අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ග ක‍්‍රියාකරුවන්ගේ ප‍්‍රශ්න වලට විසදුම් ලබා දෙන ලෙස ඉල්ලීම
Posted on October 30th, 2016

All Ceylon Railway Employees’ General Union

ගරු අග‍්‍රාමාත්‍ය,
රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා,
අරලියගහ මන්දිරය,
කොළඹ 03.

අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග රියාකරුවන්ගේ රශ්න වලට විසදුම් ලබා දෙන ලෙස ඉල්ලීම. – CGR – RTUA – 2016.10.30

අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ග වල සිදුවන අනතුරු වැඩි වීම නිසා දිනෙන් දින සිදුවන මිනිස් ජීවිත හා දේපලවල හානිය වලක්වාලීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව මගින් ප‍්‍රදේශ වලින් සේවකයින් බඳවාගෙන ඇත. මොහුන්ට දිනකට ගෙවනු ලබන්නේ රුපියල් 250/සොච්චම් මුදලකි. එමෙන්ම සේවා සුරක්‍ෂිතතාවයක්ද නැත.

2013 වර්ෂයේ බඳවාගෙන ඇති මෙම සේවකයින්ගේ දීමනාව වැඩිකර දෙන ලෙසත් රැුකියා සුරක්‍ෂිතභාවය ස්ථාපිතකර දෙන ලෙසත්, අනාරක්‍ෂිත දුම්රිය ගේට්ටු ක‍්‍රියාකරුවන්ගේ සංගමය ආණ්ඩුවෙන් මෙන්ම දුම්රිය හා පොලිස් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද තවමත් ඊට නිසි විසදුම් ලබාදී නැත.

දුම්රිය දෙපාර්තමේන්තුවේ අනාරක්‍ෂිත දුම්රිය හරස්මාර්ග 882ක් පවතින අතර, ඉන් 688 ක් සඳහා දෛනික සේවාවාර සහිතව දිවා රාත‍්‍රී සේවය කිරීමට සේවකයින් 2064 ක් පමන සේවයේ යොදවා ඇත. මිනිස් ජීවිත හා දේපල ආරක්‍ෂාකර දීම වෙනුවෙන් මොහුන් ඉටුකරනු ලබන සේවාව සුළු පටු නොවන බව පෙන්වාදෙන අතර, දුම්රිය ආඥාපනතේ 200 වන අධිකාරයේ 32 හා 33 වගන්ති ප‍්‍රකාරව අනාරක්‍ෂිත දුම්රිය සාමාන්‍යාධිකාරීගේ, ප‍්‍රවාහන අමාත්‍වරයාගෙත්, ආණ්ඩුවෙත් වගකීමක් වන බවද පෙන්වා දෙමු.

ආන්ඩුව වෙනුවෙන් එම වගකීම ඉටුකිරීම යොදවා ඇති සේවකයින්ට ජීවත්වීමට සුදුසු දීමනාවක් ගෙවීම හා ඔහුන්ගේ රැකියාව සුරක්‍ෂිතකර දීම බලධාරීන්ගේ අනිවාර්ය වගකීමක් බව පෙන්වා දෙමු. දේශපාලන හිතවතුන් අවිධිමත්ව බඳවා ගැනීමට ක‍්‍රමවේදයන් සකස් කරන දේශපාලන නායකයින් අනිවාර්ය හා අත්‍යවශ්‍කාර්ය භාර්යන් ඉටුකරන සේවකයින් නොසලකා හැරීම බරපතල ප‍්‍රශ්නයක් බවද පෙන්වා දෙමු.

ලැබෙන දීමනාවෙන් පීවත්වීමට නොහැකිකම නිසාම දෛනික දීමානාව වැඩිකරන ලෙසත්, රැුකියා සුරක්‍ෂිතතාවය ඇතිකරන ලෙසත්, අනාරක්‍ෂිත ගේට්ටුකරුවන් ක‍්‍රියාමාර්ග ගනනාවක් ගෙන තිබුණද ප‍්‍රශ්නයට විසදුම් තවමත් ලබාදී නැත.

මේ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීම සඳහා අදාල බලධාරීන්ද සහභාගිවන සාකච්ඡුාවක් කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලා සිටින අතර, අදාල ප‍්‍රශ්නයට නිසි විසදුම් ලබාදීම තව දුරටත් ප‍්‍රමාද කරන්නේනම්, අනාරක්‍ෂිත ගේට්ටුකරුවන්ගේ වෘතීය සමිතිය ඉදිරියේදී ගන්නා  ඕනෑම ක‍්‍රියා මාර්ගයකට අප සංවිධානයේ සහයෝගය ලබාදෙන බවද ප‍්‍රකාශ කරමු.

ස්තූතියි,

මෙයට විශ්වාසි,

එස්.පී.විතානගේ

 

රධාන ලේකම්                                   සම්බන්ධීකරනය – 071-4953060

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress