තයා දීලා ගිය පළතුරු ටික කන්න ගත්තා. පළතුරුවලින් තින්නෝරු සුවඳක්‌ ආවා. මම කෙසෙල් ගෙඩියක්‌ අතට ගත්තා. බලනකොට මහත්තයො මුස්‌ලිම් ආගමේ වගේ තොණ්‌ඩුව කපපු කෙසෙල් ගෙඩි. ඒ වාහනවලින් ආපු එය දේවාලවලට තියන පූජා වට්‌ටිවල පළතුරු තමයි අරගෙන ඇවිත් තිබුණේ.

    වැස්‌ස පායලා, එළිය වැටිලා වැව් පිටිය දිහාට යනකොට මගෙ පපුව හෝස්‌ ගාලා පත්තු වෙලා ගියා මහත්තයො… වැවට වතුර පිරිලා අලි පැටියා වතුරෙ ගිලිලා මැරිලා. වැටිලා හිටිය ඇතින්නගෙත් බාගයක්‌ වතුරෙන් යට වෙලා. ඌත් මැරිලා. මේ ඇත්තමයි කියන්නෙ මහත්තයො අපිට ඇඬුණා. අපි දෙන්නා පැයක්‌ විතර අලි පැටියව අත ගගා හිටියා. ඌට පණ දෙන්න ක්‍රමයක්‌ තිබුණා නම් මගේ හුස්‌ම ටික දෙනවා. අපිට කරන්න කිසිම දෙයක්‌ තිබුණේ නෑ. බිං කොහොඹ එකතු කරන එකත් පැත්තකට දාලා ගෙවල්වලට ආවා. ඒ ඇවිල්ලත් ටික දවසක්‌ යනකම් ඒ සත්තු දෙන්න මැරිලා හිටිය හැටි මතක්‌ වුණා. මාසයක්‌ විතර යනකම් අපි කෑලේට ගියෙත් නෑ. ඒත් අපි ඒ දැකපු සිද්ධිය ගැන කෙළපිඬක්‌ හැලුවේ නෑ.

    අර මහත්තයා කිව්වේ අලි පැටියට වෙදකම් කරන්නයි දම්වැල් දැම්මේ කියලා. මගෙ අම්මපා මහත්තයො… ඒ සතාට ඉහෙන් බහින රෝගයක්‌ තිබුණේ නෑ. වැව් පිටියට ආපු වෙලාවේ ඉඳලා එහේ, මෙහේ දුව පැනලා සෙල්ලම් කළා. කඩියා වගෙ හරිම දඟයි. ඒ වගේම අලි රංචුවේ හිටිය හුරතලා. ඒ අලි පැටියව දැක්‌ක ඕන කෙනෙකුට ආසා හිතෙනවා. වාහන ටික ගියෙත් අලි පැටියා ගෙනියන්න උදේ එන්න තමයි. ඒත් වැහැපු වැස්‌සට පාරවල් යට වෙලා. වාහන යන්න බෑ. ඒකෙන් උන්ට එන්න බැරි වුණා. අලින්ට හිරිවැටෙන්න බෙහෙත් විද්දාම සිහිය ගන්නත් බෙහෙතක්‌ විඳින්න ඕනා…

    හැමෝටම අලින්ව මෙල්ල කරන්නත් බෑ මහත්තයො… ඒකට අලි සාස්‌තරය දන්න අය වෙන්න ඕනා. ඒ නිසා අලි දඩයම හැමෝම කළේ නෑ. ඔය මහ කැලෑවල අලි ටික ඇල්ලුවේ එකම කණ්‌ඩායමක්‌. අලි හොරකමට ප්‍රසිද්ධ ඔය කොළඹ ඉන්න උන් ටික තමයි මේ කැලේ අලි ටික විනාශ කළේ. එදා අර ඇතින්නයි, පැටියයි මරලා දාපු තැනත් දැන් ඔය අලි හොරකම්වලට සම්බන්ධයි කියලා නම් දරා සිටින පුද්ගලයොත් හිටියා. දැන් ටීවීවලින් ඒ මුහුණු පෙන්නකොට එදා අඩි පුඩි ගහපු හැටි අපිට මැවිලා පේනවා.

    තව දවසක්‌ කැලේ ඇවිදගෙන එනකොට පස්‌ හය දෙනෙක්‌ පුංචි අලි පැටියෙක්‌ උස්‌සලා ලොරියකට දානවා අපි දැක්‌කා. ලොරිය ළඟට ගිහින් මේ සතාට මොකද වෙලා තියෙන්නෙ කියලා අපි ඒ අයගෙන් ඇහුවා…

    ‘මෙයාගේ අම්මා මැරිලා. මෙයාට බෙහෙත් කරන්න ඕන…’ කියලා ඒ අය අලි පැටියවත් පටවගෙන යන්න ගියා. වනජීවී එකෙත් සමහර නිලධාරියො අලි හොරුන්ට සපෝට්‌ කළා. එක පාර සල්ලි කුට්‌ටි හම්බ වෙනකොට උන් සත්තු ගැන හිතුවේ නෑ. ඉස්‌සර අලින්ට බෙහෙත් කරනවා කියලා මහ කැලේ දවස්‌ ගණන් වාඩි ගහගෙන අලි දඩයම් කළා. ඒ කාලේ හඳපානාගල පැත්තෙ අලි, ඇත්තු රංචු පිටින් හිටියා. ඒ සේරම නැති කළේ ඔය අලි හොරු ටික. දඩයමේ යන කිසිම කෙනෙක්‌ අනවශ්‍ය විදිහට සතෙකුට පත්තු කරන්නෙ නෑ. කුරුමානම් අල්ලලා මෝරපු සතෙකුට තමයි දඩයම්කාරයො පත්තු කරන්නෙ. අලි හොරුන් එහෙම තේරීමක්‌ කළේ නෑ. උන්ගේ ඔලුවේ තියෙන්නෙ පැටියා ඩැහැගන්න හැටි විතරයි. අම්මා, අප්පා මුළු වරිගෙම මරලා හරි උන් පැටිය අරගෙන යනවා. දළ ගන්න මහා ඇත්තු මැරුවා. ඉස්‌සර කැලේ යනකොට වෙඩි වැදිලා මැරිලා ඉන්න අලි අපි කොච්චර නම් දැකලා තියෙනවද… ඒවා ගැන කිසිම කෙනෙක්‌ හෙව්වේ නෑ. කතා කරන්නත් බය වුණා. බඩ තියෙන මහත්තුරු පෙරටු කරගෙන සුපිරි වාහනවලින් යනකොට පොලිසියේ අයත් සැලියුට්‌ ගැහුවා. මහ දවල් අලි පටවගෙන ගියා. මොන බාධකයක්‌වත් නෑ. එහෙම ගෙනිච්ච අලි තමයි දේවාල, අසපුවල හිටියේ.

    පෙරහැරවලට අලි නෑ කියලා පුදුම වෙන්න ඕන නෑ. ඒ කාලේ අලි, ඇත්තු මරපු හැටියට මෙහෙමහරි ඉන්න එක ගැන අපි සතුටු වෙන්න ඕන. ඉස්‌සර පන්සල්, දේවාලවලට අලි, ඇතුන් දුන්නෙ රජය මැදිහත් වෙලා අලියගේ උස, නම, ගම සේරම ඇතුළත් කරලා සන්නසකින් පරිත්‍යාග කරන්නෙ. ඊට පස්‌සෙත් වනජීවී නිලධාරීන් ඇවිත් පරිත්‍යාග කරපු සතාගේ සුවදුක්‌ සොයා බලනවා. ඒ විදිහට තමයි ඉස්‌සර වෙහෙර විහාරවලට, දේවාලවලට අලි ගත්තෙ. එහෙම නැතිව අම්මව මරලා පැටියා අරගෙන ගිහින් දේවාලෙට පූජා කළේ නෑ. අදටත් ඒ විදිහට රජය ඉදිරිපත් වෙලා නීත්‍යනුකූලව අලි, ඇතුන් පන්සල්, දේවාලවලට දුන්නට ගැටලුවක්‌ නෑ. මොකද අනාථ කඳවුරුවල ඉන්න අලි, ඇතුන් එක පාරටම පෙරහැරකට ගෙනත් දාන්න බෑ. එහෙම වුණොත් වෙන්නෙ මහ විනාශයක්‌. මුලින්ම ඒ සතාව පුහුණු කරන්න ඕනෑ. අලියෙක්‌ව පුහුණු කරනවා කියන්නෙ ලේසි පහසු රාජකාරියක්‌ නෙමෙයි. අලි සාස්‌තරය හොඳට දන්න නිසා තමයි මම එහෙම කිව්වේ…

    ”දැන් නම් මහත්තයො අලි මරණ පව්කාර වැඩ කෙරෙන්නෙ නෑ. ඒත් දැන් ඉස්‌සර වගේ නෙමෙයි යාල කැලේ අලි, ඇත්තු අඩුයි…” නම්, ගම් හෙළිදරව් කිරීමට අකමැති ඒ ගැමියන්ගේ කතාව අවසානය.

    අලි හොරකමේ ලොකු උන් ක්‍රියාත්මක වූ හැටි තේරෙන භාෂාවෙන් ගැමියන් දෙදෙනා අපට විස්‌තර කළහ. ඒ කතාව ඔවුන්ගේ භාෂාවෙන්ම අපි ඔබට කීවෙමු. මේ කියන කතාව යාල අවට මායිම් ගම්මානවල මිනිසුන්ට නම් අමුතු කතාවක්‌ නොවේ. අලි හොරකමේ යෙදුණු මහ එවුන් ගැන ඒ මිනිස්‌සු හොඳින් දැන සිටින්නාහ. එහෙත් තවමත් අලි ජාවාරම සම්බන්ධයෙන් නීතිය ඉදිරියට දක්‌කන්නේ හාල් කෑලිය. මහ එවුන්ගේ නමක්‌ හෝ කියෑවෙන තැනක්‌ නැත. රට්‌ටුන් කේන්ති ගස්‌සන්නේ යහපත් පාලනයක්‌ තුළත් නීතිය වටේ යන විටය.

  2. NeelaMahaYoda Says:

    “පහුගිය කාලේ බැකෝ දාගෙන එක, එක කණ්‌ඩායම් නිධන් හෑරුවා. ඒ පැත්ත පළාතකට කාටවත් යන්න දුන්නෙ නෑ. ඒ නිධන් හොයපු උන්ම තමයි අලි පැටව්න්වත් කුදලගෙන යන්නෙ.”- දීලා තියන ඉගියෙන් පේන්නෙ සජිත් ප්‍රේමදාසගෙ වැඩක්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress