නිසි ක‍්‍රමවේද නොසලකා අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් ඒකකයට නිලධාරීන් බඳවා ගැනීම නතර කරන ලෙස කරන ඉල්ලීම
Posted on December 7th, 2016

ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමය

ගරු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා
ජනාධිපති මන්‍දිරය
කොළඹ.

ගරු ජනාධිපතිතුමනි,

නිසි රමවේද නොසලකා අධ්යාපන අමාත්යංශයේ පිරිවෙන් ඒකකයට නිලධාරීන් බඳවා ගැනීම නතර කරන ලෙස කරන ඉල්ලීම
ගරු ජනාධිපති තුමනි, ඔබතුමන් පසුගියදා ඉතා අගේ කළයුතු ප‍්‍රකාශයක් රට හම ුවේ තබන ලදි. එනම් ”රටේ ප‍්‍රශ්නවලදී ඇමතිවරු, නිලධාරීන් නිසි මැදිහත්වීමක් නොකරන්නේ නම් ඔබතුමාට දැනුම්දෙන ලෙස ̃කළ ප‍්‍රකාශයයි. එය නිසිලෙස ඔබතුමන් කි‍්‍රයාවට නගන්නේ නම් මැති අමැතිවරුන්ගෙන් හා නිලධාරීන්ගෙන් සිදුවන අකටය ුතුකම් නිසා පීඩාවට පත්වන ජනයාට සුවිශාල අස්වැසිල්ලක් වනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.

ගරු ජනාධිපතිතුමනි,

අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් ඒකකයේ දිගින් දිගටම සිදුවන අකටයුතුකම් රාශියක් දැන් එහි ක‍්‍රමවේදය බවට පත්ව ඇත. එහි ආසන්නතම අවස්ථාව වන ්නේ නිසි ක‍්‍රමවේද නොසලකා සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ (වැ.බ.) තනතුරු සඳහා නිලධාරීන් පිරිසක් බඳවා ගැනීමට ගන්නා උත්සාහයයි. කාලයක් තිස්සේ මෙවැනි අවිධිමත් ක‍්‍රම අනුගමනය කිරීම පිරිවෙන් ඒකකයේ  ක‍්‍රමවේදය බවට පත්ව ඇති නිසා ලංකාවේ පිරිවෙන් අධ්‍යාපනය ඉතා අවදානම්සහගත ඛේදවාචාකයට ඇදදමා ඇතිබව ඔබතුමාට දැනුම් දෙන්නේ ඉතා කණගාටුවෙනි. මෙම අවිධිමත් බඳවාගැනීම සම්බන ්ධයෙන ් අධ්‍යාපන ලෙක ්ම්වරයාට දැන මේ දුන්නත් ඒ සම්බන්ධව කිසිදු මැදිහත්වීමක් සිදුකර ඇතිබවක් නොපෙනේ. අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප‍්‍රතිපදාවට ඊට කිසිදු වෙනසක් නැත. (ලේකම්වරයාට යැවූ ලිපිය මේ සමග අමුණා ඇත.) එහි දිගුවක් ලෙස අවිධිමත්ලෙස බඳවාගැන ීමට නාමනය කර ඇති නිලධාරීන් දෙසැම්බර් 8 දින හෝ ඊට ආසන්න දිනක සම්මුඛ පරීක්‍ෂණ සඳහා කැඳවා ඇතිබව විශ්වාසකටය යුතු ලෙස අපව දැනුවත්වී ඇත. පිරිවෙන් ඒකකයට නිලධාරීන්ගේ හිඟයක් වේ නම් ඒ සඳහා බඳවා ගැනීමට නිත්‍යානුකූල ක‍්‍රමවේදයක් පවතී. එය කාහටත් අසාධාරණයක්, අයුක්තියක් නොවන ක‍්‍රමවේදයකි. ඒවා නොසලකා මේ නිලධාරින් අත්තනෝමතික ලෙස කටයුතු කරන්නේ මන්ද? එය පෙන්වාදීමෙන් පසුවත් වැරද ්දම  කි‍්‍රයාවට නගන්නේ ඇයි.

ගරු ජනාධිපතිතුමනි,

ඇමතිවරුන්ගේ හා නිලධාරීන්ගේ මේ අත්තනෝමතික කි‍්‍රයා පිළබඳව ගරු ජනාධිපතිතුමාගේ ඉහත දැක්වූ ප‍්‍රකාශය කි‍්‍රයාවට නගමින් ඉක්මන් ක‍්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉතා නෑකමෙන් ඉල්ලා සිටිමු. එසේම සුදුසුකම් සහිත අය නිවැරදි සුදුසු ක‍්‍රමවේදයන් මගින් බඳවා ගැනීමට කටයුතු සලස්වන ලෙසත ඉතා  ඕනෑකමෙන් ඉල්ලා සිටිමු. තවද පිරිවෙන් ක්‍ෂේත‍්‍රය ඇදවැටී ඇති ඛේදවාචක තත්වය පිළිබඳව හා ඒ තත්වයෙන් පිරිවෙන් අධ්‍යාපනය නගාසිටුවීම සඳහා වන අපගේ යෝජනා නොපමාව ඔබතුමාවෙත ඉදිරිපත් කිරීමට පිරිවෙන් ක්‍ෂේත‍්‍රයේ එකම වෘත්තීය සමිතිය ලෙස අප සංගමයට අවස්ථාවක් සලසා දෙන ලෙසත් ඉතා නෑකමෙන් යුතුව ඉල්ලා සිටිමු. මේ සියළු කාරනා සම්බන්ධව ඔබතුමාගේ ඉක්මන් ප‍්‍රතිචාරය ද අපේක්‍ෂා කරන්නෙමු.

මෙයට,
වකමුල්ලේ උදිත හිමි
සභාපති
ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමය

පිටපත් :-

01. අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා – – දැ.ගැ.ස. හා අ.ක.ස

02. අධ්‍යාපන ලේකම් – අධ්‍යාපන අමාත්‍යංශය – දැ.ගැ.ස. හා අ.ක.ස

03. පූජ්‍ය නාබිරිත්තන්කඩවර ඤාණරතන හිමි -අධ්‍යාපන අධ්‍යක්‍ෂ පිරිවෙන් – දැ.ගැ.ස. හා අ.ක.ස

04. සියළු ජනමාධ්‍ය – මධ්‍යවල පළකිරීම සඳහා

සම්බන්ධිකරණය –  071 8082647

One Response to “නිසි ක‍්‍රමවේද නොසලකා අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් ඒකකයට නිලධාරීන් බඳවා ගැනීම නතර කරන ලෙස කරන ඉල්ලීම”

  1. S.Gonsal Says:

    Very good YAHAPAALANAYA ! Nothing to do , give jobs ! take loans give jobs !

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress