ගාල්ලේ ස්ථාපිත සමුද්‍රයීය ආරක්ෂක මෙහෙයුම් ව්‍යාපෘතිය මගින් ශ‍්‍රී ලංකා රජයට අවුරුද්දක් තුල අහිමි වූ විදේශ විනිමය සම්බන්ධවයි
Posted on November 18th, 2016

මාධ්‍ය නිවේදනයයි

ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් 2015 නොවැම්බර් 13 වෙනිදා ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සර්විසස් (පුද්) සමාගම විසින් පවත්වා ගෙනයනු ලැබූ සමුද්‍රාරක්ෂක ව්‍යාපෘතිය නීති විරෝධී අයුරින් හා බලහත්කාරයෙන් පවරාගැනීමෙන් අනතුරුව වසරක් අවසානයේ ලැබූ ආදායම පිලිබඳව මාධ්‍යන් වෙත ප්‍රකාශ නිකුත්කර ඒවා සමහර මාධ්‍යන් ඔස්සේ ප්‍රචාරය කිරීම හෝ පලකීරීම් කරන ලදී. ඒ අයුරින්, රටට හිමිවීමට තිබූ විශාල විදේශ විණිමය ප්‍රමානයක් අහිමි කරවීම හා නාවික හමුදාවේ සම්පත් ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් යොදවා ගැනීම හරහා සිදුකල හානිය පිලිබඳව ඇවන්ට් ගාර්ඩ් ව්‍යාපාරයේ ගරු සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා විසින් නිකුත් කරනු ලැබූ මාධ්‍ය නිවේදනය මේ සමග අමුනා ඇත. 
එම නිවේදනයටද නාවික හමුදාපති වරයාගේ නිවේදනයට දැක්වූ ප්‍රමුඛතාවයම ලබාදෙමින් පලකරන ලෙස ඉල්ලා සිටිමු. එය එතුමාගේ ප්‍රකාශනයේ අයිතිය මෙන්ම ජනතාවගේ සත්‍ය දැනගැනීමේ අයිතියද තහවුරු කරනු ඇත

ඇවන්ට් ගාර්ඞ් මැරිටයිම් සමාගමේ  සභාපතිල  මේජර් නිශ්ශංක සේනාධිපති මහතා විසින් නිකුත් කරන මාධ්‍ය නිිවේදනයයි
2013  සහ 2014 වර්ෂ වලදි ඇවන්ට් ගාර්ඞ් මැරිටයිම් සමාගම විසින් ගාල්ලේ ස්ථාපිත කර තිබු පාවෙන අවි ගබඩා ව්‍යාපෘතියෙන් පමණක් රුපියල්  බිලියන 9ග13 ප‍්‍රමාණයක විදේශ විනිමයක් උපයන ලදිග  ඒ අනුව වර්ෂයකට රුපියල් බිලියන 4ග56 ප‍්‍රමාණයක් උපයන ලදිග මින් ඉහතදී එනම් වර්ෂ 2009 සිට 2012 සැප්තැම්බර් මස දක්වා වර්ෂ 3 දීම නාවික හමුදාව විසින්  උපයා ඇති මුලු මුදල  රුපියල් බිලියන 1ග8 ක් පමණිග ඒ අනුව නාවික හමුදාව එම වකවානුවේ වසරකට උපයා ඇති මුදල රුපියල් මිලියන 600 ක් පමණ වේග එහිදී එක් මෙහෙයුමක් වෙනුවෙන් නාවික හමුදාව අයකල මුදල ඩොලර් 1000 ක් වූ අතර අප විසින් එය ඩොලර් 3500 දක්වා ඉහල නංවා වසරක ව්‍යාපෘති ආදායම නාවික හමුදාව ඉපයූ අදායම මෙන් 700‍්‍ර ක් දක්වා ඉහල නංවන ලදිග අප විසින් සියලු අයුරින් සිදුකරන ලද ව්‍යාපාර ප‍්‍රවර්ධනයල ප‍්‍රචාරණය හා අන්තර්ජාතික ව්‍යාප්තිය යන සියලු යහපත් දේ භුක්තිවිදිමින් වුවද නාවික හමුදාව 2015 නොවැම්බර් මස සිට මේ දක්වා රුපියල් මිලියන 2000 කට එහා ගිය විදේශ විනිමය ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකා ආර්ථිකයට එකතුවීම වැලැක්වීම අතිශයින් භයානක වූ විනාශකාරී ක‍්‍රියාවක් බව පහත විස්තර කර තහවුරු කරන්නෙමුග  
අප සමාගම විසින් මෙම ව්‍යාපෘතිය සදහා විශ‍්‍රාමික රණවිරුවන් 500 ක් පමණ සෘජුවම ස්ථීර සේවයේ යොදවා තිබු අතර ඔවුන්ට ඉතාමත් ඉහල වැටුප් ලබා දෙන ලදිග  ඔවුන්ගේ වැටුප් සදහා මෙම වර්ෂ දෙක තුලදි රුපියල් මිලියන 1131 ක ප‍්‍රමාණයක් වැය කර ඇතග  ඒ සමගම මෙම ගාල්ල පාවෙන අවි ගබඩා සම්බන්ධ අනෙකුත් සමුද්‍රයීය ආරක්ෂක ව්‍යාපෘති ආරම්භ කරන ලද අතර එම ව්‍යාපෘති සමග රැුකියා අවස්ථා 3500 ක් පමණ බිහිවුනිග  ඔවුන් සදහා ද ඉතාමත් ඉහල වැටුප් ලබා දෙන ලදිග  
ගාල්ල පාවෙන අවි ගබඩා ව්‍යාපෘතිය  නාවික හමුදාව විසින් පවත්වාගෙන යාමේදි (වර්ෂ 2009 සිට 2012 දක්වා* නාවික හමුදාව විසින් උපරිමය මසකට මෙහෙයුම් 500 ක් සිදු කල නමුත් මෙම ව්‍යාපෘතිය ඇවන්ට් ගාර්ඞ් මැරිටයිම් සේවා පුද්ගලික සමාගම විසින් භාරගත් පසු මෙහෙයුම් සංඛ්‍යාව උපරිමය 850 දක්වා වර්ධනය කරන ලදිග  මෙම මෙහෙයුම් කටයුතු වල ගුණාත්මකභාවය සහ මනාකළමනාකාරිත්වය හේතුවෙන් ලෝකයේ සියලුම පෞද්ගලික සමුද්‍රයීය ආරක්ෂක සමාගම් ඇවන්ට් ගාර්ඞ් මැරිටයිම්  සමාගම පවත්වාගෙන ගිය ගාල්ලේ පාවෙන අවි ගබඩාවල ඔවුන්ගේ අවි තැන්පත් කිරිම සදහා තොරා ගන්නා ලදිග  
නාවික හමුදාව විසින් මෙම ව්‍යාපෘතිය 2015 නොවැමබර් මස 13 වන දින බලහත්කාරයෙන් කිසිදු නිසි බළධාරියකුගේ ලිඛීත අවසරයකින් තොරව අන්තනෝමතික ලෙස ලෝකයේ සියලුම පෞද්ගලික සමුද්‍රයීය ආරක්ෂක සමාගම් අපහසුතාවයට ලක් කරමින් ගාල්ල පාවෙන අවි ගබඩාවේ තිබු විදේශිය පෞද්ගලික සමුද්‍රයීය ආරක්ෂක සමාගම් වලට අයත් අවිල උණ්ඩ සහ උපාංගල ඇවන්ට් ගාර්ඞ් මැරිටයිම් සමාගමේ පාවෙන අවි ගබඩාවේ සේවය කල නිළධාරින්ට තර්ජනය කොට බලහත්කාරයෙන් පවරා ගන්නා ලදිග
නාවික හමුදාවේ මෙම අන්තනෝමතික ක‍්‍රියාව නිසා එනම් අවි ගබඩා මෙහෙයුම් කටයුතු බලහත්කාරයෙන් අත්පත් කර ගැනිමෙන් ජාත්‍යාන්තර පුද්ගලික සමුද්‍රයීය ආරක්ෂක සමාගම් ගාල්ලේ අවි ගබඩා කිරිමෙන් වැලකි සිටි අතර ඔවුන් වෙනත් රටවල් වෙත යන ලදිග උදාහරනයක් ලෙස පුද්ගලික සමුද්‍රයීය ආරක්ෂක සේවා සමාගම් සතු අවි ගබඩා කිරිම සදහා අලුතින් අවි ගබඩාවක් මැලේසියාවේ ස්ථාපනය කරන ලදිග එමනිසා ලංකාවට ලැබෙමින් තිබු විදේශ විනිමය විශාල ප‍්‍රමාණයක් අහිමි වන ලදිග  
ඇවන්ට් ගාර්ඞ් මැරිටයිම් සමාගම  පාවෙන අවි ගබඩාව පවත්වාගෙන යාමේදි එක් මෙහෙයුමක් සදහා පුද්ගලික සමුද්‍රයීය ආරක්ෂක සමාගම් වෙතින් ඇමරිකානු ඩොලර් 3500 ක මුදලක් අය කරන ලදීග  නමුත් නාවික හමුදාව මෙම ක‍්‍රියාවලිය 2015 නොවැම්බර් මස 13 වන දින බලහත්කාරයෙන් ලබා ගැනිමෙන් අනතුරුව පුද්ගලික සමුද්‍රයීය ආරක්ෂක සමාගමකින් එක් මෙහෙයුමක් සදහා අය කිරිම ඇමරිකානු ඩොලර් 2500 ක් දක්වා අඩු කරන ලදිග   මෙම අඩු කිරිම නාවික හමුදාවේ  / නාවික හමුදාධිපතිගේ අත්තනෝමතික ක‍්‍රියාවකිග එමනිසා  මසකට ශ‍්‍රී ලංකාවට ලැබෙමින් තිබු ඇමරිකානු ඩොලර් මිලියන 1ග25 ක මුදලක් අහිමි වූ අතරල ඒ අනුව වර්ෂයකට ඇමරිකානු ඩොලර් මිලියන 15 ක මුදලක් අහිමි වියග ඒ අනුව එක් මෙහෙයුමක් සදහා ලබා ගන්නා ලද මුදල අඩු කිරිම නිසා රුපියල් මිලියන 2000 ක පමන විදේශ විනිමයක් වසරකදී ශ‍්‍රී ලංකාවට අහිමිවී ඇතග
මෙය ශ‍්‍රී ලංකාවට විශාල පාඩුවක් වන අතර මෙම පාඩුවට නාවික හමුදාධිපති ඝෘජුවම වගකිව යුතුවේග   එසේ අඩු කිරිමේ වාසිය වෙනත් ප‍්‍රධාන පෙලේ ජාත්‍යාන්තර සමුද්‍රාරක්‍ෂක සමාගම් 4 ක් විසින් ලබාගත් අතරල මෙසේ කිරිමට හේතුව වී ඇත්තේ එම සමාගම් සමග ඇති කරගත් අන්නොන්න්‍ය සුහදතා  මතද යන්න පිළිබදව මා හට සාධාරන සැකයක් ඇතග  මේ පිළිබදව ස්වාධීන පරික්ෂණයක් සිදු කල යුතු බව මා ප‍්‍රකාශ කර සිටිමිග
නාවික හමුදාව විසින් පසුගිය වසර තුල මෙම ව්‍යාපෘතිය මගින් උපයා ගෙන ඇත්තේ රුපියල් බිලියන 2ග33  කිග  ඒ සදහා ද නාවික හමුදාවට අවස්ථාව ලැබුනේ ඇවන්ට් ගාඞ් මැරිටයිම් පුද්ගලික සමාගම විසින් සිය ධනය වියදම්කොට තම ව්‍යාපාර ප‍්‍රවර්ධන හැකියාවන් ඔස්සේ සොයාගත් ව්‍යාපාරික අවස්ථා හරහා බව ප‍්‍රකාශ කලයුතුයග තවද  ඇවන්ට් ගාර්ඞ් මැරිටයිම් පුද්ගලික සමාගම විසින් ගාල්ල පාවෙන අවි ගබඩා ව්‍යාපෘතියෙන් රුපියල් බිලියන 4ග56 ක විදේශ විනිමයක් වසරකදී උපයන ලදිග  මෙම මුදලින් සියලු වියදම් හැර රජය වෙත එනම් නාවික හමුදාවට සහ රක්නා ආරක්ෂක ලංකා සමාගම වෙත රුපියල් බිලියන 3ග7 ක මුදලක්  අප සමාගම විසින් ගෙවා ඇතග   මෙම ව්‍යාපෘතිය නාවික නැවත හමුදාව වෙත පවරා ගැනිමෙන් අනතුරුව මසකදි කරන ලද මෙහෙයුම් ප‍්‍රමාණයද විශාල වශයෙන් අඩුවී ඇතග එබැවින් පසුගිය වර්ෂය තුලදී ශ‍්‍රී ලංකාවට අහිමි වූ මුළු විදේශ විනිමය රුපියල් මිලියන 2000ක පමන මුදලකිිග   මෙම පාඩුව සදහා නාවික හමුදාව / නාවික හමුදාධිපති ඝෘජූවම වගකිව යුතුවේග
ඇවන්ට් ගාර්ඞ් මැරිටයිම් සමාගම විසින් මෙම ව්‍යාපෘතිය කර ගෙන යන ලද්දේ රජයේ මුදල් සතයක්වත් වියදම් නොකර වන අතර සියලුම වැටුප්ල ප‍්‍රවර්ධන කටයුතු ඇතුලු සියලුම වියදම් ඇවන්ට් ගාර්ඞ් මැරිටයිම් සමාගම විසින් දරන ලදිග  තවද මෙම වකවානුවේදි නාවික හමුදාවෙන් ලබා ගන්නා ලද සියලුම සේවා සදහා ඇවන්ට් ගාර්ඞ්   මැරිටයිම්   සේවා සමාගම විසින් නාවික හමුදාවට
මුදල් ගෙවන ලදිග  නමුත් වර්තමානයේදි නාවික හමුදාව විසින් මෙම ව්‍යාපෘතිය කර ගෙන යනු ලබන්නේ නාවික හමුදාවේ මානව සම්පත්  සහ  භෞතික  සම්පත් සියල්ල උපයෝගි කරගෙන රජයේ මුදල් වැය කරමිනිිග එම නිසා එමගින්ද රජයේ දේපල සහ මුදල් විශාල ලෙස වැයවන බැවින් ලබා ඇති පාඩුව තවත් අධිකවේග
මෙම ගාල්ල පාවෙන අවි ගබඩා ව්‍යාපාරය ඇවන්ට් ගාර්ඞ් මැරිටයිම් සේවා සමාගම විසින් සිදු කරන විට විශ‍්‍රාමික රණවිරුවන් 4000 කට පමණ රැුකියා අවස්ථා ලැබුනිග  එනමුත් නාවික හමුදාව විසින් මෙම ව්‍යාපාරය පවරාගැනීමෙන් පසු එම සියලු රැුකියා අවස්ථා අහිමි වියග  ඒ හේතුවෙන් එම සියලු රණවිරු පවුල් ඉතා අසරන තත්වයට පත්ව ඇති අතර විශාල සමාජමය ගැටලුවලට මුහුණ දෙමින් සිටිග
ඉහත කී සියලුම කරුණු දත්ත සහ පවතින ලියකියවිලි අනුව ඉදිරිපත් කරන ලද අතර  ඕනෑම අවස්ථාවකදි ඉහත ප‍්‍රකාශිත  කරුණූ සනාථ කිරිම සදහා මා ඉතාමත් කැමැත්තෙන් ඉදිරිපත්  වන බව කාරුණිකව දන්වා සිටිමි

2 Responses to “ගාල්ලේ ස්ථාපිත සමුද්‍රයීය ආරක්ෂක මෙහෙයුම් ව්‍යාපෘතිය මගින් ශ‍්‍රී ලංකා රජයට අවුරුද්දක් තුල අහිමි වූ විදේශ විනිමය සම්බන්ධවයි”

  1. Christie Says:

    Chandrika the Governor of the Indian Empire, Ranil the Kankaani and Sirisena the Coolie dedicated servants of the Indian Empire. Is the Malaysian operations run by Indian colonial parasites in Malaysia?

  2. Christie Says:

    Indian Empire will do what ever they can do to destroy the Sinhalese. Remember nationalization of Sinhala owned businesses by Hon. SWRD Bandaranayake as soon as he came to power in 1956. So Sirisen is doing the same as directed by the Indian Union.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress