අංක 16/2044/719/131 හා 2010/10/03 දිනැති අමාත්‍ය මන්ඩල සංදේශය අහෝසි කරන ලෙස හා නීති විරෝධී ලෙස විශ‍්‍රාමික නිලධාරින් රේගු කටයුතු වලට සම්බන්ධ කර ගැනීමට දරන උත්සාහය වලක්වන ලෙස ඉල්ලීම.
Posted on October 30th, 2016

සමස්ථ ලංකා රේගු සේවා සංගමය

ගරු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

අංක 16/2044/719/131 හා 2010/10/03 දිනැති අමාත් මන්ඩල සංදේශය අහෝසි කරන ලෙස හා නීති විරෝධී ලෙස විශරාමික නිලධාරින් රේගු කටයුතු වලට සම්බන්ධ කර ගැනීමට දරන උත්සාහය වලක්වන ලෙස ඉල්ලීම. – Customs – 2016.10.30

ඉහත අමාත්‍මන්ඩල සංදේශය මගින් රේගු දෙපාර්තමේන්තුවට ‘‘ප‍්‍රධාන තොරතුරු තාක්‍ෂණ නිලධාරි’’ නමින් නව තනතුරක් ඇති කිරීමටත් එම තනතුරට ‘‘අතුල ලංකාදේව’’ මහතා පත්කිරීමට මුදල් අමාත්‍යවරයා අමාත්‍මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබේ.

එමෙන්ම එම තනතුරට ආදාලව බදවා ගැනීමේ පරිපාටියක් රේගු පරිපාලනය විසින් සකස් කරමින් සිටි. එහි අන්තර්ගතය අනුව මෙම තොරතුරු කාක්‍ෂණ නිලධාරි තනතුර රේගු අධ්‍යක්‍ෂක තනතුරකට සමාන වන එහෙත් වෙනත් අධ්‍යක්‍ෂක වරුන්ට නොමැති බලතල රාශියක් සහිත එකකි. (ඔබගේ අවබෝධය පිනිස අමාත්‍මන්ඩල සංදේශයේ හා බදවා ගැනීමේ පරිපාටියේ පිටපත් මීට අමුනා ඇත).

මෙම පත්කිරීමට අදාල අතුල ලංකාදේව නැමති රේගු අධ්‍යක්‍වරයා 2016.10.27 වන දින වශ‍්‍රාම ලබාගත් අතර අමාත්‍මන්ඩල සංදේශයට අනුව 2010.10.29වන දිනට ඔහුව තොරතුරු තාක්‍ෂණ නිලධාරි තනතුරට පත්කිරීම සඳහා වන බදවා ගැනීමේ පරිපාටිය අදාල ආයතන වලින් අනුමත කරවා ගැනීමට නොහැකි වී ඇත.

අනුව 2016.10.28 වන දින වෘත්තීය සමිති රේගු අධ්‍යක්‍ජනරාල් වරයා සමග සාකච්ඡුා කරමින් සිටින අතරතුර එතුමා මුදල් අමාත්‍යංශයෙන් මේ පිලිබදව දුරකථනයෙන් කරුනු විමසා සිටියා එවිට මුදල් අමාත්‍යංශයෙන් ලැබුන පිලිතුර වනුයේ අතුල ලංකාදේව මහතා නැවත සේවයේ පිහිටුවා ඇති බවයි.

අමාත්‍මණ්ඩල තීරනයට පිටින් යමින් විශ‍්‍රාමික නිලධාරියෙකු මේ අයුරින් සේවයේ පිහිටුවීමට කිසිදු නීතිමය ප‍්‍රතිපාදනයක් නොමැත මුදල් ඇමතිවරයාගේ මේ හිතුවක්කාරි හා දඩබ්බර කටයුතු නිසා රේගු නිලධාරින් සියළු දෙනා මහත්සේ කලබලයට පත්ව සිටි.

අනුව ජාතික සේවක සංගමය හා ඊට සම්බන්ද තවත් එක් වෘත්තීය සමිතියක් (රේගු කටයුතු  වලට කිසිදු බලපෑමක් කල නොහැකි) හැර අනෙකුත් සියළු වෘතිය සමිති ඇතුලත් ‘‘ රේගු වෘතීය සමිති සන්ධානය’’ විසින් රේගු අධ්‍යක්‍ජනරාල්වරයාට ලිපියක් යොමු කරමින් මෙම නීති විරෝධී පත්කිරීම ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ දරන පලමු මොහොතේම දැඩි වෘතීය කි‍්‍රයාමාර්ග වලට අවතීර්න වන බව දන්වා ඇත.(එහි පිටපතක්ද ඔබගේ අවබෝධය පිනිස මේ සමග ඉදිරිපත් කරමු).

අනුව රේගු දෙපාර්තමේන්තුව කොයි මොහොතේ හො පුපුරා යා හැකි තත්වයට පත්ව තිබේ. රේගුව මෙම තත්වයට පත් කලේ මුදල් අමාත්‍යවරයා විසින් නීති රීති, සම්ප‍්‍රදායන් සියල්ල පසෙකට දමමින් ඔහුගේ හා ඔහුගේ ජාවාරම්කාර ගජමිතුරන්ගේ වුවමනාවන් වෙනුවෙන් අත්තනෝමතිකට කටයුතු කිරීම හේතුවෙනි.

රේගු ආඥා පනත අහෝසි කිරීමට එරෙහිව රේගු වෘතීය සමිති සංධානය දියත් කල සටනෙන් පසු රේගුවේ කටයුතු යතා තත්වයට පත් වන විටම මුදල් ඇමති වරයා විසින් රේගුව  මත හෙලීමට සූදානම් වන බෝම්බයට එරෙහිව රේගු වෘතීය සමිති වලට අකමැත්තෙන් වූවත් වෘතීය ක‍්‍රියාමාර්ග වලට අවතීර්නවීමට සිදුවී තිබේ එසේ උවහොත් එය රටේ ආර්ථිකයට බලවත් පහරක් වීම නොවැලැක්විය හැක් අතර එහි වගකීම මුලූමනින්ම මුදල් ඇමති වරයා විසින් බාරගත යුතුය.

එම නිසා මේ මොහොතේ කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා හා ආණ්ඩුවේ ප‍්‍රධානියා වශයෙන් මැදිහත් වී ඉහතින් දක්වා ඇති කැබිනට් මණ්ඩල සංදේශය අහෝසි කරන ලෙසත් නීති විරෝධී ලෙස විශ‍්‍රාමික නිලධාරින් රේගු කටයුතු වලට සම්බන්ධ කර ගැනීමට දරන උත්සාහාය වලක්වන ලෙසත් ඉතා ගෟරවයෙන් ඉල්ලා සිටිමු.

මෙයට,

විශ්වාසි

ජේ.ඒ. ගුණතිලක

ලේකම්

සමස්ථ ලංකා රේගු සේවා සංගමය

 

 

සම්බන්ධීකරනය –    ජේ.. ගුණතිලක – 071-8246948 / 076-7246948 

 

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress