ශ්‍රේෂ්ඨාධිකාරණයේ හදවත කම්පනය කළ ගල් අඟුරු ටෙන්ඩරය  ‘සුවිස් සිංගප්පුරු සමාගමට‘ පුදයි. යහපාලන රජයේ දෙවන දුෂිත ගනුදෙනුව විගණන වාර්තාව ලබන සතියේ.  ශ්‍රේෂ්ඨාධිකරණ විභාගය 16 දා. 
Posted on November 3rd, 2016

රජිත් කීර්ති තෙන්නකෝන් උපදේශක  – දුෂණ විරෝධී පෙරමුණ

 නොරච්චෝල විදුලි බලගාරය සදහා ගල් අඟුරු මිලදී ගැනීමට සදහා කැදවා තිබූ කුප්‍රකට ‘ශ්‍රේෂ්ඨාධිකරණයේ හදවත කම්පනය‘ කළ ටෙන්ඩරය නැවත අදාළ සමාගම වෙතම ලබා දෙන ලෙස කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට ගැණුනු නඩු අංක  SCFR394/2015 යටතේ අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රීපුද්ගල හ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය මෙම නඩුව මහජන මුදල් සම්බන්ධයෙන් වන නිරීක්ෂණයක් ලෙස සදහන් කළේ ‘ශ්‍රේෂ්ඨාධිකරණයේ හදවත කම්පා කළ බව‘ ය.

ස්විස් සිංගප්පූර් සමාගමට ටෙන්ඩරය පිරිනැමීම සම්බන්ධයෙන් ප්‍රසම්පාදන කමිටුව කැබිනට් මණ්ඩලය නොමග යවා ඇති බව නඩු තීන්දුවේ දැක්වේ.  එසේ තිබිය දී,  වත්මන් ගල් අඟුරු වෙළෙදපොලේ මිලට වඩා 11%ක් වැඩිපුර මිලකට නොරච්චෝල වෙත ගල් අගුරු මිලදී ගැනීම සදහා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයට කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා තිබුණි.  කෙසේ නමුත්, කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේ දී පවා අදාළ ටෙන්ඩරය ප්‍රශ්නකාරී සමාගමට ප්‍රධානය කළ බව නිවේදනය කරනු නොලැබීය.

අදාළ ටෙන්ඩරය මගින් රටට දැවැන්ත මුල්‍ය පාඩුවක් සිදුවන බව පවසා මාධ්‍යවේදී සුභාෂ් ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණයට (SCFR 349/2016) පෙත්සමක් ගොඩු කොට ඇත.  එය 2016-11-16 දින සලකා බැලීමට නියමිතය. 

දුෂණ විරෝධී පෙරමුණ 2016 සැප්. 23 දින අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට මේ පිළිබද පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.  එසේ තිබිය දී,  ගල් අගුරු ටෙන්ඩරයේ නොමැති කොන්දේසි ඉදිරිපත් කරමින් නැවත ගල් අගුරු මිලදී ගැනීම සිදුවන්නේ නම් එමගින් රටට බිලියන 2 ක ට ආසන්න පාඩුවක් සිදු විය හැකිය.

 කැබිනට් තීරණය

2016-11-01 දින රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ස්විස් සිංගප්පූර් සමාගමෙන් 2017-04-30 දින දක්වා  ගල් අගුරු මිලදී ගැනීමට තීරණය කර ඇත.

මහින්ද රාජපක්ෂ රජය යටතේ ගල් අගුරු මිලදී ගැනීමෙන් ලබා ගත් කොමිස් මුදල් උපයෝගි කොට ගෙන චන්ද්‍රිකා ගුවන්ගත කිරීම, මාධ්‍ය ආයතන මිල දී ගැනීම පිළිබද චෝදනා කළ යහපාලන රජය යටතේ සිදු වූ දැවැන්තම ටෙන්ඩර් මගඩිය ‘ගල් අගුරු ටෙන්ඩරය‘ යි. 

රටට සිදුවන පාඩුවේ ස්වාභාවය පරිමාව 

ස්විස් සිංගප්පූර් සමාගමෙන් ගල් අගුරු මිලදී ගනු ලබන්නේ මිල සූත්‍රයක් පදනම්කරගනිමිනි.

එනම්, 58÷51.85 × අදාල මාසයේ දර්ශක මිල  යන සූත්‍රයයි. 58 යනු ස්විස් සිංගප්පූර් සමාගම 2015 සැප්තැම්බරයේ ගල් අගුරු ටොන් 1ක් ලබාදීමට එකග වූ මිල යි. 51.85 යනු 2015 සැප්තැම්බරයේ දර්ශක මිලයි. මේ දෙක තේරුම් ගන්නා ඕනෑම අයකුට පැහැදිලිවන කාරණයක් ඇත. එනම් දර්ශක මිල 51.85 ට පවතිද්දී 58 බැගින් ස්විස් සමාගමෙන් මිලදී ගන්නේ යැයි පදනමකට එන්නේ  ඇයි ද යන්නයි. 58 , 51.85 න් බෙදු විට 1.17 ක පමණ අගයක් ගනියි. එය දර්ශක මිලෙන් වැඩිවූ විට නිතැනින්ම දර්ශක මිලට වඩා 1.17 ක පමණ වැඩි අගයක් ගනියි.

එහෙත් ක්ෂණික මිලදී ගැනීම් ක්‍රමය යටතේ ගල් අගුරු මිලදී ගැනීමේදී දර්ශක මිලට වඩා අඩු මිලකට බොහෝ අවස්ථාවල ගල් අගුරු මිලදී ගෙන ඇත.

ස්පොට් ටෙන්ඩර් ක්‍රමය යටතේ සිදු කළ මිලදී ගැනීම් මගින් ලංකා රජයට සිදුවී ඇති ලාභය මෙසේය.

ක්ෂනික මිලදී ගැනීම් ගල් අගුරු ටෙන්ඩරය සිදුකල මාසය එම මාසයේ දර්ශක මිල (ටොන් 1ක්)

ඇ.ඩොලර්

ක්ෂණික මිලදී ගැනිම සදහා තෝරාගත් අවම ලංසුව

(ටොන් 1)

ඇ.ඩොලර්

එම කාලයේම ස්විස් සමාගමේ 58÷51.85×දර්ශක මිලට ආදේශ කල විට ටොන් 1ක් මිලදී ගැනීමට සිදුවන මිල

ඇ.ඩොලර්

ස්විස් සමාගමෙන් මිලදී ගැනීමෙන් සිදුවන අලාභය         (ටොන් 01ක් සදහා) ඇ.ඩොලර්
01 2015 සැප්තැම්බර් 54.29 55.70 60.73 5.03
02 2015 ඔක්තෝබර් 51.85 51.29 58.00 6.15
03 2016 ජනවාරි 52.39 49.85 58.60 8.75
04 2016 අප්‍රෙල් 53.64 50.25 60.00 9.75
05 2016 සැප්තැම්බර් 65.89 64.77 73.71 8.94
06 2016 ඔක්තෝබර්6 67.31 78.90 75.29 -3.61 (ලාභයි)
07 2016 ඔක්තෝබර් 83.04 90.60 92.89 2.29
           

විදුලිබල හා බලශක්ති අමත්‍යාංශය විසින් ස්විස් සිංගප්පූර් සමාගමෙන් ගල් අගුරු ටොන් මිලියන 11 ක් පමණ මිලදී ගැනීමට නියමිතය.

අවසන් වරට ක්ෂනික මිලදී ගැනීම් යටතේ ගල් අගුරු මිලදී ගෙන ඇත්තේ ටොන් 1, ඇ.ඩො. 90.60 බැගිනි. එවිට දර්ශක මිල පැවතී ඇත්තේ 83.04 හිය. එය ස්විස් සමාගමේ මිල සූත්‍රයට අනුව ගැලපු විට මෙසේය (58÷51.85×83.04=92.88 ) ගැනීමට සිදුවන්නේ 92.88 බැගින්ය. ඒ අනුව පැහැදිලිවන්නේ ඇ.ඩො.  2.28 ක්  ටොන් එකකින් පාඩුවන බවයි. එය ලක්ෂ 11 ක් මිලදී ගැනීමේදී ඇ.ඩො. ලක්ෂ 25කි. රුපියල්නම් මිලියන 368.67 කි.

රජිත් කීර්ති තෙන්නකෝන්

උපදේශක  – දුෂණ විරෝධී පෙරමුණ                                                         2016 නොවැම්බර් 03

3 Responses to “ශ්‍රේෂ්ඨාධිකාරණයේ හදවත කම්පනය කළ ගල් අඟුරු ටෙන්ඩරය  ‘සුවිස් සිංගප්පුරු සමාගමට‘ පුදයි. යහපාලන රජයේ දෙවන දුෂිත ගනුදෙනුව විගණන වාර්තාව ලබන සතියේ.  ශ්‍රේෂ්ඨාධිකරණ විභාගය 16 දා. ”

  1. Christie Says:

    Thanks Ranjit. Singapore is the most corrupt I Asia and Swiss is Europe, Both countries do not produce coal. They generally buy futures or have contracts to buy and sell with producers. They make at least 10% on the deals and otherwise they are not in the game. Why is Ceylon Electricity Board not buying directly from the producers. Simple answer is middlemen pay commissions to buyers for sure and some times to producers. From what I have read our coal comes from Indonesia.

    When we have a continuous need and buy a substantial amount it will be at least 25% off the spot price.

  2. Christie Says:

    I do not think we have reliable and corruption free physical audits on the amount of call arriving in the country. A short supply of 10% that is one million tons is easy and add it to the loos we will be making. The middle men will sell that to another party and make more money.

    That is how these two countries make their money.

  3. Ananda-USA Says:

    I am quite upset that Sri Lanka continues to generate power from fossil fuels without going as rapidly as possible towards primary reliance on renewable energy technology.

    Although the capital cost of renewable energy is high, the absence of a recurring fuel cost more than makes up for the high capital cost.

    It should be possible to enter into build, operate and transfer agreements with manufacturers and energy companies to reduce the upfront cost of renewable energy installations.

    In addition to the benefit of a lower life cycle cost of energy, the reduction in foreign exchange and balance of payments burdens, and low environmental impact, this will yield locally owned means of power production.

    Sri Lanka SHOULD NOT BUY power from India brought in by submarine cable. That will make SL dependent on India impacting national security adversely, and will help build India’s (Tamil Nadu nuclear power plants) capabilities in plant capacity and trained skilled people, rather than invest that money in our own country.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress