යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අප  විරුද්ධ විය යුත්තේ ඇයි? බෙදා හැරිය යුතු මහජන අත් පත්‍රිකාව
Posted on December 12th, 2016

චානක බණ්ඩාරගේ, ශ්‍රී ලංකා සහයෝගිතා කණ්ඩායම srilankasupportgroup@bigpond.com

bandara13121601a bandara13121602a bandara13121603a

යෝජිත නව ආණ්ආණ්ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් අවසානයේදී බිහි වෙන්නේ ඊලාම් රාජ්‍යයකි:

  • 1987, 13වෙනි සංශෝධනයෙන් පසුව වත් නොලැබුණු ඉඩම්, පොලිස්‌, මුදල් බලතල පළාත් සභාවලට දීමට යාම. රටේ ඉඩම් අයිතිය/පාලනය සහ කළමනාකරණය මුළුමනින්ම පළාත්සභා වලට. එනම්, උතුරේ මහා ඇමතිට ඕන නම් තමිල්නාඩුවේ  අයට වුනත් ඉඩම්?  සිංහලයන්ට උතුරු/නැගෙනහිර අළුතෙන් ඉඩම් අයිතිවාසිකම්  අහිමි වේවි?
  • පොලිස්‌ – පළාත් 9 ට වෙනම ස්වාධින පොලිස් සේවාපොලිස්‌ කොමිසම මධ්‍යම රජයෙන් ඉවත් කර පළාත් පොලිස් කොමිසම් 9ක්. ඒවායේ  සාමාජිකයන් පත් කිරීමේ බලය මහ ඇමතිට. උතුරු/නැගෙනහිර සිංහල පොලිස් නිලධාරින් නැතුවම යාවි?  උතුරේ අපරාධකරුවෙක්/ත්‍රස්තවාදී ක්‍රියාකරුවෙක් කෙලින්ම උතුරට ගොස් අල්ලන්න මධ්‍යම රජයේ පොලිසියට නොහැකිවේවි.
  • ස්‌වාධීන මුදල් බලතල සහ බදු එකතු කිරීමේ බලය පළාත් සභා වලට ලබාදීම – ඔබ මතට තව, තව අධි-බදු බර දාන්න, ඉදිරියට පළාත් සභා වලටත් ඉඩ දීමක්. පළාත් සභා වලට විදේශ රටවලින් මුදල් ලබා ගැනීමට ඉඩ. ඔවුන්ගේම බැංකු – මධ්‍යම රජයට මේවායේ කටයුතු විභාග කරන්න බැහැ?
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ‘සමගාමී’ ලැයිස්‌තුව ඉවත් කිරීම. ඒ කියන්නේ, මධ්‍යම රජයේ බලතල කපා, එය, පළාත් සභා වලට වඩා පහතින් තැබීමක් – මුලිකතම කොං-ෆෙඩරල් සිද්ධාන්තය. එනම්, ෆෙඩරල් වලටත් එහා දීමක්‌. මෙයින් අදහස් වන්නේ අධ්‍යාපන, සෞඛ්‍යය, අධිකරණ, ප්‍රවාහන, කෘෂිකර්ම, පරිසරය ආදී අත්‍යාවශ්‍ය අංශ පළාත්වලට ඕනා විදියට කරන්න ඉඩදීම. එක පුංචි රට තුල රටවල් 9ක්!?  ලෝකයේ කොහෙවත් නැති දෙයක්!! (ඉන්දියාව මෙන් නොවේ අපේ සමහර පලාත්වල ලක්ෂ 10ක් වත් චන්දදායකයන් නැහැ). අපේ රටට මේවා මෙසේ අවශ්‍යමද? ණය බරින් මිරිකුනු, දුප්පත් අප රටට මේ අමතර, අධික වියදම් දරා ගත හැකිද?
  • අධිකරණ – පළාත් තුල ක්‍රියාත්මක වෙන වෙනම උසාවි (මහේස්ත්‍රාත්, දිස්ත්‍රික්, මහාධිකරණ, අභියාචනාධිකරණ), මධ්‍යම රජයේ ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා. සෑම පළාතකටම වෙනම නීතිපති කෙනෙක්?
  • මධ්‍යම රජය සතු ජාතික ප්‍රතිපත්ති සැකසීමේ බලය ඉවත් කිරීම – මධ්‍යම රජය ‘දත් ගැලවූ සිංහයෙක්’ බවට පත් වීම. තිතක් වැනි වූ මේ පුංචි රට දෙකඩ වීම වැලක්වීමට අපට අවශ්‍ය වන්නේ බලගතු මධ්‍යම රජයක්. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් පවා ‘බලගතු මධ්‍යම රාජ්‍ය සංකල්පය’ පිළිගෙන එය ක්‍රියාත්මක කළා. යෝජනා සම්මත වුනොත්, ඉදිරියේදී මහින්ද/මෛත්‍රී  චින්තන වැනි ජාතික ප්‍රතිපත්ති  සකසන්න බැරි වේවි.
  • පළාත් ආණ්‌ඩුකාරවරයා පත් කිරීමේදී මහ ඇමතිවරයාගේ අනුමැතිය ලබා ගැනීම; එනම්, උතුරේ/නැගෙනහිර මහා ඇමති කැමති කෙනෙක් ඒ පළාත්වලට. අද, ජනාධිපතිවරයාට ඕනා කෙනෙක් පත් කරන්න පුළුවන්.
  • ව්‍යවස්‌ථා අධිකරණය‌ නමින් නව අධිකරණයක් පිහිටුවා ශ්‍රේෂ්ඨාධිකරණයට දැන් ඇති සමහර බලය එයට දී ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල කප්පාදු කිරීම. යෝජිත ව්‍යවස්ථා අධිකරණයට  ජාතිය  බලා නියෝජිතයන් පත් කිරීම.
  • පළාත් සභා විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාගෙන් රැගෙන යෝජිත ව්‍යවස්‌ථා අධිකරණයට දීම. 1991 දී උතුරේ වෙනම රාජ්‍යයක් ප්‍රකාශ කල වෙලේ උතුරු පළාත් සභාව විසුරුවා හැරියේ මේ බලය එදා රජයට තිබු නිසායි.
  • රාජ්‍ය සේවය පාලනය කිරීම (දිස්ත්‍රික්/ප්‍රාදේශීය ලේකම්,ග්‍රාමසේවා නිලධාරි) දැන් තිබෙන මධ්‍යම රජයට නොව, මහ ඇමතිවරයා යටතේ ඇති පළාත් රාජ්‍ය සේවා කොමිසමට පැවරීම.

———————————————————————————————-

         රටේ සියළු ජාතින් එක්වන්ව, එක්සිත්ව  වාසය කරමු:

උතුරු නැගෙනහිර පළාත් එක් කර වෙනම රාජ්‍යකට කැපෙන පාරට කිසිසේත් ඉඩ නොදිය යුතුයි.

ව්‍යවස්ථාවේ බුද්ධ ශාසනයට හිමි ප්‍රමුඛස්ථානය නැති නොකර ආරක්ෂා කර, පෝෂණය කල යුතුයි.

ජාතික ආරක්ෂාව (පොලිසිය ඇතුලත්) මධ්‍යම රජය පමණක් සතු බලයක් විය යුතුයි, පළාත් වලට නොවේ. 

උතුරෙන්, නැගෙනහිරෙන් ප්‍රභාකරන් එලවා දැමු  සිංහලයන් දහස් ගණන එහි නැවත පදිංචි කල යුතුයි, ඔවුන්ට  එහි යාමට අවහිර/බාධා  නොකළ යුතුයි.   

 උතුරේ සහ නැගෙනහිර  නිදහසේ සංචාරය/වන්දනා කිරීමට, එහි ගොස් ඉඩම් මිලයට/කුළියට  ගැනීමට, පදිංචි වීමට, ව්‍යාපාර/ගොවිපල් පටන් ගැනීමට දකුණේ සිංහලයන්ටද හැකි විය යුතුයි.

උතුරු, නැගෙනහිර මහාමාර්ග දෙපස ඇති බොහෝ ‘බිල් බෝඩ්’ වල සිංහල නැහැ. මධ්‍යම කඳුකරයේ (හැටන්/කොටගල වැනි ප්‍රදේශවලද)  මෙය සිදුවෙමින් පවතිනවා.  සිංහල බස සඳහනට තහංචි දමා ඇත්නම් ඒවා ඉවත් කල යුතුයි.

උතුරු, නැගෙනහිර දුම්රිය ස්ථානවල දුම්රිය පැමිණීමේ ශබ්ධ විකාශන සිංහලෙන්ද සිදු කළ යුතුයි.

උතුරු නැගෙනහිර ජීවත්වෙන සිංහලයන්ට කරන ඉඩම් වලින් නෙරපීමි/බෞද්ධ පුරාවස්තු විනාශ කිරීම් වහාම නැවැත්විය යුතුයි; වෙනත් අසාධාරණ ක්‍රියාද නතර කරවිය  යුතුයි.    

1980 න් පමණ පසු සිදුවන දැනුවත්ව ශ්‍රී ලාංකික ඉතිහාසය විකෘති කිරීමට තවත් ඉඩ නොදිය යුතුයි; මවා පෙන්වා ඇති බොරු ඉතිහාසය මකා, සත්‍ය ඉතිහාසය මුළු ලොවටම පෙන්වමු.

ඉන්දියාවට, බැන්කී මුන්ට පොරොන්දු වූ 13+ එපා.

මධ්‍යම පාර්ලිමේන්තු මන්ත්‍රීන් අද තිබෙන 225 සිට 240 ට වැඩිකිරීමට විරුද්ධ වෙමු. 

මනාප චන්ද ක්‍රමය එපා, සෑම ආසනයකට වගකියන මන්ත්‍රීවරයෙක් අවශ්‍යයි.

රට කඩන වැඩ වල යෙදුනු විදේශගත අයට ශ්‍රී ලාංකික ද්විත්ව පුරවැසි භාවය නොදිය යුතුයි.

ආගමන නීති තද කල යුතුයි. අනවසරව සිටින  විදේශිකයන් වහාම මෙරටින් පිටුවහල් කල යුතුයි.

රට වනසන/රට අවසානයේ කඩන, කිසිම වැඩකට නැති,  මේ පළාත් සභා සුදු අලියාට අප තදින්ම විරුද්ධ වෙමු.

මේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපට එපා! ජනමත විචාරණයක් පවත්වා, සියලු පළාත් සභා විසුරුවා හැර, බලවත් මධ්‍යම රජයක් ලබාදුන්, සියළු දෙනා සතුටින් ජීවත්වූ, 1978 පෙර තිබු, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ආපසු යාමට බලමු.

 

bandara13121604a bandara13121605a bandara13121606a

රට කැඩෙන, අවසානයේදී  ඊලාම් හැදෙන, මේ යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට තදින්ම විරුද්ධ වෙමු, සෙසු අයත් දැනුවත් කරමු!

වසර 2500 ට එහා අප රැකගත් මේ රට ඉදිරි පරම්පරා වෙනුවෙන් ද අප රැකගනිමු!! 

7 Responses to “යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අප  විරුද්ධ විය යුත්තේ ඇයි? බෙදා හැරිය යුතු මහජන අත් පත්‍රිකාව”

  1. Gunadasa Says:

    චානක ඔබට තුති.
    මේ ජාතික අපරාධයට විරුද්ධව සියලු පක්‍ෂ බේධ , පුද්ගල බැඳීම් බේධ , ආගම් බේධ , කුල බේධ වලින් ටික කලකටහෝ ඈත්වී සිංහලයා එකාමෙන් නැගී සිටිය යුතුය​.
    ඒ අන් කිසිවකු බලයට ගෙන ඒමවත්, හුදෙක් ආණ් ඩුවට විරුද්ධ්වීමේ අන්‍ය අදහස් නොව​, ලාංකිකයින්ට මේ මගින් කිසිම තේරුමක් නැති , කිසිම හොඳ ප්‍රතිපලයක් නැති, දෙමල ත්‍රස්තවාදියාගේ හෙවත් ඉන් දියානුවන් ගේ අපේරට අස්ථාවර කිරීමේ තවත් උත්සාහයක් පමණක්ම වීමයි.
    ඔබගේ ලිපිය වැනි ලිපි දස දහසක් අපි ලිවීමට දැන් ඉටා ගනිමු. කිසිම දේසපාලකයකුගේ නමක් සඳහන් නොකර ලිවීම ඉතාම වැදගත් වන්නේ එවිට අපේ පරමාර්ථ්‍යය පිරිසිදුම බව පැහැදිලි නිසාමය​.

  2. drjagathv Says:

    We thank Lankaweb for Educating our citizens. I distributed this article among our readers in FB. I have 5000 patriotic friends in FB.

  3. Chanaka B Says:

    මෙසේ නිවැරදි විය යුතුයි:

    පළමු පිටුවේ:

    • පොලිස්‌ – පළාත් 9 ට වෙනම ස්වාධින පොලිස් සේවා – පොලිස්‌ කොමිසම මධ්‍යම රජයෙන් ඉවත් කර පළාත් පොලිස් කොමිසම් 9ක්. ඒවායේ සාමාජිකයන් පත් කිරීමේ බලය මහ ඇමතිට. සෑම පළාතකටම IGP කෙනෙක්? උතුරු/නැගෙනහිර සිංහල පොලිස් නිලධාරින් නැතුවම යාවි? උතුරේ අපරාධකරුවෙක්/ත්‍රස්තවාදී ක්‍රියාකරුවෙක් කෙලින්ම උතුරට ගොස් අල්ලන්න මධ්‍යම රජයේ පොලිසියට නොහැකිවේවි.

    දෙවන පිටුවේ මෙයද අන්තර්ගත විය යුතුයි:

    අප රටේ ජාති-භේධ ප්‍රශ්ණයක් නැත, තිබුනේ ත්‍රස්තවාදී ප්‍රශ්නයකි, එය 2009 දී විසඳුවෙමු

    මෙම මහජන අත් පත්‍රිකාව (leaflet), A4 කොළ 2ක මුද්‍රණය කර (දෙපැත්තේ) පොදු ජනතාව ගැවසෙන තැන් වල, පන්සල් ආදිය ආශ්‍රිතව බෙදා හරිය හැක.

    ගුණදාස – ඔබ හරියටම හරි, මෙය ජාතික සටනකි

  4. Chanaka B Says:

    මෙසේ නිවැරදි විය යුතුයි:

    පළමු පිටුවේ:

    • පොලිස්‌ – පළාත් 9 ට වෙනම ස්වාධින පොලිස් සේවා – පොලිස්‌ කොමිසම මධ්‍යම රජයෙන් ඉවත් කර පළාත් පොලිස් කොමිසම් 9ක්. ඒවායේ සාමාජිකයන් පත් කිරීමේ බලය මහ ඇමතිට. සෑම පළාතකටම IGP කෙනෙක්? උතුරු/නැගෙනහිර සිංහල පොලිස් නිලධාරින් නැතුවම යාවි? උතුරේ අපරාධකරුවෙක්/ත්‍රස්තවාදී ක්‍රියාකරුවෙක් කෙලින්ම උතුරට ගොස් අල්ලන්න මධ්‍යම රජයේ පොලිසියට නොහැකිවේවි.

    දෙවන පිටුවේ මෙයද අන්තර්ගත විය යුතුයි (‘සුදු අලියා’ ට පසු):

    අප රටේ ජාති-භේධ ප්‍රශ්ණයක් නැත, තිබුනේ ත්‍රස්තවාදී ප්‍රශ්නයකි, එය 2009 දී විසඳුවෙමු

    දෝෂ වලට සමාවන්න

    මෙම මහජන අත් පත්‍රිකාව (leaflet), A4 කොළ 2ක මුද්‍රණය කර (දෙපැත්තේ) පොදු ජනතාව ගැවසෙන තැන් වල, විශේෂයෙන්ම, පන්සල් ආශ්‍රිතව බෙදා හරිය හැක.

    ගුණදාස – ඔබ හරි, මෙය ජාතික සටනකි. රට, ජාතිය බේරා ගැනීමකි. දේශපාලනඥයන් ඒ වෙනුවෙන් සටන් කලාට කම් නැත; නමුත් දේශපාලන වාසි බලා නොවිය යුතුයි.

  5. Ananda-USA Says:

    The IMPENDING DIVISION of Sri Lanka into a PATCHWORK of COMMUNAL FIEFDOMS is a plot between the minority communities of Sri Lanka and the Western Powers supporting them to subjugate and dis-empower the Sinhala Buddhist majority of Sri Lanka, using the PUPPET Yamapalanaya govt, with the TROIKA OF TRAITORS Sirisena, Ranil and CBK orchestrating the SURGERY.

    It can only be STOPPED if the Buddhist Clergy RALLIES the Sinhala Buddhist community of Sri Lanka behind the LEADERSHIP of former President Mahinda Rajapaksa to oppose it, and TOPPLE the Yamapalanaya government.

    There are signs that the Buddhist Clergy is FINALLY WAKING UP to do just that ….. but they have been divided along party lines for so long, it is anybody’s guess whether they would be able to do it in time.

    In addition, EELAMIST & YAMAPALANA propagandists are out in force to confuse the Sinhala Buddhist community and PREVENT the DEFEAT of this new Constitution, and the TOPPLING of this TREACHEROUS Yamapalana government.

    The constitution proposals have been created by committees of Christian, Tamil and Muslims having very few Sinhala Buddhists members. They are preparing to HOIST this ANTHATTUWA on the Sinhala Buddhist Majority by STEALTH, by a Parliamentary Majority only circumventing a nationwide referendum.

    To achieve that Parliamentary Majority, they have bribed the MPs in every manner possible, overtly with luxury SUVs, doubling their salaries, increasing their official perks, opportunities to do favors and reward their henchmen with government jobs, and control large government projects. Corruption on a scale hitherto not seen in Sri Lanka, an unparalled travesty of the “yahapalanaya” they had promised!

    If they succeed in passing this new Constitution, that effectively partitions Sri Lanka into semi-independent Provinces that cannot be controlled by the Central Government by STEALTH, a long period of great violence, and even civil war, will be the INEVITABLE result. The VERY FIRST CASUALTIES of that violence will be the Sinhala TRAITORS who have given their support to imposing this minority YOKE upon the Sinhala Buddhist community.

    BLINDED & DEAFENED by their GREED for POMP, POWER & WEALTH, they know not what they are doing unto themselves, for the RETRIBUTION from their own countrymen will be SEVERE!

    Rise! O Sinhalayeni! The enemies of your people and your motherland are hammering at the gates!

    ASK NOT FOR WHOM THE BELL TOLLS; IT TOLLS FOR THEE!

  6. Christie Says:

    This is a war against the Indian Empire. We defeated two of their terrorists groups branded LTTE and the JVP. Indian Empire will not give up until the last standing Sinhalese is killed.

  7. drjagathv Says:

    නව ව්යවස්ථාවට ඡන්දය දී රට බෙදීමට හවුල් වන මන්ත්රීවරුන්ට
    ගමට එන්න දෙන්න එපා!
    ඔවුන් දේශදෝහින්
    පූජ්ය ඇල්ලේ ගුණවංශ හිමියන් රට වැසියන්ගෙන් ඉල්ලයි.
    https://www.facebook.com/MahajanaRajyaSabhawa/videos/1849956638554209/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress