විටෙන් විට මතුවන අධිවේගී අවතාරය හා නීතියේ අවභාවිතාව
Posted on December 3rd, 2016

දුෂාන් ලියනගම

ඇත්්ත කොහොමත් තිත්තය. එහෙත් නොලියාම බැරිය. මධ්‍යම අධිවේගයේ සැලසුම හතර වතාවක්ම වෙනස් වුණි. ඒ තාක්‍ෂණික කරුණු මත නොව දේශපාලකයින්ගේ ඉඩකඩම් හා දේපල බේරාගන්නට ගිය පුද්ගලික කරුණු මතය. සිදුවුන අලූත් කසාද මත මනමාලියගේ පාර්ශවය මනාලයාගෙන් කළ ඉල්ලීම පරිදි කොළඹ සිට නුවර යන මාර්ගය වෙනස් වුණ.ි බුලුගහගොඩ පැත්තේ පෙට‍්‍රල් ස්ටේෂමක් බේරා ගනිද්දී පල්ලේවෙල පෙට‍්‍රල් ස්ටේෂමක් යට වෙයිිි. වෙල් හරහා යන්නට තිබියදි ගොඩ ඉඩම් හරහා යන අධිවේගය එසේ යන්නේ කාගේ උවමනාවකටද යන්න දැනගත යුතුය. ගම් බිම් හරහා පස් කැපෙති. කදු පාත්වෙති. පොල් ගස් බිම හෙලති. අයිතිකරුවන් සමග ගණුදෙනුවකට යා හැකි නම් පොකැට්ටුවට හොදය. නොහොද වන්නේ ජනතාවටය. පරිසරයටය. සතා සිව්පාවාටය.
අධිවේගයට පරිසර බලපෑම් වාර්ථාවක් නැත. ශක්‍යතා වාර්ථාවක් නැත. වැය ඉංජිනේරු වාර්ථාවක් නැත. ටෙන්ඩර් කැඳවීමක් නැත. ජනමතයක් ද නැත. ඇත්තේ  ඕනෑම ගොනෙකුට වුවද යුද්ධ කළ හැකි ඇමතිවරයාත්, ආණ්ඩුවේ වැටුපෙන් හා බෙන්ස් රථයෙන් වැඩට එන හා එසේ එද්දී සිකුරිටි ලව්ව වාහනයේ දොර ඇරගන්නාවූත් අමාත්‍යාංශ පරිශ‍්‍රයේ දැක්ක දුටු තැන හුනස්නෙන් නැගී සිට ආචාර කළ යුතුවූත් තම දෝණියත්, ඔව් සර්, යර්ස් සර් යැයි හූ මිටි තබන නිළධාරින් අතලොස්සකුත් පමණි. මොවුන් කිසිදු ජනතා අදහසකට ඇහුන්කන් දීමට සූදානම් නැතියx කිරිඇල්ල ඇමතිවරයා වටේට 54 දෙනෙකුගෙන් යුත් ජම්බෝ උපදේශන ගැංසිය බලා හදා ගැනීමට යා යුතු එකම තැන කොළඹ පැලවත්ත ම`ගනැගුම ගොඩනැගිල්ලේ කැන්ටිම වෙතය. ඒ දහවල් 12ට පමණය. ඇතිතරම් ලෑුමට දක්ෂ මේ අය ගැන මට නම් ඇත්තේ අනුකම්පාවකි. එහෙත් ඔවු සර් හා සර් කියනා ඉංජිනේරු මහත්වරුන් සම්බන්ධයෙන් නම් මට ඇත්තේ හිරිකිතයකි. මෙලෝ රහක් නැති මොන මල ඉලවුවක්වත් නොදන්නා කිරිඇල්ල දෝණි මැඩම්ට බක්කිය අල්ලන ඉංජිනේරු සභාපතිවරයා ද යූ එන් පී හෙන්චයියෙකි. මෙවන් සීනි කිරන්නන් මොනවට විශ්වවිද්‍යාලවල ගොස් උපාධි ගත්තේ දැයි මම අසමි. මොවුන්ගේ පෞර්ෂය තිබිය යුත්තේ වැසිකිලි වලේ මිස සභාපති පුටුවේ නම් නොවුනු ඇත. ජනතාවගේ පැත්තෙන් සාධාරණව කල්පනා කිරිමට තරම්වත් දයාවක් නැති මෙවන් දේශපාලන සුමනදාසලා රාජ්‍ය අංශයට මහා අපලයකි. වින්නැහියකි. පිලිකාවකි. දැනට කෙරෙමින් පවතින මධ්‍යම අධිවේගය මේ බැව් මොනවට පැහැදිලි වෙත්ද?
මුල සිටම කළේ වැරදි දේවල්ය. කිසිදු දැනුම් දීමකින් තොරව මායිම් වැටවල් උඩින් ගෙවතු හරහා මැනීම් කටයුතු කළ බව අපි දනිමු. ඇතැම් විට ගස්කොලන්වල අතු කපා පාහින ලදි. මේවා සිදු කරන ලද්දේ ගෙහිමියන් තම නිවෙස් වල නොසිටි අවේලාවකයි. මෙය සම්පූර්ණයෙන්ම නීති විරෝධි වූවකි. ඊළගට මොකක් හෝ කොළ කෑල්ලක් අතට දී මෙයට අත්සනක් යොදන ලෙසට කියති. ඒ එහි අන්තර්ගතය ගැන කිසිදු සදහනක් නොකරමින්ය. බහුතරයකගේ දේපල පවරා ගත්තේ එලෙසිනි.
නිළධාරින්ට පවරා ඇත්තේ රාජකාරියකි. තම අතට දුන් පොරෝම කොල මිටිය අත්සන් ලබා නැවත ආපසු කාර්යාලයට භාරදුන් විට රාජකාරිය හමාරය. ඊලගට ඇත්තේ තමන්ට හිමි සන්තෝෂ දිරි දීමනාව ලබා ගැනීමය. ජනතාවට ඇති තරම් බොරු කියා සිහින මාලිගා පෙන්වූ ප‍්‍රාදේශිය ලේකම්වරු දේශපාලකයින් ඉදිරියේ  සුවච කීකරු ගෝලබාලයින්ගේ භූමිකාව රඟති. මුලූ රටටම සුදු අලි පරම්පරාවක් බවට පත්වී ඇති පරිපාලන විජ්ජාකාරයන් දේශපාලකයන්ට බොරු කියති. ඉහල නිලධාරින්ට බොරු කියති. පහලින් ජනතාවට ද බොරු කියති. මෙහි ලොකුම බොරුව වන්නේ ඉදිරියෙන් අවුරුදු 20කටවත් බලා ඉඩම් ගණනය කරන බවට කියූ බේගලයයි. එය කෙමින් කෙමින් අවුරුදු 10 බවට පත්විය. පසුව 5 විය. දැන් බිංදුවයි. කිසිදු ඉදිරි වටිනාකමකට දේපල ගණනය නොවනු ඇත. ඒ බැව් නිකුත් කළ ‘කරුණාසහගත’ වන්දි ක‍්‍රමය තුල ඉතා පැහැදිලිය. එහි කිසිදු කරුණාවක් නැත. තම දේපල ඉඩ කඩම් හා උරුමය බලහත්කාරයෙන් ගන්නට සැරසෙන යහපාලන ආණ්ඩුවේ කෙරුවාව තව දුරටත් පැහැදිලි කිරිම අවශ්‍යය.
රටක සංවර්ධනය යනු කුුමක්ද? එය හුදෙක්ම රජය විසින් ම දියත් කල ව්‍යාපෘති පමණක්මද? පුද්ගල මට්ටමින් කළ හා කෙරෙන දායකත්වය රටේ සංවර්ධනය නොවේද? එය විදේශ රටකින් එවන ලද මුදල් විය හැකිය. එය දේශීයව ඉතිරිකර ගත් මුදලක් විය හැකිය. බැංකු ණයක් විය හැකිය. මේ මොන ක‍්‍රමයෙන් හෝ ඉදිකරන ලද මං මාවත් ප‍්‍රජා ශාලා ගොඩනැගිලි රටේ සංවර්ධනය නොවේද? එහෙත් සිදුවන්නේ හුදු නීති රීති තුල පමණක් පිහිටමින් ඒකමතික හා අන්තනෝමතික තීන්දු ගැනීමයි. පුද්ගල සංවර්ධනය පසෙක තබා එක් කාරණාවක්ම ඔලූවෙ තබා ගෙන තනි තනි වශයෙන් ඒ ඒ විෂය භාර ඇමතිවරු ක‍්‍රියා කිරිමයි. ඊට කදිම උදාහරණය අධිවේගයයි. මනා ලෙස ඉදිකරන ලද ගෙවල් දොරවල් මෙන්ම වසර 100කටත් වඩා පැරණි අපේ දේශීය වාස්තුවිද්‍යාව පිලිඹිබු වන ඵෙතිහාසික වටිනාකමින් යුත් නිවාස පවා සමතලාවන අධිවේගවලින් ඇති ඵලය කිම? අවසානයේ ඉතිරි වන්නේ වේගය පමණි. කාලය ඉතිරි කරගත් රොබෝ රැුලක් පමණි. මේ කිසිවත් අධිවේගි සැලසුම් තුල සලකා නොබැලිම මොන තරම් පාපයක්ද? මෙය සිදුවන්නේ සමස්ත සැලසුම් ක‍්‍රියාවලිය ගූගල් තාක්‍ෂණයට බාරදීමෙන්ය.  මහ පොලොව මත ඉරි අදින්නේ කොළඹ සීතල කාමරයක කොම්පියුටරයක ආධාරයෙන් එකම එක සැලසුම් ඉංජිනේරුවරයකු අතින්ය. එය මහ පොලොව මත දිග හැරෙද්දී සිදුවන පාරිසරික හා සාමාජීය අකටයුතුකම් නොගැලපීම් යනාදිය ගූගල් තාක්‍ෂණයට ගෝචර නොවනු ඇත. දේශපාලන හයිය මත පමණක් සැලසුම වෙනස් වෙයි. එය ජන හ`ඩ මත වෙනස් නොවෙයි. එය යහපාලනයක් වන්නේ කෙසේද?
ඇමතිවරයා විසින් මෙය විශේෂ ව්‍යාපෘතියක් ලෙස නම් කිරීම සද්භාවයෙන් කරන ලද්දක් නොව වන්දි ගෙවීම අඩු මට්ටමින් පවත්වාගෙන යාමත් හා ප‍්‍රමාද කිරිමත් අරමුණු කරගෙන කරන ලද්දක් බව පැහැදිලිය. විශේෂ ව්‍යාපෘතියක් වන්නේ හදිසි ජාතික අවශ්‍යතාවක් ස`දහා ජනතාව ඉතාමත් කෙටි කලකින් පදිංචි ස්ථානවලින් ඉවත් කරගැනීමට හැකිවන පරිදි අවශ්‍ය නීති රාමුව තුල සිට කෙරෙන ව්‍යාපෘතීන්වලට පමණි. උදාහරණයකට නාය යෑමකදී අවතැන් වූවන් ස`දහා ඉඩම් ලබා දීමේදී පවතින ඉඩම් අත්පත් කර ගත්තේ එම විශේෂ ව්‍යාපෘති යටතේය. ඒ අනුව වන්දි ගැන කතා කරන්නේ අත්පත් කර ගැනීමෙන් පසුවය. එවිට දේපල අහිමිවන්නන්ට සිදු වන්නේ දෙන දෙයක් කා වෙන දෙයක් දිහා බලාගෙන සිටීමටය. ඒ අනුව නඩුත් බඩුත් දෙකම ආණ්ඩුව අතේය. එහෙත් අධිවේගය එසේ වන්නේ කෙසේද? අධිවේගය සැලසුම් කරන ලද ව්‍යාපෘතියකි. හතර පස් වතාවක් සංශෝධිත සැලසුමකි. ඒ තාක්ෂණික වුවමනාවක් මත නොව දේශපාලන වුවමනාවක් මතය. තත්වය එසේ නම් විෂය භාර ඇමතිවරයා මෙහිදී කර ඇත්තේ පවතින නීතිය අමු අමුවේ සුදුසු නැති වෙලාවක යොදා ගැනීමකි. කොටින්ම අවභාවිතාවකි. දැන් නිලධාරින් අනුගමනය කරන්නේ එම අවභාවිත රාමුව තුල පිහිටා සිටය.
කොට්ටාවෙදී මුදල් වෙනුවට වටිනා ඉඩම් ලියා ගත් අයෙකු මට හමු විය. ගාල්ලට කිට්ටුවෙන්ම රු.5000ක් පමණ වටිනා ඉඩමකට රු. 35000ක් පමණ වන්දියක් ලබා ගත් බව කියු වෙන අයෙකුද මට හමු විය.මේ අතරේ කොට්ටාවට ආසන්නයේම තවත් 8 දෙනෙකුම තමන්ට ලැබුනේ ඉතාමත් අඩු තක්සේරුවක්යැයි කියමින් උසාවියේ තවමත් රස්තියාදු වන බවද දැනගන්නට ලැබුණි. මෙසේ අසාධාරණ කතා පෙලකින් හමාර වුණ දක්ෂිණ අධිවේගයෙන් ලත් අත්දැකීම් කියාපාන පාඩම කුමක්ද? පු`ඵ පු`ඵවන් එකා නිළධාරින් ලවා තම ගතමනාව සරි කර ගන්නා බවත් බැරි එකාට අවසානයේ ඉතිරි වන්නේ රස්තියාදු උසාවිය පමණක්ම බවත්ය. මේ අතර දක්ෂිණ අධිවේගයේ හිටපු උසස් නිලධාරියෙකු මේ වන විට තේ ප‍්‍රැක්ටරි අයිතිකරුවෙකු බවද ආරංචි විය. ජනතාවට දැන් ඉතිරිව ඇත්තේ කුමක්ද? තම උරුමය තුට්ටු දෙකට පාවා නොදී තව දුරටත් නිලධාරින්ගේ බොරු බේගල්වලට නොරැුවටී තම දේපල ඉඩකඩම්වලට දැනට පවතින වෙළදපල මිල හා නැවත තමාට අද සිටිනා ආර්ථික හා සමාජීය පසුබිම ළගාකර ගැනීමට අවැසි මුදල එක විට එක වර අතට ලැබෙන තුරු තම උරුමය පවරා නොදී සිටීමයි. විතැන්වීමට අනුබල නොදීමයි. සියල්ල ලිඛිතව සෑහිමකට පත්වන ආකාරයට සිදුවන තුරු ඉන්නා තැන් වලින් එක අඩියක් හෝ නොහෙල්ලීමයි. කිසිදු ආකාරයේ බලපෑම් නියෝගවලට යටත් නොවීමයි. ගස් හෙලීමට හෝ පස් කැපීමට හෝ පිරවීමට ඉඩ නොදීමයි. කිසිදු නිලධාරියෙකුට ප‍්‍රතිචාර නොදැක්වීමයි. එවිට බොහෝ දේවල් නිවැරදි වනු ඇත. නීතියේ ආධිපත්‍යය රදා පවතින්නේ රටේ ජනතාව එය පිලිගන්නා තාක් කල් පමණි. බීරි අලි මෙන් හිදිනා දේශපාලකයින්ව අවධි කළ හැක්කේ එවිටය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress