මාධ්‍යවේදීන්ට පහරදුන් නාවික හමුදාපතිවරයාගේ කි‍්‍රයාකලාපය ඉතාම පිළිකුල්සහගත, නිහීන කි‍්‍රයාවක්
Posted on December 12th, 2016

ජාතික භික්‍ෂු පෙරමුණ

වත්මන් නාවික හම ුදාපතිවරයා හම්බන්තොට වරාය සේවකයින්ගේ සාධාරණ සටනට අතපෙවීමට ගොස් අයිතවාසිකම් ඉල්ලූ වරාය සේවකයින්ට හා එහි සිටි මාධ්‍ය වේදීන්ට කෝපාවිෂ්ඨ ලෙස පහරදෙමින් හැසිරුණ ආකාරය සාධාරණ සැකයෙන් තොරව මාධ්‍ය වාර්තා කර තිබුණි. මෙසේ සිය බලය හා නිලය අනාචාරයේ හසුරුවමින් ඉතාම නිහීන ආකාරයට හැසිරුණ නාවික හමුදාපතිවරයාගේ කි‍්‍රයාකලාපය ඉතා පිළිකුලෙන් හෙළා දකින්නෙමු.

රටේ නීතියේ ආදිපත්‍යයේ තරම පෙන්නුම් කරන ආසන්නතම මේ කි‍්‍රයාදාමය මුළුමහත් රටටත්, නාවික හමුදාවටත් ඇතිකළේ කැත කළු පැල්ලමකි. පොලිස්පතිවරයා සර්ලාට   ඕන ලෙස නීතිය යොදවමින්, නාවික හමුදාපතිවරයා මැරයෙකු ලෙස මාධ්‍යවේදීන්ට පහරදෙමින් මේ ර දක්වන්නේ මෙරට යහපාලනයේ නිරුවත නොවේද. ආරක්‍ෂක ඇමති ලෙස ජනාධිපතිවරයා මේ සියල්ල දකිමින්, බලමින් නිහ`ඩව සිටින්නේ ඔහු රටට කියූ යහපාලනයත් මේ ප‍්‍රදර්ශනය කරමින් සිටින තත්වයත් එකක්ම නිසාදැයි රටට උත්තර දිය යුත්තේ ජනාධිපතිවරයා විසින්මය. අපත් රටත් එවැනි උත්තරයක් මේ සිදුවීම් සම්බන්ධයෙන් අපේක්‍ෂා කරන්නෙමු.

තමා මාධ්‍යවේදියෙකු යැයි කියද්දීම රාජකීය නාවික හමුදාව යැයි කියා ගන්නා නාවික හමුදාවේ ප‍්‍රධානියා හැසිරෙන්නේ මීට ඉහත අවස්ථාවක හම්බන්තොටදී නගරාධිපතිවරයෙක් හැසිරුණ මැරවරයෙක්ගේ ස්වරූපයෙනි. හම්බන්තොට භූමිය මිනිසුන්ගේ උසස් හැසිරීම් වෙනස්කර, මැරයින් කරන භූත බලයකින් යුක්ත දැයි අපටත්, රටටත් නොතේරේ.

හම්බන්තොට වරායේ සේවකයින්ගේ ප‍්‍රශ්නය ඔවුන්ගේ ජීවිත පිළිබඳ වූ සාධාරණ ප‍්‍රශ්නයකි. එයට පහරදීමෙන් උත්තර දිය හැක්කේ කෙසේදැයි රටේ පාලකයින් උත්තර දිය යුතුය. අද මේ රට පාලකයින්ගේ පවුලේ බූූදලයක් සේ සිතා රටත්, රටේ සම්පත් හා රටේ ජනතාවත් ඔවුන්ගේ ජීවිතත් සියල්ල පිළිබඳ හිතුමනාපෙ තීරණ ගනිමින් සිටියි. මෙය කිසිසේත් සාධාරණ නොවන තත්වයක් බැවින් මහා සංඝරත්නය ඇතුළු සියළු රටවැසියන් එක්ව ගොඩනැගෙන මෙම අරාජික සමය නිමාකිරීමට කාලය එළඹ ඇත.

රටක් අරාජික වන විට එහි පාලකයින් පිස්සුවෙන් හා වියරුවෙන් හැසිරෙන බව ධර්ම සාහිත්‍යයේත් මනාව පෙන්වා ඇත. සබුද්ධික ජනතාව එසේ පිස්සුවෙන් හා වියරුවෙන් හැසිරෙන පාලකයින් පාලනයෙන් ඉවත්කර නිසි පාලකයින් පිරිසක් අතට රටත් තම ජීවිතත් භාරදිය යුතුව ඇත. වරාය සේවකයින්, මාධ්‍යවේදීන් ඇතුළු අප සෑම දෙනාම ඊට නොබියව, නොපමාව සූදානම් විය යුතු බවද අප තරයේ අවධාරණය කරන්නෙමු.

නාවික හමුදාපතිවරයාගේ වියරු හැසිරීම සම්බන්ධව නීතිය සාධාරණව කි‍්‍රයාවට යොදවා ආරක්‍ෂක ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා ගන්නා කි‍්‍රයාමාර්ග පිළිබඳව රටත් සමග අපත් විමසීමෙන් සිටින බව ද අවධාරණය කරන්නෙමු.

වකමුල්ලේ උදිත හිමි
ලේකම්,
ජාතික භික්‍ෂු පෙරමුණ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress