එජාප-ශ‍්‍රීලනිප පිපිරීමක් අත ලග.. නායකයන් රහසේ වෙනම කදවුරු බදිති.. අගමැති වහා මෛත්‍රී හිතවතකු සොයා රාත‍්‍රියේම ඔහුගේ නිල නිවසට..
Posted on November 26th, 2016

ලංකා සී නිවුස්

එජාප-ශ‍්‍රීලනිප පිපිරීමක් අත ලග.. නායකයන් රහසේ වෙනම කදවුරු බදිති.. අගමැති වහා මෛත්‍රී හිතවතකු සොයා රාත‍්‍රියේම ඔහුගේ නිල නිවසට..

මතුවී එන ගැටලු හමුවේ එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් වෙන වෙනම තම තනතුරැ රැක ගැනීමේ සීතල යුද්ධයකට අවතීර්න වි ඇති බව ඉතා විශ්වාස කටයුතු මාර්ගයක් සදහන් කරයි.

ශ්‍රීලනිප මෛත්‍රී කණ්ඩායමේ ඉල්ලීම වී ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තනතුරින් පහ කොට ශ්‍රිලනිප හෝ එජාපයෙන් අගමැති කෙනෙක් පත්කල යුතුය යන්නයි. එවිට මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඇතිව තිබෙන අප‍්‍රසාදය මැඩලීමට ජනාධිපතිවරයාට පියවර ගතහැකි බවත් ඒ හරහා රජයේ අවංකභාවය රැකෙන බවත් ශ‍්‍රිලනිප මෛත‍්‍රී පාර්ශවයේ අදහසයි. එසේ වුවහොත් දැනට මහින්ද රාජපක්ෂ සමඟ සිටින පොදු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් විශාල ප්‍රමාණයක් ඒ තීරණය සමඟ ජනාධිපති මෛත්‍රීපාල සමග එකතුකර ගැනීමට ලෙහෙසියෙන් හැකි බව කන්ද උඩරට නියෝජනය කරන ඒකාබද්ද විපපක්‍ෂ මන්ත‍්‍රීවරයෙකු හා මෛත්‍රී පාර්ශවය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයකු ඇති පිරිසකගෙන් සමන්විත කණ්ඩායමේ මතය වී ඇත. එමෙන්ම එජාපයේ සිටින මෛත්‍රී හිතවාදීන්ගේද සහයෝගය ඒ සඳහා ලබාගත හැකි බවටත් මෛත්‍රී පාර්ශවය විශ්වාස කරයි.

එහෙත් මෛත්‍රී පාර්ශ්වයේ තවත් කණ්ඩායමක කිහිපදෙනකුගේම අදහස එය හිතන තරම් පහසු කාර්යක් නොවන අතර මොනව හේතුවක් නිසාවත් මහින්ද රාජපක්ෂ අතහැර පොදු විපක්ෂයේ මන්ත්‍රීන් සියලුදෙනා පැමිණීම විශ්වාස කිරීමට අපහසු බවය.

මේ අතර මෙකී රහස් සාකච්චා ගැන ආරංචි වූ අගමැති රනිල් වික්‍රමසිංහ මේ රජය බලයට ගෙන ඒමට විශාල වැඩකොටසක් කල දේශපාලන බලවතකු මෙන්ම අමාත්‍යවරයෙකු හා මෛත්‍රී හිතවතකු මුණගැසීමට ඔහුගේ නිල නිවසට පසුගිය රාත්‍රියක ගොස් ඔහුට ආරාධනා කොට ඇත්තේ වහාම තම පක්ෂයට බැදී නායකයාට අමතරව තිබෙන ඕනම තනතුරක් ලබාගෙන එජාපයත් සහ එහි නායකත්වයත් විනාශ වීමට ගන්නා මෙම තීරණය පරාජය ඛිරීමට සහාය දෙන ලෙසයි.

එහෙත් එකී අමාත්‍යවරයාගේ මතය වී ඇත්තේ මේ අවස්ථාවේ සමහර බලවේග ජනාධිපති මෛත්‍රී නොයෙකුත් තීරණයන් සඳහා පොලොබවන බැවින් තමා අගමැතිගේ ඉල්ලීම ඉටු කිරීමට වඩා මේ අවස්ථාවේ රජය ආරක්ෂා කිරීමට නම් ජනාධිපතිවරයාගේ ලග සිටිය යුතු බවය.

එමෙන්ම ඒකාබද්ද විපක්‍ෂ පිරිසක් සමග සාකච්චා පවත්වන මෛත්‍රී පාර්ශව කණ්ඩායමේ මතය වී ඇත්තේ දිනෙන් දින කල් ගතවීමෙන් ශ‍්‍රීලනි පක්‍ෂය එකතු කර මෛත්‍රී ජනාධිපතිගේ නායකත්වය යටතේ තබාගැනීමට ගන්නා උත්සහය ඉදිරියේදී ඉතා දුෂ්කර වන බවත් වැඩිකල් මේ ආකාරයෙන් යෑමට බැරි බවත් දැනට තනතුරු ගත් සමහර ඇමතිවරුන් පවා මොනයම් අවස්ථාවක හෝ එය අතහැර මහින්ද පාර්ශවය සමඟ එකතුවීමට ඇති ඉඩ කඩ වැඩි බවත්ය.

මේ සම්බන්ධයෙන් තවත් පාර්ශ්වයක් මෛත්‍රී ජනාධිපතිවරයාට පවසා ඇත්තේ අපේ අය ඇමතිකම් අරන් කොළඹට වී ජොලියේ ඉන්නා බවත් මේ වනවිටත් මහින්ද පාර්ශවය වෙනුවෙන් අවශ්‍ය දේශපාලන වැඩපිළිවෙළ බැසිල් රාජපක්ෂ විසින් ඉතා උපායශීලීව හා සාර්ථකව ගම් මට්ටමේ කරගෙන යන බවත්, මේ විදියට ගියොත් අනාගතයේදි අපේ කණ්ඩායමට මහින්දගේ ලකුණෙන් ඡන්දය ඉල්ලන්න වෙන බවත්ය. එහිදි මෛත්‍රී ජනාධිපතිවරයාට තරමක් කේන්ති ගිය අතර අවසානයේ ඔහුද ‘අපේ කට්ටිය ගමට බැහලා කිසි දෙයක් කරන්නේ නැ’ කියමින් අප්‍රසාදය ඒ සම්බන්ධයෙන් පෙන්වා ඇත.

16 Responses to “එජාප-ශ‍්‍රීලනිප පිපිරීමක් අත ලග.. නායකයන් රහසේ වෙනම කදවුරු බදිති.. අගමැති වහා මෛත්‍රී හිතවතකු සොයා රාත‍්‍රියේම ඔහුගේ නිල නිවසට..”

  1. Ananda-USA Says:

    Well, don’t worry, the Yamapalanaya is going to bribe every elected official, in the National Parliament as well as the Provincial Councils, with HIGHER SALARIES so that they will never topple the Yamapalanaya.

    More PIGS feedING on richer food at the National Trough.

    Despite the claims that the impending national bankruptcy requires a VAT increase on ordinary citizens, apparently we can ALSO afford to buy new luxury SUVs for the MPs who turn around and sell them at an enormous profit, and pay them INCREASED salaries.

    SOON I am certain that we will INCREASE the number by including the elected Provincial Councillors deserving such salaries as well, and pay those salaries from the 40% of the National Budget that will be allocated in the new Constitution to maintain those worthy individuals.

    The Yamapalanaya is nothing but a CRIMINAL MAFIA looting the National Treasury under various PRETEXTS.

    They are only interested in maintaining their hold on power to keep the GREAT NATIONAL TREASURY ROBBERY going as long as possible!

    When the TREASURY has been emptied, all national assets have been sold to foreigners, the country partitioned and sold to separatist minorities, the Yamapalanaya Bandits will DECAMP as rich refugees to Western countries that orchestrated their regime change operation, leaving the poor Sinhala Buddhist majority of Sri Lanka enslaved in a small corner of the Sinhale they once owned in its entirety.

    I hope the Hatarawaran Guardian Dieties of Sri Lanka will help us oust this Yamapalanaya and regain control of our Motherland soon, before the Yamapalanaya completes its destructive plot.

  2. Kumari Says:

    Basil is doing an excellent job with the new party. Unlike the current frame of our political parties, the most important person in the party is not the leader but the grassroot level member. I got the feeling that the new party has addressed all the problems with the current SLFP and corrected them. In the first press conference he answered all the media questions in his usual friendly manner. It lasted for over 45 minutes.

    Jayawewa!

  3. S.Gonsal Says:

    YES.YES.
    Why not give the country to Great Leader Baisl ( President) and even Greater leader NAMAL (PM) ?

  4. Indrajith Says:

    ශ්‍රී ලංකාවේ මීලග ජනාධිපතිවරයා වශයෙන් දේශප්‍රේමී බහුතරයකගේ කැමැත්ත ගෝඨාභය රාජපක්ෂ මහතාටයි.

  5. S.Gonsal Says:

    නිල්වලා ව්‍යාපෘතියට දුන් මිලියන 4012ට වුණ දෙයක්‌ නෑ මේවා ගැන පරීකෂණ පැවැත්වීම වැරදිද
    ජනපති ගාල්ලේදී ප්‍රශ්න කරයි

    ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි

    නිල්වලා ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා යෑයි කියමින් 2012 වර්ෂයේ හා පසුගිය ජනාධිපතිවරණයට පෙර දින මහා භාණ්‌ඩාගාරයෙන් නිකුත්කොට ඇති රුපියල් මිලියන 4012 ට (කෝටි 401 ක්‌) සිදුවූ දෙයක්‌ නොමැති බවත් මේ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීම වැරදි දැයි කියා තමා ජනතාවගෙන් ප්‍රශ්න කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (26 දා) ගාල්ලේදී පැවසීය.

    ජනාධිපතිවරයා එසේ පැවසුවේ ගාල්ල නගර ශාලාවේ පැවැති ශ්‍රී ල.නි. පක්‍ෂයේ ගාල්ල දිස්‌ත්‍රික්‌ ප්‍රවර්ධන වැඩසටහනට එක්‌වෙමිනි.

    නිල්වලා ව්‍යාපෘතිය ආරම්භ කරලා තියෙනවාද? එක උදැල්ලක්‌ ගහලා වැඩ පටන් අරගෙන තියෙනවාද? වැටියක්‌ බැඳලා තියෙනවාද? මේ සල්ලි කෝ කවුද සල්ලි ගත්තේ? මේ සල්ලි කොහෙටද ගිහින් තියෙන්නේ. භාණ්‌ඩාගාරයෙන් දීලා තියෙනවා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්ට… එතනින් පස්‌සේ චෙක්‌පතට වූ දෙයක්‌ නැහැ. මේවා ගැන පරීක්‍ෂණ කරන එක වැරදිද? මේවා මහජනතාවගේ සල්ලි යෑයිද ජනාධිපතිවරයා මෙහිදී කීය.

    භාණ්‌ඩාගාරයෙන් ලිපි ගොනුවක්‌ මට ලැබුණා. නිල්වලා ව්‍යාපෘතිය ආරම්භ කරන්න චීන සමාගමක්‌ සමග 2012 වර්ෂයේ දී මහා භාණ්‌ඩාගාරයෙන් දීලා තියෙනවා රුපියල් මිලියන 1000 ක චෙක්‌පතක්‌. පසුගිය ජනාධිපතිවරණයට පෙරදින එනම් 2015 වර්ෂයේ ජනවාරි 07 වැනිදා නිල්වලා ව්‍යාපෘතිය සඳහා දෙවැනි චෙක්‌පත නිකුත් කරනවා රුපියල් මිලියන 3012 ක්‌. මේ චෙක්‌පත් දෙකේ එකතුව රුපියල් මිලියන 4012 යි.

    ජනාධිපතිවරණයට පෙර දින මොන කාර්යාලද අමාත්‍යංශය ද වැඩ කළේ? මේ මුදල රුපියල් කෝටි 400 ට වැඩියි. කෝටි 442 යි. ජනාධිපතිවරණයට කලින් දවසේ රුපියල් මිලියන 3012 ක්‌ නිකුත් කරන්න නිලධාරීන්ට අයිතියක්‌ තියෙනවාද? ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රශ්න කළේය.

  6. Hiranthe Says:

    Pacha My3, He should have learnt by now to think twice before speak…. but it doesn’t seem so.

    He gets easily wounded up by certain gossip or unsubstantiated allegation and then finally become a fool when it is discovered that no such thing had happened.

    Why should he ask the Public whether it is correct or wrong… Just go ahead and do it and prosecute the culprits and then tell the Public. Leaders do not ask for people’s opinion to do the right things… especially being a YamaPalayana government. they came to power promising just the same thing…

    This is a pathetic situation. This further proves that he is better fit for a Grama Sevaka role.

    Sad state for Mother Lanka..

  7. S.Gonsal Says:

    Whether Pacha or not he is the President. If he doesn’t knwo what happened to it .. yes .. it is sad state for Mother Lanka

    “රුපියල් මිලියන 4012 ට (කෝටි 401 ක්‌) සිදුවූ දෙයක්‌ නොමැති බවත් මේ පිළිබඳ පරීක්‍ෂණ …..වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්ට… එතනින් පස්‌සේ චෙක්‌පතට වූ දෙයක්‌ නැහැ. ”

    What පරීක්‍ෂණ ? Just find out who withdrew the money ! Ask him.

    Looks like nobody withdrew the money ( as he says “මේ සල්ලි කෝ කවුද සල්ලි ගත්තේ? මේ සල්ලි කොහෙටද ගිහින් තියෙන්නේ. “. ! )

    So it is OK. All පරීක්‍ෂණ finished !

    These buggers think WE ARE FOOLS.

  8. S.Gonsal Says:

    From Lakbima. Look like CROOKS getting together once again with a TRUSTWORTHY FRAUD PROGRAM !

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සතියේ දින කිහිපයක්ම සිටියේ පාර්ලිමේන්තුවේය. තමන්ගේ අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ විවාදයට ගත් අවස්ථාවේදී ජනපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණීමට අමතක කළේ නැත. පසුගිය සෙනසුරාදා දිනයේදී ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය විවාදයට ගත් නිසා ඔහු දවසේම ගතකළේ පාර්ලිමේන්තුවේය. පාර්ලිමේන්තුවේ සිටි ඔහු මැති ඇමැතිවරු සමග දේශපාලන කතාබහකට වෙලාව වෙන්කරගැනීමටද අමතක කළේ නැත.

    නොයෙක් දේශපාලන කතාබහ මැද මෛත්‍රී පාර්ලිමේන්තුවේ මන්ත්‍රී භෝජනාගාරයට පැමිණියේ තවත් ඇමැතිවරු පිරිසක් සමගය. නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ, විජිත් විජිතමුණි ද සොයිසා, මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා, ලසන්ත අලගියවන්න සහ මනූෂ නානායක්කාර මෛත්‍රී සමග දිවා ආහාරය ගැනීමට පැමිණියහ. ඒ අතර ඒකාබද්ධ විපක්ෂයේ රංජිත් සොයිසා මන්ත්‍රීවරයාද දිවා ආහාරය ගැනීමට පැමිණියේය.

    “රංජිත් අයියේ අන්න ජනාධිපතිතුමා කතා කරනවා” මනූෂ කීවේය. ඒ සමගම මහින්ද සමරසිංහ ඇමැතිවරයාද රංජිත් සොයිසාට කතා කළේය. එවිට ඔහු මෛත්‍රී දෙස බැලුවේය. මෛත්‍රීත් තමන් අසලට එන්නැයි අතින් සංඥා කළේය.
    රංජිත් සොයිසා මෛත්‍රී අසලට යනවිට ඔහුට අසුන් ගැනීමට පුටුවක් තිබුණේ නැත. ඩිලාන් පෙරේරා වහාම නැගිට රංජිත් සොයිසාට වාඩිවීමට පුටුවක් දුන්නේය.

    “කොහොමද රංජිත් වැඩකටයුතු” මෛත්‍රී කතාවට මුලපිරුවේය.
    “වැඩ ටික කරගෙන යනවා සර්” රංජිත් සොයිසා කීවේය.
    “අපි දෙගොල්ලෝ වෙන්වෙලා වැඩකරන්න බැහැ. අපි එකතුවෙන්න ඕන. එකතුවෙලා වැඩකරන්න ඕන” මෛත්‍රී පැවැසුවේය.
    “ඒක නම් හොඳ අදහසක්” රංජිත් සොයිසා උත්තර දුන්නේය.
    “එකට වැඩකරන්න පුළුවන් වැඩපිළිවෙළක් මම හදලා තියෙන්නේ. ඒකත් එක්ක අපි එකතුවෙමු” මෛත්‍රී කීවේය.
    “ඒක හොඳයි. ඒත් ඒ වැඩපිළිවෙළ විශ්වාසවන්ත වැඩපිළිවෙළක් වෙන්න ඕන. දන් දෙපැත්තම ගොඩක් දුරස්වෙලා තියෙන්නෙ. මේ දුරස්බව අඩු කරන විශ්වාසවන්ත වැඩපිළිවෙළක් එනවා නම් ඒක හොඳයි” රංජිත් සොයිසා කීවේ සුභවාදීවය.
    “ඒක විශ්වාසවන්ත වැඩපිළිවෙළක්. ඒ නිසා අපි හැමෝටම එකට ඉන්න පුළුවන්” මෛත්‍රී පැහැදිලි කරන්න විය.

  9. Samanthi Says:

    මහබැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධ පසුගියදා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද කෝප් වාර්තාවට අනුව මහ බැංකුවත් සේවක අර්ථසාධක අරමුදලත් ලංකා බැංකුවත් වන ආණ්ඩුවේ ප්‍රධාන මූල්‍ය ආයතන 3 ම ඉතා උපක්‍රමශීලීව මහජනතාවගේ මුදල් හිටපු මහාබැංකුවේ අධිපති අර්ජූන් මහේන්ද්‍රන්ගේ බෑනාගේ සමාගම වන පර්පුච්චුවල් ට්‍රෙසරීස් සමාගම හරහා භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමට ක්‍රීයා කල ආකාරයෙන් විශාල කොමිස් මුදලක් බෑනගේ සමාගමට උපයා ගැනිමට අවකාශ සලසා ඇති බව හෙලිකරගෙන ඇත.

    මෙහි විශේෂත්වය වනුයේ මෙම රජයේ ආයතනයන් 3 සඳහාම ප්‍රධානින්ගේ පත්වීම් කර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහගේ නිර්දේශ මතයි. එනම් මහාබැංකුව සඳහා අර්ජුන් මහේන්ද්‍ර එහි අධිපති ලෙස 2015 ජනවාරි 15 දින අගමැති රනිල් වික්‍රමසිංහගේ නිර්දේශය මත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්, සේවක අර්ථසාධක අරමුදල සභාපති මහින්ද මඩිහහේවා 2015 ජනවාරි 23 දින අගමැතිවරයා විසින් සහ ලංකා බැංකුව රෝලන්ඩ් පෙරේර0001 2015 ජනවාරි 27දින අගමැතිවරයාගේ නිර්දේශ මත මුදල් අමාත්‍ය රවි කරුණානායක විසිනි.

    ඒ අනුව ප්‍රස්නගත භාණ්ඩාගාර බැදුම්කර මගඩිය 2015 පෙබරවාරි 27දින සිදු වූ අතර හරියටම ඊට මාස 4 කට පසුවද එනම් 2015 ජූලි 11 වෙනි දින මහාබැංකුවේ අභ්‍යන්තර තොරතුරු බෑනාගේ සමාගම ලබාගෙන සේවක අර්ථසාධක අරමුදල සතු රුපියල් බිලියන 2 මුදලක් එම අරමුදලට පුද්ගලික වෙළෙන්දෙක් හරහා නොගොස් කෙලින්ම රුපියල් බිලියන 2.3 කට මුහුණත වටිනාකමට මිලදී ගැනීමට හැකියාවක් තිබියදි එසේ නොකොට හිටපු මහාබැංකුවේ අධිපති අර්ජූන් මහේන්ද්‍රන්ගේ බෑනාගේ සමාගම හරහා මිලියන 300 ක් අඩුවෙන් එනම් රුපියල් බිලියන දෙකකට ලබාගැනිමෙන්, රුපියල් මිලියන 300 ක් කොමිස් වශයෙන් හිටපු මහ බැංකුවේ අධිපති අර්ජූන් මහේන්ද්‍රන්ගේ බෑනාගේ සමාගම වන පර්පුච්චුවල් ට්‍රෙසරීස් සමාගමට හම්බකරගැනීමට ඉඩ සලස්වා ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත් පතේ ” EPF,BOC,Central Bank proxies for Perpetual’s alleged Bond Scam; COPE” යන 0002හිසින් යුතු ලිපියක පලකර ඇත.

    එම වාර්තාවෙම සඳහන් වනුයේ ලංකා බැංකුව ප්‍රාථමික වෙළෙන්දෙකු ලෙස මහ බැංකුවේ ලියාපදිංචිවී සිටින අතරේ 2015 පෙබරවාරි මාසයේදී හිටපු මහාබැංකුවේ අධිපති අර්ජූන් මහේන්ද්‍රන්ගේ බෑනාගේ සමාගම වන පර්පුච්චුවල් ට්‍රෙසරීස් සමාගම හරහා වෙන්දේසියට ඉදිරිපත් වී වෙන්දේසියට දැන්වීම් මගින් ප්‍රසිද්ධ කල ප්‍රමාණයට වඩා 1350% ක් විශාල ප්‍රමාණයක් ඉල්ලුම් කර කිරීමත් ඒ සඳහා සමානය පොලියට වඩා මුදලක් සීයයට 12.5 % සිට 13% දක්වා රුපියල් බිලියන 13 ක් ඉල්ලුම් කොට තිබිමත් හේතුවෙන් පැහැදිලිවම මහබැංකුවේ අභ්‍යන්තර තොරතුරු හිටපු මහාබැංකුවේ අධිපති අර්ජූන් මහේන්ද්‍රන්ගේ බෑනාගේ සමාගමට ලැබී ඇති බවයි.

  10. Samanthi Says:

    නිල්වලාවට මිලියන
    3012ක්‌ දීම ගැන පරීක්‍ෂණයක්‌ පවත්වන්න හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ

    පසුගිය ජනාධිපතිවරණයට පෙර දින මාතර නිල්වලා යෝජනා ක්‍රමය වෙනුවෙන් මහා භාණ්‌ඩාගාරය රුපියල් මිලියන 3012 ක චෙක්‌පතක්‌ නිකුත් කර ඇත්නම් වහාම ඒ පිළිබඳව පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා චීනයේ බීජිං නුවර සිට ප්‍රකාශ කළේය.

    ඉකුත් ජනාධිපතිවරණයේ තීරණාත්මක අවධියේ තමන් අමාත්‍යාංශවල කටයුතු පිළිබඳව අවධානය යොමු නොකළ බව මෙහිදී සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා කවරකු හෝ වගකීම් විරහිත අන්දමින් එවැන්නක්‌ සිදුකර තිබේ නම් කඩිනම් පරීක්‍ෂණයක්‌ මගින් ඒ සියලු තොරතුරු හෙළි කරගෙන ඊට වගකිවයුත්තන් සම්බන්ධයෙන් පියවර ගත යුතු බව ද පැවසීය.

    හිටපු ජනාධිපතිවරයා සිය චීන සංචාරය තුළදී මෙම ප්‍රකාශය කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගිය සෙනසුරාදා (26 දා) ගාල්ලේ පැවැති ශ්‍රීලනිප සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක්‌වෙමින් 2015 ජනපතිවරණයට පෙර දිනයේ මහා භාණ්‌ඩාගාරය මිලියන 3012 ක චෙක්‌පතක්‌ නිල්වලා ව්‍යාපෘතියට නිකුත් කර ඇතැයි සිදු කළ අනාවරණය පිළිබඳව අදහස්‌ දක්‌වමිනි.

    කවරකු හෝ මෙවැන්නක්‌ කර තිබේ නම් එය කාගේ නියෝගයෙන් සිදු කළේදැයි යන්න අනාවරණය කරගෙන ඒ පිළිබඳව ඉදිරි පියවර ගැනීම රජයේ වගකීමක්‌ බව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

  11. S.Gonsal Says:

    This පරීක්‍ෂණය wil only take 1 day, just making few phone calls only.
    Why so much talk and public speaking on this ?
    Arrest the bastards who have stolen !

    Why make fake statements ” ….මහා භාණ්‌ඩාගාරය රුපියල් මිලියන 3012 ක චෙක්‌පතක්‌ නිකුත් කර ඇත්නම් වහාම ඒ පිළිබඳව…”. He was the Finanace Minister. He should know whetehr it is TRUE of PACHA. If “Pacha” , I am sure he should have already called Lanak C News and published in big letters. What about teh other 1000 million the other bugger talking about ? TRUE or NOT ?

    “…..අනාවරණය කරගෙන ඒ පිළිබඳව ඉදිරි පියවර ගැනීම රජයේ වගකීමක්‌ බව ද ”

    Not only this governement’s responsibility, it is YOUR RESPONSIBLITY to tell the TRUTH.

  12. Samanthi Says:

    Another shocking revelation about Yahapalana daylight robbery.

    http://www.divaina.com/2016/11/27/feature29.html

  13. Samanthi Says:

    පාසැල් නිල ඇඳුම් වවුචරයේ මෙගා ඩීල් හෙලිවෙයි- LankaCnews:

    වවුචර ක‍්‍රමයට පාසැල් නිල ඇදුම් ලබා දීමේදී මහා පරිමාණ වංචාවක් සිදුවන බව ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

    වවුචර සදහා නිල ඇදුම් රෙදි බෙදා දීමේ කාර්ය සළුසල ආයතනය මගින් සිදු කරන බව දැන්වුවද සැබෑවටම සිදු වන්නේ සළුසල නම භාවිතා කරමින් සරත් පතිරණ නම් පුද්ගලයෙකු නිල ඇදුම් සැපයීමේ නිතර වන බවද ඔවුන් පෙන්වා දෙයි.

    මෙම රෙදි ලබා ගැනීම සදහා කිසිදු ආකාරයක ටෙන්ඩර් කැදවීමක් සිදුකර නැති බවද පවසමින් සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

    පාසල් නිළ ඇඳුම් රෙදි සැපයීමේදී බරපතල වංචා සිදුවන බව ප‍්‍රකාශ කරමින් පසුගිය වසරේ පාසල් ළමුන්ගේ නිළ ඇඳුම් රෙදි වෙනුවට නිළ ඇඳුම් සඳහා තිළිණ පතක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරන ලදී. මෙම තිළිණ පත මඟින් ප‍්‍රමිතියෙන් යුතු නිළ ඇඳුමක් ලබා ගැනීමේ අවස්ථාව පාසල් දරුවන්ට අහිමි වන බැවින් ලංකා ගුරු සංගමය පාසල් නිළ ඇඳුම් තිළිණ පත් ලබා දීමට දිගින් දිගටම විරෝධය පළ කරන ලදී.

    එසේ තිබියදී 2017 වසර සඳහා ද තිළිණ පත් ක‍්‍රමය මේ වන විට ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත. එහෙත් මේ වන විට සළුසල නමින් පාසල් නිළ ඇඳුම් වංචාවක් සිදුවෙමින් පවතින්නේ තිළිණ පත උපයෝගී කර ගනිමිනි. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා 2016.09.26 දිනැති EDS/11/161/05/16/02 අංකයෙන් යුතු ලිපියකින් සියලූම පළාත් අධ්‍යක්ෂවරු, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු හා විදුහල්පතිවරු දැනුවත් කර ඇත්තේ නිළ ඇඳුම් තිළිණ පත් මඟින් දුෂ්කර, අතිදුෂ්කර හා හුදකලා පාසල්වල දරුවන්ට නිළ ඇඳුම් ලබා ගැනීමට නාගරික ප‍්‍රදේශවලට යාමට ඇති අපහසුව සලකා රජයේ ආයතනයක් වන ලංකා සළුසල ආයතන විසින් එම ප‍්‍රදේශවලට ගොස් රෙදි අලෙවි කිරීමට කටයුතු යොදා ඇති බැවින් එම ආයතනයෙන් පාසල් නිළ ඇඳුම් රෙදි ලබා ගැනීමට දෙමව්පියන් දැනුවත් කරන ලෙසය. ලංකා සළුසලට අදාළ සේවකයින් 2016.07.13 දිනැති අමප/16/1194/028 අංකයෙන් යුතු කැබිනට් පත්‍රිකාව මඟින් ස්වේච්ඡා වන්දි යෝජනා ක‍්‍රමය යටතේ විශ‍්‍රාම ගන්වා ඇති අතර, මේ වන විට ලංකා සළුසල සමස්ත සේවක සංඛ්‍යාව 20 කටත් අඩුය. මෙම තත්වය තුළ ලංකා සළුසල සමින් සරත් පතිරණ නමැති පුද්ගලයෙකු නිළ ඇඳුම් රෙදි සැපයීමේ නිරත වෙමින් සිටී.

    ලංකා සළුසල මඟින් රෙදි සපයන්නේ නම් ඔවුන් රෙදි ලබා ගන්නා ආයතන ටෙන්ඩර් පටිපාටියක් යටතේ තෝරා ගත යුතුය. එහෙත් එවැන්නක් ද සිදු වී නැත. මෙම තත්වය තුළ පැහැදිලි වන්නේ කිසියම් පුද්ගලයකු විසින් සළුසල නමින් බිල්පත් නිකුත් කර නිළ ඇඳුම් රෙදි වංචාවක නිරත වන ආකාරයත්, ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය නිළ වශයෙන් ම අනුග‍්‍රහ දක්වන ආකරයත්ය.

    ලංකා ගුරු සංගමය දිගින් දිගටම පෙන්වා දෙන ලද්දේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඇති ජාතික ප‍්‍රසම්පාදන කොමිසම හරහා විධිමත් ටෙන්ඩර් පටිපාටියකින් පාසල් නිළ ඇඳුම් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය මඟින් සකස් කරන ලද පිරිවිතර අනුව විධිමත් ලෙස නිළ ඇඳුම් රෙදි සැපයීමට කටයුතු කරන ලෙසයි. එසේ නොකොට තවදුරටත් නිළ ඇඳුම් තිළිණ පත ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍යාංශය ද සම්බන්ධ වී සිදු කරන මෙම පාසල් නිළ ඇඳුම් රෙදි වංචාව පිළිබඳව සොයා බලා කටයුතු කරන ලෙස ලංකා ගුරු සංගමය ජනාධිපතිවරයාගෙන් ද ලිඛිතව ඉල්ලා සිටී.

    – ලංකා ගුරු සංගමය

  14. Samanthi Says:

    One more interesting article from LankaNewsWeb/Today.

    http://www.sinhala.lnwtoday.com/archives/14451

  15. Samanthi Says:

    නිල්වලා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් මේ වනවිට සිදු කර ඇති විමර්ශනයන් අනුව වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉල්ලිම පරිදි මුදල් අමාත්‍යාංශයේ මහා භාණ්ඩාගාරය විසින් රුපියල් කෝටි 420 ක මුදල වාරිමාර්ග අමාත්‍යාංශයේ ගිනුමට බැරවී ඇති බැව් හෙලි වී ඇත.

    ඒ අනුව ඉදිරි පරික්ෂණ කටයුතු කරගෙන යන බවට මහේස්ත්‍රාත්වරයා වෙත බී වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසන්නේ 2015 වර්ෂයේ නිල්වලා හැරවුම් ව්‍යාපතියේ අතිතිකාරම් ගෙවිමේදි අක්‍රමිකතා සිදු වී ඇති බවය.

    එම පරීක්ෂණවලට අනුව ඕනම අවස්ථාවක මෙයට සම්බන්ධ පුද්ගලයකු හෝ කණ්ඩායමක් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කොට බන්ධනාගාර ගත කිරීමට හැකිය.
    නිල්වලා ගග ව්‍යාපතියේ වෙනුවෙන් ගිය රජයේ අන්තිම සතියේදී මහා භාණ්ඩාගාරය විසින් රුපියල් කෝටි 420 ක මුදලක් මුදාල හැර තිබුනද එයින් අඩුම තරමේ මේ දක්වා පස් පිඩල්ලක්වත් කපා නැති බවත් මෙතරම් විශාල මුදලක්ට සිදු වූ දෙය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කල යුතු බවත් පසුගිය දා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ගාල්ල නගර ශාලවේදි කියා සිටියේය.

    2015 ජනවාරි 7වෙනිදා රුපියල් මිලියන 3012ක් අත්තිකාරම් ලෙස මුදල් අමාත්‍යාංශයේන් වාරිමාර්ග හා ජල කලමාණාකරන අමාත්‍යාංශයට නිදහස් කරන අවස්ථාවේදි අමාත්‍යාංශය භාරව සිටි අමාත්‍යවරයා නිමල් සිරිපාල ද සිල්වා විය. දින 100යේ ආණ්ඩුවේ වාරිමාර්ග හා ජල කලමාණාකරන හා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පත් වූයේ ද දුමින්ද දිසානායකයි.

    2015 අගෝස්තු මහ මැතිවරණය සමඟ අමාත්‍ය මණ්ඩලය වෙනස් වූ අතර වර්තමානයේදි එනම් මේ වනවිට වාරිමාර්ග හා ජල කලමාණාකරන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ජාතික ලැයිස්තුවෙන් පත්කල ශ්‍රිලනිප මන්ත්‍රී විජිතමුණි සොයිසා අමාත්‍යවරයාය.

    මේ වනවිට ඉහත ඇමතිවරුන් තිදෙනාම සම්මුති ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් වන අතර ඔහුන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවය නියෝජනය කරයි.

  16. Kumari Says:

    Thank you Samanthi. This proves Yahapalanaya means “Horu Venuven Horu “.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress