තිරසර පාසල
Posted on November 20th, 2016

පරිසර යුක්ති කේන්ද්‍රය

පරිසර යුක්ති කේන්ද්‍රය, ශ‍්‍රී ලංකාවේ පරිසර යුක්තිය වෙනුවෙන් කටයුතු කරන ජාතික පරිසර සංවිධානයක් වන අතර ලංකවේ සියලූ දිස්ත‍්‍රික්කයන්හි පරිසර නීතිය, පාරිසරික යහපාලනය, පාරිසරික දැනුවත් කිරීමේ වැඩසටහන් ඇතුළුව විවිධ පාරිසරික සංරක්ෂණ වැඩසටහන් ක‍්‍රියාත්මක කරන ආයතනයකි.

එලෙස ක‍්‍රියාත්මක වන වැඩසටහන් අතර තවත් එක් වැඩසටහනක් ලෙස නීති සම්පාදකයන් සහ දේශපාලඥයන් තිරසර සංවර්ධන අභිමතාර්ථ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් ‘තිරසර පාසල’ නමින් 2016 නොවැම්බර්  16 සහ 17 යන දෙදින පුරා කටුගස්තොට ‘ඔරුැ ධෙ ඛසෙැ‘ හෝටලයේදී පැවැත්වේ.

තිරසර සංවර්ධන ඉලක්ක, දේශගුණික වෙනස්වීම් සහ පරිසර යහපාලනය යන කාරණා පිළිබඳ දේශපාලන සංවාදයක් ඇතිකර අනාගත ශ‍්‍රී ලංකාව හරිත දේශයක් කිරීමට ඇවැසි හරිත දේශපාලනයකට ඉදිරි දශකය තුළ දේශපාලඥයන් යොමු කිරීම මෙහි මූලික අරමුණකි.

හරිත බැංකු, හරිත ගොඩනැඟිලි, හරිත කර්මාන්තශාලා සහ හරිත දළ ජාතික නිෂ්පාදිතය පිළිබඳව මුළු මහත් ලෝකයම කතා කරමින්, ඒ වෙනුවෙන් ක‍්‍රියාත්මක වෙමින් සිටින මෙවන් මොහොතක ලංකාවේ දේශපලඥයන්ද ඒ පිළිබඳව අභිපේ‍්‍රරණය කළ යුතුව ඇත. මන්ද යත් ලංකාවේ බොහෝ දේශපාලඥයන් සාම්ප‍්‍රදායික බල අරගලයේ යෙදෙමින් ඉවක් බවක් නොමැතිව ස්වභාවික සම්පත් අධිපරිභෝජනයක නිරතවන අතරතුර තවදුරටත් ලෝකය තුළ මිනිසාට ජීවත්වීමට නොහැකි තරමට පරිසර හානිය දැඩිවී ඇති බැවිනි.

මේ පිළිබඳව වගකීම් සහගතව දැන් දැන්ම ක‍්‍රියාත්මක නොවුනහොත් මෙම ශතවර්ෂය අවසානය වන විට පෘථිවිය මත සාමාන්‍ය උෂ්ණත්වය 8ධක්‍ – 10ධක්‍ දක්වා ඉහළ යයි. 2015 දෙසැම්බර් මස අත්සන් කළ අන්තර්ජාතික පැරිස් ගිවිසුම නිසියාකාරව ක‍්‍රියාත්මක කිරීමෙන් වුවද, උෂ්ණත්වය ඉහළ යාම 30ක්‍ – 40ක්‍ දක්වා පරාසයක සිදුවනු ඇත. එය අවම කිරීම සඳහා මිහිමත ජීවත්වන සෑම මිනිසෙකුගේම පෞද්ගලික හා සාමූහික කැපකිරීම අවශ්‍ය වනු ඇත. මෙම අර්බුදය සඳහා වගකිවයුතු වන්නේ පාරිසරික අවකාශය අසීමිත ලෙස ප‍්‍රයෝජනයට ගන්නා සුළු පිරිසක් වුවද, බිලියන 7ක් වූ සියලූ ජනතාවට මෙම අර්බුදයට මුහුණදීමට සිදුව ඇත. ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් අප රටේ කී දෙනෙක් මෙම කාරණය පිළිබඳ සැලකිලිමත්ද? අවාසනාවන්ත ලෙස බොහෝ අය එසේ නොවෙති.

දේශගුණය පමණක් නොව ස්වභාවික සම්පත්, ආහාර ජලය, වාතය, පස, පරිසර පද්ධතිය, සමාජය සහ ආර්ථිකය යන ඒවා මෙලෙස උග‍්‍ර අර්බුධයකට මුහුණ පා තිබේ. එය අවම කිරීමට මෙතෙක් පැවති සහශ‍්‍ර සංවර්ධන ඉලක්ක වෙනුවට යොදා ගැනීම සඳහා තිරසර සංවර්ධන අරමුණු 17 කට 2015 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය එකඟ වී ඇත.

බොහෝ මහජන නියෝජිතයන් හට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳව හෝ 100 කට අධික පාරිසරික නීතිමය විධිවිධාන පිළිබඳව සහ ශ‍්‍රී ලංකාවේ පවතින අනෙකුත් නීති පිළිබඳ දැනීමක් නොමැත. සංවර්ධන ව්‍යාපෘති වලට ඇති දේශපාලන මැදිහත්වීම් නිසා පාරිසරික බලපෑම් රෙගුලාසි ක‍්‍රියාත්මක කරවීම අපහසු කාරණාවකි. සාමාන්‍යයෙන් පාරිසරික යහපාලනය, පාරිසරික ප‍්‍රජාතන්ත‍්‍රවාදය, තිරසර සංවර්ධනය හෝ දේශගුණික විපර්යාස යනු ශ‍්‍රී ලංකාවේ දේශපාලනික මටිටමේ තීරණ ගැනීම්වලදී භාවිත වන සාධක නොවේ.

ලොව නව සංවර්ධන ආකෘති බොහෝ දුරට රදා පැවතිය හැක්කේ තිරසර සංවර්ධන අභිමතාර්ථ සහ දේශගුණ විපර්යාස සම්බන්ධ තීරණ ගැනීම් සහ එකඟතාවයන් මතයි. තේරීපත්වුණු මහජන නියෝජිතයින්ට තම කාර්යබහුලත්වය සහ සීමිත සම්පත් හේතුවෙන් එවැනි සංවාද, කතිකාවන් සදහා ජාතික සහ  ජාත්‍යන්තර මට්ටමින් සහභාගී වීමට අවස්ථාව ඇත්තේ ඉතා සුළු වශයෙනි.

පවතින ගෝලීය අර්බුදය මඟින් පෙනී යන්නේ මෙතෙක් පැවති තීරණ ගැනීමේ ආකෘතීන් අනාගතයේ රටක් කළමනාකරණය කිරිමේදී ක‍්‍රියාත්මක කළ නොහැකි බවයි. මූලධර්ම මත පදනම් වූ දේශපාලනය සහ පාරිසරික සංවේදී තීරණ ගැනිම් යන කාරණා වලදී සාම්ප‍්‍රදායික දේශපාලන චින්තනයෙන් ඔබ්බට ගොස් තීරණ ගත යුතුය. නව ගෝලීය අභිමතාර්ථ වෙනුවට තිරසර සංවර්ධනය මෙන්ම මිනිස් සමාජයේ අවශ්‍යතා, පරිභෝජනය සහ සංවර්ධනය අඩුකිරිම යන කාරණා අතර බැඳිම සහ මිහිමත ජීවය නොනැවතී වර්ධනය වීම පිළිබඳව සංවාද පැවැත්විය යුතුය.

මෙනිසා මහජන නියෝජිතයන් වෙත තිරසර සංවර්ධන අභිමතාර්ථ, දේශගුණික විසඳුම්  සහ පාරිසරික යහපාලනය පිළිබඳව දැනුවත්භාවයක් ලබාදීමෙන් වගකීම් සහගත දේශපාලනඥයන් ලෙස අනාගත සමාජය උදෙසා ක‍්‍රියාත්මක වීමට ඔවුන් පෙළඹවීමද, අනාගත සංවර්ධන ඉලක්ක තිරසර සංවර්ධන ඉලක්ක වීමද මෙම වැඩසටහනේ අපේක්ෂාවයි.

පරිසර යුක්ති කේන්ද්‍රය

විමසීම් – 0777600503 – හේමන්ත විතානගේ – විධායක අධ්‍යක්ෂක
0719191049 – ශ්‍යාමලී ලියනආරච්චි – මාධ්‍ය නිලධාරී

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress