රනිල්ව බේරාගන්න ආණ්‌ඩුවෙන් වෙනම මෙහෙයුමක්‌ රාජිත, චම්පික, දයාසිරි පෙරමුණ අරන්
Posted on November 5th, 2016

බුලිත ප්‍රදීප් කුමාර උපුටා ගැන්ම දිවයින

කෝප් වාර්තාව එළිදැක්‌වීමත් සමඟම මහ බැංකු බැඳුම්කර මගඩියේ ඇත්ත යථාර්ථය මුළු රටටම දැන ගන්නට ලැබුණේ ඒත් සමඟම රටේ ජනමාධ්‍ය ක්‍රියාත්මක වී ඇති කරන ලද ආන්දොaලනයත් සමඟය. එක්‌ පැත්තකින් ඒකාබද්ධ විපක්‍ෂයත් අනෙක්‌ පැත්තෙන් ජනතා විමුක්‌ති පෙරමුණත් කෝප් ගනුදෙනුවලට එරෙහිව මැති සබය තුළත් කෝප් කමිටුව තුළත් රට තුළත් ගොඩනඟන ලද සටනට පන්නරයක්‌ ලැබුණේ මාධ්‍ය තුළින් ඒ සඳහා පංගුපේරුවක්‌ නොමැතිව ලබාදුන් සහයෝගය නිසාය. රාජ්‍ය නොවන මාධ්‍ය ආයතන ඉටුකළ මේ අනුපමේය මෙහෙය නිසා සමහර මාධ්‍යවලට රටේ ලොකු ලොකු දේශපාලනඥයන්ගේ උදහසට හා රැවුම් ගෙරවුම්වලට ලක්‌වන්නට වූ අන්දමද අපි පසුගිය සතියේ දැක බලා ගත්තෙමු.

බැඳුම්කර ගනුදෙනුවේ චූදිතයන් ලෙස හිටපු මහ බැංකු අධිපතිවරයා ඇතුළු සමාගමක්‌ නම්කරමින් විපක්‍ෂය ගෙන ගිය සටනට ලොකු ජනතා ප්‍රසාදයක්‌ ද ලැබිණි. මේ තත්ත්වය හොඳින් වටහා ගත් එක්‌සත් ජාතික පක්‍ෂයේ ඉහළ ක්‍රියාකාරීහු බැඳුම්කර සිද්ධිය සම්බන්ධ සිය මුල් ස්‌ථාවරය වෙනස්‌ කර වෙනත් ස්‌ථාවරයක්‌ ගන්නට ප්‍රමාද වූයේ නැත.

ඒ අනුව අද එජාපය සිටිනුයේ යහපාලන රජයේ යහපත් මූල්‍ය ක්‍රියාකාරිත්වය හා යහපත් පරිපාලන රටාව නිසා කවර ගනයේ වුව හොරුන්ට දූෂිතයන්ට වංචාකරුවන්ට රටේ ඉඩක්‌ නැතැයි යන ස්‌ථාවරයකය. මෙවන් දූෂිත ක්‍රියාකාරකම් අද රට හමුවේ හෙළිදරව් වන්නේ යහපාලන රජයේ යහපත්කම නිසා බව කියමින් ඔවුහු “පෙරලුණ පිට හොඳයි කියන”ස්‌ථාවරයකට පැමිණ සිටියහ.

ඒ අතර විපක්‍ෂය තවත් තුරුම්පුවක්‌ ගසා තම සටනට වැඩි වටිනාකමක්‌ ලබාදෙන්නට උත්සාහ කරමින් සිටියේය. ඔවුන්ගේ සටන් පාඨය වූයේ මේ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට පර්පචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම සහ හිටපු මහ බැංකු අධිපතිවරයා පමණක්‌ හිරකොට අගමැති රනිල්ට ඇඟ බේරා ගත නොහැකි බවයි. මේ මුළු බැඳුම්කර මෙහෙයුමේම ප්‍රධාන වගකිවයුත්තා ඔවුන්ගේ චෝදනාවලට අනුව අගමැතිවරයාය. එනිසා ඔවුන් හඬ නැඟුවේ මහ බැංකු බැඳුම්කර වරදට අර්ජුන මහේන්ද්‍රන් පමණක්‌ නීතියේ රැහැනට කොටුකර අගමැතිවරයාට ඇඟ බේරා ගත නොහැකි බවය. ඔවුන් කීවේ අගමැති ඉල්ලා අස්‌විය යුතු බවය. ඒකාබද්ධ විපක්‍ෂය සේම මෙතෙක්‌ කාලයක්‌ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා යම් සුහදශීලී පිළිවෙතක යමින් සිටි අනුර කුමාර දිසානායක ඇතුළු කණ්‌ඩායම එම සටන් පාඨය අතට ගැනීම පසුගිය සතියේ අප දුටු මවිතය දනවන කාරණාවක්‌ම විය.

මේ අතර ඒකාබද්ධ විපක්‍ෂයේ නව පක්‍ෂය කරළියට ගැනීමේ වැඩපිළිවෙළ ද ක්‍රියාත්මක වෙමින් පැවතිණි. ලහිලහියේ පක්‍ෂය එළිදැක්‌වීමේ කටයුතු බැසිල් රාජපක්‍ෂගේ ප්‍රධානත්වයෙන් වෙනමම ක්‍රියාත්මක වෙමින් තිබිණි. මහින්ද රාජපක්‍ෂ එහිදී සිටියේ කිසිවක්‌ ලොකුවට කර මතට නොගැනීමේ පිළිවෙතකය. ඔහු සුපුරුදු පරිදි තැනින් තැන යමින් සාකච්ඡාවලට සහභාගි වෙමින් සැහැල්ලුවකින් කල් ගෙව්වේය.

චමල්ට 74 ලු

පසුගිය සති අන්තයේ මහින්ද විශේෂ කටයුතු කීපයක්‌ සඳහා තංගල්ල පැත්තට ගොස්‌ සිටියේය. එකක්‌ වූයේ සිය වැඩිමහල් සහෝදරයාගේ 74 වැනි උපන් දින සැමරුමට සහභාගිවීමයි.

29 වැනි සෙනසුරාදා රෑ මහින්ද මැදමුලන ගෙදරට ගොඩවන විට ඒ නිවසේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක්‌ පැවැත්වෙමින් තිබිණි. චමල්ට සුබ පතා පවත්වන ලද මේ පිරිත් පින්කමට සහභාගි වී සිටි හැටියේම මැදමුලනෙන් අතුරුදන් වූ මහින්ද ඊට පැයකට පමණ පසු සිටියේ කතරගම කිරිවෙහෙර අභියසය. එදින රාත්‍රියේ ඔහු අප්‍රසිද්ධියේම කිරිවෙහෙර හා මහසෙන් පිළිමය වැඳ පුදාගත්තේය.

ඉන්පසු රාත්‍රිය යෝධකණ්‌ඩියේ හෝටලයක ගත කළ ඔහු පාන්දර යළි කතරගමට ගොස්‌ මහ දේවාලයේ පූජාවට සහභාගි වී කෙළින්ම මැදමුලන මහ ගෙදරට පැමිණියේය.

ඔහු මැදමුලනට එන විට තම ලොකු අයියාගේ නිවසේ පුංචි උපන්දින සාදයක්‌ සූදානම් වී තිබිණි. බැසිල්, ගෝඨාභය, නාමල්, ශෂින්ද්‍ර, චමින්ද ඇතුළු පවුලේ සියලු නෑදැයෝ මේ පුංචි සාදයට පැමිණ සිටියහ. කේක්‌ කපා සහෝදර සහෝදරියන් පිරිස තම අත්වලින් ගෙන චමල් අයියාට කේක්‌ කැවීම මෙහි දුටු විශේෂත්වයක්‌ විය.

හුඟ කලකින් රාජපක්‍ෂ පවුලේ සහෝදර සහෝදරියන් සියල්ල එකට එක්‌ වූ මේ මොහොත කාට කාටත් මහත් ආශ්වාදයක්‌ ගෙන දී තිබිණි. මැදමුලන මහගෙදර අවට පවුලේ හිතවතුන් ද මේ පුංචි උත්සව අවස්‌ථාවේ මේ නිවසට පැමිණ සතුට බෙදා හදා ගත්හ.

මේ සියලුම දෙනා එදා එකට එක්‌ වී දිවා ආහාරය ගත්තේ “අද අපි එකට සතුටින් ඉන්නවා…. ඒත් හෙට වෙනකොට අපි කොහේ කොහේ ඉඳීවිද දන්නෙ නෑ. මේ වෛරක්‌කාර ආණ්‌ඩුව අපිට මොනව කරයිද කවුද දන්නේ හෙට දවසේ…” යෑයි කියමිනි. මහින්ද සහෝදර සහෝදරියන්ට විහිළු කළේ රටේ දේශපාලන අස්‌ථාවරභාවය ද මතක්‌ කරවමිනි.

මේ අතර පසුගිය සතියේ එක්‌සත් ජාතික පක්‍ෂය තුළද, බැඳුම්කර සිද්ධියට අදාළ කෝප් වාර්තාව පිළිබඳ වෙනම සංවාදයක්‌ මතුවෙමින් තිබිණි. පක්‍ෂය අභ්‍යන්තරයේ බොහෝ දෙනෙක්‌ගේ මතය වූයේ පක්‍ෂ නායකත්වය මේ සිදුවීම්වල අනවශ්‍ය කුණු ඇඟේ ගාගත යුතු නැති බවය.

මේ අතර අර්ජුන මහේන්ද්‍රන් මේ සිදුවීම් මුල්කරගෙන රටින් පැන ගියේය යන චෝදනාව අගමැති ප්‍රමුඛ එජාපය ප්‍රතික්‍ෂේප කර සිටියේය. කොටින්ම කිවහොත් රනිල් වික්‍රමසිංහ අර්ජුන මහේන්ද්‍රන් ගිය ගමන කල් තියාම දැන සිටියහ. ප්‍රශ්නයක්‌ ඇසූ වේලේ පාර්ලිමේන්තුවේදී ඔහු ඊට උත්තර දෙමින් අර්ජුන මහේන්ද්‍රන් තම හිතවතකුගේ මඟුල් ගෙදරකට සහභාගි වන්නට ගිය බව කීවේ එනිසාය.

මේ අතර තම හිතවතකුගේ පුතකුගේ විවාහ උත්සවයක සාක්‍ෂි සටහන් කරන්නට ඉන්දුනීසියාවට ගිය අර්ජුන මහේන්ද්‍රන් එම මංගල යුවළගේ ඡායාරූප කිහිපයක්‌ ෙµaස්‌බුක්‌ පිටුවේ පළකරන්නට අමතක නොකළේය. ඔහුට එරෙහිව නැඟුන චෝදනා ප්‍රතික්‍ෂේප කළ ඔහු ගමනේ විස්‌තරයක්‌ ද මාධ්‍යයට නිකුත් කළේය.

අගමැති බේරාගැනීම

“මම පුද්ගලික ගමනක්‌ ගියේ අගමැතිතුමාට කියලයි. ඒ අතරතුර කෝප් වාර්තාව එළියට ආවයි කියන එක මට අදාළ කාරණාවක්‌ නොවෙයි. මාව වරදකරු කරල තියනවා හෝ මගේ බෑණනුවන් වරදකරු කරල තියෙනවා කියල ආරංචියක්‌ නෑ. මට පැනල යන්න හේතුවක්‌ නෑ. මම ආපසු එනවා මොකද මට අගමැතිතුමා විශාල වගකීමක්‌ පවරලා තියෙනවා. මම ඒක ඉටුකරන්න ඕන. රැකියා දශලක්‍ෂයක්‌ රටේ බිහිකිරීමේ පස්‌ අවුරුදු සැලැස්‌ම ක්‍රියාත්මක කරන්න මම ඉක්‌මනට ලංකාවට එනවා….” අර්ජුන මාධ්‍ය වෙත පණිවිඩයක්‌ නිකුත් කරමින් කීවේ මේ අතරය.

මේ අතර බැඳුම්කර සිද්ධියට අදාළව තම නම පටලවාගෙන, තම ගෞරවය නැති වන පරිදි විපක්‍ෂය විසින් චෝදනා එල්ල කරන ආකාරය ගැන ද රනිල්ගේ අවධානය යොමුවිය. අර්ජුන බැඳුම්කර නිකුත් කළේ අගමැති රනිල් කී නිසා බව කෝප් වාර්තාවේ මහේන්ද්‍රන්ගේ කටඋත්තරය තුළ සටහන් වෙතැයි විපක්‍ෂය චෝදනා කර තිබිණි. රනිල් ඒ ගැන ද සිය අවධානය යොමුකර සිටියේය.

මෙහිදී චෝදනා නැඟූවන් අතර උදය ගම්මන්පිල හා මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රමුඛ වූහ. අගමැති වහාම ඉල්ලා අස්‌විය යුතු බවත් එසේ නොකළහොත් විශ්වාස භංගයක්‌ ගෙනැවිත් රනිල්ව පරදවන බවත් මේ දෙදෙනා විශ්වාසයකින් යුතුව චෝදනා කර තිබිණි.

මේ චෝදනාවල බරපතළකම වටහාගත් ආණ්‌ඩුවේ සමහර සංවාදශීලී ඇමැතිවරු ඊට ප්‍රතිචාර දක්‌වන්නට පටන් ගත්හ. ඒ අතර වඩාත්ම කැපී පෙනුණේ රාජිත සේනාරත්නය. යම් යම් චෝදනාවලට මීට පෙර අගමැති රනිල් වෙත දොස්‌ පැවරූ රාජිත පවා මේ අවස්‌ථාවේදී කීවේ රනිල් මෙහිදී නිර්දොaෂී බවය. රනිල් වෙනුවෙන් රනිල් සමඟ තමන් එක පෙළට හිටගන්නා බව ද රාජිත පසුගිය දිනක පුවත්පත් සාකච්ඡාවකදී පැවසීම විශේෂත්වයකි.

ඔහු පමණක්‌ නොව, එදා පාර්ලිමේන්තුවේ බැඳුම්කර සිදුවීම ගැන රජයට හා හිටපු මහ බැංකු අධිපතිවරයාට දොස්‌ පවරමින් ලොකු ලොකු කතා කී ඇමැතිවරු කිහිපදෙනෙක්‌ ද මේ වෙලේ අගමැති රනිල්ගේ සහයට පැමිණ සිටියහ. චම්පික රණවක හා දයාසිරි ජයසේකර මේ අතර කැපී පෙනිණි.

ඔවුන් කීවේ අගමැතිතුමා රටේ මුදල් හොයන්න අදාළ මහ බැංකු නිලධාරීන්ට මෙබඳු නිවැරැදි තාක්‍ෂණික උපදෙස්‌ ලබාදීම වරදක්‌ නොවන බවය…. එය කියමින් “පුළුවන් නම් විශ්වාසභංග ගෙනැවිත් අගමැති ගෙදර යවල පෙන්වන්න” යෑයි අභියෝගයක්‌ පවා විපක්‍ෂයට එල්ල කරන්නට ඔවුහු ක්‍රියාකර සිටියහ.

රනිල්ට බැංකුව

මේ අතර පසුගිය 01 වැනිදා බත්තරමුල්ල නෙළුම් මාවත කාර්යාලයේදී ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායක රැස්‌වීමක්‌ පැවැත්විණි. මෙහිදී පක්‍ෂ නායකයන් අවධානය යොමුකර තිබුණේ ආන්දොaලනාත්මක කෝප් කමිටු වාර්තාව පිළිබඳවයි.

කතාවක්‌ තියනවා නරියට කුකුල්ලු බාරදුන්නා වගේ කියලා. ඒ පරණ කතාව වෙනස්‌ කරලා. අද අපේ ගමේ මිනිස්‌සු කියන්නේ රනිල්ට මහ බැංකුව බාරදුන්නා වගේ කියලයි… මෙහෙම කියන්නේ නිකන් නොවෙයි. රනිල් මේ ගනුදෙනුවට Rජුවම මැදිහත්වෙලා තියන බව එළිවුණු නිසයි. දැන් ඔන්න යූඇන්පී මන්ත්‍රීවරු µqල් ට්‍රයි එකක්‌ දෙනවා රනිල්ව මේ චෝදනාවලින් ගලවා ගන්න. විමල් කීවේය.

කවුරු ගලවගන්න ට්‍රයි කළත් රනිල්ට ඒ චෝදනාවෙන් ගැලවෙන්න බෑ. එයා මේකට අහුවෙලා ඉවරයි. ගම්මන්පිල කීවේය.

යූඇන්පී එක කවදත් හරි දක්‍ෂයි මිනිසුන්ගේ ඇස්‌ වහලා හොරකම් කරන්න. මහ දවල් මංකොල්ල කන්න… මහින්දානන්ද කීවේය.

අගමැති හදන්නේ අනිත් අයව බිල්ලට දීල තමන් චෝදනාවලින් ලිස්‌සලා යන්න. දිනේෂ් කීවේය.

රනිල් කියනවා මේ සිද්ධිය ගැන පරීක්‍ෂණ කරනවා කියලා. ඒක හරියට හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්‌නේ. මේවාට නොරැවටී අපි මෙයාට විරුද්ධව විශ්වාසභංගයක්‌ ගේන එක ඉක්‌මන් කළ යුතුයි. විමල් නැවත යෝජනා කළේය.

ඔව්. ඒක හරි. අපි මේ වැඩේ පිළිවෙළකට කළ යුතුයි. මුලින්ම මේ ගැන රටේ ජනතාවට හරි අවබෝධයක්‌ නෑ, ඉස්‌සර වෙලාම මේ ගනුදෙනුව මොකක්‌ද කියලා හොරකමේ තරම කොච්චරද කියලා රටේ ජනතාව දැනුවත් කළ යුතුයි. ජනතාව දැනුවත් කරලා ජනතාව තුළින් තමයි උද්ඝෝෂණය ගොඩනගන්න ඕන. අපට හොරු හොරු කිව්වාට මේ අය තමයි “කම්බා හොරු” කියල රටේ ජනතාවට අවබෝධ කරල දෙන්න ඕන. ඒත් එක්‌කම වැට්‌ අපරාධය ගැන, ජාතික ආරක්‍ෂාව තර්ජනයට ලක්‌වීම ගැන, මේ රජය රණවිරුවන්ට එරෙහිව කරන අසාධාරණකම් ගැන ජනතාව දැනුවත් කරලා ජනතාව තුළින් සටන ගොඩනඟන්න ඕන. ඒකයි කළ යුත්තේ. අවසාන වශයෙන් සියලු මත සමාලෝචනය කරමින් මහින්ද කීවේ එයයි.

රනිල් සනසන ඇමැතිවරු

මේ අතර එක්‌සත් ජාතික පක්‍ෂයේ ඇමැතිවරු පිරිසක්‌ රනිල් හමුවී ඔහුට විශේෂ අදහස්‌ කිහිපයක්‌ යෝජනා කළේය.

කෝප් කමිටුවේ වාර්තාව ඉස්‌සරහින් තියාගෙන ඒකාබද්ධ විපක්‍ෂය කරන්නේ සර්ට ගහන එක. මෙයාලා මේ කරන්නේ දේශපාලන ගේමක්‌. මේ ගැන ඔබතුමා රට හමුවේ ප්‍රකාශයක්‌ කරන්න. පරක්‌කු කරන්න එපා. කිරිඇල්ල, රවී, වජිර, දයා ගමගේ, රංජන්, අජිත් පී. පෙරේරා, ඇතුළු පිරිසක්‌ම එතන සිටියහ.

හරි කැලණිය ආසන සංවිධායකකම සරත් ෙµdන්සේකාට දෙන උත්සවය තියනවානේ. එතන මාධ්‍ය හමුවක්‌ ලෑස්‌ති කරන්නකෝ. මම කියන්න ඕන ටික කියල දාන්නම්. රනිල් කීවේය. ඉන් අනතුරුව ඇමැතිවරු හමුවේ රනිල් ලොකු විස්‌තරයක්‌ කීවේය. රාජපක්‍ෂ යුගයේ කළ දේවල් කියමින් ඔහු පෙන්වා දෙන්නට උත්සාහ කළේ මේ රජය පැමිණි පසු සියල්ල විනිවිදභාවයකින් යුතුව කරන්නට ඉඩ හැරීම පිළිබඳවය. “කොටින්ම ගිය ආණ්‌ඩුවක්‌ කවදාවත් කෝප් කමිටුවේ සභාපතිකමක්‌ පිට පක්‍ෂයකට දීල තියනවද නෑ. ඒත් අපි ඒක දුන්නේ රටේ ප්‍රධානම විවේචනාත්මකව අදහස්‌ පළකරන පක්‍ෂයක්‌ වන ජවිපෙයට. ඒකම මදිද. අද මෙයාලා කියනවා රාජපක්‍ෂ යුගයේ කරපුවා හොරකම් නොවෙයිලු. ලොකුම හොරකම මේ බැඳුම්කර වංචාවලු. රාජපක්‍ෂගේ කාලේ දූෂණ හොරකම් සෙවීම පළිගැනීමක්‌ලු. හරි… සියල්ල නීතිය ඉදිරියේදී විසදේවිනේ. අපි බලමුකෝ…” රනිල් කීවේය.

මෙම රැස්‌වීමට පසුව අගමැතිවරයා ගියේ සිරිකොතටය. සිරිකොතේ සාමාන්‍ය වැඩ රාජකාරිවලින් පසුව එතැනට පැමිණ සිටි ඇමැතිවරු සමඟ රනිල් යළිත් දේශපාලන සාකච්ඡාවක්‌ පටන් ගත්තේය.

කෝප් කමිටුවේ හුඟ දෙනෙක්‌ ඒක ඇතුළේත් කරල තියෙන්නේ දේශපාලනයක්‌. සමහර අය එතනට ගිහින් වාඩිවෙලා තියෙන්නේම අර්ජුන මහේන්ද්‍රන්ව වැරැදිකරු කරන්න කල් තියාම හිතාගෙන. කෝප් කමිටුව යන අතරේත් ඔවුන් මාධ්‍ය හමු පවත්ව පවත්වා කිව්වේ ඒකනේ. ඉතින් මේක කොහොමද ස්‌වාධීන පරීක්‍ෂණයක්‌ වෙන්නේ. කිරිඇල්ල කීවේය.

අර හඳුන්නෙත්ති කෝප් කමිටුවෙන් එදා පිටවුණේ “ඒ ගැන ප්‍රශ්න තියනවා නම් වෙනත් සභාපති කෙනෙක්‌ පත් කරගෙන ඉතිරි වැඩ කරන්න කියලයි.” දැන් එයා කියන්නේ ඊට ඉඳුරාම වෙනස්‌ කතාවක්‌. අද කියනවා අපි විගණකාධිපතිට දොස්‌ කියපු නිසාලු එයා නැගිටලා ගියේ. අජිත් පී. පෙරේරා කීවේය.

මේ අයුරින් තවත් බොහෝ වේලාවක්‌ යනතුරු මේ පිරිස කතා කළේම කෝප් කමිටු වාර්තාව ගැනත් ඒ පසුබිමේ රටේ ඇතිවූ තත්ත්වය ගැනත්ය.

ඉන්පසුව රනිල්ට තවත් විදේශ සංචාරයක්‌ තිබූ නිසා ඔහු ඉක්‌මනින් පිටව ගියේය. ජර්මන් ව්‍යාපාරික ආසියා පැසිපික්‌ සමුළුවේ දේශනයක්‌ සඳහා රනිල් බදාදා සවස දිවයිනෙන් බැහැරව ගියේය.

කරු විස්‌සෝපයෙන්

මීට සතියකට පෙර අන්තර් පාර්ලිමේන්තු සංගමයේ කථානායකවරුන්ගේ සමුළුවේ සැසිවාරයකට සහභාගි වන්නට ජිනීවා ගිය කථානායක කරු ජයසූරියට සිය නිල කටයුතු අතර ලැබුණු එක්‌තරා දුරකථන ඇමතුමකින් හදිසියේම ලන්ඩනය බලා යන්නට සිදුවිය. දුරකථනයෙන් කියෑවුණේ ලන්ඩනයේ සිටින කනිටු දියණිය රෝහල්ගත කර අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවය. 26 වැනිදා උදෙන්ම ඔහු ලන්ඩනය බලා පිටත්ව ගියේ ඒ අනුවය.

කරුගේ කනිටු දියණි සංජීවනී ඉන්දිරා ජයසූරිය ඩෙකර් මහත්මිය බ්‍රිතාන්‍යයේදී උසස්‌ අධ්‍යාපනය ලබා ලන්ඩන් ජ්‍යෙෂ්ඨ මූල්‍ය කළමනාකාරිනියක ලෙස වෘත්තීය ජීවිතයක්‌ ගෙවූ වෘත්තීයවේදිනියකි. මානව සම්පත් කළමනාකරණ විශේෂඥයකු වන බ්‍රිතාන්‍ය ජාතික මාටින් ටිකර් මහතා හා විවාහ වී ඕ දෙදරු මවක ලෙස ප්‍රීතිමත් ජීවිතයක්‌ ගෙවූ කාන්තාවකි. එහෙත් කලක පටන් පිළිකාවක රෝගී තත්ත්වයකින් පෙළුණු ඕ 42 හැවිරිදි විය වන විට සිටියේ තරමක අසාධ්‍ය තත්ත්වයකය.

26 වැනිදා කරු ලන්ඩනයට යන විට ඇයගේ තත්ත්වය අසතුටුදායක පැත්තට බරව තිබිණි. ඒ වන විටත් මව වන වසන්තා ජයසූරිය මහත්මිය හා ඇගේ එකම සහෝදරිය ලංකා ජයසූරිය මහත්මිය මෙන්ම නවීන් දිසානායක ද ලන්ඩනයට පැමිණ සිටියහ. දින කිහිපයක්‌ අසාධ්‍ය තත්ත්වයෙන් සිටි ඕ සදහටම දෙනෙත් පියාගත්තේ පසුගිය 02 වැනි බදාදාවේය.

අගමැති රනිල් හොංකොංවලට යන විට ඔහුට ද අසතුටුදායක ආරංචිය දැනගන්නට ලැබිණි. ඔහු වහාම කළේ ඇමතුමක්‌ ගනිමින් කථානායක කරු ජයසූරිය මහතාට තම ශෝකය ප්‍රකාශ කිරීමයි.

මොනව කරන්නද දුව අවුරුදු 9 ක්‌ම මේ රෝගී තත්ත්වයෙන් පෙළෙමින් හිටියා. දරුවෝ දෙන්නම බිහි කරමින් මවක ලෙස ඇය ඇගේ යුතුකම් ඔක්‌කොම ඉටුකළා. එයා හරිම ධෛර්යවන්තයි. ඒත් අන්තිමේ එයා පරාජය වුණා. කරු එය කීවේ බුදුදහම හා ලෝක ධර්මය තුළ කියවෙන සනාතන දහම පිළිබඳව ද සත්‍යය පැහැදිලි කරමිනි.

නීතිය බිඳවැටීම

පසුගිය සතියේ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා හදිසියේම බත්තරමුල්ල නෙළුම් මාවත කාර්යාලයට ගියේ ඒකාබද්ධ විපක්‍ෂය නීතිඥවරු වෙනුවෙන් සංවිධානය කර තිබූ එක්‌තරා හමුවක දේශනයක්‌ කරන්නටය. නීතිය අවභාවිතාව හා නීතිය තම ආධිපත්‍යයට ගෙන ක්‍රියා කිරීම ගැන ඔහු එහිදී පැමිණ සිටි පිරිස අමතා හොඳ දේශනයක්‌ කළේය.

එය අවසන් වූ පසුව එතන තිබූ වෙනත් රැස්‌වීම් කිහිපයකට ද ඔහු ගියේ මහින්ද බැසිල් ඇතුළු පිරිසකගේ අවශ්‍යතාවය අනුවය.

මෙතන පිරිස කතා කරමින් සිටියේ අලුත් පක්‍ෂයේ වැඩ කටයුතු පිළිබඳවය. එහිදී කතා කරමින් සිටි රොෂාන් රණසිංහ මෙසේ කීවේය.

මේ ආණ්‌ඩුව ඉතාම වේගයෙන් පාලන සමයේ අවසන් භාගයටත් ළංවෙලා. ඒත් කිසිම තැනක කරපු “යහපාලන” වැඩක්‌ නෑ… මිනිස්‌සුන්ගේ ඉවසීම අද පාලකයන්ට විහිළුවක්‌ වෙලා. ඔව් ලඡ්ජා බය නැතිවුණාම ඕනම කෙනෙකුට ඕනම දෙයක්‌ කරන්න පුළුවන් නේ. ඒකයි ආණ්‌ඩුවට වෙලා තියෙන්නේ. මෙච්චර මහ විශාල හොරකමක්‌ වෙලත් ගානක්‌ නෑ. තවමත් ජනතාවට බොරු කියනවා. රංජිත් සොයිසා කීවේය.

මම නීති ක්‍ෂේත්‍රයේ අවුරුදු 40 කට වඩා වැඩ කරලා තියෙනවා. නමුත් යුක්‌තිය ඉටුකරන ආයතන මේ වගේ නින්දිත තැනකට නම් කවදාවත් වැටිල නෑ. මේක ගැන බලා ඉන්න හරිම කනගාටුයි. නඩු ගොතල මිනිස්‌සු හිරේ දානවා. නඩු අහලා දඬුවම් දෙනවා නම් කමක්‌ නෑ. මේ නීතිපති දෙපාර්තමේන්තුවේ පහත් වැඩ කරන සමහර අය ගැන මම ජනතාවට කියන්නයි ඉන්නේ…. සරත් සිල්වා කීවේය.

ඔව් බලන්නකෝ මම ගැන. මම රිමාන්aඩ් වෙලා ඉඳල තියෙන්නේ මම හම්බකර ගත්ත දේවල්වලට නොවෙයි. මිනිස්‌සුන්ට බෙදල දීපු දේවල් නිසා මම හිරේ ගියා. ආයෙ ආවා. නමුත් මාව හිරේ විලංගුවේ දාපු අයට ඉදිරියේදී වන්දි නඩුවලටත් මුහුණ දෙන්න වෙයි… බැසිල් කීවේය.

මේ ආණ්‌ඩුව ගැන ඉතිහාස පොතේ මොනව ලියවෙයිද දන්නේ නෑ. මොනව කළත් ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන්ගේ දේශපාලන ජීවිත දැන් මැරිලා ඉවරයි. අවසන් කටයුතු කරන්නයි තියෙන්නේ. එතකන් තමයි ඔය විකාර කතා කිය කියා ඉන්නේ… කුමාරසිරි හෙට්‌ටිගේ කීවේය.

බැඳුම්කර හොරකම සුද්ද කරන්න කවුරු හරි උනන්දු වෙනවා නම් උන් කරන්නේ තමන්ගේ වළ තමන්ම කපා ගන්නා එක. අතේ පත්තුවුණ හොරකම වහන්නේ කොහොමද…. ගෙවිඳු කුමාරතුංග කීවේය.

අලුත් පක්‍ෂය ලියාපදිංචි වීම ගැනත් සමහරු කලබල වෙලා. ශ්‍රී ලංකා එකේ ජ්‍යෙෂ්ඨයෝ කීපදෙනෙක්‌ මට කතා කරලා සුබ පැතුවා. පක්‍ෂයේ ඉහළ මට්‌ටම හැදිලා ඉවරයි. දැන් තියෙන්නෙ යට ඉඳල උඩට ව්‍යqහය හදාගන්න එක. බැසිල් කීවේය.

ආණ්‌ඩුවේ නායකයෝ තේරුමක්‌ දන්නේ නැතුව ඔහේ කතා කරනවා. හැමෝම ප්‍රජාතන්ත්‍රවාදය ගැන එක එක ලස්‌සන කතා කියනවා. ඒත් බලන්න… එකම ඡන්දයක්‌වත් ජනතාවගෙන් අරන් නැති µයිසර් මුස්‌තාපා මිනිස්‌සුන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ගැන කතා කරනවා. එයාලා ප්‍රජාතන්ත්‍රවාදය දන්නෙත් නෑ යහ පාලනය දන්නෙත් නෑ… සරත් සිල්වා කීවේය.

ටොප් ටෙන් පරීක්‍ෂා

පසුගිය සතියේ ඒකාබද්ධ විපක්‍ෂයේ විශේෂ රැස්‌වීම් ගණනාවක්‌ම තිබිණි. හුඟක්‌ම කතාබහට ලක්‌වූයේ රජයට එරෙහිව රටේ ජනතාවගේ විරෝධතාව පෙළගස්‌වන ආකාරය පිළිබඳවය.

පසුගිය සතියේ බැඳුම්කර ගනුදෙනුව ගැන කතා කරන්නට පැවැති රැස්‌වීමේදී රජයට එරෙහි උද්ඝෝෂණ යෝජනා ගණනාවක්‌ යෝජනා වී තිබිණි. පළමුව බැඳුම්කර සිද්ධීන් ගැන අගමැතිට එරෙහිව අල්ලස්‌ කොමිසමට හා සී. අයි. ඩී. එකට පැමිණිලි කිරීම් ගැන කතාබහ කෙරිණි. දෙවනුව කතා කළේ දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් උද්ඝෝෂණ මාලාවක්‌ හා පෝස්‌ටර් ව්‍යාපාර දියත් කිරීම ගැනය. මෙවන් ක්‍රමික සිදුවීම් මාලාවක විකාශනයක්‌ ලෙස අවසානයේ අගමැතිට එරෙහි විශ්වාසභංගය ගෙන ඒමට යෝජනා ස්‌ථිර විය.

ඒ සියල්ල සැලසුම් කිරීම සඳහා කමිටුවක්‌ නම් කෙරිණි. විමල්, උදය, මහින්දානන්ද, බන්දුල, බැසිල් ඇතුළු කිහිපදෙනෙක්‌ මේ කමිටුවට පත්කෙරිණි. පුංචි තැනින් පටන්ගෙන ජාතික මට්‌ටමට සටන ගෙන ඒමට සැලසුම් කිරීම ඔවුන්ට අයත් කාර්ය භාරය වූහ.

මෙහිදී ප්‍රශ්නයක්‌ ලෙස කතාබහ වූයේ කෝප් වාර්තාවේ නිර්දේශ නීතිපති දෙපාර්තමේන්තුවට යෑවීම ගැනය.

ආණ්‌ඩුව කියනවා නිසි පරීක්‍ෂණයක්‌ කරල කාට වුණත් වැරදි කරල තියෙනව නම් දඬුවම් කරනවා කියලා. ඒත් පරීක්‍ෂණය යෑව්වා නීතිපති දෙපාර්තමේන්තුවට මොකක්‌ද මේකේ තේරුම….මන්ත්‍රීවරයෙක්‌ ඇසීය.

තේරුම දන්නවා නේ. තේරුම තමයි කල් පමා කිරීම. නීතිපති දෙපාර්තමේන්තුවට දාල කල් ඇද්දාම කාටවත් වරදක්‌ කියන්න බෑ.

එහෙම බෑ. ඒක වැරදියි. අපි මේ ගැන ජනතාව දැනුවත් කරන්න ඕන. නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේගවත් කරන්න උද්ඝෝෂණ කරන්න ඕන…. මන්ත්‍රීවරු කීහ.

මේ අතරතුර තවත් අදහසක්‌ යෝජනාවක්‌ ලෙස ඉදිරිපත් විය. මේ රජයේ සිටින දූෂිතම ඇමැතිවරු 10 දෙනෙක්‌ තෝරාගෙන සතියකට එක්‌කෙනෙක්‌ බැගින් රටට හෙළිදරව් කර ඔවුන්ගේ දූෂණවලට අදාළ කරුණු ඇතුළත් ලිපි ගොනු අල්ලස්‌ දූෂණ හා අනෙකුත් පරීක්‍ෂණ ආයතනවලට බාර කිරීම එම යෝජනාවයි.

රජය ආරක්‍ෂා කිරීමට විපක්‍ෂය වෙත බොරු චෝදනා නඟමින් විවිධ බොරු ප්‍රචාරය කරමින් විපක්‍ෂයට අපහාස කරන රජයේ ප්‍රබල ඇමැතිවරු 10 දෙනා මෙහිදී නම් කරනු ලැබූහ. එම 10 දෙනා සතියෙන් සතිය හෙළිදරව් කිරීමේ ව්‍යාපෘතිය හැඳින්වුණේ ටොප් ටෙන් ව්‍යාපෘතිය ලෙසය.

මේ වැඩපිළිවෙළ ඉදිරියේදී වගකීමක්‌ ලෙස ගනිමින් ක්‍රියාත්මක කිරීම බාර වූයේ වෛද්‍ය රමේෂ් පතිරණ, ශෙහාන් සේමසිංහ ඇතුළු තරුණ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක්‌ වෙතය. මේ කමිටුව එකින් එක වාර්තා ඉදිරිපත් කරද්දී රටේ දේශපාලන කරළිය තුළ ලොකු වෙනස්‌කම් ගණනාවක්‌ ඇතිවනු ඇතැයි මන්ත්‍රීවරු විශ්වාසය පළ කළහ.

කොටි වන්දි හා රණවිරුවෝ

පසුගිය සතියේ කොළඹ රථවාහන තදබදය වැඩි කළ හේතු ගණනාවක්‌ ම තිබිණි. ඒ අතර ප්‍රධාන හේතුවක්‌ වූයේ ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණ ව්‍යාපාරයයි. කොළඹ කොටුව පිටකොටුව අතර ඕල්කට්‌ මාවත අවහිර කරමින් දින කිහිපයක්‌ තිස්‌සේ පවත්වන ලද මේ ආබාධිත රණවිරු උද්ඝෝෂණය නිසා බරපතල ගැටලු ගණනාවක්‌ම මතුව තිබිණි. ඒ වූ කලී එහි මතුපිටින් පෙනෙන්නට වූ තත්ත්වයයි.

එහෙත් රණවිරුවන්ගේ උද්ඝෝෂණයේ මතුපිටට නොපෙනෙන තවත් ඇතුලාන්තයේ කතාවක්‌ද තිබිණි.

යුද්ධය වෙනුවෙන් කැප වී අතපය අහිමි වූ රණවිරුවන්ට සිය සේවා කාලය වසර 12 කට අඩු වුවත් විශ්‍රාම වැටුපක්‌ ගෙවන්නට රජය තීරණය කළේ පසුගිය 2014 නොවැම්බර් මාසයේ කැබිනට්‌ අනුමැතියකිනි. එහෙත් පසුගිය වසර දෙකක කාලය තුළ රජය මේ යෝජනාව අමතක කර දැම්මේ රණවිරුවන් පිළිබඳ රජයේ ස්‌ථාවරයේ තවත් පැතිකඩක්‌ රටට හෙළිදරව් කර දෙමිනි. මේ නිසා රණවිරුවන්ට තම අයිතිය ඉල්ලා අතපය ගලවා පාරේ තබා පාරේ දිගාවී උද්ඝෝෂණ කරන්නට සිදුවිය. මේ උද්ඝෝෂණ වලට නිසි විසඳුමක්‌ නොදීම නිසා සතිය පුරාම ඇදී ගියේ තිබෙන ප්‍රශ්න තවතවත් වැඩි කරවමිනි.

ජාතික නිදහස්‌ පෙරමුණේ විමල් වීරවංශ පසුගිය බ්‍රහස්‌පතින්දා මේ උද්ඝෝෂණය බලන්නට ගියේ මොවුන්ගේ ඇත්ත ප්‍රශ්නය ගැන සංවේදීව කතාබහ කරන්නට සිතාගෙනය. ඊට අමතරව උදය ගම්මන්පිලද පසුගියදා ඔවුන්ගේ සුවදුක්‌ විමසන්නට ගොස්‌ සිටියේය.

අද ආණ්‌ඩුවේ කැබිනට්‌ මණ්‌ඩලය මේ රටේ හමුදාවන්ට එරෙහිව සටන් කරපු, ගම්බිම් වලට වැදිලා අහිංසක ජනතාව නිදි පැදුරේම මරල දාපු කොටි ත්‍රස්‌තවාදීන්ට වන්දි දෙන්න කැබිනට්‌ පත්‍රිකා සකස්‌ කරනවා. අපට එරෙහිව සටන් කරලා මිය ගිය කොටි ත්‍රස්‌තවාදීන්ට වන්දි ගෙවනවා. ඒත් කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් වලින් රටේ ජනතාව හා පාලකයෝ මුදාගෙන රට බේරාගත්ත ඇස්‌, ඉස්‌, මස්‌, ලේ දන්දීලා ජීවිත අහිමි කර ගත්තු අතපය අහිමි කර ගත්තු රණවිරුවෝ වෙනුවෙන් මොනවද කරන්නේ. ඒ අය වෙනුවෙන් විශ්‍රාම වැටුපක්‌a දෙන්න සොච්චම් මුදලක්‌ වැය කරන්න කැමති නැහැ. ඒ විතරක්‌ නෙවෙයි. යුද්ධය කරපු රණවිරුවන්ට එරෙහිව ප්‍රශ්න ඇති කරනවා. ඔවුන්ගේ අභිමානය කෙළෙසනවා. මේවා බලාගෙන අභිමානවත් ජාතියකට තවත් ඉවසන්න පුළුවන් කමක්‌ නෑ.

ඒ නිසා අපි ඉල්ලනවා මේ රජයේ කුමන හෝ සාදාචාරයක්‌ තියෙන බලධාරියෙක්‌ ඉන්නවා නම් එන්න. කරුණාකරලා මේ රණවිරුවන්ගේ ඉල්ලීමට ඇහුම්කන් දෙන්න. මේ රණවිරුවන්ට අභිමානයෙන් යුතුව ජීවත් වෙන්න පරිසරය හදල දෙන්න කියා අපි ඉල්ලනවා.

විමල් වීරවංශ රණවිරුවන් අමතමින් මාධ්‍යවලට කතා කළේ එම ආරාධනාව අභියෝගයක්‌ ලෙස රජයට ඉදිරිපත් කරමිනි.

අමර ගී වියෝව

පසුගිය සතියේ අහන්නට දකින්නට ලැබුණු සිදුවීම් අතර පක්‍ෂ භේදයකින් තොරව දේශපාලන ලෝකය සංවේදී කළ සිදුවීමක්‌ ද විය. ඒ ආචාර්ය පණ්‌ඩිත් අමරදේවයන්ගේ වියෝවයි. හදිසි හෘදයාබාධයකින් පසුව බ්‍රහස්‌පතින්දා උදේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී සදහටම දෙනෙත් පියාගත් අමරදේවයන්ගේ වියෝව කන වැකුණු රාජ්‍ය නායකයෝ මහත්සේ කම්පනයට පත්වූහ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඒ මොහොතේම නිලධාරීන්ට උපදෙස්‌ දුන්නේ සියලු රාජ්‍ය ගෞරව සහිතව අමරදේවයන්ගේ අවමංගල්‍ය උත්සවය සංවිධානය කරන්නට බාර ගන්නා ලෙසය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද විදේශගතව සිටියත් අවශ්‍ය සේවාවන් සලසන්නට සියලු කටයුතු සංවිධානය කරන්නට උපදෙස්‌ දුන්නේය.

මේ වියෝව කන වැකුණු මොහොතේම බලවත් කම්පනයට පත් අනෙක්‌ පුද්ගලයා වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂය. හේ තමන්ම මැදිහත්ව මේ සරල උතුම් මිනිසාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉටු කිරීම ගැන විමසා බැලුවේය.

දේශපාලඥයන් විශාල පිරිසක්‌ අවසන් ගෞරව දැක්‌වීමට පෙර තමන් කළ යුතු කාර්යභාරය කුමක්‌ දැයි අසමින් අමරදේවයන්ගේ ඥාතීන් හමුවන්නට පැමිණීම විශේෂ සිද්ධියක්‌ වූහ. අමරදේවයන්ගේ දේහය නිදහස්‌ චතුරශ්‍රයේ තබා සෙනසුරාදා සියලු රාජ්‍ය ගෞරව සහිතව ආදාහනය කිරීමට අවශ්‍ය සැලසුම් සකස්‌ කෙරුණේ වජිර අබේවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය වූ කමිටුවක්‌ මගිනි. රටේ නමගිය කලාකරුවන්රැසකගේ ප්‍රධානත්වයෙන් සංවිධානය වූ කමිටුවක උපදේශකත්වයෙන් ඒ සියලු කටයුතු සංවිධානය කරන්නට අමාත්‍යවරයා වගබලා ගෙන තිබීම විශේෂත්වයකි.

ඊට අමතරව පසුගිය සතියේ විශේෂ සාද ගණනාවක්‌ ද පැවැත්විණි. රජයේ මැති ඇමැතිවරු වසර අවසන් වෙමින් පැවතීම හේතුවෙන් විවිධ සාද පවත්වන්නට පටන් ගෙන තිබිණි. මෙවන් සාදයක්‌ පසුගිය බ්‍රහස්‌පතින්දා රාත්‍රියේ කොළඹ හිල්ටන් හෝටලයේ බෝල්රූම් ශාලාවේ පැවැත්විණි. මුදල් ඇමැති රවි කරුණානායක හා එම මැතිනිය සංවිධානය කළ එම සාදය තෝරාගත් මාධ්‍යවේදීන් පිරිසක්‌ වෙනුවෙන් පැවැත්වීමද විශේෂත්වයකි.

3 Responses to “රනිල්ව බේරාගන්න ආණ්‌ඩුවෙන් වෙනම මෙහෙයුමක්‌ රාජිත, චම්පික, දයාසිරි පෙරමුණ අරන්”

  1. Ananda-USA Says:

    Let Rajitha Seneviratne, Champika Ranawaka and Dayasiri JOIN THE UNPatriotic party, and STOP confusing the voters!

    If you speak like a UNPer, act like a UNPer … you ARE a UNPer!

    So, JOIN the UNP and let the voters REWARD you with a CROWN OF THORNS later for your backstabbing antics!

  2. Christie Says:

    රනිල් බේරගන්න පුලුවන් ඉන්දියානු ජඩයන්ට විතරයි. උන්නෙ රනිලුයි සිරිසේනයි පත් කෙරුවේ.

    Only the Indian Empire and Indian colonial parasites can save Ranil, It it is them got Ranil and Siriseina in the first place.

  3. plumblossom Says:

    Yes, Ranil Wickramasinghe must resign immediately. This is the honourable thing to do. The country should be run by a PM who holds the confidence of most people. This is very important. Someone else who holds the confidence of the people should be appointed the PM by President Sirisena. Besides, Arjunan Mahendran did say the PM, meaning Ranil, asked him to do it. Therefore he should resign immediately which is the honourable thing to do and let any investigations take place without any interference. In other countries, this is what happens after this type of incident. So it is not at all unique.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress