අපේ පොලිස්‌පති
Posted on December 4th, 2016

(වාක්‍ය රචනයකි) Divaina
ඉතා ලස්‌සන උඩරට කොල්ලකු වන, පොලිසියට බඳවාගනු පිණිස පත්වීම් ලිපිය/ සම්මුඛ පරීක්‍ෂණ ලිපිය එද්දී කුඹුරු කොටමින් සිටි, මඩ සෝදාගත් විට පමණක්‌ පොලිස්‌පතිකමට සුදුසු පූජිත් ජයසුන්දර මැතිතුමා පොලිස්‌ සැමරුම් දිනය නිමිත්තෙන් රත්නපුරේ පැවැති උත්සවයක කතා කරමින් සිටියදී දුරකථන ඇමතුමකට උත්තර දෙන්නට ගොස්‌ නපුරු මිනිසුන්ගේ අභූත චෝදනාවලටත් නොමනා මනුෂයන්ගේ සිනහවටත් ලක්‌ව සිටින්නේය. එදා ඔහුට දුරකථනයෙන් කතා කළේ ‘සර්’ කෙනෙකි. ඒ බව අප දන්නේ දැනට අන්තර්ජාලයේ තිබෙන විනාඩියක්‌ පමණ වන එම දුරකථන සංවාදය තුළ ඔහු අට වතාවක්‌ සර් කියන නිසාය. මේ කාරණය සම්බන්ධයෙන් වාක්‍ය රචනයක්‌ ලිවීමේදී පොලිස්‌පති ජයසුන්දර සර් කියනු ඇත්තේ කාට කාටද යන්න විපරම් කර බැලීම වැදගත්ය. ඒ අනුව අපගේ උපකල්පනයන් නිවැරදි නම් ඔහු වැනි රජයේ නිලධාරියකුට සර් කීමට සිදුවනු ඇත්තේ පහත සඳහන් අයවලුන්ටය. එනම්,

1. ජනාධිපතිට

2. අගමැතිට

3. ආරක්‍ෂක ඇමැතිට

4. සෙසු ඇමැතිවරුන්ට

5. නියෝජ්‍ය ඇමැතිවරුන්ට

6. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට

7. ආරක්‍ෂක ලේකම්ට

8. බලයේ සිටින දේශපාලන පක්‍ෂයට අයත් ඉහත සඳහන් කැටගරි එකකටවත් අයිති නැති බලගතු දේශපාලන හාල්පාරුවන්ට

9. තමන්ට ඉගැන්වූ සර්ලාට

ප්‍රසිද්ධ සභාවක්‌ ඉදිරිපිට කතාවක්‌ පවත්වන විට එය අතරමඟ නවතා ජංගම දුරකථනවලට උත්තර දීමේ සිරිතක්‌ නැත. එහෙත් අපේ පොලිස්‌පති එවැනි මෝඩ සම්ප්‍රදායයන්ට පයින් ගසන්නෙකි. දහසක්‌ ඉදිරිපිට වුවද ‘සර්’ කතා කරන විට සර්ට උත්තර දීමේ උතුම් ගුණාංගය ඔහුට තිබේ. කිසියම් නිලමේ කෙනෙකු ගැන සඳහන් කරන ඔහු මම නිලමේ අත්අඩංගුවට නො ගන්නා බවත්, කාටත් සාධාරණය විය යුතු බවත් දිගින් දිගටම කියයි. එමතු ද නොව එම අත්අඩංගුවට ගැනීම සිදු නො කරන බව ඔහු සහතික කරයි. ඔහු දිවුරා පොරොන්දුවක්‌ නොදෙන නමුත් සර් තෘප්තිමත් කරන්නට දිය හැකි හැම වචනයක්‌ම දෙයි. ඔහුට කතා කරන සර් ඉමහත් පීඩනයක්‌ යොදන බව පෙනෙයි. මොකාද මේ සර්. සක්‌විති සර් නම් දැන් හිරේ ය. මේ වෙන බලගතු සර් කෙනෙකි.

අපගේ ඊළඟ ප්‍රශ්නය වන්නේ නිලමේ කවුද යන්න ය. ඔහුගේ නම නිලමේද? එය හීන් නිලමේ, පුංචි නිලමේ, පොඩි නිලමේ වැනි නමක්‌ද? එහෙමත් නැත්නම් ඔහු දේවාලයක නිලමේ කෙනෙක්‌ද? එසේ නම් ඒ කවර දේවාලයක නිලමේද? දුරකථන සංවාදයේ හැටියට මේ නිලමේ සිටින්නේ අත්අඩංගුවට පත්වීමේ අවදානම උඩය. කෙසේ වුවද ජනාධිපතිතුමා මේ ගැන පරීක්‍ෂණයක්‌ ඉල්ලා ඇත. එතුමා කියන්නේ පොලිස්‌පතිගේ ක්‍රියාව වැරදි බවය.

රටත් කා, ගමත් කා, දේවාලත් කා තමන් සම්බන්ධ වූ ආයතනත් කා දැමූ නිලමේලා පහුගිය ආණ්‌ඩුවේ සිටියහ. ඒත් මේ ආණ්‌ඩුවේ එහෙම නැත. ඒ කියන්නේ නිලමෙලා නැත. එහෙත් හොරු ඇත. ඒ හොරු දේශපාලනඥයන් සමඟ එක්‌ව රජයේ නිලධාරියාට දස වද දෙති. බලපෑම් කරති. පසුගිය 30 වැනිදා පොලිස්‌පති පූජිත් ජයසුන්දරට ආ දුරකථනයේ එහා කෙළවරේ සිටියේ එවැනි දේශපාලන සර් කෙනෙක්‌ නොවිය හැකිද?

 

6 Responses to “අපේ පොලිස්‌පති”

  1. Christie Says:

    What about the Police commissioners and all sorts of lawyers including judges.

  2. S.Gonsal Says:

    This is the very problem made us slaves of Indian Empire. Bloody corrupt politicians and police !

    Previous buggers used police to kill people. Current buggers are a disgrace to the word Yahapalanaya.

  3. Samanthi Says:

    අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදීම ස්ථිරයි!
    ශ්‍රීලනිපයේ එජාප වහලුනි, මවුබිම පාවා නොදෙනු.
    මහින්ද උස් හඬින් ලියයි.
    ________________

    නව ව්‍යවස්ථවක් සදහා ඉදිරිපත් කර ඇති කෙටුම්පත සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අදහස් පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.

    මෙහි දැක්වෙන්නේ එම නිවේදනයයි.

    රටේ සියළු කලබල අස්සේ සිදු කෙරෙන ව්‍යවස්ථා සංශෝධන වැඩපිළිවෙල

    මෙවර අයවැය කෙරෙහි කාගෙත් අවධානය යොමුවී තිබෙන අතරතුර ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ අනුකමිටු හයක යෝජනා සහිත වාර්ථා පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබුවේය. එයත් සමගම ආණ්ඩුවේ ඇමතිවරුන් මේ ව්‍යවස්ථා සංශෝධන යෝජනාවල රටේ ඒකීයභාවය හෝ බුදු දහමට ඇති විශේෂ තත්වය අහෝසි කිරීමට හෝ උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට යෝජනා ඇතුළත් නැතිබව කියමින් ඒවාට මහනායක හිමිවරුන්ගේ සහයෝගය ලබා ගැනීමට කටයුතු කරන ආකාරය අපි දුටුවෙමු. එපමණක්ද නොව අයවැය සම්බන්ධයෙන් ඇති වූ උද්ගෝෂණ, වැඩවර්ජන ආදී සියල්ල පසෙක තිබියදී ජනාධිපතිවරයාත්, පාර්ලිමේන්තුවේදී බලය බෙදීමේ වැදගත්ගම ගැන කතා කලේය.

    මේ අතරතුර, ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට දිගට හරහට රථ වාහන, විශේෂ දීමනා යනාදී වරදාන බෙදන හැටි අපි දුටුවෙමු. මේ සියල්ල ලග එන බරපතල ජාතික උවදුරක පෙර නිමිතිය.

    පසුගිය ජනාධිපතිවරණයේදී අද මේ ආණ්ඩුවේ සිටින නායකයන් ජනතාවට ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් දුන් ප්‍ර‍ධානම පොරොන්දු දෙක වූයේ විධායක ජනාධිපති ක්‍ර‍මය අහෝසි කිරීම හා මැතිවරණ ක්‍ර‍මය සංශෝධනය කිරීමයි. නමුත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසින් පත්කොට තිබෙන අනුකමිටු එකක්වත් මේ ප්‍ර‍ධාන කාරණා දෙක ගැන අවධානය යොමුකොට නැත. ඒ වෙනුවට අපට ලැබී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී අඩු වශයෙන් සදහනක්වත් නොකෙරුණු කාරණා ගැන අනුකමිටු වාර්ථා හයකි.

    අයැවැයේ ගැටළු හරියට විසදන්නෙත් නැතුව ව්‍යවස්ථාව සංශෝධන ගැන කතාකිරීමේ අවස්ථා සම්බන්ධය, පැහැදිලි වන්නේ ව්‍යවස්ථා සංශෝධන පිළිබද අනුකමිටු වාර්ථා කියවා බැලූ විටය.

    අපේ ව්‍යවස්ථාවේ ‘ඒකීය ස්වභාවය’ නිසා පලාත් සභාවල කටයුතු වලට ‘බාධා’ පැමිණෙන බව මධ්‍ය හා පර්යන්තය පිළිබද අනුකමිටු වාර්ථාවේ එළිපිට සදහන් කොට ඇත. ඒ අනුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ ඇතැම් අනුකමිටු විසින් ‘ඒකීය’ යන වචනය ව්‍යවස්ථාවෙන් ඉවත් නොකොට රටේ ඒකීය භාවය අවසන් කිරීම සදහා යෝජනා ගණනාවක්ම ඉදිරිපත් කර ඇත. මේවා අතරින් කීපයක් පමණක් ගෙනහැර දැක්වීමට මම කැමැත්තෙමි.

    පලාත් ආණ්ඩුකාරවරුන්ගේ සියළු බලතල අහෝසි කිරීමට මධ්‍ය හා පර්යන්තය පිළිබිද අනුකමිටුව විසින් යෝජනා කර ඇත. පළාත් සභාවල සම්මත කරන අනපන් වලට අනුමැතිය දීමේ බලය ආණ්ඩුකාරවරයගෙන් ඉවත් කොට පලාත් සභාවේ සභාපතිවරයාට පැවරීමටත්, තමාගේ අනුමැතිය සදහා එවන අණපනත් වලට සංශෝධන යෝජනා කරමින් ආපසු පලාත් සභාවට යැවීමට ආණ්ඩුකාරවරයාට ඇති බලයත්, පලාත් සභා අණපනත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සදහා ජනාධිපතිවරයාට යොමු කිරීමට ආණ්ඩුකාරවරයාට ඇති බලයත් අහෝසි කිරීමට යෝජනා වී ඇත. එපමණක්ද නොව ආණ්ඩුකාරවරයා පත් කිරීම මහ ඇමතිවරයාගේ අනුමැතියට යටත්ව සිදු කිරීමටත්, ඔහු සැමවිටම මහ ඇමතිවරයාගේ හා පලාත් ඇමති මණ්ඩලයේ උපදෙස් මත ක්‍රියාකල යුතු බවටත් යෝජනා වී ඇත. අපේ බලය බෙදීමේ ක්‍ර‍මය පදනම් වී ඇත්තේ ඉන්දියානු ආකෘතිය මතය. ලංකාවේ පලාත් ආණ්ඩුකාරවරුන්ගේ බලතල ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ගේ බලතල සමග සම්පූර්ණයෙන්ම සමගාමී වේ. ඉන්දියාවේ මෙන්ම ලංකාවේත් පලාත්සභා හා ප්‍රාන්ත මධ්‍යම ආණ්ඩුව සමග සම්බන්ධ වන්නේ ආණ්ඩුකාර ධූරය හරහාය. ආණ්ඩුකාරවරයාගේ බලතල අහෝසිකලහොත් ඉන්දියාවට මෙන්ම ලංකාවටත් ඒකීය රාජ්‍යන් හැටියට පැවතිය නොහැක.

    මධ්‍යම ආණ්ඩුව මෙන්ම පලාත්සභා වලටත් හෙබවිය හැකි සමගාමී බලතල ලැයිස්තුව අහෝසි කිරීමටත් එම බලතල පලාත්සභා වලට දී පලාත්සභා‘වෙනම බලප්‍රදේශ’ බවට පත් කිරීමට යෝජනා වී ඇත. මේ පරමාර්තය මුදුන්පත් කිරීම සදහා මධ්‍යම ආණ්ඩුව යටතේ කටයුතු කරන දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශිය ලේකම්වරුන් පලාත් සභා යටතට පත්කල යුතු බවටත්, පලාත් රාජ්‍යසේවා කොමිසම් වලට තම පලාතට අවශ්‍ය රජයේ සේවකයන්ගේ ගණන මහා භාණ්ඩාගාරයේ අනුමැතියට යටත් නොවී ස්වාධීනව තීන්දු කිරීමට බලතල පැවරීමටත් යෝජනා වී ඇත.
    මධ්‍ය හා පර්යන්තය පිළිබද අනුකමිටුවේ තවත් යෝජනාවක් වන්නේ රජයේ ඉඩම් සම්බන්ධ සියළු බලතල පලාත්සභා වලට පැවරිය යුතු බවයි. ඒ අනුව පලාතක තිබෙන රජයේ ඉඩමක් භාවිතා කිරීම සදහා මධ්‍යම ආණ්ඩුවට පලාත් සභාවේ අනුමැතිය ලබාගැනීමට සිදුවෙනු ඇත. ඉන්දියාවේ නම් මධ්‍යම ආණ්ඩුවට යම් ප්‍රාන්තයක ඇති ඉඩමක් අවශ්‍ය වුවහොත් ප්‍රාන්ත ආණ්ඩුවේ කැමැත්ත හෝ අකමැත්ත නොතකා එම ඉඩම භාවිතා කිරීමට මධ්‍යම ආණ්ඩුවට සියලු බලතල ඇත.
    පොලීසිය නීතිය හා සාමය අනුකමිටුව විසින් පොලිස් බලතල පලාත් සභාවලට ලබාදිය යුතු බවට යෝජනා කර ඇත. ඒ අනුව පොලිස් සේවය ජාතික පොලීසියත්, පලාත් පොලිස් සේවාවන් නවයකටත් බෙදෙනු ඇත. රජයට එරෙහි අපරාධ, රාජ්‍ය දේපල සම්බන්ධ අපරාධ, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, අධිකරණ හා රාජ්‍ය නිලධාරීන්ට එරෙහි අපරාධ, මැතිවරණ හා මුදල් නෝට්ටු සම්බන්ධ කාරණා සහ ජාත්‍යන්තර අපරාධ ජාතික පොලීසියේ කාර්යභාර්ය වන අතර අනෙක් සියළුම වැඩ කටයුතු එනම් අපරාධ, වංචා, මත්ද්‍ර‍්‍ය, රථවාහන ඇතුළු සියළුම එදිනෙදා පොලිස් කාර්යභාර්යයන් පලාත් පොලිස් සේවාවන් වලට පැවරෙනු ඇත. යම්කිසි විමර්ශනයක් ජාතික පොලීසිය යටතේ පවතින ඒකකයකට මාරුකල හැක්කේ අදාල පලාතේ පොලිස් කොමසාරිස්වරයාගේ එකගතාවය මත පමණි. පලාත් පොලිස් සේවයන් තම තමන්ගේ පුහුණු කටයුතු කරගනු ඇති අතර ඒ ඒ පලාත්වල පොලිස් නිලධාරීන් භාවිතා කරන ගිනි අවි වර්ග හා ගණන තීන්දු කරනු ලබන්නේ පලාත් පොලිස් බලධාරීන්ගේ අනුමැතිය පරිදිය. පලාත් පොලිස් වල වැඩකටයුතු සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට කිසිදු අධීක්‍ෂණ බලයක් හිමිනොවනු ඇත. පලාත් පොලිස් සේවාවන්වලට සාමාජිකයන් බදවා ගැනීම සදහා භාෂාව හා පදිංචිය පිළිබද නිර්නායකයන් යෙදීම හේතුවෙන් උතුරු හා නැගෙනහිර පලාත්වල පොලිස් සේවාවන් ජාතිය හා භාෂාව අනුව ජාතික පොලීසියෙන් මෙන්ම සෙසු පලාත්වල පොලිස් සේවාවන් වලින්ද වෙන්වනු ඇත. පලාත් පොලිස් සේවාවන් අතර ස්ථානමාරු සිදු නොවන නිසා උතුරු නැගෙනහිර පොලිස් සේවාවන් හා රටේ සෙසු ප්‍රදේශවල පොලිස් සේවාවන් අතර සම්බන්ධතා නිරායාසයෙන්ම නැති වී යනු ඇත.
    පොලීසිය නීතිය හා සාමය පිළිබද අනු කමිටුවේ තවත් යෝජනාවක් වන්නේ මාස තුනකට කට වඩා වැඩි කාලයක් එක දිගටම හදිසි නීතීය බලපැවැත්වීමට, එසේ නැතිනම් දින 180 ක් තුළ දින 90 කට වඩා වැඩි කාලයක් හදිසි නීතිය ක්‍රියාත්මක වීමට නම් එවැනි දිගු කිරීමක් පාර්ලිමේන්තුවේ ‘විශේෂ බහුතරයකින්’ සම්මත විය යුතු බවය. එපමණක්ද නොව හදිසි නීති ප්‍ර‍කාශනය මෙන්ම හදිසි නීති රෙගුලාසිත් විමර්ශනය කොට ඒවා අහෝසි කිරීමට වුවද අධිකරණයට බලය ලබාදීමට යෝජනා වී ඇත. යම්කිසි තත්වයක් හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට සුදුසුද නැද්ද යන කාරණය ගැන තීන්දුවක් ගැනීමට අධිකරණයට හැකියාවක් නැත. මෙය සම්පූර්ණයෙන්ම විධායකයේ බලයක් විය යුතුය. අධිකරණ, ව්‍යවස්ථාදායක, විධායක වශයෙන් බලතල වෙන්කෙරෙන්නේද එක් එක් ක්‍ෂේත්‍ර‍වල කාර්යභාර්යයන් වෙනස් නිසාය. හදිසි නීතිය පිළිබද මෙවන් යෝජනාවන් ඉදිරිපත් කර තිබෙන්නේ හදිසි තත්වයකට රජයට සුදුසු පරිදි ප්‍ර‍තිචාර දැක්වීමට නොහැකිවන ආකාරයට කටයුතු යෙදීමට බව ඉතා පැහැදිලිය. ශ්‍රී ලංකා රජය ඒ ආකාරයට බෙලහීන කිරීම ඇතැම් පාර්ශව වල උවමනාව බව ජනතාව දනී.
    ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට විනිශ්චයකාරවරුන් පත් කිරීමේදී එම තනතුරුවලට සුදුස්සන් ව්‍යවස්ථාදායක මණ්ඩලයට යෝජනා කල යුත්තේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගෙන් සෑදුණු මණ්ඩලයක් විසින් යැයි අධිකරණය පිළිබද අනුකමිටුව යෝජනා කර ඇත. මේ මණ්ඩලය අග්‍ර‍විනිශ්චයකාරවරයා විසින් පත්කල යුතු වන අතර එසේ කිරීමේදී නීතිපතිවරයාගෙන් හා නීතීඥ සංගමයේ සභාපති වරයාගෙන් අදහස් විමසා සිටිය යුතු වෙයි. නීතිඥ සංගමය යනු අතිශයින්ම දේශපාලනීකරණය වූ ආයතනයකි. වරක් මෙහි සභාපතිවරයා හැටියට සිටියේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඊට පසු එම තනතුර දැරෑ පුද්ගලයා මගේ ආණ්ඩුව පෙරලීමට නීතිඥ සංගමයත් භාවිතා කොට යහපාලන ආණ්ඩුවේ ඉහල දේශපාලන පත්වීමක් ලබා ගත්තේය. නීතිඥ සංගමය ලංකාවේ දේශපාලනයට ඍජුවම මැදිහත් වී සිටින විදේශීය බලවතුන්ගෙන් මුදල් හා විශේෂ ගමන් යනාදිය ලබා ගන්නා ආකාරය මාධ්‍යයේ පල වී ඇත. මෙවැනි ආයතනයකට මොනම හේතුවක් යටතේවත් ඉහලම අධිකරණවල විනිශ්චයකාරවරුන් පත් කිරීම සම්බන්ධයෙන් බලයක් පැවරිය යුතු නැත. එමෙන්ම තමන්ගේ නඩු අහන විනිශ්චයකාරවරුන්ගේ පත්වීම් සම්බන්ධයෙන් බලයක් පුද්ගලික නීතිඥයන්ට ලබාදීමෙන් යුක්තිය පසිදලීමේ මුළු යාන්ත්‍ර‍යම දූෂණයට ලක්වී ඒ පිළිබදව මහ ජනතාවගේ විශ්වාසයද බිද වැටීමට ඉඩ ඇත.
    අධිකරණය පිළිබද අනුකමිටුව විසින් කර ඇති තව චෝදනාවක් වන්නේ රටේ සාමාන්‍ය උසාවි පද්ධතියට පිටින් විනිශ්චයකාරවරුන් හා ව්‍යවස්ථා පිළිබද විශේෂඥයන් හත් දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථාමය උසාවියක් පිහිටවිය යුතු බවයි. ව්‍යවස්ථාව නිර්වචනය කිරීම, පනත් කෙටුම්පත් වල ව්‍යවස්ථානුකූලභාවය තීන්දු කිරීම,සම්මත කරන ලද පනත්වල ව්‍යවස්ථානුකූලභාවය තීන්දු කිරීම, මධ්‍යම රජය හා පලාත්සභා අතර ඇතිවන ආරවුල් විභාග කිරීම මේ ව්‍යවස්ථාමය අධිකරණයේ කාර්යභාර්යය වනු ඇත. ව්‍යවස්ථාවට අදාල ප්‍ර‍ශ්නයක් වෙනත් උසාවියක විභාගවන නඩුවකදී පැණ නැගුණහොත් ඒ නඩුව මේ ව්‍යවස්ථාමය උසාවියට යොමු වනු ඇත. වත්මන් ව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථාව නිර්වචනය කිරීමටත් පනත් කෙටුම්පත්වල ව්‍යවස්ථානුකූලභාවය විභාග කිරීමටත් බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණි. එහි මොනම වෙනසක්වත් නොවිය යුතු බව මගේ මතයයි. එපමණක්ද නොව මේ ව්‍යවස්ථාමය උසාවියට පත්කෙරෙන විනිශ්චයකාරවරුන් නොවන ‘ව්‍යවස්ථා පිළිබද විශේෂඥයන්’ කවුරුන් විය හැකිද යන්න ගැන බරපතල සැකයන් පැණ නගී. තවද පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනතක ව්‍යවස්ථානුකූලභාවය විභාග කිරීමට කිසිවෙකුටත් බලය නැතිය යන්න අපේ රටේ මෙතෙක් ක්‍රියාත්මක වූ මූලධර්මයයි.
    අළුත් ව්‍යවස්ථාව බලාත්මක වන අවස්ථාවේදී රටේ බලපැවැත්වෙන නීති තවදුරටත් වලංගු වන්නේ ව්‍යවස්ථාවේ වගන්තිවලට එම නීති අනකූල වන්නේ නම් පමණක්ය යන සාමාන්‍ය සිද්ධාන්තය මේ රටේ ඇතැම් ජනකොටස්වලට අදාල පුද්ගලික නීති වලට බලනොපෑ යුතු යැයි මූලික අයිතීන් පිළිබද අනුකමිටුව යෝජනා කර තිබේ. ඒ අනුව ඇතැම් ජනකොටස්වල පුද්ගලික නීති ව්‍යවස්ථාට පටහැනි වුවත් බලාත්මක වේ. කිසියම්ම හෝ ජනකොටසකගේ පුද්ගලික නීතියකට ව්‍යවස්ථාව හා මූලික අයිතීන් පිළිබද පරිච්ඡේදයටත් ඉහලින් සිටීමට ඉඩදුනහොත් එය අනෙක් ජනකොටස්වලට හිමි නැති වරප්‍ර‍සාදයක් තවත් ජන කොටසකට ලබාදීමක් වනු ඇත. මෙයින් අනවශ්‍ය ජාතික හා ආගමික නොසන්සුන්තාවයක් ඇතිවිය හැකිය.
    ලංකාවේ නීති ක්‍ර‍මයට අනුව, ආණ්ඩුව අත්සන් කරන විදේශීය ගිවිසුම්වල විධිවිධාන එක්වරම දේශීය නීති පද්ධතියට ඇතුලත් වන්නේ නැත. පාර්ලිමේන්තුව විසින් එම ගිවිසුමේ වගන්ති අපේ නීතියට ඇතුලත් කරමින් නව නීති සම්මත කරගත යුතු වේ. අලුත් ව්‍යවස්ථාව බලාත්මක වන අවස්ථාවේදී ආණ්ඩව විසින් අත්සන් කොට තිබෙන නමුත් තවම පාර්ලිමේන්තුව විසින් අපේ නීති පද්ධතියට ඇතුලත් කරගෙන නැති සියළුම ගිවිසුම් අලුත් ව්‍යවස්ථාව සම්මත වී අවුරුදු දෙකක් ඉකුත් වූ පසු මෙරටේ නීති පද්ධතිය තුළට ස්වයංක්‍රීයව ඇතුලත් විය යුතු බවට මූලික අයිතීන් පිළිබද කමිටුව නිර්දේශ කර ඇත. මෙය 1998 දී නිසි සොයාබැලීමකින් තොරව අත්සන් කල නමුත්, මෙම ලියවිල්ල නිසා ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ජිනාවාහි මානව හිමිකම් කමිටුවට යටත් වන බවට පසුව ඇති වූ අවබෝධය නිසා පාර්ලිමේන්තුව විසින් අපේ නීතියට ඇතුලත් නොකර සිටි; සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබද ප්‍ර‍ඥප්තියේ ‘අතුරු ලියවිල්ල’ පස්සදොරෙන් අපේ නීතියට ඇතුලත් කිරීමට ගන්නා නිරුවත් උත්සාහයකි. ඒ ලියවිල්ල ලංකාවේ බලාත්මක වුවහොත් අපේ ශ්‍රේෂ්ඨාධිකරණය විදේශීය අධිකරණයකට යටත් වනවා පමණක් නොව මේ ආකාරයට අවිධිමත් ලෙස විදේශීය ගිවිසුම් ස්වයංක්‍රීයව අපේ නීතියට ඇතුල් වුවහොත් නීති පද්ධතිය තුළ විශාල වියවුලක් ඇති වීමද වැලැක්විය නොහැක.
    මූලික අයිතීන් පිළබද අනුකමිටුවේ ප්‍ර‍ධානම නිර්දේශයක් වනනේ සිංහල හා දෙමළ භාෂා දෙකම ලංකාවේ රාජ්‍ය භාෂාවන් විය යුතු බවයි. 1957 දී එස්.ජේ.වී.චෙල්වනායගම් කලාප සභා ක්‍ර‍මය ඇති කිරීමට යෝජනා කල අවස්ථාවේදී උතුරු හා නැගෙනහිර පලාත්වල බහුතරයක් දෙමළ බස කථාකරන ජනතාව වාසය කරන නිසා එම කලාප සභා දෙකේ පරිපාලනයේ භාෂාව දෙමළ විය යුතු බවත්, එම ප්‍රදේශවල ජීවත් වෙන සිංහල සුළුතරය වෙනුවෙන් සිංහල භාෂාව පාවිච්චි කිරීම සදහා සාධාරණ විධිවිධාන යෙදීමට යෝජනා කලේය. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් මුළු රටටම ආදේශ කලේද එවැනි ක්‍ර‍මයකි. එනම් සිංහල රාජ්‍ය භාෂාව වන අතර දෙමළ භාෂාව පාවිච්චි කිරීම සදහා සාධාරණ විධිවිධාන යෙදීමයි. ඉන්දියාවේ රාජ්‍ය භාෂාව හින්දි වන අතර දෙමළ, මළයාලම්, බංගලි වැනි භාෂාවන් භාවිතා කිරීම සදහා සාධාරණ විධිවිධාන යොදවා ඇත. දෙරටේම ක්‍රියාත්මක වන මේ සාධාරණ ප්‍ර‍තිපත්තිය අනවශ්‍ය අත්හදාබැලීම් තුළින් විනාශ නොකළ යුතු යැයි ආණ්ඩුවට අවවාද කර සිටීමට මම කැමැත්තෙමි.
    ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් මීට වඩා වගකීමිකින් යුතුව කටයුතු කරන ලෙසත් බෙදුම්වාදීන්ට හා විදේශීය බලවතුන්ට අවශ්‍ය කාරණා සාකච්ඡා කිරීමට පෙර මේ රටේ ජනතාවට පසුගිය ජනාධිපති වරණයේදී දුන් ප්‍ර‍ධාන ව්‍යවස්ථාමය පොරොන්දු මුලින්ම ඉටුකල යුතු යැයි මම යෝජනා කර සිටිමි. එමෙන්ම ඉහත සදහන් වූ අතිශයින්ම හානිකර යෝජනා කිසිවක් අවසන් ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් නොවනු ඇතැයි මම විශ්වාස කරමි. මේ ව්‍යවස්ථා සංශෝධන යෝජනා සම්බන්ධයෙන් මහනාහිමියන් නොමග යැවීමට ශ්‍රීලනිප කණ්ඩායමක් යවා තිබීමෙන් පෙනෙන්නේ ‘බෙදීම’ යන වචනය පාවිච්චි නොකර රට බෙදන මේ ව්‍යවස්ථා සංශෝධන හානිකර නොවන දෙයක් හැටියට මහා සංඝරත්නයටත්, මහජනතාවටත් හුවා දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතිකවාදී ප්‍ර‍තිරෑපය පාවිච්චි කිරීමට දුෂ්ඨ වැඩපිළිවෙලක් දියත්වී ඇති බවයි.

    තමන් මේ අවස්ථාවේදී එජාපයට වහල් වී සිටීම හේතුවෙන් ශ්‍රීලනිපය පසුගිය දශක හය මුලුල්ලේ දැරෑ ප්‍රතිපත්ති පාවා නොදෙන මෙන් ආණ්ඩුවේ සිටින සියළුම ශ්‍රීලනිප මැති ඇමතිවරුන්ගෙන් මම ඉල්ලා සිටිමි.

    මහින්ද රාජපක්‍ෂ
    හිටපු ජනාධිපති

  4. S.Gonsal Says:

    I don’t know why the writer attacks IGP mostly when this problem originated long time ago ( may be seventies) due to politicians.

    රටත් කා, ගමත් කා, දේවාලත් කා තමන් සම්බන්ධ වූ ආයතනත් කා දැමූ නිලමේලා පහුගිය ආණ්‌ඩුවේ සිටියහ. ඒත් මේ ආණ්‌ඩුවේ එහෙම නැත. ඒ කියන්නේ නිලමෙලා නැත. එහෙත් හොරු ඇත. ඒ හොරු දේශපාලනඥයන් සමඟ එක්‌ව රජයේ නිලධාරියාට දස වද දෙති. බලපෑම් කරති. පසුගිය 30 වැනිදා පොලිස්‌පති පූජිත් ජයසුන්දරට ආ දුරකථනයේ එහා කෙළවරේ සිටියේ එවැනි දේශපාලන සර් කෙනෙක්‌ නොවිය හැකිද?
    We all know it was Sagala Ratnayake, it was challanged in the parliament by JVP.

  5. Lorenzo Says:

    POLITICAL POLICE FROM PUFF TO POO!

    Yes POO-JITHA is only the continuation of the POLITICAL POLICE.

    However, we CONDEMN POO-JITHA too. You can’t say POLICE WAS ALWAYS POLITICIZED so POO-JITHA is OK. (Gonsal did NOT say that. Just saying.)

    We might remember in 2011 WW was protesting near the UN OFFICE in Colombo. Police tried to stop him. Then came that PHONE CALL supposedly from GR. Police officer was BLASTED mercilessly for doing the right thing!

    Then WW started a FAST UNTO DEATH with only LEMON PUFF to relieve his hunger!!! :(

    (Lets not forget some Tamils who did a fast unto death while secretly GOBBLING cow dung burgers!!)

    The BIG PICTURE ladies and gentlemen.

  6. Lorenzo Says:

    I want GR to be the next president. But that does NOT mean I PRIASE EVERYTHING about GR.

    Praise the GOOD, condemn the BAD.

    Overall GR has MORE GOOD than bad. That is GOOD ENOUGH to be president.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress