එජාප ය සහ ජවිපෙ මතුරන ‘අඳුර’ තුල අප දකින විවිධ ප්‍රභේද
Posted on December 3rd, 2016

තේජා ගොඩකන්දෙආරච්චි

1970 – 77 යුුගයේ ගතව ගිය සමගි පෙරමුණු රජයේ පාලන සමය හා බැඳුනු අප ළමා වියේ අත්දැකීම් පිලිබඳව වත්මන් තරුණ පරපුරට අවබෝධයක් ලැබීමට ඉඩ ඇතැයි සිතිය නොහැකිය. දෙමව්පියන් හෝ ඊට වැඩිමහලු පරම්පරාව තම මතය අනුව පවසන යමක් හැර ඉන් එපිට යමක් තේරුම් ගැනීමටවත් අවශ්‍යතාවයක් නැති කමද සාධාරණය. නව යුගයේ ගෝලීයකරණය, තාක්ෂණ දියුණුව සමග සසඳා බලත්දී එදා එම සත් වසර තුල ළමා වියෙන් මෙපිටට පා තබා යෞවන යෞවනියන් ලෙස අප එදා ගතකල යුගය කෙතරම් සරළ වීද? අද මට සෑම විටම මේ යුගය මතකයට නැගෙන්නේ රූපවාහිනී නාලිකාවල දේශපාලන වාද විවාද තුල සාකච්ඡා වන දේ ඇසීමෙනි. ජනතා විමුක්ති පෙරමුණට අනුව නිදහසින් පසු ගෙවී ගිය මුලු කාල වකවානුවම පාලනය වූයේ මහා අපරාධකාරයන් අතින්ය. නමුත් මේ යුගය තුල රටේ ආර්ථිකයට බලපෑ නැගීම් බැසීම් ගැන මොවුන්ට අමතකය. 70-75 දක්වා ශ්‍රී ලංකාවේ මුදල් ඇමති වශයෙන් කටයුතු කල කීර්තිමත් ආර්ථික විශේෂඥයෙකු වූ අාචාර්ය  එන්. එම්. පෙරේරා ගෙන ගිය ආර්ථිික ප්‍රතිපත්තිය විශ්ලේෂණය කරන්නට තරම් විශේෂඥ දැනුුමක් මා සතුව නොමැත. නමුත් ඒ යුගය පිලිිබඳ ළමයකු, යොවුන් වියේ පසු වූවකු ලෙස එදා මට දැනුන ආකාරය ගැන මතකය මගේ සිතින් මැකී ගොස් නැත. විශේෂයෙන්ම වත්මන් දේශපාලන පිටියේ සිදුවන කතා බහ ඇසෙන විට දේශපාලකයන්ද, විද්වතුන් බව කියන බහුතරයකගේද මතකය පිලිබඳ ප්‍රශ්නාර්ථයක් අප සිත තුල ඉතිරි වේ. තරුණ පරපුර ගැන නම් ප්‍රශ්නයක් නොමැත. ඔවුන් දන්නේ මෙවන් වාද විවාද තුලින් තමන්ගේ දැනුම් වපසරියට හසුවන කරුණු කාරණා පමනි. ඔවුන් නිගමනවලට එලඹෙනුයේ ඒ කරුණු තුල අන්තර්ගතවන දේ තම අත්දැකීම් හා අවශ්‍යතාවනට අනුගත කරමින් කිරා මැන බැලීමෙනි.

අපේ වැඩිහිටියන්ගෙන් 70-77 යුගය ගැන විමසුවහොත් බොහෝවිට ඔවුන් අදද සමගි පෙරමුණු රජයට බැණ වදිනු ඇත. පරිප්පු, උම්බලකඩ, සීනි, කිරිපිටි ආදී දේ ප්‍රමානවත්ව නොතිබුන බව, අඳින්නට හොඳ රට රෙදි නොතිබුුන බව, පෝලිම් තිබුන  බව  පවසනු  ඇත. එදා සිටි මුදල් ඇමතිවරයා මේ ආර්ථික ක්‍රමය ක්‍රියාවේ යෙදවීමට පෙර ජනතාව පටි තද කර ගත යුතු යැයිද, කැප කිරීම් කල යුතු යැයිද කීවේය. එදා ඒ ගෙවී ගියේ ශ්‍රී ලාංකීය ආර්ථිකයේ අඳුරුතම යුගය බව සමහරු පවසති. නමුත් එදා ඒ පටි තද කර ගැනීම තුල ශ්‍රී ලාංකික ආර්ථිකය ණය බරින් නිදහස් වෙමින්  පැවති අන්දම, දේශීය සම්පත් කර්මාන්ත දියුණු වෙමින් පැවති අන්දම ධනාත්මකව දකිනුුයේ කීයෙන් කී දෙනාද? 77 මැතිවරණයේදී එන් එම් වැනි උගතුන් ගෙදර යවා හැබිචෝල් කාරයින් පවා අලියා ලේබලය යටතේ රජ ගෙදරට යවන්නට තරම් එකල සිටි ජනතාව උම්බලකඩ කෑල්ලට, පරිප්පු මිටට වහල් වූහ. 77 ආණ්ඩු පෙරලියෙන් පසු පටි බුරුල් කරගත් ජනතාවට බඩ කට පුරා කන්නට ලැබුනේ මොනවාද කියා ඊලඟ වසර කිහිපය තුල පැහැදිලි විය. සමගි පෙරමුණු රජය සමයේ සීමා කර තිබූ භාණ්ඩ, නව රජය විවෘත කල ආර්ථිකය ඔස්සේ රට තුලට ගලා ආවද ඒවා මිලදී ගැන්මේ හැකියාව සමස්ත ජනතාව අතරින් කොපමන ප්‍රතිශතයකට තිබුනාද යන්න ප්‍රශ්නයකි. වැඩිවන ජීවන වියදමට පිලියමක් ලෙස රු. 300 ක  වැටුප් වර්ධකයක් ඉල්ලමින් වැඩ වර්ජනයක නියැලුනු රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයන් 40,000ක ට අධික සංඛ්‍යාවක් රැකියා අහිමිකර මහ මගට අැද දැමුනේ පටි බුරුල් කරගෙන මහ කාලයකට පසුව නොවේ. 1980 ජුුලි මාසයේදීය.

එදා එන් එම් ගේ පටි තද කර ගැනීමේ ඉල්ලීමට පාදක වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට ණය ලබා දෙමින් තම කොන්දේසිවලට නතු කර ගැනීමේ ප්‍රතිපත්තියට මුදල් ඇමතිවරයා ලෙස ඔහු තුල තිබූ විරෝධයයි. 70 වසරට පෙර පැවති එජාප රජය විසින් ජා. මූ. අරමුදලෙන් ලබාගෙන තිබූ කෙටි කාලීන ණය නොසලකා හැරීමේ හැකියාවක් පත්වූ රජයට නොවිනි. මෙම ජාත්‍යන්තර හයි කාරයන් මුලුමනින්ම පිටු දැකීම ප්‍ර්‍රායෝගික නොවූ නිසා නව රජයේ අරමුණ වූයේ විදේශ ණය හැකිතාක් දුරට සීමාකර, දේශීය සම්පත් වැඩි දියුණු කරමින්, ශ්‍රී ලාංකිකයන්ගේ මූලික අවශ්‍යතා රට තුලම සපුරා ගැන්මය. දේශීය සම්පත් සංවර්ධනය මගින් උපරිම විදේශ විනිමය ඉපයීමය. අත්‍යවශ්‍ය නොවන අානයනය සීමා කිරීමය. අද පවතින රජය තමන් ජාත්‍යන්තරය ජයගත් බවද, තමන්ට ලොකු ලොක්කන්ගේ උදව් ලැබෙන බවද පවසත්දී අප වටහා ගත යුත්තේ ඔවුන් කෙතරම් දුරට මේ කොන්දේසිවලට යටත්ව සිටීද යන්නයි.

 ඒ සමගම රටවල් 77 ක සහභාගිත්වය ඇතිව නොබැඳි රාජ්‍ය එකමුතුව ගොඩ නැගීමටද එන් එම් කැපවී ක්‍රියා කලේය. එම එකමුතුව තුල එම රටවල් එකිනෙකාට උපකාරී වෙමින් ජාත්‍යන්තර මූල්‍ය සංවිධානවල බූවලු හස්තයෙන් තම ආර්ථිකයන් මුදවා ගැනීමට එමගින් ඉඩ සැලසින. අප රටට, ශ්‍රී ලංකාවට සැබැවින්ම දියුණුවීමට තම දෙපයින් නැගිටීමට අවශ්‍ය වේ නම් ඊට අවශ්‍ය කරන සම්පත් කොපමන රට තුල තිබිනිද?

පාසල් සිසුන් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ග වශයෙන් අප එකල ඉගෙන ගත්තේ තේ, පොල්, රබර්, මැණික් හා සුලු අපනයන භෝග පිලිබඳවය. 1971 දී රාජ්‍ය මැණික් සංස්ථාව පිහිටුවීම නිසා ඒ වන විට පුද්ගලික මට්ටමින් සිදු කෙරුනු මැණික් අපනයනය රජය අතට ගෙන, එමගින් අති විශාල ලාභයක් ඉපයීමට මග පෑදීය. 1971 වන විට රු. මිලියන 3.4 ක් පමනක් වූ මැණික් අපනයන ලාභය 1973 වන විට රු.මිලිියන 152.8 ක් ද 1974 වන විට රු. මිලියන 234 ක් ද දක්වා ඉහල ගිය අතර රජයේ තෙවන විශාලතම ආදායම් මාර්ගය බවට පත්විය.  එමෙන්ම මැණික් ව්‍යාපාරිකයන් සංස්ථාව හා ලියාපදිංචි වීම මත එතෙක් රජයට අහිමිව තිිබූ විශාල ආදායම් බදු ප්‍රමානයක් ද රටේ ආරථිකයට එකතු විනි. එන් එම් පිලිබඳව බොහෝ කලකට පසු ජනතාවට මතක් වූයේ ඉන්දියාවේ භාවිත වූ රුපියල් 5000 හා 1000 මුදල් නෝට්ටු අවලංගුවත් සමගය. ශ්‍රී ලාංකේය මූල්‍ය ඉතිහාසයේ එවන් මුදල්  නෝට්ටු අවලංගු කිරීමක් සිදු කලේද ඇන්. ඇම්. පෙරේරා මහතා මුදල් ඇමතිව සිටි කාලයේය. 1972 වසරේ ඉදිරිපත් කල අය වැයෙන් එතෙක් භාවිත වූ රුපියල් 50 සහ 100 මුදල් නෝට්ටු අවලංගු කල ඔහු එ් වෙනුවට අලුත් නෝට්ටු නිකුත් කිරීමට කටයුතුකර, ජනතාවට එම හුවමාරුව වෙනුවෙන් සති  2 ක කාලයක් ලබා දුන්නේය. එදා ඒ ක්‍රියාවලිය තුලද නීති විරෝධීව යටිමඩි ගසාගෙන සිටි මුුදල් ගොඩ පිටින් එලියට ආ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට තම බදු ක්‍රමය වඩා විධිමත් කර නව ආදායම් උපයා ගත හැකි විය. මේ බොහෝ ක්‍රියාවන් තුලින් වාසි අත් වූයේ සුලු පරිමාන ව්‍යාපාරිකයන්ටය. එවකට කෘෂිකර්ම සහ ඉඩම් ඇමති වූ හෙක්ටර් කොබ්බෑකඩුුව මහතා ඉදිරිපත්කල ඉඩම් ප්‍රතිසංස්කරන පනත යටතේ පුද්ගලයෙකු සතු කරගත හැකි උපරිම ඉඩම් ප්‍රමානය අක්කර 50 ට සීමා වූ අතර එම සීමාවෙන් පිටත වූ ඉඩම් රජයට පවරාගනු ලැබිනි. ඒ තුල අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක පවා තම ඉඩම් රජයට භාර දුන්නාය. උපාලි විජේවර්ධන මහතාට අයත්ව තිබූ ඉඩම් අක්කර 33,000 ක් රජයට භාර දීමට සිදු වූ බව වරක් ඔහු පිලිබඳ ලියැවුනු  ලිපියක මම කියැවීමි. 90 දශකයේ මුල් භාගයේ අවිධිමත් ඉඩම් ගණුදෙනු පිලිබඳව රාවය පුවත්පතේ පලවූ ලිපි මාලාවක් තුල එවක සිටි එජාප රජයේ ඇමතිවරුන් විසින් අක්කරය රු. 1.54 ට, රු. 1.72 ට මිලට ගත්තාය කියූ පොල් ඉඩම් මේවා විය හැක. ලොකු ලොක්කන් තම පුතාලාට බෑණලාට 99  අවුරුදු බදු ක්‍රමය යටතේ පවරා දුන් ඉඩම් මේවා විය යුතුය.

වී අලෙවි මණ්ඩලය, මිල පාලන දෙපාර්තමේන්තුව, සමුපකාර දෙපාර්තමේන්තුව එකල ඉතා ක්‍රියාකාරීව තිබූ ආයතනයි. ගොවීන්ගේ වී අස්වනු ගබඩා කිරීම සඳහා ප්‍රමාණවත් ගබඩා පහසුකම් තිබිනි. එම වී මිලදී ගැනීමට හා බෙදා හැරීමට ඒ ඒ ආයතන හරහා ඉටුකල කාර්යභාරය ඔස්සේ ගොවි ජනතාවට අප්‍රසාදයට පත් වන්නට එකල හේතුවක් තිබුනේ නැත. ඉතා මෑතකදී ප්‍රවෘත්ති විකාශය අතරතුර දුටු එක් ප්‍රවෘත්තියක් වූයේ රජරට වී ගබඩා සැලකිය යුතු සංඛ්‍යාවකට අත්ව ඇති ඉරණමයි. එතරම් හොඳ තත්වයේ නැති නමුත් පහසුවෙන් අලුත්වැඩියා කර භාවිතයට ගත හැකි ගබඩා ද, හොඳ තත්වයේ ඇති නමුත් ප්‍රවේශ මාර්ග අබලන්ව ඇති කමින් අතහැර දැමුනු ගබඩා ද ඒ අතර විය. තමන්ගේ මීලඟ අස්වැන්න සඳහා අත්විය හැකි ඉරණම ගැන ගොවීන් කතා කලේ සිත් වේදනාවෙනි. එම ගබඩා යථාවත් කරන්නට අවශ්‍ය වනුයේ ඉතා සුලු කාර්ය භාරයකි. නමුත් ඒ වෙනුවට අද කෘෂිකර්ම අමාත්‍යංශය තුල සිදු වන්නේ කුමක්ද? ඇමතිවරයා විසින් සිනමා නිළියක සතුවූ, සාප්පු සංකීර්ණයක් පිහිටුවීම සඳහා ඉදි කෙරුනු අති නවීන ගොඩනැගිල්ලක් තම අමාත්‍යංශ කාර්යාල පරිශ්‍රය වෙනුවෙන් අධික මිලකට කුලියට ගෙන ඇත. ඒ රජයේ තක්සේරුගත උපරිම මුදලටත් වඩා අධික මිලකටය. දැන් එහි කාර්යාලීය පරිසරයක් ඇති කරනු වස් සිදුකල යුතු වෙනස්කම් සහ ගෘහ භාණ්ඩ සඳහා තවත් කෝටි ගණනාවක් වෙන් කරගෙන ඇත. ඒ ද මාස 7 ක් 8 ක් නිකම්ම කුලී ගෙවීමෙන් අනතුරුවය.  නමුත් අර ගොවීන් ඉල්ලා සිටින ගබඩා පහසුකම් පිලිසකර කරන්නට බලධාරීන්ට අවශ්‍යතාවක් හෝ මුදල් නොමැත. ඔවුන් පසු ගිය කන්නයක මහා ඝෝෂාවක් නගා මත්තල ගුවන් තොටුපලේ වී ගබඩා කලෝය. මේ සියලු කරුණු එකට ගෙන කිරා මැන බලත් නම් වත්මන් දේශපාලකයින්ගේ කුහක සහ ආත්මාර්ථකාමී අරමුණු පැහැදිලිව දිස්වේ. එබැවින් අපේ අතීත මතක හා සම්පිණ්ඩය කල විට අප රටට වඩා අඳුරු කාලයක් ගෙවී ගියේ එදා නොවන බව නම් පැහැදිලිය. එකල අප ප්‍රධාන අපනයන ආදායම් මාර්ග ලෙස දැන සිටි තේ, පොල්, රබර්, මැණික් වලට කුමක් වීද? අත් යන්ත්‍ර, බලවේග පෙහෙකම් රෙදිිපිලි කර්මාන්තවලට හා එම කර්මාන්ත කරුවන්ට අත් වූ ඉරණම කුමක්ද? අද සුලු ව්‍යාපාරිකයෙකුගෙන්, නව නිපැයුමක් කරන අයෙකුගෙන් ඒ ගැන ඇසුවහොත් ඉදිරියට එන්නේ අපේක්ෂා භංගත්වයම පමනි.

අප අද එදා නොතිබුන තරම් පරිප්පු කෑවත්, ඒ පරිප්පු එදා නොතිබුනා කියා අපේ ළමා වියේ සතුටට අඩුවක් වූ බවක් නම් අපට මතක නැත. ප්‍රශ්න තිබුනේ අපට නොව මව්පියන්ට යයි සමහර විට ඔබට සිතේවි. නමුත් මැදහත් සිතින් සිටියා නම් එය එසේ නොවිනි. අපට කූපන් පොත් තිබිනි. සතියකට වරක් සමුපකාරයට යන වැඩිහිටියෝ අපේද උදව් ඇතිව සලාකයට ලැබෙන දේ ගෙදර ගෙන එයි. ඒ සලාකයට කිරිපිටි ද අයත් විය. අප දන්නා හඳුනන ගම්බද උදවියට කිරි හරක් සිටි නිසා ඔවුන් තම කිරිපිටි සලාකය නාගරිකයන්ට විකුණන්නට පෙලඹී සිටියහ. බලපත්‍රයක් ලබාගෙන තම ඉඩමේ තිබෙන කිතුල් ගසක්, පොල් ගසක් මැදගෙන සාදන පැනි හකුරු සුලභව තිබූ නිසා සමහරු අතිශයෝක්තියෙන් කියන තරම් හුුඹස් මැටි හකුරු සමග තේ බොන්නට සිදු වූවැයි මම නොසිතමි. පාසල් වාරයකට එක සාරියක් බැගින් නිකුත් කල අතර පිටතින් මිලට ගත හැකි සීමිත සාරි කිහිපයද හැරුන විට ගුරුවරියන් අතර සාරි තරගයක් නොවීය. පාසල් බස් රථ සේවා තිබුන නිසා ස්කූල් වෑන් ප්‍රශ්න නැත. මාස 3 ක ට වරක් සමුපකාරයෙන් එක් අයෙකුට යාර 2 බැගින් නිකුත් කල එකම හෝ සීමිත මුද්‍රිත රටාවන් රැගත් රෙදි වලින් මැසූ ගවුම් අපි ඇන්දෙමු. ඒවා ඇඳ පාරට බැස්ස විට ඇස ගැටෙන තවත් එවැනිම ඇඳුමින් සැරසුන දැරියන් හමුවේ කිසිවෙකුට තම ඇඳුම ගැන මදි පුංචි කමක් දැනුනේ නැත. අද කාලයේ ස්මාට් ෆෝන් අතේ තියන, සිම් පතේ මිල හා අන්තර්ජාල සේවා ගාස්තු ගැන වදවෙන දරුවන්ට අපේ ළමා කාලය ගැන අසන විට හිනා යනු ඇත. ඒත් අප එදා ගතකල ඒ සරළ ළමාවියට මම අදත් ඇලුම් කරමි. අද පවතින දේශපාලන මඩ ගොහොරුව තුල ජන ජීවිතයට ඇතිවන බලපෑම දකින විට ඒ ඇල්ම තවත් වැඩිවේ.

නොවැම්බර් 28 වන දා අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ‘අඳුරු දශකය’ ක් ගැන කතා කලේය. පුදුමය නම් ඔහුට ඇඳිරිව තිබී ඇත්තේ ඒ දශකය පමනක් වීමයි. නිදහසින් පසු ශ්‍රී ලංකාව තුල අැතිවූ ආර්ථික පරිහානිය ගැන බලයේ සිටි සෑම රජයකටම දොස් නගන ජවිපෙ ට ඊට දායකත්වය සැපයූ අනෙකුත් සාධක නොපෙනී යාම ප්‍රෙහෙලිකාවකි. 83 කලු ජුලියෙන් පසු නිළ වශයෙන් ඇරඹී දශක 3 ක් පුරා ඇදී ගිය වර්ගවාදී යුද්ධය මගින් රටට කෙතරම් ආර්ථික පරිහානියක් සිදු කලේද? එපමනක් නොව ශ්‍රී ලාංකික කීර්තිනාමයද ඒ තුල සෙලවීමට ලක්විය. මෙවන් පසුබිමක් තුල  ජනතාවගේ සිතුම් පැතුම් හා අවශ්‍යතාවනට සිදුවූ බලපෑමද අතිමහත්ය. 1977 දී අතිශය මුග්ධ ලෙස සිදුවූ බල පෙරලිය තුල ජන සමාජය උඩු යටිකුරු වී ගියේය. එදා ශ්‍රීලනිපය සෝදාගෙන ගියා යැයි පැවසුනද එදා මැතිවරණ ක්‍රමය තුල තිබුනේ කොට්ඨාශ පදනම් වූ ඡන්ද විමසීම බැවින් ශ්‍රීලනිපය ජනතාව වෙතින් මුලුමනින්ම ප්‍රතික්ශේප වූ බව අපට පැවසිය නොහැක. අද මෙන් සමානුපාත ක්‍රමයක් තිබිනි නම් එදා ශ්‍රීලනිපය එසේ ආසන 8 ට බැස නායිකාවගේ ප්‍රජා අයිතිය පවා නැතිවන තැනට තල්ලු වී නොයනු ඇත. 1982 දෙසැම්බරයේ සිදු වූ කළගෙඩි ලාම්පු සෙල්ලමද එතුල සිදුකල  ඡන්ද මංකොල්ලයද ජවිපෙට අමතක නැතැයි සිතමි. ඉන්පසු 80 දශකයේ අග භාගයේදී ජවිපෙ දෙවන කැරැල්ල සමය තුල ඔවුන් ගෙනගිය හිතුවක්කාරී භීෂණ ක්‍රියාවලිය තුල රටේ ආර්ථිකයට සෑහෙන පහරක් වැදුනි. කඩා බිඳ දැමූ ට්‍රාන්ස්ෆෝමර, ගිනි තැබූ පොදු ගොඩනැගිලි,පොදු බස් රථ, අඩාල කර දැමූ රාජ්‍ය සේවා පද්ධතිය, නැති කල ජන ජීවිත ! අද ඔවුන් මාධ්‍යවේදීන් ඝාතන රාජපක්ෂ රජය පිට පමනක් පටවන්නට කතා කලත් එදා ඔවුන් කලේ කුමක්ද? එදා අපි විශ්ව විද්‍යාල සිසුන් ලෙස විභාගවලට ලියා අවසන් කරන්නට නොහැකිව එක තැන හිර වුනෙමු. අඩු තරමින් අපට රැකියාවක් සෙවීම පිනිස ඇබෑර්තු විමසන්නට පුවත්පතක් බලන්නටවත් හැකියාවක් තිබුනේ නැත. මන්ද ජවිපෙ කැලෑ නීතිය තුල ලේක් හවුස් පුවත්පත් මිලට ගැනීම මරණයෙන් වන්දි ගෙවිය යුතු වරදක් විය. ඉතින් ඒ අයුරින් අපතේ ගිය අපේ තරුණ විය පිලිබඳ බලපෑම අපට අද පවා දැනෙන කල්හි එය රටේ  ආර්ථිකයට බලපෑවේ  නැතැයි ජවිපෙ ට කිව නොහැකිය. එය මාධ්‍යයට කල  බාධාවක් නොවිනිද? එකල කවුරු කවුුරුත් සම්මාදම්ව මරා දැමූ  රිචඩ් ද සොයිසා, ප්‍රේමකීර්ති ද අල්විස්, සාගරිකා ගෝමස්, තේවිස් ගුරුගේ වැනි වටිනා මාධ්‍යවේදී ජීවිත පිලිබඳව සේම එජාපය විසින් අමු අමුවේ මරා දැමුනු තම නායක රෝහන විජේවීර ගැන පවා අද ඔවුන්ට අමතකය. අද ඔවුන් පවසන මේ ‘අඳුරු දශකය’ තුල තවත් අඳුරු දශක 3 ක් පුරා දිව යමින් රටට වින කල යුද්ධය අවසන් විය. යුද්ධය පැවති කාලයේ බිඳ වැටී තිබූ යටිතල පහසුකම්  පද්ධතීන් සෑහෙන දුරට යථාවත් වූයේද  මේ වකවානුව තුලය. උතුරේ ජනතාවට තම මනාපය පරිදි චන්දය පාවිච්චි කර තමන් කැමති අය බලයට පත් කර ගත හැකි වූයේද මේ අඳුරු දශකයේදී ය. ඒ සමගම 1981 දී යාපනය සංවර්ධන සභා චන්දයේදී උතුරේ ජනතාවට අහිමිව ගිය චන්දය ප්‍රකාශ කිරීමේඅයිතිය 1988 පලාත් සභා මැතිවරණයේදී සහ 1989 පාර්ලිමේන්තු මැතිවරණයේදී දකුණේ ජනතාවටද  අහිමිව ගිය  කාලයද අඳුරින් වැසී තිබුුන බව නැවතත් සිහි කරමි.

 දැන් ඒ ‘අඳුරු දශකය’ද අවසන්ය. ‘මල් වැස්සකුත්’ වැස ඇත. නමුත් අසන දකින දේ  අනුව ජනතාව තවම අඳුරේය. අදත්  ජනතාවට  සිදුව ඇත්තේ පටි තද කර ගැන්මටයි. කැප කරන්නටයි. නමුත්  ඒ 70 – 77 කාලයේ මෙන් නොවේ.තමන් පිට දිනෙන් දින පැටවෙන බදු බරින්, ජීවන වියදමේ බරින් ජනතාව උසුලනු බැරි තරමට මිරිකී යත්දී මැති ඇමති දීමනා, යාන වාහන ප්‍රදානයන් වැඩි කර ගන්නේ එලිපිටමය. කිසිදු ලැජ්ජාවකින් තොරව සාධාරණීකරනය කරමින්ය. හරියට කුඹුරේ අඩිපාරවල් හිටීම වලකා ලන්නට මැස්සක නැගී ගෝලයින්ගේ කරපිටින් ගොස් වී වැපිරූ මහදැනමුත්තාගේ කතා පුවත මෙනි. අද ජනතාව පටි තද කරන විට රට කරවන ඇත්තන්  තමන්ගේ ඉදිරියට නෙරන බඩගෙඩිවලට ඉඩ දෙමින් පටි ලිිහා දමනු ඇත. අඳුරෙහි තවත් ප්‍ර්‍රබේධයක් තුල  අප දකින්නේ  මේ යතාර්ථයයි.

7 Responses to “එජාප ය සහ ජවිපෙ මතුරන ‘අඳුර’ තුල අප දකින විවිධ ප්‍රභේද”

  1. Christie Says:

    ඉන්දියානු අදිරදය සින්හලයේ ඉන්දියානු පරපෝසිත රජයක් අටවා සින්හලයන් පාලනය සින්හල මරුවන්ට ජේ වී පී කාරයන්ට

  2. Lorenzo Says:

    Present day JVPers are alive thanks to the UNP in 1989.

    When UNP killed 30,000 civilians including JVP activists some JVP guys were allowed to flee PROVIDED they supported the UNP.

    That is why JVP MPs support the UNP.

    JVP+UNP+LTTE responsible for 99% of war related deaths in SL. They are one and the same.

  3. Christie Says:

    No. JVP is the Sinhala killing machine of Indian Empire that killed Sinhalese and got themselves killed. The other Killing machine of Indian colonial parasites the same and killed Sinhalese.

    What Indian plan is what I have written above.

  4. Christie Says:

    https://scontent-syd2-1.xx.fbcdn.net/v/t1.0-9/14691146_342707089454616_7168533765254471535_n.jpg?oh=c9774a4c1a727d313d6ca3bcc1247b86&oe=58B8AB39

  5. S.Gonsal Says:

    “නමුත් එදා ඒ පටි තද කර ගැනීම තුල ශ්‍රී ලාංකික ආර්ථිකය ණය බරින් නිදහස් වෙමින් පැවති අන්දම, දේශීය සම්පත් කර්මාන්ත දියුණු වෙමින් පැවති අන්දම ධනාත්මකව දකිනුුයේ කීයෙන් කී දෙනාද?” – absolute rubbish.

    Stupid “closed” economic theory by a FOOL only.

    “මැතිවරණයේදී එන් එම් වැනි උගතුන් ගෙදර යවා හැබිචෝල් කාරයින් පවා අලියා ලේබලය යටතේ රජ ගෙදරට යවන්නට තරම් එකල සිටි ජනතාව උම්බලකඩ කෑල්ලට, පරිප්පු මිටට වහල් වූහ.” – even more rubbish.

    If you think PhD as “උගතුන්” this governement also have PhD’s. Last governement had Mervyn Silva and many more. You also had Professors.
    How about Lalith, Gamini, JR etc. ? Are they හැබිචෝල් කාරයින් ?

    Actually, I remember going to the houses of හැබිචෝල් කාරයින් to buy a loaf of bread. That I cannot forget, because when I saw these හැබිචෝල් කාරයින් giving touching bread I wanted to vomit. These hooligons do not surely wash hands I thought. You can’t entrust cleanliness to these හැබිචෝල් කාරයින් just because they were LSSP party members.

    That indeed was a DARK ERA and Sri lankans got rid of “7 year curse” rightly and They rightly considered JR was the most suited to job. Nothing worng in that.

    JR had that opportunity but wasted. Replace “M” with “J” and repeat.

    “අප අද එදා නොතිබුන තරම් පරිප්පු කෑවත්, ඒ පරිප්පු එදා නොතිබුනා කියා අපේ ළමා වියේ සතුටට අඩුවක් වූ බවක් නම් අපට මතක නැත” – kids in africa too happy, so are those aboriginal kids living in extreme poverty.

    Yes, I agree people lived happier life those days regardless of failure of governement, because THEY DID NOT HAVE FEAR.
    FEAR was intorduced by then JVP and Premadasa in 1989. I consider this as the DARKEST PERIOD in Sir Lankan history, ended at the death of Premadasa.

    Although LTTE was defeated by again sacrificing lives of Sinhala kids mainly, huge FEAR was creeping in again, under Rajapaksas who were in a mission to completely destroy our Sinhala Buddhist culture and imposing a හැබිචෝල් , Murderous COLOMBIAN culture . Even Judges ( appointed by MR) became හැබිචෝල් කාරයින්, some of them they still are .
    THAT too sure was a DARK ERA and people rightly got rid of it again.

    Now there is a different kind of FEAR and DARKNESS. Are we to bring back the same හැබිචෝල් කාරයින් without ANY amendment to accept and correct their mistakes?
    No. This has to be stopped. FEAR has to be imposed in PPOLITICIAN’s mind not in people’s mind.

  6. S.Gonsal Says:

    We can see the හැබිචෝල් culture of MR by reading comment of people like Ananda-USA, the proud American. If someone is against MR , he keeps nothing back calling him Addo Yakko, Katussa, kalavedda , Gon , traitor ,….etc. This is the murderous culture of supressing those who speak against injustice ( mainly against poor Sinhalse Buddhists ). හැබිචෝල් culture spreaded form USA to Ukrain with SriLankan Airways doing the transport service.

  7. Christie Says:

    More and more Indian colonial parasites became wealthier and wealthier during N M days. His direct financial backer Captain is the best example.
    Lentils are not grown in the island. Lentils and Urid are Indian colonial parasites staples.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress