රටේ සියලු කලබල අස්‌සේ සිදුකෙරෙන ව්‍යවස්‌ථා සංශෝධනය නිසා බරපතළ ජාතික උවදුරක පෙර නිමිති පහලවෙලා
Posted on December 4th, 2016

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ නිවේදනයක්‌ නිකුත් කරමින් කියයි

රටේ සියලු කලබල අස්‌සේ සිදුකෙරෙන ව්‍යවස්‌ථා සංශෝධන වැඩපිළිවෙළ බරපතළ ජාතික උවදුරක පෙර නිමිති පහල වී ඇති බවත් ව්‍යවස්‌ථා සම්පාදන මණ්‌ඩලයේ ඇතැම් අනුකමිටු විසින් රටේ ඒකීයභාවය අවසන් කිරීම සඳහා යෝජනා ගණනාවක්‌ ඉදිරිපත් කර ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

මෙවර අයවැය කෙරෙහි කාගේත් අවධානය යොමුවී තිබෙන අතරතුර ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ අනුකමිටු හයක යෝජනා සහිත වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබුවේය. එයත් සමඟම ආණ්‌ඩුවේ ඇමැතිවරුන් මේ ව්‍යවස්‌ථා සංශෝධන යෝජනාවල රටේ ඒකීයභාවය හෝ බුදු දහමට ඇති විශේෂ තත්ත්වය අහෝසි කිරීමට හෝ උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට යෝජනා ඇතුළත් නැතිබව කියමින් ඒවාට මහනායක හිමිවරුන්ගේ සහයෝගය ලබා ගැනීමට කටයුතු කරන ආකාරය අපි දුටුවෙමු. එපමණක්‌ද නොව අයවැය සම්බන්ධයෙන් ඇති වූ උද්ඝෝෂණ, වැඩවර්ජන ආදී සියල්ල පසෙක තිබියදී ජනාධිපතිවරයාත්, පාර්ලිමේන්තුවේදී බලය බෙදීමේ වැදගත්ගම ගැන කතා කළේය.

මේ අතරතුර, ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන්ට දිගට හරහට රථ වාහන, විශේෂ දීමනා යනාදී වරදාන බෙදන හැටි අපි දුටුවෙමු. මේ සියල්ල ළඟ එන බරපතළ ජාතික උවදුරක පෙර නිමිතිය.

පසුගිය ජනාධිපතිවරණයේදී අද මේ ආණ්‌ඩුවේ සිටින නායකයන් ජනතාවට ව්‍යවස්‌ථා සංශෝධන සම්බන්ධයෙන් දුන් ප්‍රධානම පොරොන්දු දෙක වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමයි. නමුත් ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලය විසින් පත්කොට තිබෙන අනුකමිටු එකක්‌වත් මේ ප්‍රධාන කාරණා දෙක ගැන අවධානය යොමුකොට නැත. ඒ වෙනුවට අපට ලැබී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී අඩු වශයෙන් සඳහනක්‌වත් නොකෙරුණු කාරණා ගැන අනුකමිටු වාර්තා හයකි.

අයෑවැයේ ගැටලු හරියට විසඳන්නෙත් නැතුව ව්‍යවස්‌ථාව සංශෝධන ගැන කතා කිරීමේ අවස්‌ථා සම්බන්ධය, පැහැදිලි වන්නේ ව්‍යවස්‌ථා සංශෝධන පිළිබඳ අනුකමිටු වාර්තා කියවා බැලූ විටය.

අපේ ව්‍යවස්‌ථාවේ “ඒකීය ස්‌වභාවය” නිසා පළාත් සභාවල කටයුතු වලට “බාධා” පැමිණෙන බව මධ්‍ය හා පර්යන්තය පිළිබඳ අනුකමිටු වාර්තාවේ එළිපිට සඳහන් කොට ඇත. ඒ අනුව ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ ඇතැම් අනුකමිටු විසින් “ඒකීය” යන වචනය ව්‍යවස්‌ථාවෙන් ඉවත් නොකොට රටේ ඒකීයභාවය අවසන් කිරීම සඳහා යෝජනා ගණනාවක්‌ම ඉදිරිපත් කර ඇත. මේවා අතරින් කීපයක්‌ පමණක්‌ ගෙනහැර දැක්‌වීමට මම කැමැත්තෙමි.

1. පළාත් ආණ්‌ඩුකාරවරුන්ගේ සියලු බලතල අහෝසි කිරීමට මධ්‍ය හා පර්යන්තය පිළිබඳ අනුකමිටුව විසින් යෝජනා කර ඇත. පළාත් සභාවල සම්මත කරන අණපනත් වලට අනුමැතිය දීමේ බලය ආණ්‌ඩුකාරවරයගෙන් ඉවත් කොට පළාත් සභාවේ සභාපතිවරයාට පැවරීමටත්, තමාගේ අනුමැතිය සඳහා එවන අණපනත් වලට සංශෝධන යෝජනා කරමින් ආපසු පළාත් සභාවට යෑවීමට ආණ්‌ඩුකාරවරයාට ඇති බලයත්, පළාත් සභා අණපනත් සම්බන්ධයෙන් ශේ්‍රෂ්ඨාධිකරණයේ මතය විමසීම සඳහා ජනාධිපතිවරයාට යොමු කිරීමට ආණ්‌ඩුකාරවරයාට ඇති බලයත් අහෝසි කිරීමට යෝජනා වී ඇත. එපමණක්‌ද නොව ආණ්‌ඩුකාරවරයා පත් කිරීම මහ ඇමැතිවරයාගේ අනුමැතියට යටත්ව සිදු කිරීමටත්, ඔහු සැමවිටම මහ ඇමැතිවරයාගේ හා පළාත් ඇමැති මණ්‌ඩලයේ උපදෙස්‌ මත ක්‍රියාකළ යුතු බවටත් යෝජනා වී ඇත. අපේ බලය බෙදීමේ ක්‍රමය පදනම් වී ඇත්තේ ඉන්දියානු ආකෘතිය මතය. ලංකාවේ පළාත් ආණ්‌ඩුකාරවරුන්ගේ බලතල ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්‌ඩුකාරවරුන්ගේ බලතල සමඟ සම්පූර්ණයෙන්ම සමගාමී වේ. ඉන්දියාවේ මෙන්ම ලංකාවේත් පළාත් සභා හා ප්‍රාන්ත මධ්‍යම ආණ්‌ඩුව සමඟ සම්බන්ධවන්නේ ආණ්‌ඩුකාර ධුරය හරහාය. ආණ්‌ඩුකාරවරයාගේ බලතල අහෝසි කළහොත් ඉන්දියාවට මෙන්ම ලංකාවටත් ඒකීය රාජ්‍යන් හැටියට පැවතිය නොහැක.

2. මධ්‍යම ආණ්‌ඩුව මෙන්ම පළාත් සභා වලටත් හෙබවිය හැකි සමගාමී බලතල ලැයිස්‌තුව අහෝසි කිරීමටත් එම බලතල පළාත් සභා වලට දී පළාත් සභා “වෙනම බලප්‍රදේශ” බවට පත් කිරීමට යෝජනා වී ඇත. මේ පරමාර්ථය මුදුන්පත් කිරීම සඳහා මධ්‍යම ආණ්‌ඩුව යටතේ කටයුතු කරන දිස්‌ත්‍රික්‌ ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් පළාත් සභා යටතට පත්කළ යුතු බවටත්, පළාත් රාජ්‍ය සේවා කොමිසම් වලට තම පළාතට අවශ්‍ය රජයේ සේවකයන්ගේ ගණන මහා භාණ්‌ඩාගාරයේ අනුමැතියට යටත් නොවී ස්‌වාධීනව තීන්දු කිරීමට බලතල පැවරීමටත් යෝජනා වී ඇත.

3. මධ්‍ය හා පර්යන්තය පිළිබඳ අනුකමිටුවේ තවත් යෝජනාවක්‌ වන්නේ රජයේ ඉඩම් සම්බන්ධ සියලු බලතල පළාත්සභා වලට පැවරිය යුතු බවයි. ඒ අනුව පළාතක තිබෙන රජයේ ඉඩමක්‌ භාවිත කිරීම සඳහා මධ්‍යම ආණ්‌ඩුවට පළාත් සභාවේ අනුමැතිය ලබාගැනීමට සිදුවෙනු ඇත. ඉන්දියාවේ නම් මධ්‍යම ආණ්‌ඩුවට යම් ප්‍රාන්තයක ඇති ඉඩමක්‌ අවශ්‍ය වුවහොත් ප්‍රාන්ත ආණ්‌ඩුවේ කැමැත්ත හෝ අකමැත්ත නොතකා එම ඉඩම භාවිතා කිරීමට මධ්‍යම ආණ්‌ඩුවට සියලු බලතල ඇත.

4. පොලීසිය නීතිය හා සාමය අනුකමිටුව විසින් පොලිස්‌ බලතල පළාත් සභාවලට ලබාදිය යුතු බවට යෝජනා කර ඇත. ඒ අනුව පොලිස්‌ සේවය ජාතික පොලීසියත්, පළාත් පොලිස්‌ සේවාවන් නවයකටත් බෙදෙනු ඇත. රජයට එරෙහි අපරාධ, රාජ්‍ය දේපල සම්බන්ධ අපරාධ, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, අධිකරණ හා රාජ්‍ය නිලධාරීන්ට එරෙහි අපරාධ, මැතිවරණ හා මුදල් නෝට්‌ටු සම්බන්ධ කාරණා සහ ජාත්‍යන්තර අපරාධ ජාතික පොලීසියේ කාර්යභාර්ය වන අතර අනෙක්‌ සියලුම වැඩ කටයුතු එනම් අපරාධ, වංචා, මත්ද්‍රව්‍ය, රථවාහන ඇතුළු සියලුම එදිනෙදා පොලිස්‌ කාර්යභාර්යයන් පළාත් පොලිස්‌ සේවාවන් වලට පැවරෙනු ඇත. යම්කිසි විමර්ශනයක්‌ ජාතික පොලීසිය යටතේ පවතින ඒකකයකට මාරුකළ හැක්‌කේ අදාළ පළාතේ පොලිස්‌ කොමසාරිස්‌වරයාගේ එකඟතාවය මත පමණි. පළාත් පොලිස්‌ සේවයන් තම තමන්ගේ පුහුණු කටයුතු කරගනු ඇති අතර ඒ ඒ පළාත්වල පොලිස්‌ නිලධාරීන් භාවිතා කරන ගිනි අවි වර්ග හා ගණන තීන්දු කරනු ලබන්නේ පළාත් පොලිස්‌ බලධාරීන්ගේ අනුමැතිය පරිදිය. පළාත් පොලිස්‌ වල වැඩකටයුතු සම්බන්ධයෙන් පොලිස්‌පතිවරයාට කිසිදු අධීක්‍ෂණ බලයක්‌ හිමිනොවනු ඇත. පළාත් පොලිස්‌ සේවාවන්වලට සාමාජිකයන් බඳවා ගැනීම සඳහා භාෂාව හා පදිංචිය පිළිබඳ නිර්නායකයන් යෙදීම හේතුවෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල පොලිස්‌ සේවාවන් ජාතිය හා භාෂාව අනුව ජාතික පොලීසියෙන් මෙන්ම සෙසු පළාත්වල පොලිස්‌ සේවාවන් වලින්ද වෙන්වනු ඇත. පළාත් පොලිස්‌ සේවාවන් අතර ස්‌ථානමාරු සිදු නොවන නිසා උතුරු නැගෙනහිර පොලිස්‌ සේවාවන් හා රටේ සෙසු ප්‍රදේශවල පොලිස්‌ සේවාවන් අතර සම්බන්ධතා නිරායාසයෙන්ම නැති වී යනු ඇත.

5. පොලීසිය නීතිය හා සාමය පිළිබද අනු කමිටුවේ තවත් යෝජනාවක්‌ වන්නේ මාස තුනකට කට වඩා වැඩි කාලයක්‌ එක දිගටම හදිසි නීතීය බලපැවැත්වීමට, එසේ නැතිනම් දින 180 ක්‌ තුළ දින 90 කට වඩා වැඩි කාලයක්‌ හදිසි නීතිය ක්‍රියාත්මක වීමට නම් එවැනි දිගු කිරීමක්‌ පාර්ලිමේන්තුවේ “විශේෂ බහුතරයකින්” සම්මත විය යුතු බවය. එපමණක්‌ද නොව හදිසි නීති ප්‍රකාශනය මෙන්ම හදිසි නීති රෙගුලාසිත් විමර්ශනය කොට ඒවා අහෝසි කිරීමට වුවද අධිකරණයට බලය ලබාදීමට යෝජනා වී ඇත. යම්කිසි තත්ත්වයක්‌ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට සුදුසුද නැද්ද යන කාරණය ගැන තීන්දුවක්‌ ගැනීමට අධිකරණයට හැකියාවක්‌ නැත. මෙය සම්පූර්ණයෙන්ම විධායකයේ බලයක්‌ විය යුතුය. අධිකරණ, ව්‍යවස්‌ථාදායක, විධායක වශයෙන් බලතල වෙන්කෙරෙන්නේද එක්‌ එක්‌ ක්‌ෂේත්‍රවල කාර්යභාර්යයන් වෙනස්‌ නිසාය. හදිසි නීතිය පිළිබඳ මෙවන් යෝජනාවන් ඉදිරිපත් කර තිබෙන්නේ හදිසි තත්ත්වයකට රජයට සුදුසු පරිදි ප්‍රතිචාර දැක්‌වීමට නොහැකි වන ආකාරයට කටයුතු යෙදීමට බව ඉතා පැහැදිලිය. ශ්‍රී ලංකා රජය ඒ ආකාරයට බෙලහීන කිරීම ඇතැම් පාර්ශ්ව වල උවමනාව බව ජනතාව දනී.

6. ශේ්‍රෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට විනිශ්චයකාරවරුන් පත් කිරීමේදී එම තනතුරුවලට සුදුස්‌සන් ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයට යෝජනා කළ යුත්තේ විශ්‍රාමික ශේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගෙන් සෑදුණු මණ්‌ඩලයක්‌ විසින් යෑයි අධිකරණය පිළිබද අනුකමිටුව යෝජනා කර ඇත. මේ මණ්‌ඩලය අග්‍රවිනිශ්චයකාරවරයා විසින් පත්කළ යුතු වන අතර එසේ කිරීමේදී නීතිපතිවරයාගෙන් හා නීතීඥ සංගමයේ සභාපතිවරයාගෙන් අදහස්‌ විමසා සිටිය යුතු වෙයි. නීතිඥ සංගමය යනු අතිශයින්ම දේශපාලනීකරණය වූ ආයතනයකි. වරක්‌ මෙහි සභාපතිවරයා හැටියට සිටියේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඊට පසු එම තනතුර දැරූ පුද්ගලයා මගේ ආණ්‌ඩුව පෙරලීමට නීතිඥ සංගමයත් භාවිත කොට යහපාලන ආණ්‌ඩුවේ ඉහළ දේශපාලන පත්වීමක්‌ ලබා ගත්තේය. නීතිඥ සංගමය ලංකාවේ දේශපාලනයට Rජුවම මැදිහත් වී සිටින විදේශීය බලවතුන්ගෙන් මුදල් හා විශේෂ ගමන් යනාදිය ලබා ගන්නා ආකාරය මාධ්‍යයේ පළ වී ඇත. මෙවැනි ආයතනයකට මොනම හේතුවක්‌ යටතේවත් ඉහළම අධිකරණවල විනිශ්චයකාරවරුන් පත් කිරීම සම්බන්ධයෙන් බලයක්‌ පැවරිය යුතු නැත. එමෙන්ම තමන්ගේ නඩු අහන විනිශ්චයකාරවරුන්ගේ පත්වීම් සම්බන්ධයෙන් බලයක්‌ පුද්ගලික නීතිඥයන්ට ලබාදීමෙන් යුක්‌තිය පසිඳලීමේ මුළු යාන්ත්‍රණයම දූෂණයට ලක්‌වී ඒ පිළිබඳව මහ ජනතාවගේ විශ්වාසයද බිඳ වැටීමට ඉඩ ඇත.

7. අධිකරණය පිළිබඳ අනුකමිටුව විසින් කර ඇති තව චෝදනාවක්‌ වන්නේ රටේ සාමාන්‍ය උසාවි පද්ධතියට පිටින් විනිශ්චයකාරවරුන් හා ව්‍යවස්‌ථා පිළිබඳ විශේෂඥයන් හත් දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්‌ථාමය උසාවියක්‌ පිහිටුවිය යුතු බවයි. ව්‍යවස්‌ථාව නිර්වචනය කිරීම, පනත් කෙටුම්පත් වල ව්‍යවස්‌ථානුකූලභාවය තීන්දු කිරීම, සම්මත කරන ලද පනත්වල ව්‍යවස්‌ථානුකූලභාවය තීන්දු කිරීම, මධ්‍යම රජය හා පළාත් සභා අතර ඇතිවන ආරවුල් විභාග කිරීම මේ ව්‍යවස්‌ථාමය අධිකරණයේ කාර්යභාර්යය වනු ඇත. ව්‍යවස්‌ථාවට අදාළ ප්‍රශ්නයක්‌ වෙනත් උසාවියක විභාගවන නඩුවකදී පැණ නැගුණහොත් ඒ නඩුව මේ ව්‍යවස්‌ථාමය උසාවියට යොමු වනු ඇත. වත්මන් ව්‍යවස්‌ථාව යටතේ ව්‍යවස්‌ථාව නිර්වචනය කිරීමටත් පනත් කෙටුම්පත්වල ව්‍යවස්‌ථානුකූලභාවය විභාග කිරීමටත් බලය ඇත්තේ ශේ්‍රෂ්ඨාධිකරණයට පමණි. එහි මොනම වෙනසක්‌වත් නොවිය යුතු බව මගේ මතයයි. එපමණක්‌ද නොව මේ ව්‍යවස්‌ථාමය උසාවියට පත්කෙරෙන විනිශ්චයකාරවරුන් නොවන “ව්‍යවස්‌ථා පිළිබඳ විශේෂඥයන්” කවුරුන් විය හැකිද යන්න ගැන බරපතල සැකයන් පැන නගී. තවද පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනතක ව්‍යවස්‌ථානුකූලභාවය විභාග කිරීමට කිසිවෙකුටත් බලය නැතිය යන්න අපේ රටේ මෙතෙක්‌ ක්‍රියාත්මක වූ මූලධර්මයයි.

8. අලුත් ව්‍යවස්‌ථාව බලාත්මක වන අවස්‌ථාවේදී රටේ බලපැවැත්වෙන නීති තවදුරටත් වලංගු වන්නේ ව්‍යවස්‌ථාවේ වගන්තිවලට එම නීති අනුකූල වන්නේ නම් පමණක්‌ය යන සාමාන්‍ය සිද්ධාන්තය මේ රටේ ඇතැම් ජනකොටස්‌වලට අදාළ පුද්ගලික නීති වලට බලනොපෑ යුතු යෑයි මූලික අයිතීන් පිළිබඳ අනුකමිටුව යෝජනා කර තිබේ. ඒ අනුව ඇතැම් ජනකොටස්‌වල පුද්ගලික නීති ව්‍යවස්‌ථාට පටහැනි වුවත් බලාත්මක වේ. කිසියම්ම හෝ ජනකොටසකගේ පුද්ගලික නීතියකට ව්‍යවස්‌ථාව හා මූලික අයිතීන් පිළිබඳ පරිච්ඡේදයටත් ඉහළින් සිටීමට ඉඩදුනහොත් එය අනෙක්‌ ජනකොටස්‌වලට හිමි නැති වරප්‍රසාදයක්‌ තවත් ජන කොටසකට ලබාදීමක්‌ වනු ඇත. මෙයින් අනවශ්‍ය ජාතික හා ආගමික නොසන්සුන්තාවයක්‌ ඇතිවිය හැකිය.

9. ලංකාවේ නීති ක්‍රමයට අනුව, ආණ්‌ඩුව අත්සන් කරන විදේශීය ගිවිසුම්වල විධිවිධාන එක්‌වරම දේශීය නීති පද්ධතියට ඇතුලත් වන්නේ නැත. පාර්ලිමේන්තුව විසින් එම ගිවිසුමේ වගන්ති අපේ නීතියට ඇතුලත් කරමින් නව නීති සම්මත කරගත යුතු වේ. අලුත් ව්‍යවස්‌ථාව බලාත්මක වන අවස්‌ථාවේදී ආණ්‌ඩුව විසින් අත්සන් කොට තිබෙන නමුත් තවම පාර්ලිමේන්තුව විසින් අපේ නීති පද්ධතියට ඇතුළත් කරගෙන නැති සියලුම ගිවිසුම් අලුත් ව්‍යවස්‌ථාව සම්මත වී අවුරුදු දෙකක්‌ ඉකුත් වූ පසු මෙරටේ නීති පද්ධතිය තුළට ස්‌වයංක්‍රීයව ඇතුළත් විය යුතු බවට මූලික අයිතීන් පිළිබඳ කමිටුව නිර්දේශ කර ඇත. මෙය 1998 දී නිසි සොයාබැලීමකින් තොරව අත්සන් කළ නමුත්, මෙම ලියවිල්ල නිසා ලංකාවේ ශේෂ්ඨාධිකරණය ජිනීවාහි මානව හිමිකම් කමිටුවට යටත් වන බවට පසුව ඇති වූ අවබෝධය නිසා පාර්ලිමේන්තුව විසින් අපේ නීතියට ඇතුලත් නොකර සිටි සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ප්‍රඥප්තියේ “අතුරු ලියවිල්ල” පස්‌සදොරෙන් අපේ නීතියට ඇතුළත් කිරීමට ගන්නා නිරුවත් උත්සාහයකි. ඒ ලියවිල්ල ලංකාවේ බලාත්මක වුවහොත් අපේ ශේ්‍රෂ්ඨාධිකරණය විදේශීය අධිකරණයකට යටත් වනවා පමණක්‌ නොව මේ ආකාරයට අවිධිමත් ලෙස විදේශීය ගිවිසුම් ස්‌වයංක්‍රීයව අපේ නීතියට ඇතුල්වුවහොත් නීති පද්ධතිය තුළ විශාල වියවුලක්‌ ඇති වීමද වැළැක්‌විය නොහැක.

10. මූලික අයිතීන් පිළිබඳ අනුකමිටුවේ ප්‍රධානම නිර්දේශයක්‌ වන්නේ සිංහල හා දෙමළ භාෂා දෙකම ලංකාවේ රාජ්‍ය භාෂාවන් විය යුතු බවයි. 1957 දී එස්‌. ෙ-. වී. චෙල්වනායගම් කලාප සභා ක්‍රමය ඇති කිරීමට යෝජනා කළ අවස්‌ථාවේදී උතුරු හා නැගෙනහිර පළාත්වල බහුතරයක්‌ දෙමළ බස කථාකරන ජනතාව වාසය කරන නිසා එම කලාප සභා දෙකේ පරිපාලනයේ භාෂාව දෙමළ විය යුතු බවත්, එම ප්‍රදේශවල ජීවත් වෙන සිංහල සුළුතරය වෙනුවෙන් සිංහල භාෂාව පාවිච්චි කිරීම සඳහා සාධාරණ විධිවිධාන යෙදීමට යෝජනා කළේය. එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා විසින් මුළු රටටම ආදේශ කළේද එවැනි ක්‍රමයකි. එනම් සිංහල රාජ්‍ය භාෂාව වන අතර දෙමළ භාෂාව පාවිච්චි කිරීම සඳහා සාධාරණ විධිවිධාන යෙදීමයි. ඉන්දියාවේ රාජ්‍ය භාෂාව හින්දි වන අතර දෙමළ, මළයාලම්, බංගලි වැනි භාෂාවන් භාවිතා කිරීම සඳහා සාධාරණ විධිවිධාන යොදවා ඇත. දෙරටේම ක්‍රියාත්මක වන මේ සාධාරණ ප්‍රතිපත්තිය අනවශ්‍ය අත්හදාබැලීම් තුළින් විනාශ නොකළ යුතු යෑයි ආණ්‌ඩුවට අවවාද කර සිටීමට මම කැමැත්තෙමි.

ව්‍යවස්‌ථා සංශෝධන සම්බන්ධයෙන් මීට වඩා වගකීමකින් යුතුව කටයුතු කරන ලෙසත් බෙදුම්වාදීන්ට හා විදේශීය බලවතුන්ට අවශ්‍ය කාරණා සාකච්ඡා කිරීමට පෙර මේ රටේ ජනතාවට පසුගිය ජනාධිපතිවරණයේදී දුන් ප්‍රධාන ව්‍යවස්‌ථාමය පොරොන්දු මුලින්ම ඉටුකළ යුතු යෑයි මම යෝජනා කර සිටිමි. එමෙන්ම ඉහත සඳහන් වූ අතිශයින්ම හානිකර යෝජනා කිසිවක්‌ අවසන් ව්‍යවස්‌ථා කෙටුම්පතට ඇතුළත් නොවනු ඇතැයි මම විශ්වාස කරමි. මේ ව්‍යවස්‌ථා සංශෝධන යෝජනා සම්බන්ධයෙන් මහනාහිමියන් නොමග යෑවීමට ශ්‍රීලනිප කණ්‌ඩායමක්‌ යවා තිබීමෙන් පෙනෙන්නේ “බෙදීම” යන වචනය පාවිච්චි නොකර රට බෙදන මේ ව්‍යවස්‌ථා සංශෝධන හානිකර නොවන දෙයක්‌ හැටියට මහා සංඝරත්නයටත්, මහජනතාවටත් හුවා දැක්‌වීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ජාතිකවාදී ප්‍රතිරූපය පාවිච්චි කිරීමට දුෂ්ඨ වැඩපිළිවෙලක්‌ දියත්වී ඇති බවයි.

තමන් මේ අවස්‌ථාවේදී එජාපයට වහල් වී සිටීම හේතුවෙන් ශ්‍රීලනිපය පසුගිය දශක හය මුළුල්ලේ දැරූ ප්‍රතිපත්ති පාවා නොදෙන මෙන් ආණ්‌ඩුවේ සිටින සියලුම ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ගෙන් මම ඉල්ලා සිටිමි.

7 Responses to “රටේ සියලු කලබල අස්‌සේ සිදුකෙරෙන ව්‍යවස්‌ථා සංශෝධනය නිසා බරපතළ ජාතික උවදුරක පෙර නිමිති පහලවෙලා”

  1. Ananda-USA Says:

    Apey maubima Yamapalana DESHA-DROHIYO apey sathuranta pawadenawa, vikunanawa.

    Parlimentuwey siyaluma ayata vahana saha degunayak wadi padi PAGA deela, nava vyavastava sammata karaganna uthsaha gannawa.

    May DESHA-DROHI, JANATHA-DROHI, RAJA-DROHI darunu kriya kalapayata athagahapu siyalu denama EDIRIYATA apey ratey jeevathwenna puluwan wenney naha.

    Meka aniwarayen wena deyak bawa mama hangenawa.

    May Yamapalanaya booruwo tika danney naha apey maubima kerehi Sinhala Bauddayangey hadawath wala athi aadarayayi, bandeemayi, kakeemai!

    Maken Yamapalanaya VINASA wenawa!

  2. S.Gonsal Says:

    රටේ කලබල ඇතිකරන්නේ ඔබයි. ඔබකල යුත්තේ එය නොවේ. කලබල මැවීමෙන් වැදගත් දේවල් වලට මහජන අවධානයත් විරෝධයත් මග ඇරීයයි. රටේ කලබල නැතිව ජනබල ගොඩනැගීමයි.

    දස දහස් ගනණක් තරුණ ජීවිත පූජාවෙන් 2009 දී දෙමළ කොටි උවදුර මුලිනුපුටා දමන ලදී. රටේ එවකට ජනාධිපති වශයෙන් ඔබ විශාල වගකීමකින් රටට ආදරයෙන් මෙයින් උපරිම ප්‍රථිපල නෙලා ගනු ඇතැයි මහජනයා තුල දැඩි විශ්වාසයක් තිබුනි.
    එහෙත් ඔබ කලේ ඔබේ පුතුන්ට නානා ප්‍රකාර කොම්පැනි අරින්න සලස්වා රටේ ධනය බිලියන් ගනණින් කොල්ලෑකෑමටත් උන්ට ජෝගිනැටීමටත් ඉඩදී ඔබද ඊඑට නොදෙවෙනි ලෙස රටේ දුප්පත් මහජනයාගේ මුදල් දරුණු අන් දමින් නැති නාස්ති කිරීමයි.

    ඔබකළ යුතුව තිබුනේ 13න් වැනි සංශෝධනයේ අඩංගු සිංහලයාට අහිතකර සියලුම සටහන් ඉවත් කරමින් සහ රට වනසන පළාත් සභා පිළිකාවට කෙමෝතෙරපි දෙන නව ව්‍යවස්ථාවක් ඔබට තිබ්‍ය්‍ය් 2/3 බලයෙන් සම්මත කර ගැනීමයි. මෙය කලයුතුව තිබුනේ 2010 දීයි. මෙය නොකිරීම ගැන ඔබට සමාවදීමට කිසිසේත්ම නොහැකිය​. මිනීවලවලින් නැගිට අපේ මියගිය රණවිරුවෝ ඔබට මේ පාපයට සාපකරනු ඇත​.
    ඔබට සියලුම ජනවරම තිබියදී , අවුරුදු 2ක් කලින් චන් දයක් පවත්වා මේ ආණ් ඩුව බලයට පත් කලේත් ඔබේම වරදිනි.
    බොරු රචනා නිකුත් කිරීම නවතා අඩුගනනේ මීට විරුද්ධව චන් දය දෙන්න​. චන් දය දීම මග හැර ඇඟ බේරා ගැනීම අපි තරයේ හෙලා දකිමු. මීට විරුද්ධව පාරට බැස වැඩ කරන්න​. රට රට වල රස්තියාදු වෙමින් කාලය නාස්ති නොකර මේ කොටි ව්‍යවස්ථාව මව්කුසම ගබ්සා කරන්නට ඔබේ නායකත්වයක් තවත් ඉතුරුවී ඇත්නම් එය 100% යොදාගන්න​.
    ඔබට තෙරුවණ් සරණයි !

  3. plumblossom Says:

    I would urge all patriotic Sri Lankan to be beware of treacherous elements namely Kumar David, Pakiasothy Sarvanamuththu, Weliamuna, Gamini Uyangoda, Ravaya Editor, Krishmal (forgot the surname), Jehan Perera, the ICEs, the CPA etc. all of the above are CIA agents and their plan is to talk and write about all other subjects on the planet earth except one which is the proposed federal constitution. This is how the above well known Sri Lanka haters and CIA agents plan to hoodwink the Sinhala people, distract their attention by they and their subordinates talking and writing about all other topics on the planet earth except one which is the proposed federal constitution. In this way, they plan to hoodwink the Sinhala people and get this treacherous federal constitution passed in parliament. Once passed, it cannot ever be reversed and this country will be partitioned as the US,UK,EU, Canada,Norway,Sweden, the TNA and all other separatists want. Their plan is ‘Sinhalayage asata weli gasaa rata hatharata bedana kuuta kumanthranaya’. They plan to make this plan a success.

    The reality is that the US State Department has spent US$585 million to bring about regime change in Sri Lanka, Burma, Nigeria and quite a number of other countries as even stated by them. At least US$58 million of this would have been provided to the above mentioned CIA agents i.e. Kumar David, Pakiasothy Sarvanamuththu etc. to launch their koota plan of distracting Sinhala people’s attention talking about all other topics except the most important i.e. the proposed federal constitution.

    In this they are ably supported by the UNP/Sirisena SLFP/Ranil/CBK/Mangala/Pacha Ranawaka/Dath Dosthara Rajitha Senaratne/Wijedasa Rajapakshe/JVP/FLSP/TNA/ACTC/ITAK/TULF/SLMC/ACMC etc. who are also being paid by the US,UK,EU, Canada,Norway,Sweden, the TNA and all other separatists in order to pass this federal constitution.

    Already parliamentary MPs have been bribed using 2 lakhs cash, pajeros, a seven lakhs cash loan etc. In fact their foreign advisors already told Ranil and the UNP at a conference ‘whatever you do, do not loose the two thirds majority in parliament!!!’. This is to pass this treacherous federal constitution. This is their cunning plan.

    Not only that on the 27th of November Shivajilingam said on TV itself, we are so very near obtaining our Eelam!!! That says it all does it not?

    In fact the US,EU,UK.Canada, Sweden, Norway, the TNA, all other separatists have spent so much money for three decades to partition Sri Lanka, in fact billions of US dollars by now indirectly supporting the terrorists the LTTE. They want their investment back now with interest. So they are definitely going to pass this proposed federal constitution by bribing parliamentary MPs as shown above.

    Please patriotic Sri Lankans do not let this happen. Already we have provincial councils which is a reasonable solution as far as the requirements for decentralisation of power is concerned. There is no need whatsoever to go further than this if Sri Lanka is to remain a unitary state. Already Sri Lanka is quasi federal. If this treacherous federal constitution is passed tiny little Sri Lanka will be in at least four pieces or nine pieces or more and be partitioned forever into pieces. Not even India, Pakistan or South Africa, huge massive countries, have got rid of their concurrent lists. However tiny little Sri Lanka is getting rid of its concurrent list. This is craziness taken to the extreme.

  4. S.Gonsal Says:

    කුමන්ත්‍රණය පරාජය කරමු.

    රටට ජාතියට ආගමට අපරිමිත ආදරයකින් මේ ඉල්ලීම​ කරමි. මෙසේ කිරීමට හේතුව මේ මගින් මේ මහා කුමන්ත්‍රණය පරාජය කිරීමට අබමල් රේනුවක හෝ බලයක් විය හැකියයි හැඟෙන නිසයි.

    ජනමත විචාරණයක් ආණ්ඩුව නියම කළහොත්, සියලු සිහලයෝ එය පරාජය කිරීමට තම චන්දය යොදාගත යුතුය​.
    මොනම ආකාරයකින්වත්, මහින් ද රාජපක්‍ෂගේ ඉල්ලීමක් පිටවත්, චන්දයෙන් වැලකී සිටින්න එපා. සියලුම සිංහලයෝ චන්දය පාවිච්චි කල යුතුමය​. මේ අපරාධය කල හැකි වන්නේ සිංහලයා එක එක දේසපාලුවාගේ කීමට යටවී උන්ගේ වදන් පිලිගැනීමෙන් භේද බින්න වීමෙන් පමණි.
    ඒ නිසා එක බල්ලෙකුගේ වත් වදනට නොරැවටී, පළාත් සභා නැති නොකරන​, උතුරු නැගෙනහිර දෙමළ නිජබිම ලෙස සලකන කිසිම ව්‍යවස්ථාවකටවත් පක්‍ෂව චන්දය දෙන්න එපා. විරුද්ධවම චන්දය දෙන්න​. කලබල වලට බයේ චන්දය නොදා ඉන්නත් එපා. මේ කලබල ඇති කරන්නේ කුමන්ත්‍රණ කරුවෝයි.

  5. Ancient Sinhalaya Says:

    We are talking about Sri Lanka and the Sinhalese. Give them a mus kattak these deshapaluwan will do any thing.
    That’s why traitor chief die hard catholic token Buddhist Batalande Wadakaya pol pot r@anil wickramaSinhalakiller gave them 100,000
    monthly increase. That’s the first mas katta. Promise another mas kattak these greedy, selfish, UNPatriotic bath
    balayin will sell their mothers. That’s how pathetic those low lives are. Traitor chief knows it, traitor tamils, mussies,
    catholics and the catholic west know it.

    Just look at the mas katu lovers: arjunaya durjanaya, para jithaya, karume j, l kirixxxxa, sxxxxli banda, siri pala barrela, cham paxxya, susila preme, minister of erection (permanent) john baas, etc. etc. list is too long. None of
    these traitor low lives going to oppose the new constitution. Traitor chief die hard catholic token Buddhist Batalande
    Wadakaya pol pot r@nil wickramaSinhalakiller will achieve his life time ambition of partitioning Sri Lanka to please
    his ardent supporters traitor tamils, mussies, catholics and catholic west. That’s is certain. Sinhala modayas won’t
    understand it until the day they have to jump into the sea. We are called modayas for a reason!

    Good example of this is, before MR came to power catholic tigers of tamil drealam used to send lorry loads of
    army, police, etc. coffins to the south on daily basis. MR came. Blood bath stopped. Soldiers, police lives saved.
    Elections came. Some army, police families voted for the catholic run UNPatriotics. Those modayas didn’t understand if the war had gone on, they would have had lost their family members. That’s how stupid we are!
    Need more proof. Need to say any more! The UNPatriotic deshapaluwan will get the job done. They only need a mas kattak. They will partition Sri Lanka.

    If any body think puppet maru (hora) sira can do any thing to stop it, they live in dreamland. Only thing he can do
    is looking on! Helplessly. It is all too powerful traitor chief die hard catholic token Buddhist Batalande Wadakaya pol
    pot r@nil wickramaSinhalakiller is the artchitect of all this. Only person he listen to is MR (not that MR we all think, it is
    malcolm ranjith, the most powerful man in Sri Lanka).

  6. Christie Says:

    නැවතත් ඉන්දියානු අදිරදය සින්හල යටත් විජිතයට නව පාලන රටාවක් පැටවීමට යයි.

    සින්හලයන් ඉන්දියානු අදිරදයෙන් මිදෙන තුරු සින්හලයින්ට යන කලක් නැත.

    Indian Empire is imposing another constitution on its Sinhala colony.

    Until we free ourselves from the Indian Empire there is no life for the Sinhalese.

  7. plumblossom Says:

    Important Message on Sri Lanka Podujana Peramuna’s Facebook Page (Basil Rajapakshe’s Political Party):

    සිංහල-මුස්ලිම් ගැටුමක් අවුළුවාලීමට කැසකවන දෙමළ ඩයස්පෝරාවේ අරමුණ හමුවේ ඔබගේ වගකීම !

    නග්න බෙදුම්වාදී අගපසග ඒකීය සළුපිලි වලින් සගවා , මුළුමහත් ලංකේය ජාතියම රවටා, දෙමල ජාතිවාදී බෙදුම්වාදී නියායපත්රයට අනුව සකසන ලද බෙදුම්වාදී ෆෙඩරල් ව්යවස්ථාව කඩිමුඩියේ සමමත කර ගැනීම 2017 වසරේ පළමු කරිතුවේදී සිදුකිරීමට නියමිතව ඇත .

    නව ව්යවස්ථාව සම්මත කරගැනීම සදහා දෙමල ජාතිවාදී බෙදුම්වාදයට ලබාගැනීමට ඉතිරිව ඇත්තේ තවත් කඩුලු දෙකකක් පමණි. එනම් :

    1- පාර්ලිමන්තුවේ 3/2 ක බහුතරය එනම් පක්ෂව චන්ද 150 ලබා ගැනීම
    2- ජනමත විචාරණයකින් නව ව්යවස්ථාවට පක්ෂව සරල බහුතරයක් ලබා ජයගැනීමයි .
    මෙම අවසාන කඩුළු දෙකින් පළමු කඩුල්ල ඔවුන් ඉතාමත් පහසුවෙන් ජයගනු ඇත .

    ඔබට යම් සැකයක් ඇත්නම් මෙවර අය-වැය චන්ද ප්රතිඑලය නිරීක්ෂණය කරන්න – පක්ෂ විපක්ෂ බේදයකින් තොරව මෙරට සියලු සකලවිද ජනතාව , ජනතා විරෝදී මුග්ද අයවැයක් ලෙස අවිවාදයෙන් පිළිගන්නා මෙවර අයවැයට පක්ෂව චන්ද 162ක් ලැබුණි !

    තමන්ට නැවත ගමට යාමට නොහැකි බව ඉතා හොදින් පසක් කරගෙන සිටින ආණ්ඩුවට හේත්තුවී සිටින ශ්රීලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරු , හැකි උපරිම මුදලක් උපයා තම දේශපාලන ගමන කෙළවර කරගැනීමට මේවනවිත් තීරණය කර හමාරය. ඔවුන්ට් අවශ්ය ලන්සුව ලබාදීමට, සුව පහසු විශ්රාම දිවියක් ලබාදීමට ඩොලර් විසිකිරීමට දෙමල බෙදුම්වාදී ජාතිවාදී ඩයස්පෝරාව සැදී පැහැදී සිටී !

    මේ සන්දර්භය තුල ,බෙදුම්වාදී නව ෆෙඩරල් ව්යවස්ථාව සම්මත කරගැනීමට ඔවුනට ඇත්තේ අවසාන කඩුල්ල ලබාගැනීමේ අභියෝගය පමණි , ඔබගේ දායකත්වය දෙමළ ජාතිවාදී බෙදුම්වාදී ඩයස්පෝරාවට ලබාදීම හෝ නොදීම ඇත්තේ ඔබගේ අතේය. ඔබ අපගේ පොදු හතුරාගේ උපක්රමය තෙරුන්ගතහොත් මේ අවස්ථාවේ අප මවුබිම කැබලිවලට කැඩී වෙන්වී යාම වලක්වා ගැනීමට හැකිවනු ඇත!

    දෙමල බෙදුම්වාදීන්ට ඇති ප්රදාන අභියෝගය මුස්ලිම් ජනතාවගේ චන්දය ව්යවස්ථාවට පක්ෂව ලබාගැනීමයි . සහෝදර මුස්ලිම් ජනතාව සැමදාම බෙදුම්වාදී ජාතිවාදී ත්රස්තවාදයට විරුද්ද මතයක සිට සිංහල ජනතාව සමග සහයෝගයෙන් කටයුතු කලේය . විශේෂයෙන් නැගෙනහිර බහුතර මුස්ලිම් ජනතාව LTTE -TNA ජාතිවාදී පාලනයක් යටතේ ජීවත්වීමට කිසිසේත් කැමති නැත !

    මේ අභියෝගය ජය ගැනීමටනම් කෙසේ හෝ බෙදුම්වදින්ට අවශ්ය වන්නේ මුස්ලිම් ජනතාව සහ සිංහල ජනතාව කෙටවීම . එසේ කොටවා ,ප්රබාකරන් ගේ ජාතිවාදයත්, කාත්තන්කුඩි සංහාරය පිලිබඳ මතකයත් අතීතයට තල්ලුකරීමට සමත් , භුමියේ ක්රියාත්මක TNA ජාතිවාදය කෙටිකාලීනව හෝ අමතක කරවීමට සමත් බැලු බැල්මට මුස්ලිම් විරෝදී ක්ෂණික ජාතිවාදී ගැටුමක් සඳහා සිංහල ජනතාව පොළබවා ගැනීමය!

    මේසදහා ඩයස්පෝරාව සහ විදේශීය ඔත්තුසේවා යොදනා උපක්රමය වන්නේ අවස්ථාවාදී මුග්ද සිංහල ජාතිවාදී රංගනය යෙදෙන කොටස් වලටත් , මුස්ලිම් සමාජයේ කිසිදු පිළිගැනීමක් නැති , සෞදියේ අනුග්රහයෙන් කෘතිමව පිහිටවූ ගෝත්රික නුගත් කණ්ඩායම් වලටත් එකවර මුදල් සහ මාද්ය සහය ලබාදී ඔවුන්ගේ ප්රකාශ සහ ක්රියාකාරකම් හරහා මහා සමාජය තුල ජාතිවාදී ගැටුමක් ඇතිකරවිමය !

    මෙහිදී මුලින් උපක්රමිකව මුස්ලිම් ජාතිවාදී සුළු පිරිසක් ලවා සිංහල ජනතාව කුපිත කරවීමත් , එයට ප්රතිවිරුද්දව පැනනගින කස්වභාවික ප්රතික්රියාවක ස්වරුපයෙන් , කලින් අටවන ලද චරිත , චීවර ධාරීන් ,සිංහල ජනතාවගේ අසහාය විමුක්තිකාමීන් ලෙස ප්රාතිර්බුතවීමත් , දෙමල බෙදුම්වාදීන් කලින් සකස් කරණලද නියාය පත්රයට අනුව ජුගුප්සාජනක අශ්ලීල රංගනයක යෙදීමය. මෙහි Trailers, මේ වනවිටත් Thowheed Jamath , DAN , මංගලාරාමය, බොදුබලසේනා – කුරගල හරහා කරලියට පැමිණ තිබේ !

    බෙදුම්වාදී ජාතිවාදී ඩයස්පෝරාව, රනිල් -මංගල -චන්දිකා ගේ අනුග්රහයෙන් , සිරිසේනගේ නොසන්ඩාල කුහකත්වය භාවිතකොට පාර්ලිමන්තුව ජයගනු ඇත . ඔවුනට අවශ්ය අවසාන කඩුල්ල ඇත්තේ ඔබගේ අතේය !

    ඔබගේ චන්දය නව ව්යවස්ථාවට විරුද්දව ලබදිමන් පමණක් ඔබට මේ අවසාන කඩුල්ල ආරක්ෂා කර ගත නොහැක . ඔබගේ හැසිරීමද (විශේෂයෙන් Facebook ), දැනුවත් සමාජ භාවිතාවද යන කරනා මේ තීරණාත්මක අවසන් කඩුල්ල කරගැනීමේදී ඉතා විශාල බලපෑමක් කරනු ලබයි !

    මේ උහතොකොටික ගැටලුව අපට මෙසේ සරලව පසක්කරගත හැක, අප බොහොමයකගේ නිවෙස් වල ගෘහමූලිකයා තාත්තා වන අතර ගෙදර බුදුන් අම්මා වේ . එහෙත් මෙය අපගේ නිවෙස් වල කොහෙවත් ලියා නොමැත . මෙය අතිමහත් බහුතරයක් නිවෙස් තුල ක්රියාත්මක සත්යවේ . එහෙත් පවුල බිදවැටුණු තැන , මවටත් , පියාටත් හිමිතැන ඉබේම අවලංගුවේ , එය නැවත කොලේක ලියා හෝ ගලේ කොටා බලෙන් ස්ථාපිත කල නොහැක. එනම් පවුල යන පොදු සාධකයේ ස්ථාවර භාවය , නිවසේ බල තුලනය හා අනෝන්ය පැවැත්ම ට තීරණාත්මක බලපෑමක් සිදුකරන මහා පොදු සාධකය වේ!

    මේ අයුරින්ම, මඩකලපුව තිබෙන්නේ ලංකාවේ මිස ලංකාව තියෙන්නේ මංගලාරාමයේ හෝ මඩකලපුවේ නොවන බවත් , කුරගලත් , මුහුදු මහා විහාරයත් තිබෙන්නේ ලංකාවේ මිස ලංකාව තිබෙන්නේ කුරගල හෝ මුහුදු මහා විහාරයේ නොවන බව තෙරුන් ගැනීම් අතවශ්යවේ . එමනිසා , මුලින් බේරාගත්යුත්තේ ලංකාව බව තෙරුන්ගැනීමට ඔබ විචාරශීලි විය යුතුය!!!

    මේ වනවිට අප ලංකේය ශිෂ්ටාචාරය මුහුණපාමින් ඇති මේ තීරණාත්මක අභියෝගය ජය ගැනීමට නම්, ඔබ අපගේ පොදු හතුරාගේ උපක්රමයට හසුනොවිමට වග බලාගත යුතු අතර ඔබගේ අහිංසක මිතුරන් අවස්ථාවාදී පිල්ලි වල වසගකාරී උගුල්වලට හසුවිමන් වලක්වා ගැනීමටත් වගබලා ගත යුතුය .
    මෙනිසා , බහුතර මුස්ලිම් සහෝදරත්වය බෙදුම්වාදී ජාතිවාදීන් ගේ ඔඩොක්කුවට තල්ලුකිරීමේ පාපකර්මයට ඔබගේ දායකත්වය ලබා නොදීමේ වගකීම ඔබ සතුව ඇත !

    බෙදුම්වාදී ජාතිවාදී ඩයස්පෝරාවට අවශ්ය පරිදි 2015 ජනවාරියේ දී මෙන් මුස්ලිම් ජනතාව බුරුතු පිටින් නව ව්යවස්ථාවට පක්ෂව චන්දය ලබාදීමට අවශ්ය වටපිටාවක් නිර්මාණය කිරීමමේ පාපකර්මයට ඔබගේ දායකත්වය ලබා නොදීමේ වගකීම ඔබ සතුව ඇත.

    ඔබFacebook හරහා share කරන post, video, Comments ගැන වෙනදාට වඩා විමසිලිමත් වන්න , විද්දේ පදුරට වැදුනේ හාවට යයි පසුව කීමෙන් පලක් නොවන බව මතක තබා ගන්න !

    බෙදුම්වාදී , ෆෙඩරල් ව්යවස්ථාවට විරුද්දව වන්න – මේ තීරණාත්මක මොහොතේ අප ආදරණිය මාතෘභූමිය වෙනුවෙන් ඔබගේ යුතුකම නොපමාව ඉටුකරන්න !
    මාතෘභූමියට ජය !

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress