නාවික හමුදාපති මාධ්‍යවේදියාගේ හොස්ස මිරිකයි
Posted on December 12th, 2016

‘‘ඒ ගහනවා නොවෙයි යන්න කියනවා‘‘ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

හම්බන්තොට වරායේ වර්ජනය වර්තා කිරීමට ගිය ලංකාදීප මාධ්‍යවේදී මත්තල රොෂාන් දිලීප් කුමාරගේ රාජකාරිය අවහිර කරමින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න එම මාධ්‍යවේදියාට පහර දුන්නේය.

හම්බන්තොට වරායේ නැව් දෙකක් යාත්‍රා කිරීමට නොහැකි වන පරිදි විරෝධතාවයේ යෙදුණු වරාය සේවකයන් විසුරුවා හැරීමට පැමිණි නාවික හමුදා පිරිස අතර කොට කළිසමක් ඇඳ සිටි අයකු ප්‍රාදේශීය මාධ්‍යවේදියකුට පහර දෙන අයුරු කැමරාවල සටහන් වී තිබිණි.

ඔහු මාධ්‍යවේදියාට පරුස වචනයෙන් බැණ වැදෙමින් පහර දුන්නේය.

තමා මාධ්‍යයෙන් බව කියද්දීත් ඔහු ඇඳ ගෙන ගොස් පහර දුන්නේය.

පහර කෑ මාධ්‍යවේදියා  කියනුයේ තමාට පහර දුන්නේ නාවික හමුදාපතිවරයා බවයි. ඔහු හමුදාපති නොවේ නම් ඒ කවුදැයි හෙළි කරන ලෙස ද පිරිසක් ඉල්ලති.

මාධ්‍යවේදියකුට පහර දීම ගැන නාවික හමුදාපතිවරයා සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මොනවාදැයි ඇසූ විට නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක අක්‍රම් අලෙවි මහතා කීවේ ඒ ගැන පැමිණිලි ලැබී නැති බවයි. ‘ඒ ගහනවා නෙමෙයි. අයින් වෙන්න කියනවා.‘ යැයි ද ඔහු කීවේය.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා කීවේ ඒ ගැන සොයා බලා පිළිතුරක් දිය හැකි බවයි.

නාවික හමුදාපතිගේ මෙම ක්‍රියා කලාපය නාවික හමුදාවටම බලවත් අපකිර්තියක් බවත්, ඔහු ගැන පරික්ෂණයක් පැවැත්වෙන බවත් ආරක්ෂක අමාත්‍යංශ ආරංචි කියයි.

නීතිය අනුව මෙම හමුදාපතිවරයා යුද අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව ආරක්ෂක අංශ ආරංචි කියයි.

හම්බන්තොට වරායේදී නාවික හමුදාපති පහර දුන්නැයි ලංකාදීප මාධ්‍යවේදී මත්තල රොෂාන් දිලීප් කුමාර පොලිසියටද පැමිණිල්ලක් කර තිබේ.

නාවික හමුදාපති ගැසූ බවට පොලිසියට පැමිණිලි

කොට කලිසමක් හා නිල් පැහැති කමිසයක් ඇද සිටි තරබාරු මිනිහකු තමාට කුණුහරුපෙන් බැණ පහරදුන් බවත්, ඔහු නාවික හමුදාපති බව පසුව දැනගත් බව මත්තල ලංකාදීප වාර්තාකරු දීලිප් රෝෂාන් හම්බන්තොට සහාකාර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිල්ලක් කළේය.

තමාට පහරදුන් බවත් මේ ගැන තමන් සේවය කරන මාධ්‍ය ප්‍රධානින්ට දැනුම්දී මතු ආරක්ෂාව පතා මෙම පැමිණිල්ල දැමූ බවත් මාධ්‍යවේදීයා දැමු පැමිණිල්ලේ සඳහන් වේ.

නාවික හමුදාපති තමාට පහරදුන් ආකාරය පිළිබඳව සිය පැමිණිල්ලේ සවිස්තරව කියා ඇත.

10-1 16-1

09-(1) 10 15 16 17 18-(1) 18-2 19 20

r

7

Snapshot---4

Snapshot-large

(වීඩියෝ හිරු සහ දෙරණ ප්‍රවෘත්ති)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress